“විලි ලැජ්ජාව කියලා දෙයක් නෑ පුතා, විලිලැජ්ජාව කියන්නෙ සෙලවෙන මනසට….” අන්න එහෙම හිතලා තමා යකුනෙ හිත හදාගෙන මෙහෙම හතර විලිලැජ්ජාවක් නැති වැඩ කලේ..ඒ ලැජ්ජ නැති වැඩ මම ම ලියල මේකෙ පෝස්ට් දාන්නෙ…..
අපි ඇවිල්ලා ත්‍රිපිටකය දෑතෙ දරාගෙන,ධර්මචක්කරේ ඔලුවෙ නමාගෙන ඉපදිච්ච සැදැහැවත් බොදු දරුවො.අපේ අම්මා දහම් පාසල් ආචාර්ය ධූරයක් හොබවන සිල්වත් ගුරුතුමියක්.මම පොඩි කාලෙ අපේ අම්මා දහම් පාසල් යද්දි මාත් පස්ස කෝලම වගේ යනවා අම්මා එක්ක.ඒ කාලෙ මට පුදුම උණක් තිබ්බෙ දහම් පාසල් යන්න.හැබැයි ඉස්කෝලෙ 6 වසරට විතර යනකොට මට ඒ උණේ නිට්ටාවටම සුව උනා. දහම් පාසල නයාට අදුකොල ජාතියෙ තැනක් බවට පත් වුනා….
ඒ දවස් වල පංසලේ හාමුදුරුවන්ව මට පෙනුනෙ එලාර රජ්ජුරුවෝ වගේ…හොදින් හරි නරකින් හරි උන්නාන්සෙ හදන්නෙම අපිව දහම් පාසල් ගෙන්න ගන්නමයි.උදේට පරක්කු වෙලා ගියොත් මුලු පංසල් වත්තම සුද්ද කරෝගන්නවා..ගාථා පාඩම් නැති උනොත් අර බංගසාලෙ වගේ තියෙන බෝ මලුව අතුගාන්න කියනවා…ඒවා කරලා ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් මච්චරිය කෝසිය සිටාණෝ හොරෙන් කැවුම් බැද්ද හැටිත් කියා දෙනවා ඉදලා හිටලා…
මම ඒ කාලෙ හිතන් හිටියෙ බුදු හාමුරුවො දේශනා කරලා තියෙන්න ඇත්තෙ වැඩ අරන් ඉවර වෙලා බණ කියපං කියලා වෙන්න ඇති කියලා..ඇයි යකෝ නැත්නම් අපිට කියලා ඒ කාලෙ හාමුදුරුවෝ කරවගත්ත වැඩ වල හැටියට මෙලහකට උන්නාන්සෙට මානව හිමිකම් එකේ නඩුවක් වැටිලා ලමා වහල් සේවයට එරෙහිව….හැබැයි අපරාදේ කියන්න බෑ මම වගේම හිතන අති ගෞරවනීය කේප්ප වහු යාලුවො ටිකකුත් මට හිටියා. .ඉතින් හාමුදුරුවෝ පන්සලේ තියෙන පර වැඩ ටික ඔක්කොම අපිට කියලා කරවගත්තා…ඇත්ත කතා කරනවා නම් අපි නොකරේ පන්සලේ ලැට් වලවල් නොකපපු එක විතරයි..අම්මපා…
ඒ කාලෙ මාව දහම්පාසල් යවන්න උදේට ලොකූ ආශිර්වාද පූජාවක් එක්ක අමුතුම ජාතියෙ කෑමක් අපේ අම්මා රෙඩි කරනවා..හැමදාම උදේට අම්ම හොද එස්ලෝන් බට පාරවල් දෙකතුනක් දෙනවා පස්සෙන් දුම් විසික් වෙන්න.මම ඉතින් මද්දුම බණ්ඩාර වගේ තමයි.ගහලා මැරුවත් යන්නෙ නෑ කියලා තිර අධිඨනක ඉන්නෙ..ඔහොම ගහලා මාව මැරුනාම අගේ තේරෙයි…එතකොට කවුද දන් නෑ කඩේ යන්නෙ..වහිනකොට රෙදි ටික ගෙට ගන්න එකෙක් නැති උනාම දැනෙයි මගේ අගේ….ඊයෙ උයපු මස් එක තාත්තත් රසනෑ කියද්දි රසයි රසයි කියලා කෑවෙ පව් හින්දා.කන්නෙ නෑ මීට පස්සෙ…වැඩ කරගන්න ඕනි උනාම නම් එනවා මැනිකේ ගාගෙන .ආයි කතා කරපු දෙන්කො බීරිවෙලා වගේ ඉන්න ඕනි,බොරුවට මැරුනා වගේ රගපාන්න ඕනි, කියලා හිත හිත තමා මම ඒ කාලෙ ගුටි කන්නෙත්
මම ගුටි කාගෙන ඉන්න ඉන්න අපේ අම්මට සොහින් කාලියි,අරක්කු කාලක් ගහපු මල යක්ශනියකුයි එක පාර ආවේස වෙනවා.ඊට පස්සෙ ඉතින් මොන ඒජන්තයා ආවත් අපේ අම්මට පදිරියි.ලමා සාරිය උඩින් එනවා කාමරේට…පොත් දෙකත් එනවා උඩින්ම ,මට තියෙන්නෙ ඒවා අහුලගෙන ඇදගෙන යන්න විතරයි.ඒ අස්සෙ අපෙ අම්මා නොකඩවා තුන් සූත්තරෙත් ප්ලේ කරනවා.යන්න ලෑස්ති වෙනකොට පබලු මාලෙකුත් උඩින්ම ඇවිත් වැටෙනවා මගෙ කකුල් දෙක පාමුලට.
“මේකත් දාගෙන පල කියලා” වොයිස් රෙකෝඩ් එකකුත් එක්ක.
දවසක් එහෙම මට නමස්කාරය කරපු පබලු මාලයක් මම කටින් දෙපැත්තට ඇදලා ඇදලා දෙකට කැඩුවා.අම්මා ගේ අතුගගා හිටියෙ එවෙලෙ.කොස්ස අරන් එලෝගෙන ආව පාරට එනකම්.මම සෙරෙප්පුත් නැතුව එදා දහම් පාසල් ගියේ.
අන්න එහෙම නොවිදිනා දුක් විදලා තමා අපි දහම් පාසල් අධ්‍යාපනය ලබාගත්තෙ.
කෝම හරි ඔහොම කාලකන්නි විදියට ලෑස්ති වෙලා, සයින් එක ගහල එන්න හිතාගෙන අවාරෙට පොල් හැලෙනවා වගේ දහම්පාසල් ගිය දවසක වෙච්චි සිද්දියක් තමා මේ…
ඒ කාලෙ ,මගේ ආකාරයටම දහම් පාසල් යන අපේ ගේ ගාව තව එකෙකුත් මට ලෑස්ති වෙලා හිටියා.මම යනවා නම් ඒකි යනවා.මම යන් නැත්නම් ඒකි යන්නෙ නෑ.අන්න එහෙමයි මිත්‍රත්වය.ඔන්න මාස ගානක ඉදන් ප්ලෑන් කරලා බාලගිරියට රතු බල්බ් පත්තු කරලා නමෝවිත්තියෙන් දහම්පාසල් ගියා එක දවසක් .ගිහිල්ලා පෙර කී ලෙසට දවස ගෙවලා ඔන්න දහම්පාසල් ඇරිලා ගෙදර එන්න ආවා පාරට.
මම ඉතින් බෑග් එකත් වටේට වන වන එක අතකින් හාමුදුරුවරුවන්ට හොරෙන් පන්සලෙන් කඩාගත්ත තඩි දොඩම් ගෙඩියකුත් අරගෙන අරකි එක්ක කැරකි කැරකි එනවා.ඒ එනකොට මට පේනවා ඈත ඉදන් සුදු පාට ලස්සන බූල් වැක්කෙරෙන බලු තඩියෙක් අපේ පැත්තට දුවගෙන දුවගෙන එනවා.
ඇත්තම කියනවා නම් මට රෑ 10ට 11ට උනත් තට්ට තනියම සොහොනක් ඉස්සරහින් වුනත් යන්න පුලුවන්..බය නැතුව.එත් කෙල පෙර පෙර බල්ලෙක් දුවගෙන එද්දි නම් මට මහා භීතිකාවක් පහල වෙනවා..මනෝජ් නම් කියන්නෙ මට බලුභීතිකාව කියන රෝගෙ තියෙනවා කියලා..
මම අතේ තිබ්බ දොඩම් ගෙඩිය ශේප් එකේ බෑග් එකට දාගෙන අරකිගෙ අතකින් අල්ල ගත්තා.අල්ල ගත්තා කිව්වට අල්ල ගත්තමත් නෙමෙයි දෑත බදලා ඒකිගෙ අතේ එල්ලුනා.
දැන් අරූ ලග ලග එනවා.ඔන්න මගෙ කකුල් දෙක වයින් වුනා…අත අතඇරුනා.දොහොත් මුදුන් දීලා තුන් පාරක් ආකාසට්ටාජ බුම්මට්ටා කියලා කකුල් දෙකට නමස්කාර කරලා, සැරසේන් ,එලවේන්,යා කියලා දැන් මම කඩා බිදගෙන දුවනවා….අර පර බල්ලත් පස්සෙන් එලෝනවා… මම දුවන්නෙත් ඉදිරිය බලා නෙමෙයි.අර ලයිසන් ගන්න ගියාම අට ගහන්නෙ ,අන්න ඒ වගේ සිට්සැට් රවුම් තමයි යන්නෙත්.
අරූ නිකන් නයිට්‍ර්ස් ගහපු කාර් එකක් වගේ පිබගෙන එනවා ..පෙරේත බල්ලා ,කෙලත් පෙර පෙර හත් අවුරුද්දක් හාමතේ ඉදලා වගේ එන්නෙත්.කරන්නම දෙයක් නැති තැන රත්නත්තරේ පිහිටයි කියලා කරේ තිබ්බ බෑග් එක කරකවලා අරන් ඒකෙන් දමලා ඇරියා අරූගෙ හොම්බ සමතලා වෙල පල කියලා.හරියට හරි ඒක වැදුන විතරයි අරූ තවත් කුලප්පු උනා.උගේ වේගෙ වැඩි උනා.උගේ වේගෙට අනුව මගෙ වේගෙත් අනුලෝමව සමානුපාතික වෙන්න එපැයි.මාත් ස්පීඩ් එක වැඩි කලා.දැන් මට අම්මා මුත්තා සිහි වෙලා තියෙන්නෙ. බෝධි පූජා කවිත් මතක් වෙනවා,වස් උනොත් වස් වෙච්චාවෙ සෙත් උනොත් සෙත් වෙච්චාවෙ කියලා රන්වන් පාටට දලු ලන බෝධියෙන් පටන් අරන් මාමෙ බාල සමාගමෝ වෙනකම්ම කිව්ව දුවන ගමන්ම.උඩරට මැනිකේ හූ තියාගෙන නුවර බලා යනවා වගේ තමයි මාත්.එතන හිටපු මාමා කෙනෙක්වත් තල්ලු කරගෙන හූ තියාගෙන දුවන්නෙ.
මා එක්ක ආව අර පාපමිත්‍රයා පාරෙ අයිනකට වෙලා බඩ බොකු එලියට ඇදෙනකම් හිනා වෙනවා….මේ ඒසා බල්ලටත් ඒකිව පේන් නෑ මාව තමයි පෙනිලා තියෙන්නෙ පුර හද වගේ…
ඉස්කෝලෙ මීටර් සීය දුවලත් අන්තිමයා වෙච්ච මම මේ දුවන දිවිල්ල මටවත් අදහාගන්න බෑ.හුසේන් බෝල්ට් ආවා නම් එවෙලෙ මා එක්ක දුවන්න…ඌ මොන කබ්බෙක්ද කියලා පෙන්නන්න තිබ්බ මට.දැන් මගෙ ලමා සාරියෙ මන්තෙ බාගෙට ගැලවිලා එල්ලෙනවා.ඒකත් නිකං මගේ ජයග්‍රාහී ධජය වගේ ලෙලෙදෙන්නෙ…සෙරෙප්පු දෙක විසි වෙලා ගිහින් කොහෙද කියලවත් නෑ…ඉහින් කනින් දාඩිය වගුරෝගෙන, හෑස් හෑස් ගගා හති දාගෙන එක පාරටම මම ධාවන පතේ වෙනස් කරලා රවුම් ගැහිල්ල පැත්තක් තියලා යටි ගිරියෙන් කෑ ගහගෙන අපේ ගෙවල් තියෙන පැත්තට ලෑල්ලට පෑගුවා.
ඔන්න එතකොට ඉස්සරහින් හොල්ල හොල්ල එනවා මෙච්චර වෙලා ආච්චිගෙ මගුලෙ ගිහින් හිටිය අර ගස් බල්ලගෙ හාම්පුතා
“රෝකී රෝකී” ගගා….
ඌව දැක්ක විතරයි මේ අවලම් බල්ලත් මුකුත් උන් නෑ වගෙ ගිහින් අරූගෙ ඇගේ එල්ලුනා.ඒ අස්සෙ අර ආව එකා මට කියනවා
“බය වෙන්නෙපා පුතේ මෙයා කන්නෙ නෑ.ඔය සෙල්ලමට තමා පස්සෙන් එලවන්නෙ”
උගෙ ආච්චිට තම්බපු හාල් සේරු පිටින් ගරලා අමුවෙන් අනලා ගිල්ලවන්න, ඇයි යකෝ සෙල්ලමටද අරූ අර මර ලතෝනි දිදී බුර බුර මගෙ පස්සෙන් එලෙව්වෙ…ඕක කලින් කිව්වා නම් මම ඉන්දන දහනය කරගෙන අච්චර දුවනවද…බල්ලෙක් උනත් බලු වැඩ කරන එකේ සීමාවක් තියෙනව..සෙල්ලමට පැන්නුවා නම් ඌ ඒකට මාව අල්ල ගන්න ඕනිද. කිරි අප්පෙක්ව හොයාගෙන ඌට බල්ලො පැන ගත්තා නම් ඉවරනෙ..
කෝම හරි දන්න සෙල්ලම් ටික දාලා මම බේරුනානෙ…. දැන් තත්වය සාමකාමි.අර මනුස්සයා උගේ වල් බල්ලව ඉබ ඉබ වඩාගෙන යන්න ගියා.
තෝ අහු වෙයකෝ ගෙරි බල්ලා කොයි වෙලේ හරි .දෙන්නම් තොගෙ කට චප්ප වෙන්න ගල් බනිස් පාරක් කියලා හිතලා මම බිම තිබ්බ බැග් එකත් අහුලගෙන, සෙරෙප්පු දෙක හොයනවා. ඒ මල දානෙත් කොහෙට විසි වෙලාද දන්නෙ නෑ තියෙන්නෙ එක සෙරෙප්පුවයි.ඒකත් කකුලට දාගෙන, පියවි සිහියට ඇවිල්ලා ,නොන්ඩි කකුල නිකං කකුල කියලා එන්න හදද්දි තමයි මීටර් උනේ යකො මම මේ ඉන්නෙ ටවුන් එකේ නේද කියලා…අච්චර ගස් ගල් පෙරලගෙන රෙදි ගලෝගෙන බෙරිහන් දිදී මම සංදර්ශනේ පෙන්නලා තියෙන්නෙ දෙනෝ දාහක් ඉන්න ටවුන් එකේ.
අම්මටසිරි වෙන්න සැප කනේ….හෙමීට සිරස උස්සලා ගැහුවා වටේට ඇන්ටනා පාර.ත්‍රීවිල් පාක් එකේ කොල්ලො ටිකගෙ කටවල් මදි හිනා වෙන්න.කඩවල් වල හැතිකරෙත් ඒමයි, වැඩ ඔක්කොම නවත්තලා තමා මෙච්චර වෙලා මම අමාමහ පෙලහර පානවා බලන් ඉදලා තියෙන්නෙ…
මොනා කරන්නද වෙච්චි දේට යෙන්න සේයිදු කියලා මම නෙමෙයි වගේ මම ගමන් ආරම්භ කලා නිවස බලා.
එදායින් පස්සෙ මට දහම්පාසල් නොයා
ඉන්න අලුත් හේතුවකුත් හම්බුනා.අනේ අම්මෙ බල්ලො පස්සෙන් පන්නන හින්දා යන්න බෑහ්…කියලා තමයි කියන්න පුරුදු වුනේ
නිමා……