Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පළාත් සබා කියන්නේ 80 ගනන්වල JR විවෘත ආර්තිකය ගෙනල්ල ඇමරිකාවට හිතවත් ආර්තිකයක් ගොඩනගාගෙන යන්න පාර කපනකොට, ඉන්දියාව විසින් JRව බිත්තියට හේත්තු කරල, අපේ මුදූ සීමාවල ඉන්දීය යුද නැව් නවත්වන්න ඉන්දියාවේ ඕනේ කමට (තමිල්නාඩුවේ චන්ද වෙනුවෙන් ) කරපු දෙයක්.

ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් හෝ කිසිදු ලාංකික පුරවැසි ජනමතයක් විමසලා නෑ. 13 කියන්නේ තනිකරම උතුරු නැගෙනහිරට ස්වයං පාලන වියුහයක් දෙන්න හදපු plan එකක එක කොටසක් විතරයි.

පසු කාලීනව උතුරු නැගෙනහිර ජාතිවාදී අරමුණු වෙනුවෙන් පළාත් සබා උපයෝගී වෙත්දී, දකුණේ පාර්ලිමේන්තු යන්න පාර හදාගන්න දේශපාලකයන්, පැරදුනු අපේක්ශකයන්, ඔවුන්ගේ සුඛවිවරණය වෙනුවෙන්, චන්දෙට වියදම් උනු මුදල් ටික ආපහු හොයාගන්න, ඒලග චන්දෙ එනකල් සැපට ආණ්ඩුවේ සල්ලි වලින්ම යැපිල කාලෙ ගත කරන්න ලෙස බාවිතා උනේ පලාත් සබාව.

කොයිතරම් නම් මුදලක් නාස්ති වෙනවද.
මතකද බස්නාහිර මහ ඇමතිගේ පුටු මිලදී ගැනීම, දොරේ කතන්දරය, එතකොට එයාගෙ නම ඉස්කෝලෙකට දාගෙන නටපු නාඩගම. එතකොට ඌවේ මහ ඇමතිගෙ වීර ක්‍රියා,.. ඔහොම කියන්න ගියොත් ඉතින් අපි හැමෝටම කියන්න කතන්දර තියනවනෙ.

හැබැයි ඉතින් සුදුසුකම් තියන උගත් බුද්ධිමත් අපේක්ෂකයෙකුට කෙලින්ම පාර්ලිමේන්තු චන්දෙකට ඉල්ලල දිනන එක ප්‍රශ්නයක් නෙමේ. එහෙම දිනපු අය කොයි තරම් ඉන්නවද,…..
අපි හැමෝම ප්‍රශ්නේ ප්‍රශ්නේ විදියට දැකිය යුතුයි. මේ අපරාදය දැන්වත් නැවැත්වීම අපේ රටේ දියුණුවට ලොකු බලපෑමක් එල්ල කරයි.
ජන විරෝදය නැතුව, ඉන්දියාව රිද්දන් නැතුව මේක කවදාවත් වෙන්නේ නෑ. ජනාදිපතිතුමාට උත්තර තියෙන්න ඕනේ ඉන්දියාවට දෙන්න.

පලාත් සභා මන්ත්‍රීවරයකුගේ මාසික නඩත්තු වියදම දන්නවද,..… ?

මාසික දීමනාව – රු. 27,150
කාර්යාල දීමනාව – රු. 50,000
සංග්‍රහ දීමනාව – රු. 500
ඉන්ධන දීමනාව – රු. 23,750
රියදුරු දීමනාව – රු. 30000
දුරකථන දීමනාව – රු. 25,000

එකතුව ======== රු. 156,400/-

පලාත් සබා නමයේ මුලු සභික සංඛ්‍යාව — 455

මීට අමතරව තව වාහන බලපත්‍ර, කොමිස්,.. එකී මෙකී නොකී අපි නොදන්න තව ආදායම් මාර්ග කීයක්නම් තියනවද.

ආංඩුකාරයා ගේ ඉදලා පහලට විවිද තරාතිරම්වල පළාත් සබා නිලදාරින්ට ගෙවන වැටුප්, කාර්‍යාල නිල නිවාස, වාහන කුලී නඩත්තු ගමන් වියදම් ආදිය ගැනත් බැලුවම වියදම මේවගේ කී ගුනයක් වේවිද කියල ගනන් බලල ඇතියි කියල මම හිතන්නෙ නැහැ.

විධායකයේ වුවමනාවට පත්කරන ආණ්ඩුකාරවරුන් නමයත්…

රටට නොගැලපෙන දේශපාලන පිරිසක් නඩත්තු කිරීමත්…

රටට ගෙවීමට ඇති වැය බරත් හැරෙන්න…

පලාත් සභාවෙන් වෙච්ච සංවර්ධනය මොකක්ද…

හැබැයි ඉතින් පලාත් සභා විරෝධය හුදු මූල්‍යමය කාරණාවකට ලඝු කිරීම තේරුමක් නැහැ. ඊට එහා ගියපු, 13 එක්ක ගැට ගැහිච්ච, නීතිමය සහ රාජ්‍යය දුර්වලවීම කියන කාරණා උඩට ගන්න ඕනෙ.
වියදම් වැඩී කියන එක දුර්වල පදනමක්. ඒ සඳහා විකල්ප යෝජනා එන්න පුලුවන්, වියදම් අඩුකරන්න සහ පලාත් සභා තිබීම අනිවාර්යය කොන්දේසියක් වෙන ආයෝජන වෙගේ නොයෙකුත් විදිහට. අමතක කරන්න හොඳ නෑ පලාත් සභා පවත්වාගෙන යන්න ඕනෙ කරන සමහර පාර්ශවවලට දැවැන්ත ආර්ථික බලපෑම් කරන්න පුලුවන් කියන එක, ධනාත්මක හෝ සෘණාත්මක විදිහට.

ඒ අතරම සමාජ විෂමතාවය අඩු, උද්යෝගිමත් එකාට ඉහලට යන්න පුළුවන්, රටේ හැම පළාතටම සම්පත් බෙදී යන, ජාතිවාදී දේශපාලකයන් වෙනුවට සමාජ සදාරණත්වය අගයන දේශපාලකයෝ වැඩි වැඩියෙන් බිහිවෙලා, රටට හොදක් වෙන්න උපරිම ශක්තිය යොදමු.
➰️ප්‍රා සබා වලට වැඩි බලතලයක් දිය යුතුයි.
➰️රාජ්‍ය විවූහය තුලින් පළාත් සබා කටයුතු සිදු කිරීමෙන් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගත හැකියි.
➰️ එකම රජ්‍ය යන්ත්‍රනයක් යටතේ සියල්ල වන විට සියල්ල පහසුයි.
➰️ ඉඩම් බලතල පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි.
➰️ පළාත් සබා වෙනුවෙන් වියදම් කළ මුදල් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් වෙනුවෙන් මුදා හැරීම කල හැකියි.
➰️ පලාත් සබා අහෝසි කිරීමෙන් නිදහස් වන ගොඩනැගිලි පාසැල්, විශ්වවිද්‍යාල, අලුත් නිශ්පාදන පදනම් කරගත් කර්මාන්තශාලා වඩාත් ප්‍රයෝජනවත් කටයුතු සදහා යොදා ගත හැකියි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!