නංගීගේ මනාලයා
යශ්…..
ම්ම්ම්…
මොනාද කල්පනා කරන්නේ …..
මැණික….යශ් කතාකරේ ලොකු හුස්මක් අරගෙන…හරියට ලොකු කතාවක් කියන්න වගේ…
ම්ම්ම්…
ඔයාට මාව විශ්වාසද…කව්රු හරි මං ගැන වැරදි දෙවල් ඔයාට කිව්වොත් ඔය එ දෙවල් විස්වාස කරනවද ….
යශ්…..ඇයි ඔයා එහෙම අහන්නේ …
කියන්නකො මැණික ….
මට ඔයාව ගොඩාක් විස්වාසයි …මං දන්නවා ඔයා මට වරදක් නොකරන බව….
එහෙනම් එච්චරයි මැණික ….මං ඔයාට කවදාවත් බොරුවක් කරන්නෙ නැ…ඒ විස්වාසේ රකිනවා…හැබැයි මං ගැන කවුරු මොනවා කිව්වාත් එවා විස්වාස කරන්න කලින් මගෙන් අහලා ඉන්න ඕන ..තෙරුනා නේද….
ම්ම්ම්ම්…ඔව්…හරි හරි යමුද අපි කන්න….
පස්සේ කමු කෙල්ල…..ටිකක් කතා කරන්න ඕන… එන්න ළගට….මෙහෙම හැමදාම ඔයාට ඉන්න බැ මැණික ..අපි මැරි කරමු..නැත්නම් නංගී ළමයෙක් උස්සන් ඇවිත් කියයි ළමයා මගේ කියලා…දැක්කානේ එදා….
හ්ම්ම්ම්…නංගී ඔයාට කැමති මහත්තයො…එකයි නංගී එහෙම කියන්න ඇත්තෙ…එකෙන් උනේ අප්පච්චි මං ගැන වැරැදියට හිතපු එක…
එදා මං තමුසෙට ෆොටො එකක් පෙන්නුවා නේද…ඒ එක කොල්ලෙක් විතරයි .තව ඉන්නවා…ඉතිං මට එහෙම සක්කරවට්ටමක් කරේ එල්ලගන්න කියලද ඔයාලගෙ ගෙදර අය කියන්නේ…ආ අනික කියනවා බලන්න තමුන් මටත් නොකියා ගෙදරින් ආවේ මොකද…මොනවද උනේ…
යශ අහලා ඉවර වෙන්නත් කලින්ම මන්දාකිණි ගෙ ඇස් වල කදුලු පිරුනේ අප්පච්චිගෙ වෙනස්විම මතක් වෙලා…හැමදෙම අමතක කරලා ඉන්න හැදුවත් ඉන්න අමාරුයි …අප්පච්චිගෙ වෙනසමයි ඉවසගෙන ඉන්න අමාරු…
මාව කෙන්ති නොකර මොනවද උනේ කියන්න …
මං හැමදේම එක දිගට කියාගෙන ගියේ ඇඩුම් අතරින්…
අයියේ …අප්පච්චි වෙනස් වෙලා…මට ගෙදරින් යන්න කිව්වා..ඔයාව නංගිට බන්දලා දෙනකම්…අම්මායි නංගීයි වෙනස් උනාට දරාගන්න පුලුවන් එත් අප්පච්චි ….මේච්චර කාලයක් හිතේ හිර කරගෙන උන්නු දුක කදුලු වෙලා ගලාගෙන ගියේ අහගෙන උන්නු යශ්ටත් ඇස් වලට කදුලු එද්දි…
මැණික මෙච්චර දුකක්….දරාගෙන හිටියේ කොහොමද …මං කවදාවත් හිතුවේ නැ මෙ තරම් මගේ කෙල්ල දුක් විදින්න ඇති කියලා…මං මෙහෙම කිව්වාට මුකුත් හිතන්න එපා පණ ..මට හිතෙන්නෙ ඒ ඔයාගේ අම්මා නෙමෙයි කියලා…
ඔව් අයියේ ….එ මගේ අම්මා නෙමෙයි …මං මං…..මගේ අම්මව මරාගෙන ඉපදුන කාළකණ්නි කෙල්ලෙක්…අප්පච්චි පවා මට මෙහෙම කරන්නෙ එක නිසා…හැමෝම මගෙන් ඈත් වෙනවා….මට ඉන්නේ ඔයා විතරයි…ඔයාත් මාව දාලා යනවද අයියේ…….මන්දාකිණි ඇස් වල කදුලු පුරවගෙන ඇහුවේ දවසක යශ් තමන්ව දලා යයි කියලා බයෙන්…
නැ…මගේ මැණික නැ..කවදාවත් ඈතට යන්නේ නැ හැමදාම ඉන්නවා මගෙ කෙල්ල එක්ක..අනික මට උබ මැණිකක් …ඔයා ඉපදෙනකොට අම්මා නැති උන එකට ඇයි ඔයා වැරැදි පටවගන්නේ..එ අම්මා ගෙනාපු ආයුශ මැණික …
යශ් මන්දාකිණිව තුරුළු කරගෙන ඇයව සනසන්නේ පොඩි දරුවෙකු සනසවන්න මෙන්…
*************
ඩැඩි…..නංගිගේ දුවව අපි දැන්වත් අපේ ලගට ගමු..කෙල්ල දැං නංගී වගේම ඇති..
හ්ම්….මං අද ගියා එ පැත්තෙ…දරුවා නැ කියන්නෙ ගෙදර …මං හෙට උදෙ වෙනක්ම් විතරයි කල් දුන්නෙ….බලමුකො….
ඩැඩි ..ඔකා නංගිව රවට්ටගත්තෙ නැත්නම් අදටත් නංගි ඉන්නවා…අපිට තිබුනේ නංගීව අපි ලගට ගන්න…
දැන් වෙච්ච දෙවල් කරන්න බැ.එත් මගේ මිණිබිරි මේ ගෙදරට එන්න ඕන…
*********
අපි කොහොමද එයි හෙට උදෙ වෙනකොට කෙල්ලව ගෙන්නෙ..කව්ද දන්නෙ කොහෙ ඉන්නවද කියලා…ඔහේගෙ මාමාණිඩියා එක්ක ලේසි වෙන්නැ..අපිව ඉවර කරලා දාවි…
හ්ම්ම්ම්….මට තෙරෙන්නෙ නැත්තෙ මේ ඇමතියා එක පාරම කඩාපත්වුනේ මොකද…කලින් පාර මාව අතඇරියෙ මං මන්දාකිණි ගෙ අප්පච්චි නිසා නැත්ත්නම් මාව එදාම එලොව යවලා….