ප්රවීන්ගේ වියරු සිනාහඬ පරදා චතූ කලේ කඳුළු හලමින් හැඬීම පමණි.මෙතෙක් අම්මයි තාත්තයි තමාව හදාවඩාගැනීමට කල වෙහෙසත් ඇය ප්රවීන් නිසා ඔවුන්ට බොරු කල අයුරුත් මැවී පෙනුන ද කරන්නට දෙයක් ඉතුරුව නැත.සියල්ලට ප්රමාද වී වැඩිය.”අනේ ප්රවීන් මට මොකුත් කරන්න එපා.මං ඔයාටමයි පලවෙනියටම ආදරේ කලේ.අම්මටයි තාත්තටයි වඩා මං ඔයාට ආදරේ කලා.ඇයි මෙහෙම කරන්නෙ…” “ඔහුගේ වියරු සිනාහඬ නවතා හඬ අවදි කළේ ඊටපසුවයි.”ඔයාට නෙවෙයි මං ආදරේ කලේ ඔයාගෙ ඔය ලස්සන ඇඟට.ඔයාව ඉස්සෙල්ලම දැක්ක වෙලාවෙ මාව පිස්සු වැටුනා.මෙච්චර කල් මං කෙල්ලො කීදෙනෙක් හැන්ඩ්ල් කරලා තියෙනවද.”නැවත, ඔහු ඇයව බදාගෙනම වියරු හඬින් සිනාසුනේය.”ඔයා වගේ කෙල්ලො අල්ල ගන්න හරිම ලේසියි බබෝ.ආදරෙයි කියලා වර්ණනා කරලා,ගිෆ්ට් එකක් දුන්නම ලස්සනට ඇන්දෙනවා.ඉතින් මට ගොඩක් ලේසි වුනා වැඩේ.අපේ තාත්තා පොලිසියෙ ලොක්කෙක් නිසා කිසිම ප්රශ්නයක් කවුරුවත් දාන්නෑ.”
“අපරාදෙ මට නිසල්ව විශ්වාස කරන්න තිබුණෙ.මම තමුසෙව විශ්වාස කලා මටත් වඩා.මම නිසල්ටත් බැන්නා ඔයා නරක නෑ කියලා.තමුසෙ මහ ජරා කොල්ලෙක්.ඉගෙන ගත්තට තිරිසනෙක් තමුසෙ.” ඇය කතා කලේ අපහසුවෙනි.”නිසල්.ඌ විතරයි මෙච්චර කාලෙකට මගේ වැඩකට හරස් වුනේ.ඌ කැමති නෑ කොහොමත් මේවට.ඒත් ඌ මාත් එක්ක තියාගෙන හිටියෙ මට උගෙන් බාධාවක් වෙලා නැති නිසා.” ඇයව බදාගෙනම ඇය ඇඳ සිටි ඇඳුම් ගලවා දැමීමට ප්රවීන් උත්සහ කලේය.
ඇය හැකිතරම් උත්සහ කලේ ඔහුගෙන් මිදීමටයි.ඒත් අවසානයේ ඇගේ උත්සහය නිශ්ඵල බව ඇයට වැටහිණි.සියලු බලාපොරොත්තු බිඳීගියේ කඳුළු බිඳු සමගයි.එහෙත් වාසනාවට ඇය අසල තිබූ යකඩ පුටුවක් ඇයට මතක් වූයේ අහම්බෙනි.ඔහු චතූගේ නිල්පැහැ ශර්ට් එකේ බොත්තම් එකින්එක ගලවන විට ඇය අපහසුවෙන් පුටුව ඇද හැකිවෙර යොදා අවසාන උත්සහය ලෙස ප්රවීන්ගේ හිසට දෙවරක් දමා ගැසුවේ මරුවිකල්ලෙන් මෙනි.”ආහ්..ආව්…මගෙ ඔලුව”ප්රවීන් මෙසේ පවසමින් හිස අල්ලාගෙනම පැත්තකට පෙරලිණි.ටික වේලාවක් දැඟලූ ප්රවීන් නිසල විය.හිසෙන් ලේ ගඟක් සේ ගලාගිය අතර ඔහුගේ මුලු සිරුරම ලෙයින් තෙත් වී තිබිණි.ඇය හඬමින්ම කාමරයෙන් එලියට දිවගොස් නිවසේ ප්රධාන දොර අසලට දිව ගියේ ප්රවීන් ගලවා දැමූ බොත්තම් ද යලි දාගනිමිනි.එහෙත් එකවරම තවකෙකුගේ හඬක් එළියෙන් ඇසිණි.”ප්රවීන්.මචන් මම රවිඳු.ඔන්න වෙලාවටම මං ආවා.ඔයාගෙ සුරංගනාවියව භාරගන්න.”ඔහුගේ වචන වලින් ප්රවීන් කොයිතරම් තිරිසනෙක් දැයි සිතා ගැනීමට ඇයට හැකිවිය.