මෙහෙකාර සහෝදරයා (1 කොටස) mehekara sahodaraya

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මගේ ජීවිතේ මම කරන්නෙ අරමුණක් නැතුව ඔහේ ඇවිදින එක පාරවල් දිගේ.සමහර විට ඒ මගේ දෛවය වෙන්නඇති.කන්න මොනවාහරි ලැබුණොත් කාලා නැත්තම් වතුරටිකක් බීලා බඩගිනි නිවාගන්න ජීවිතයක් මට තියෙන්නෙ.ආ කියන්න බැරිවුනා.මම පවන්.පවන් ලක්ෂාන්.අදත් මම නැගිට්ටෙ වෙනදාවගේම ඉරණමට මූණ දෙන්න බලාගෙන.උදේට යන්තම් කඩේකින් දුන්න පාන් කෑල්ලක් කාලා බඩගිනි නිවාගත්තා.ඒ දුන්නෙත් කඩේට බඩුවගයක් ඇද්ද හින්දා.පොඩි ගාණකුත් අතට දුන්නා.
“ඒයි කොල්ලො උඹ කැමතිද රස්සාවක් කරන්න.”කඩේ මුදලාලි එහෙම ඇහුවම මට හිතාගන්න බැරිවුණා.
“අනේ මුදලාලි කොහෙද ඒ.මං කැමතී.මොනවද කරන්න තියෙන්නෙ.?”මං ප්රශ්නවැලක්ම ඇහුවා.
“ටිකක් දුර.කොළඹ නුගේගොඩ.කැමතිද යන්න.උඹට වේටර්කෙනෙක් වෙලා ඒකෙ වැඩකරන්න පුලුවන්.මං අඳුරන මහත්තයෙක්ගෙ.හැබැයි පුතෝ ඒ හෝටල්වලට එන්නෙ ලොකු ලොකු සල්ලි කාරයො.හරිද…”
ගමන දුරයි තමයි.මං ඉන්නෙ බලංගොඩ.කොළඹ යන්න වෙනවා.ඒත් මොනවා කරන්නද.අඩුගානෙ තුන්වේල කන්නවත් කීයක්හරි ලැබෙයිනෙ කියලා මං හිතහදාගත්තා නුගේගොඩ යන්න.මටකාත් කවුරුවත් නෑ.හිටියද කියලා දන්නෙත් නෑ.සාමාන්ය පෙලට එනකල් නම් ඉගෙනගත්තා නෑදෑ ගෙදරක ඉඳන්.ඒත් උසස්පෙල ගොඩගියෙ සාමාන්ය විදියට.ආර්ට් කරපු නිසා රස්සාවක් හොයාගන්නවත් විදියක් නැතුව ඉඳලා ඒගෙදරින් මාව පැන්නුවෙ මගෙ තිබුණ සහතික සේරමත් ඉරලා දාලා.ඉතින් රස්සාකරන හීනෙ නැත්තටම නැතිවුණා.මගේ අධ්යාපන සහතිකත් ඉරපු හින්දා කොහොමද රස්සාවකට දාන්නෙ.කොහොමහරි මම මුදලාලි කියපු දවසෙ බලංගොඩින් උදේ 5.30විතර කොළඹ යන බස්එකක නැග්ගෙ බලංගොඩට සමුදීලා.ඇත්තටම සමුදෙන්න තරම් මගේ කියලා කිසිදෙයක් මෙහේ නෑ.
“මල්ලි කොහෙටද?” “නුගේගොඩට”.” මෙන්න ඉතුරු…”
බස්එකට සල්ලි දුන්නෙත් මුදලාලි.මොනවා කරන්නත් බස්එකට දීලා ඉතුරුවුනේ රුපියල් තුන්සීයයි.බස්එක නුගේගොඩට යනකොට උදේ 9.30 විතර ඇති.”නුගේගොඩ බහිනඅය බහින්න”
කොන්දොස්තර එහෙම කියනකොට මට ලොකු හුස්මක් පිටවුණා.මමත් ඉක්මනට බැස්සා.මටනිකන් පිස්සුවගේ.ජීවිතේට ඇවිල්ලා නෑනෙ මං කොළඹ.ගුවන්පාලම යටින් එහාපැත්තට ගිහින් ස්ටේෂම කිට්ටුවටම ගියා.මුදලාලි කියපු තැන හොයාගන්න බෑ.මොනවා කරන්නද.ත්රීවිල් එකක අයියා කෙනෙක්ගෙන් ඇහුවා බැරිම තැන.
“මේ අයියේ…මේහරියෙ තියෙනවද ලියනගේ කියලා ලොකු හෝටලයක්….”
“ඔව් ඔය පාරෙම ටිකක් ඉස්සරහට යන්න.වම්අත පැත්තෙ ඇති.”
ඒ අයියට ස්තුති කරලා මම තැන හොයාගෙන ගියා.මාර බඩගිනී.තාම බලංගොඩින් බීපු වතුර ටික විතරයි.කෑවනම් සල්ලිමදිවෙනවා එන්න.
පිස්සු හැදෙනවා එතන දැක්කම.ඇතුළ ඒසී.ඉස්සරහා ලොකුලොකු අයගෙ වාහන නවත්තලා.මමත් හිතගල්කරගෙන ඇතුලට ගියා.
“කවුද ඔයා…” වේටර්කෙනෙක් එහෙම ඇහුවෙ කෑමකනගමන් ඉන්න සල්ලිකාර නෝනලා මහත්තුරු මං දිහා කන්නවගේ බලන් ඉද්දි.මටකරකියාගන්න දෙයක් නෑ.
“මම ආවෙ මෙහේ වැඩට.බලංගොඩ ඉඳන්.එහේ මුදලාලි කෙනෙක්……” “ආ හරි හරි අපේ මහත්තයා කිවුවා අද අලුත් එක්කෙනෙක් එයි කියලා.”
අම්මෝ එයා එහෙම කිවුවමයි මගේ ඇඟට ලේටිකක් ඉනුවෙ.මාව ඇතුලට එක්කගිහින් වේටර්ලා අඳින ඇඳුමත් මගෙ අතට දුන්නා එයා.කාලා නෑ කිවුවම කනතැනත් පෙන්නලා එයා සුපුරුදු වැඩේට ගියා.”මටත් තව ටික වෙලාවකින් ඒක පුරුදුවෙන්න වෙනවා.”
මම එහෙම හිතලයි දුන්න කෑමටික කාගෙන කාගෙන ගියේ……තිබුණ බඩගින්නට.
ඊළඟ කොටසින් හම්බවෙමු…..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!