දින දෙකකට පසු චතූට දැනගන්න ලැබුණේ පහරකෑමක් නිසා නිසල් රෝහල් ගතකර ඇති බවයි.එහෙත් ඒ ගැන ඇයට පසුතැවීමක් නොවිණි.” චතූ අපි හැමදාම පන්තියෙදි විතරයි හම්බවෙන්නෙ.හරියට කතාකරන්නවත් විදියක් නෑ ඔයත් එක්ක.යමුද හෙට පොඩි ගමනක්?”.ඒකොහෙද ප්රවීන්?”. ” ඔය ඉතින් ඔයා ප්රශ්න අහනවනෙ.විශ්වාස නැද්ද මාව”.”එහෙම එකක් නෙවෙයි මම එන්නම්” ඇය දෙවරක් නොසිතා පිළිතුර දුන්නාය.පසුදා පන්ති යනබව පවසා චතූ නිවසින් පිටත් විය.නගරයේ බස්නැවතුම් පලට එහායින් ත්රීවිලරයක නැගි චතූ හා ප්රවීන් පැය භාගයක පමණ වෙලාවක් ගොස් නිවසක් අසලින් බැස්ස අතර චතූට කිසිදු සැකයක් නොතිබිණි.”මේ කොහේද ප්රවීන්?”. ඇයට ලැබුණේ මද සිනහවක පිලිතුරකි.එසැනින්ම පෙර දිනක නිසල් පැවසූ දෙය ඇයට සිහිවිය.
දැන්නම් ඇයට දැනෙන්නේ බියකි.හදගැස්ම වැඩිවෙමින් තිබිණි.එය සාමාන්ය නිවසකි.චතූට ඇතුලට යන්නට පැවසූ ප්රවීන් මදකට එලියට ගියේ බීමට යමක් ගෙන එන්නයි.”මොනවද මේ වෙන්නෙ” ඇය තනිව සිතුවේ කළහැකි යමක් නොතිබූ නිසයි.ඇයට දැන් දැන් ප්රවීන් සැකකිරීමට කරුණු තිබිණි.”චතූ පැටියෝ.මේක බොන්න මහන්සිත් ඇතිනෙ”ප්රවීන් බීම එකක් ගෙනවිත් දුන්නේය.”ඉතින් අපිට දැන් බාධා කරන්න කවුරුත් නෑ.අපිට කැමති දෙයක් කරන්න පුලුවන්.” ප්රවීන්ගේ වචන ඇයව තවත් බියට පත් කළාය.නමුත් කළහැකි යමක් නැත.ඔවුන් සිටි කාමරයේ දොරද වසා තිබේ.සෙමින් සෙමින් ප්රවීන් චතූ අසලට පැමිණියේ කෑදර බැල්මකින් බලමිනි.ඔහු ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා විසි කල ඔහු තවත් ඇයට ලං වෙද්දී ” අනේ ප්රවීන් මට යන්න දෙන්න.කරදර කරන්න එපා.අපේ අම්මටයි තාත්තටයි ඉන්නෙ මං විතරයි.අනේ කරදර කරන්න එපා යන්න දෙන්න මට.මං වැඳලා කියන්නම්…” ඇය පැවසු දේවල් ඔහු කනකටවත් ගත්තේ නැත.
ඇයට පිහිට වීමට කිසිවෙකුත් ඇසෙන මානයකවත් නොසිටියහ.ඇයට කළහැකි වූයේ නිශ්ඵල වුවත් හඬාවැටීම පමණි. ” ඔය වගේ කීදෙනෙක් මං ඉස්සරහා අඬලා ඇද්ද පැටියෝ.එයාලා දැන් යසට මං කියන විදියට ඉන්නවා.හරි සිම්පල්.ඔයාටත් තියෙන්නෙ මං කියන විදියට ඉන්න.”ඔහු සිනාසුනේය.කෑදර දෑස් ඇගෙන් ඉවතට නොගත් ඔහු ඇයව බිම පෙරළා ගත්තේ ඇයට කිසිවක් කරකියාගත නොහැකි වන ලෙසිනි.
“අනේ එපා ප්රවීන් මං ඔයාට කොච්චර ආදරේ කලාද.” එය අසා ඔහු උස් හඬින් සිනාසුනේය.