මිනිස් මූත්‍ර වලින් රෙදිපිළි පිරිසිදු කෙරූ ප්‍රෞඪ රෝමානුවෝ

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ප්‍රෞඪ රෝමානුවෝ 

සූර පප්පා (Asterix) කතා මාලාවේ අපි දැක්ක “සීසර්”, රෝමානුවන්ගේ අභිමානයත්, ප්‍රෞඪත්වයත් ගැන කියන්නට හොඳම උදාහරණයක් ලෙස ගන්නට පුළුවන්.  බලය පැතිරවීමට, වයින් පානයට වගේ ම රෝමාණුවන් තදබල ලෙස අවධානය යොමු කළ තවත් කාරණයක් වුණේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ ආභරණයි.  තමන්ගේ අහංකාරය වස්ත්‍රාභරණ වලින් පෙන්වන්නට ඒ තරම් උනන්දු උණත්, ඔවුන් ඒවා පිරිසිදු කරන්න භාවිත කරපු ක්‍රමවේදය නම් ඒ තරම් ප්‍රසන්න නැහැ කියා ඔබ හිතනවාට සැක නැහැ.

“රෝමානු laundry”

වර්ථමානයේ අපට දකින්නට ලැබෙන laundry වගේම, අතීත රෝමයේ සෑම ප්‍රධාන නගරයකමත්, “ෆුලෝනිකා”  නම් රෙදි පිරිසිදු කරන මධ්‍යස්ථාන පිහිටා තිබුණා.  රෙදිපිළි පිරිසිදු කිරීමේ කාර්‍යය පැවරී තිබුණේ “ෆුලෝන්වරුන්” (fullones) ටයි. ප්‍රභූවරුන්ගේ ඇඳුම් ඉතා ප්‍රවේසම්සහගත ලෙස සේදීම සිදු කෙරුණේ “මිනිස් මූත්‍ර” සේදුම්කාරක ලෙස භාවිත කරමිනුයි. ඔව්! ප්‍රදේශයේ පොදු වැසිකිලි වලින් එකතු කරගත් මූත්‍ර පමණක් නොවෙයි, ඒවා ප්‍රමාණවත් නොවී නම්, අසල්වාසි නගර වලිනුත් මූත්‍ර රැගෙන එන්නට ඔවුන් පසුබට උණේ නැහැ.

ඇත්තටම මූත්‍ර වලින් රෙදිපිළි පිරිසිදු කරන්න පුළුවන්ද?

අතීත රෝමාණුවෝ බොහෝ විට ඇඳ තිබෙන්නේ කපු, වූල් වලින් හදාපු රෙදිපිළියි. රෝමාණු ඉතිහාස කතා වල අපි දකින ටෝගාව (Toga) ඒ අතරින් විශේෂයි. වූල් වලින් සකස් කෙරෙන රෙදිපිළි වල තිබෙන දහඩිය, ග්‍රීස්, දුඟඳ සහ කුණු පැල්ලම් රඳාහිටීමේ ගුණය නිසා ඒවා ඉවත් කරන්න නම් විශේෂ පිළියමක් යොදන්න වෙන බව ඔවුන් කල්පනා කළා.

මූත්‍ර සේදුම්කාරක, හෙවත් යූරීන් වල තිබෙන ඇමෝනියා සංඝටකය, ඉතා පහසුවෙන් ඒ කුණු පැල්ලම් සහ වූල් රෙදි අතර තිබෙන බන්ධන කඩා දමන බව ෆුලොන්වරුන් නිරීක්ෂණය කරන්නේ ඒ අතරතුරයි.

රෙදි සේදීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පියවර 3 කට සිදුකෙරුණා.

පළමුවෙනි වගේම අපහසුම පියවර තමයි අවශ්‍ය තරම් මූත්‍ර එක්හාසු කර ගැනීම. ඇතැම් විට ක්‍රියාවලියට අවශ්‍ය මූත්‍ර එකතු කරගන්නට , ෆුලොන්වරුන් පොදු වැසිකිලි අසළ, මූත්‍ර එකතු කරන බහලුම් තබාගෙන බලා සිටි බව ග්‍රීක සහ රෝමාණු ඉතිහාස පොත් වල සඳහන් වෙනවා.

අවශ්‍ය තරම් මූත්‍ර එකතු වුනාට පස්සේ ඊට ජලය හෝ ඇල්කයින් රසායන ද්‍රව්‍ය එකතු කෙරෙනවා. මේ ද්‍රාවණය විශාල බේසම් හෝ තටාකයකට දැමුවායින් පස්සේ රෙදි මත ඇවිදිමින් ඒවා පොඩි කරනවා.

අනතුරුව වෙනත් වඩා භාජන වලට දමන රෙදි පිළි ඉතා පිරිසිදු ජලයෙන් සොදා ගත්තායින් පස්සේ, අවසාන පියවර හැටියට  දුම් දමන සල්ෆර් මිශ්‍රණයකට ඉහළින් එල්වා තැබෙනවා. ඒ, ඇඳුම් වල සුදු පැහැයේ දීප්තිමත් බව වැඩි කරන්නටයි.

මේ විදිහට ඇදුම් පිරිසිදු කරවා ගැනීම අවසානයේ විලාසිතාවක් බවට පත්වුණා. සම්පූර්ණ ක්‍රියාවලිය ෆුලොන්වරුන්ට එතරම් පහසු එකක් නොවුණත් ආර්ථික වශයෙන් ඉතාම ලාභදායී ව්‍යාපාරයක් වුණා. ඔවුන්ගේ රැකියාවේ කොටසක් විදිහට මූත්‍ර එකතු කරන්නට සිදු උණත්,  නගරවාසීන්ගේ රෙදිපිළි අලංකාරවත්, පිරිසිදුවත් තබා ගන්නට ඔවුන් ලබා දුන් දායකත්වය හේතුවෙන් සමාජයේ අත්‍යවශ්‍ය සහ වැදගත් සමාජිකයින් ලෙස ඔවුන් පිළිගැණුනු බව පැරණි පොත්පතේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!