පාර්සලේ (කෙටි කතාව)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පොලිස් ස්ථානාධිපති තනතුරේ වැඩ බාර අරන් වැඩි කාලයක් නැති වුනත්රාජකාරී නම් අප්රමානයි …හුස්මක් අරන් අනිත්හුස්ම ගද්දි තව රාජකාරියක් පැවරෙනවා ඇත්තමයි…රාජකාරිය නිසා…මට..දැනෙන විඩාබරතගතිය කියන්න වචන නැති තරම්

සර්..එස්කියුස් මී

යර්ස්…ගුණරත්න

සර්ට ඇවිත් පාර්සල් එකක්

කොහෙන්ද බලලා සයින් එකක් දාලා ගන්න

හා සර්…..

📞හෙලෝ…..යර්ස් ස්පීකින්…

📲පුළුවන්ද මංදා අදුර ගන්න…

📞හඩ නම් හුරුයි…කවුද…..

📲මොරගොල්ල ඇමති තුමා

📞ආ…ඒකනේ…මට හුරුයි කීවේ

📲ඉස්සෙල්ලම මං ඔබතුමාට විෂ් කරනවා…අපේ නගරයට පෑමිණීම පිලිබදව

📞තෑන්ක්ස් ⁣ඇමතිතුමා

📲ඉතිං ..මං කතා කරේ වීශේෂ ඇරයුමක් කරන්නයි

📞 හඃ හඃහඃහඃ …⁣පලමු ආරාධනාව මටද

📲ඔව්. අද හවස මගේ උපන්දිනය හැටවන ඉතිං අලුතෙන් රාජකාරියට පැමිනි ඔබතුමන්ටත් මං ආරාධනා කරනවා

📞රාජකාරී නම් බහුලයි ඒත් මං පැමිනෙනවා..

📲ස්තූතියි ආරාධනාව පිලිගත්තට…එහෙමනම් ආවම අපි හමුවෙමු…

📞හොදයි ඇමතිතුමා…

ඒ ආරාධනාවත් එක්ක…මං ෆෝන් එක තිබ්බේ බෙල් කරන ගමන්මයි…මට ඇමතිතුමාගේ හරිම විස්තරේ දැනගන්න ඕන නිසා…මං දූමාල් චරිත් මීදෙනිය…පොලිස් රාජකාරියට බැදිලා අවුරුදු හයක් වෙනවා..අද මේ තැනට මං ආවේ..විශේෂ දක්ශතා පෙන්නලයි…තාත්තගේ වියොවෙන් පසු අම්මා එක්ක මං ජීවත් වෙන්නේ…රාජකාරියට මුල් තැන දෙමින් ඇත්තටම මට මෙයින් එහාට වෙන ජීවිතයක් නැති තරම්..ආපු පාර්සලෙත් දිග හරින ගමන්…බෙල් කරන හඩට ආව ගුනරත්න දිහත් බැලුවා

ගුණරත්න

ඇයි සර්

මොරගොල්ල ඇමති තුමා කොහොමද

කියන්න වරදක් නෑ සර්…කියන වචනෙ කරන මිනිහෙක්..

එහෙමද..කවුද මේ පාර්සලේ දුන්නේ ගෙනත්

සියැස් එකෙන් සර්

නමක් ගමක් නැ ඒකයි ඇහුවේ

සර්ගේ නම තිබ්බා

ම්ම්ම්ම්ම්ම් ..හරි ගුනරත්න යන්නකෝ

පාර්සලේ නමක් ගමක් නැතුව..අධික මිලෙන් යුක්ත පර්ෆියුම් එකකුත්…රෝස මලකුත්…තිබුනා…පාර්සල් එකේ හැමතැනම බැලුවත් ඒ කොතනකවත් එව්වේ කවුද සදහන් වුනේ නෑ තිබුනේ ෴only 💘 Love ෴කියලා විතරයි…හිතත් එක්ක.ගනුදෙනු කරන්නේ කවුද කියලා හිතලා මට ආදරනීය හිනාවක් ගියා..කල්පනාවෙන් මිදුනේ ගුනරත්නගේ හඩින්

සර්..ඕෆ් වෙනවද

ඔව් ගුනරත්න…වෙහිකල් එක රෙඩි කරන්න

ඕකේ සර්…

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

ගුනරත්න ඇමතිතුමාට..අනර්ඝ තත්වයෙන් යුත් පෑනක්..එක්ක..නෝට් බුක් එකක් ගත්තේ…නිකන්ම යන්න හිතට හරි නැති නිසා…පාට පාටින් වර්ණවත් කරනු ලැබූ…බුබුළු වලින් මුළු ඇමති මන්දිරයම ලස්සන වෙලා තිබුනා…..පසෙකින් ඉමිහිරි වාදනය සමගින් රසවත් සංගීත කන්ඩායමක් …..දිදුලන නෙක සේද වර්න වලින් හැඩවුනු කාන්තාවෝ..සාදයට අමුතුම මිහිරක් එක් කලා..මගේ නම ඇහෙනවත් සමග.ඒ හඩ ආ ..පැත්තට මගේ දෙසවන් මෙන්ම ශරීරෙත් හැරුනා

දුමාල් චරිත් මීදෙනිය

ඇමතිතුමා…සුබඋපන්දිනයක් පතනවා..

සන්තෝසයි ..මගේ ආරාධනාව පිලි අරන් ආවට

එහෙම ඇමතිතුමාගේ ආරාධනාව අහක දාන්න බැහැනේ

ඉතිං ඉතිං ..මං හිතුවේ..ෆැමලි එකම එයි කියලා

අම්මා විතරයිනේ ඉන්නේ..එයා මේවට දැන් අකමැති

හඃ හඃ ඒ කියන්නේ…පොලිස් ස්ථානාධිපතිතුමා..තාම තනිකඩයි

ඒකනේ..තාම සහකාරියක් හිත ගත්තේ නෑ

ඉතිං යන්කෝ අර පැත්තට…ඉන්න මං මගේ අය අදුන්නලා දෙන්න

හරි ඇමතිතුමා

අර එහෙට මෙහෙට දුවන ..කහ පාට ගවුමක් ඇදන්…

ඔව් ඇමතිතුමා

ඒ මගේ වන් ඇන්ඩ් ඔන්ලි ඩෝටර්

දැකීම සතුටක්

මමයි ..දුවයි විතරයි..දුමාල්…වයිෆ්..අපේ ජීවිත වලින්…ගිහින්…සැනසීමේ…දිව්යලෝකේ …

කණගාටුදායකයි මට

හරි හරි ඒවා අමතක කරන්න..දුමාල්..මං දුමාල් කීවට කමක් නැද්ද

කමක් නෑ..ඒක මොකක්ද..ඇමතිතුමා

තාත්ති

දුව…

යමු..කේක් කපමු..

දුමාල් අපි යන්ද එතෙන්ට

හරි ඇමතිතුමා යමු…

හැපිබර්තේ ඩේ ටූ යූ..හැපි බර්ත්ඩේ ..ටූ..යූ…ලයාන්විත ඒ හඩට අපිත් එකතුවෙලා ඇමතිතුමාට සුබප්රාර්ථනා කරන ගමන්…කේක් වල රස බැලුවා එතන ඉදලා තිබුනේ..සාදයේ…එක් එක්.අංගයි….සමහරක්..මධුවිතටත්..තවත් අය සාදයේ ප්රණීත ආහාරත් බුක්ති විදිද්දි මමත් ඇමතුතමත් සංගීත කන්ඩායම තිබෙන තැනට සේන්දු වුනේ..බීර රස විදින ගමනුයි..සංගීත පද පේලි මුමුනන මගේ හඩට සවන් දී සිටි ඇමතුමා සංගීත රාවයට ..හඩමුසු කරන ලෙස මටත් ආරාධනා කලේ ……හඩ ඉතා මිහිරි බව පවසමින්.
…පාසලේදී මෙන්ම විශේෂ අවස්ථාවන් වලදී මං ගීත ගායනා කරන්නේ ස්ව කැමැත්තෙන් එයට හේතුව මට ඒ හැකියාව උපරිම තියෙන නිසා…හැමදාමත්.මා ප්රියකරන ගීතයට මගේ ලයාවින්ත හඩ මුසු කරා..එඩ්වඩ් ජයකොඩි මහතාට සමාන හඩක්..මා සතුව තිබූ නිසා…..ඒ ගීතය ගායනා කරද්දි..ඇමතිතුමාගේ දියණිය..එය රසවිදින ආකාරයත් එක්ක මගේ හදවත සෙලවුනා..එතනින් එහාට මගේ දෑස් ඇය වෙතට ගලමින් . තමයි මගේ මුවින් ගායනා ස්වරය පිටවුනේ…

💘නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී
මල් පිපෙන සුළඟ නීලවලා තුලට ගුලිවෙවී
සඳ හොරෙන් සිනාවී නිල්දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කලෙමි සොඳුර ඔබෙ නමින්

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා

ලැම හසුන් රැඟුම් පා මනමත් කලාදෝ
රත තොලින් තොලට දී සෙනෙහස රකීදෝ
සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්
ඔබ ලඟ නැවතිලා💘

ෂා..දුමාල්…ඒ සින්දුවේ ලස්සන…අත්පුඩි දාහක් ගැහුවත් මදි හරිම ලස්සනයි හරිම ලස්සනයි

ස්තුතියි ඇමතිතුමා..

තවත් සින්දුවක්.කියමු දුමාල්..හරිම ලස්සනයි …

ඒ ආරාධනාවත් එක්ක..තව සින්දු කිහිපයකුත් මගේ ඇස් ඇය වෙතත් …ඒ ඇස් මට හොරෙන් මා දෙසත් ඉගිලුනා..කිසිම විටක මං දිහා ඇය කෙලින් නොබලා සිටියා..ඒ වුනත් මගේ හඩට වශී වෙලා ඉන්න බව නම් මට තේරුනා.සාදය අවසාන වුනේ මැදියම් රැයේදි මං ඇමතිතුමාගෙන් සමු අරන් ඇය හෙව්වත් ඇය …එතනින් නික්මී ගිහින් කියලා මට දැනුනා

🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵

සර්..ගුඩ්මෝනින්

ගුඩ්මෝනින් කියන්න ගුණරත්න

සර්ට පාර්සලයක්

හෑ..හ්…කෝ…

මං අත්සනක් දාලා ගත්තා මෙන්න සර්

හරි දෙන්න..ගුනරත්න යන්න මං කතා කරන්නම්..

පාර්සලය දිග ඇරියාම ..දුටු දේ………..

මිනිබ්ලූටූත්..එකක්..හා..වයර්ලස් ඉයර්ෆොන් සෙට් එකකි.෴.only 💘 Love ෴ සදහන් වන්නේ එපමනකි
.මං ගුනරත්නට අඩගහලා පුටුවෙන් නැගිට්ටේ හුස්ම හිරවෙන ගතිය නිසා..මෙච්චර දේවල් කරන්නේ කවුද

සර්

ගුනරත්න

කවුද මේක එව්වේ

ප්රොන්ටෝ එකෙන් සර්..ඇයි ප්රශ්නයක්ද සර්

නෑ ගුනරත්න

සර් කතා කරේ

ඒක අහන්න

මාසෙට දෙතුන් වතාවක් මා නමට එන මේ ආදරනීය පාර්සල්..නිසා..මගේ හදවත ආදරනීය හැගුමෙන් පිරිලා ගියා..ඒ රුව කවුරු වුවත් මට ආදරේ කරන වග නම් පැහැදිලි වුනා..ඉතිං රුවක් නැති ඒ නාමය වෙනුවෙන් පැය විසිහතරෙන් විසි තුනක්ම වෙන්වුනා..මං වේදනාව හං ගන්..විදෙව්වා..රාජකාරි බහුල නිසා..වේදනාව යටපත් කරන්..කාලය ගෙව්වට මාව දකින ඕනම කෙනෙක් මා ශෝකි ස්වරූපයෙන් ඉන්නවා කියලා මට කීවා

ගුනරත්න

සර්

මට අර පාර්සල් එවන්නේ කවුද කියලා හොයාගන්න බැරිවුනාද

එක තැනකින් එවන් නැහැනේ සර්..එවන එවන හැම එකකටම ගියා එකින් එක වෙනස් හැඩරුව තමයි කියන්නේ

එතකොට එවන්නේ පිරිමි කෙනෙක්ද

පාර්සල් බාර දෙන්නේ පිරිමි කෙනෙක්

පුදුම වදයක් මේක ගුනරත්න ..

ඇයි සර් .

නෑ එහෙම දෙයක් නෙමේ

සර්ට කරදරයක් නම් පාර්සල් හරවලා යවමු

එපා…ගුනරත්න

සර්ගේ කැමැත්තක්

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

පුතා

අම්මා

අර ගෙනාපු යෝජනාවට මොකද කියන්නේ

අම්මා මට රාජකාරි බහුලයි

හැමදාම එහෙම කියලා පුළුවන්ද

පස්සෙ වෙලාවක බලමු..

අවුරුද්දක් දැන් පස්සෙ බලමු කියනවා වයස යනවා..තේරෙන් නැද්ද පුතා මං හැමදාම ජීවත් වෙනවද

අම්මා..මං කියන්නම්..දැන් මේ වෙලාව කසාද බදින වෙලාවක් නෙමේ..

අන්න කෝල් එකක් පුතා..යන්න රාජාකාරියට..මං මැරුනම රාජකාරිය අවසන් කරන්න

📲හෙලෝ රත්නේ

📱අන්න එෆ් බී එක හැදුවා

📲එහෙමද මං ඕවා හැදුවේ නැත්තේ මට ඕවට ඔට්ටු වෙන්න වෙලාවක් නැති නිසා

📱දැන් කීව එක කරපං

📲හරි…මට විස්තර මැසේජ් කරපන්

📱පාස්වර්ඩ් එක ඇති නම ඇති..හරිද..මං උබේ හැන්ඩි ෆොටෝ එකක් දැම්මා..ඇඩ් වෙයන්..දන්න අයට හරිද

📲හිහී හරි බං

📱ඊලගට හැංගිලා ලව් කරන එකී දකියි කොයි වෙලාවක හරි…

📲හරි..දෙන්නම් නියම වැඩේ

📱ෆොටෝ ටික දාපන් එවපු ඔක්කොමගේ..ස්තුතියි කියපන් නොහදුනන ඔබට..හරිද

📲හරි බං..තෑන්ක්ස් උබට

📱එහෙනම් වැඩේට සුබ අතට සිද්ධ වේවා

රත්නේ හදලා දුන්න මුහුණු පොත එතන ඉදලා මං මගේ කරගෙන..දිගටම මගේ සිදුවීම්..යාම් ඊම් ලැබෙන පාර්සල්..හැමදේම දවසේ සටහන් කරා..දිනපොතක් ලෙසින්..ඒ හැමදේකටම මං දන්න හදුනන හැම කෙනෙක්ම ඇඩ් වෙලා නිසා මට ඒ අයගේ අදහස් මතිමතාන්තර පල කරා..ඒත් කිසිම දාක ඒ පාර්සල් වල අයිතිකාරිය හෝ අයිතිකාරයා..මට ..දැනගන්නට නොලැබීමත් එක්කම මට හිත්රිදවීම දරුණු වුනා…හිතේ වේදනාවෙන් රාජකාරියට යන එන මට…පාර්සලයක් දකින ලැබෙන ගානේ…ඒ වේදනාව අලුත් වුනා…මං අවසානේ එවන පාර්සල් නොබලා ලොකර් එකට තල්ලු කරලා දැම්මා…ගුනරත්න පාර්සල් ලබා ගන්න එකත් මට පාර්සලය ලැබෙන එකත්..ඒවා මුහුනු පොතට එකතු කරන එකත්.. ඒවා ලොකර් ඇතුලට විසි කරන එකත් සාමාන්ය සිද්ධියක් වුනා…

පුතා..

ඇයි අම්මා

රත්තරන් පුතේ

කියන්න අම්මේ..

අවුරුදු තුනක්ම අහනවා..මගේ ඇස් පියවෙන්න කලින් පිලිවෙලක් වෙන් නැතිද

ම්ම්ම් ….

හැමදාම වයස රැදිලා තියෙන් නෑ…

ඔව්..මං දන්නවා

දැන්..තිහක් ..වුනා…..පුතේ….

..අම්මා..ඒ කවුද දන් නෑ..මට පුදුම වේදනාවක්…

ඉතිං පුතේ කවුරු වුනත් ඒ කෙනා නේන කෙනෙක් නම්..අවුරුදු තුනක්ම කාලේ ගියා විතරයිනේ..ආවේ නැහැනෙ …පුතේ

ම්ම්ම්ම්ම්ම් මට ⁣රාජකාරි නැත්නම් මෙලහකටත් පිස්සු හැදිලා මට

ඕක ගැන හිතන් එපා පුතේ යමු..මං හැදුවා සුප් එකක්…ඒක බොමු

අම්මා එක්ක වුනත් මං හැමදාම මේ සිද්දි ටික කිය කියා..කාලේ ඉල්ලන් ඉල්ලන් හිටියා ඒ වුනාට මගේ බලාපොරොත්තුව කවදාවත්…ඉටු වුනේ නැහැ ඒ හින්දා ඒ දිහා බලන් ඉන්න එක බොරු දෙයක් කියලා හිතුනා මටත්..අවසානෙට….

අම්මා

සුප් ටික උණුවෙන් බොමු

අම්මා

කියන්න පුතේ

අර කිව්ව කටයුත්ත බලන්න යමු

මොකක්ද

යමු කීවේ…

එහෙමනම් අනිද්දට දින දාගමු..පුතේ

හරි අම්මගේ කැමැත්තක්

😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

මං අම්මා එක්ක ගියා අම්මා කීව ගෙදරට..ඉහලපැලැන්තියක් හොබවපු ඒ අයගේ සුකුමාල තරුණියව මං දැක්කත් කිසිම හැගීමක් දැනුන් නෑ..ඒ වුුනාට..දැන් විය යුතු දේ මේකයි කියලා..මගේ හිත මට කිවිවා..අපේ පවුල් දෙකේ කිසිම නොගැලපීමක් තිබුන් නෑ..අම්මගේ මූණේ තිබුනේ පුදුම සතුටක්..ඒ සතුට දැක්කම මගේ හිතේ තිබුන හැගීම් නැතිකරලා දැම්මා..දැන් විය යුත්තේ..අම්මගේ සතුට වෙනුවෙන් මේ තරුණිය සමග යුගදිවියට පිවිසීම විතරයි..එතනින් එහාට ජීවිත නිකම්ම හැදෙයි කියලා මට හිතුනා..පුංචි නිදහසක් ලැබුන ගමන් මං මුහුණු පොතට අද දවසත් ආව ගමනත් එක්ක ෆොටෝ එකක් අප් ලෝඩ් කරා.
..
“””නව ජීවිතයකට …පිවිසෙන්න..පලමු ⁣පියවර මෙලෙස තැබුවෙමි””””

එහෙම සටහනක් එකතුකරලා..හවස් වරුවෙ එතනම ඉදන්..මං මුහුණුපොත සම්පූර්ණයෙන්ම ඩිලීට් කර දැමුවෙමි…..ඒ ගෙදර දවස ගෙවපු අම්මයි මමයි ගෙදර ආවේ සවස තේ පානයෙනුත් පසුවයි.. ඇවිත් මං රාත්රි සේවයට පිටත් වුනා..සියලු දේ අමතක කර මා ගිය යුවතිය සමග එකවහලක් යටට එන සිතුව්ල්ලෙන්

📲හෙලෝ රත්නේ

📱 කන්ග්රැජුලේෂන් මචෝ

📲තෑන්ක්ස්.වැඩක් නෑ උබ ආවේ නැහැනෙ

📱අද නිවාඩු ගන්න විදිහියක් නෑ..දුමාල්..

📲මං සීරියස්ලි …නෙමේ කීවේ මචං

📱හරි බං..ඉතිං නෑනා හොදයිද

📲වරදක් නෑ

📱මොකද බං …

📲හිතට හරි නෑ

📱අවුරුදු තුනක්ම ඔය හිත හරි නෑනේ..

📲හඃ හඃ හඃ කියලා වැඩක් නෑ

📱දැන් කොහේ ඉන්නේ බං

📲රාත්රි සේවයට යන ගමන්..

📱එහෙනම් රෑට කතා කරමු

📲හරි රත්නේ

📱තාම ගත්ත සූට් එක තියෙනවා දැන් පුස් අල්ලලත් එක්ක

📲ඒ මොන එකද

📱ඇයි බං උබේ වෙඩිං එකට ගත්ත එක

📲මාව දැන් උබට විහිලුවක්ද මේ කතා කරන්නේ..හලාවත පොලිස් ස්ථානාධිපති තුමාට උබට අමතකද

📱සමාවෙයන් සමාවෙයන්..මං තියනවා

📲රෑ වෙලා ගනින් හොදේ ..

📱හරි බං…

ෆෝන් එක තියලා මං කල්පනාවට වැටුනේ අද යුවතිය පිලිබදවයි…කල්පනාවෙන්ම අපි පොලිස් ස්ථානයට ආවා.. සැලියුට් මැද්දෙන් මගේ රාජකාරි නිල කාමරයට ගියේ… මගේ අනාගත බිරිදගේ රුව මතක් කරගනිමින්…….සියලු දේ නිමාවත් නව දේක උපත කියලා දවසේ..තිබුන ලිපි ලේඛන පරික්ෂා කරමින්… ලැප් එකට ඔළුව දාන් හිටියේ.. වැඩ ටික ඉක්මනට ඉවර කරන්න ඕන හින්දමයි..

සර් එස්කියුස් මී

යර්ස්

සර්…

ඇයි ගුනරත්න

සර්ව හම්බෙන්න ඕන කියලා..බවලත් කෙනෙක් ඇවිත්

මේ වෙලාවේ කවුද..ගුනරත්න

මොරගොල්ලඇමතිතුමාගේ දුව

මො..ක..ක්

ඔව් සර්.. දිව්යාංජලි මොරගොල්ල කියලා කියන්න කිව්වා

එන්න..කියන්න ගුනරත්න

හරි සර්

එදා ඇමතිතුමාගේ උපන්දිනය දා දැක්කට පස්සේ..ආපහු කිසිම දාක මං ඇයව දුටුවේ නෑ ලස්සන..ඕනවටත් වඩා ඇයට පිහිටලා තිබුනත්…ඇගේ රසවින්දනය දැක මගේ හිත හෙල්ලුනත් එදායින් පස්සේ දවසක් දෙකක් මතක හිටියා .මිසක්…දැන් වෙනකන් මට ඇයව මතක් වුනේවත් නෑ

එස්කියුස් මී…සර්..මේ අයි කමින්

.මිස් දිව්යාංජලි ….මොරගොල්ල .

සර් මගෙ.නමත් දන්නවා

දැනන් හිටියේ නැ දැන් ගුනරත්න කීවේ
ඉතිං ..මිස්..ඉස්සෙල්ලා ඉදගමුද.

තෑන්ක්ස් සර්

ඉතිං ඇයි ..මේ වෙලාවේ මෙතනට මාව හම්බෙන්න ආවේ ඇමතිතුමාට කීව නම් මට කතා කරයිනේ

මං ආවේ පර්සනල් දේකට…

ඉට්ස් ඕකේ කියන්න…

දැන් මට මොකද වෙන්නේ

වට්…අයි කාන්ට් අන්ඩර්ස්ටෑන්..මිස් දිව්යාංජලි

දැන් මට මොකද වෙන්නේ ඇහුවේ

ඒ කීවේ

එෆ් බී එකේ දාලා තියෙන්නේ අලුත් ජීවිතයකට පිවිසෙනවා කියලා

ආ…මට තේරුන් නැ තාමත්

මං…😪😪😪😪😪😪

ඩෝනට් ක්රයි….මට කියන්න පැහැදිලි කරලා…මොකක්ද මේ කියන්නේ…

මං අවුරුදු තුනක් බලන් හිටියා

මොනාටද

තාමත් තේරුම් ගන්න බැරිද මාව

තේරුම්ගන්න …බැරි නෙමේ..පසල් එකක් වගේ ඒකයි මං අහන්නේ

දුමාල්… මේ දේ අදුරනවද

මොකක්ද

෴only 💘 Love ෴

දෙයියනේ…මේ….

ඔව් මේ මං…

පිස්සුද …පිස්සුද කියනවා මට තමුන්ට

ඇයි දුමාල්

මාව අවුරුදු තුනක් පිස්සු වැට්ටුවා නොමරා මැරුවා..මං මැරිලා හිටියේ.. විකාර කරලා මාව අමු පිස්සෙක් කරා

සමාවෙන්න

කියන ලස්සන..දැන් මොකද කියන්න ආවේ ඒ තමුන් කියලා..හිටියා වගේ නොවිද ආවේ මොකටද

එෆ් බී එකට දාපු අවසන් දේ එක්ක මට තවත් ඉන්න බැරිවුනා දුමාල්

එහෙමද මං අවුරුදු තුනක්ම දාපුවට හැලහොල්මනක් නැතුව ඉදලා දැන් ඇයි ආවේ ..මං තීරනයක් ගත්තට පස්සේ

තීරනයක් ගත්තා

ඔව් දවල් බලන්න ගියපු ගෙදරට වචනයක් දීලා ආවේ

දුමාල්…

හිටපු ගමන් ඇවිත් ඇවිත් ජීවිතේ හැඩි කරලා..දැන් අමාරුවෙන් මං ජීවිතේ හදාගන්න හදද්දි එනවා දුවන්..හිටියා වගේ ඉන්නවා ඉන්න තැනක

දුමාල්…

යන්න..මට කතාවක් නෑ

හරි මගේ වැරැද්ද..දඩුවම ඒක නම් මං විදගන්නම් දුමාල්

ඒක තමුන්ගේ දෙයක්….

මං යනවා දුමාල්
.

හොදයි..ආවට තෑන්ක්ස් …ගුනරත්න …ගුනරත්න

ඇයි සර්…

අන්න අර මොරගොල්ලඇමති තුමාට කියනවා දිව්යාංජලි දිව්යලෝකෙන් මෙහෙට ඇවිත් කියලා ..මේ මහ රෑ..

හරි සර්

වාහනේ ලෑස්ති කරන්න ගුනරත්න

හරි සර්..

කෝ දැන් අර මිස්

අන්න එලියට ගියා

යමු..ගුනරත්න මොරගොල්ල වලව්වට නඩුවක් තියෙනවා විසදන්න..

හරි සර්..

රාත්රිය කියලවත් බලන් නැතුව එලියට බැහැලා ආවට කෙල්ලව ගෙදරට තනියෙන් යවන්න බැරි නිසා..මං ගුනරත්න එක්ක එලියට ආවා..මංදැක්කා දිව්යාංජලි කාර් එකට ගොඩවෙනවා ..හිතුවක්කාර කමට ..පාඩමක් ඉගෙන ගත්තාවේ කියලා හිතුනා..එසැනින් ආදරෙත් එක්ක දුකත් දැනුනා

දිව්යාංජලි …දිව්යාංජලි

ඇයි සර්

යනවද

ඔව්..

එන්න..යමු

කොහෙද

වලව්වට

මං මෙහෙම යන්නම්

එහෙම බැහැනේ..පොලිස් ස්ථානාධිපතිතුමාගේ වයිෆ් යන්න ඕන නිලරථයේ…..

දුමාල්..

පිස්සි එන්න..ගෙදර ගිහින් ඇරලවලා ඇමතිතුමාට දුවගේ හපන්කම කියලා එන්නම ඕන මං

දුමාල්..

යමු ගුනරත්න

හරි සර්

ගුනරත්න

කියන්න සර්

අන්තිමට පාර්සල් අයිතිකාරිය අහුවුනා

ඒකනේ සර්..

දුමාල්..

අැයි…

දෙයක් දෙන්නද

පාර්සලයක්ද

ඔව් .ඊයේ රින් එකක් ගත්තා..

❤️ නිමි❤️

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!