ගායනය – ජෙමිනි කාන්තා
පද රචනය – පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය – සී.එන්. පාණ්ඩුරංගන්.
විස්කි බෝතලයක් අතේ තියාගෙන කාන්තාවක් හරි අමුතු සින්දුවක් කියනවා. 60 දශකයේ චිත්රපට ගීතයක් පසුගිය දවස් වල මුහුණු පොතේ හුවමාරු වුණා. බොහෝ දෙනෙක්ට තිබුණු ගැටලුව තමයි මේ ගීතයෙ නම, මොකක්ද ඒ චිත්රපටිය කියන එක. හැමෝම හොයපු ඒ “සීල් බෝතලේ” ගැන පුංචි විපරමක් කරන්න අපි හිතුවේ ඒ නිසයි.
සෝඩ නොදා විස්කි බ්රැන්ඩි පදමට ගහලා
සෝඩ නොදා විස්කි බ්රැන්ඩි පදමට ගහලා
දෙව් ලෝකේ පේන පේන සුදිය සීල් බෝතලේ//
සීල් බෝතලේ//සීල් බෝතලේ//
මේ මද්යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේමේ මධ්යපානෙ බීමෙ ජොලිය ගෑණු නොදන්නේ
ගෑණු නොදන්නේ //ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ //
අපට නොදෙන්නේ
පිරිමි අපට නොදෙන්නේඅපි සීල් බාගෙ අතට අරන් සූර් පෙන්නලා
මේ මෝඩ පිරිමි අල්ලෙ නටව සිත සැප ගන්නා //
සිත සැප ගන්නා
ගෑණුන්ට නොදී පිරිමින් ඇයි ෂෝක් කරන්නේ //
ඇයි ෂෝක් කරන්නේ
ඇයි ෂෝක් කරන්නේ
ෂෝක් කරන්නේ
ෂෝක් කරන්නේ
ඒ නිසයි අපිත් අපෙ නිදහස ගන්න හදන්නේසෝඩ නොදා
සෝඩ නොදා
1948 වර්ෂයේ නිෂ්පාදනය කෙරුණු කපටි ආරක්ෂකයා චිත්රපටයේ එන මේ ගීත කොටස ගායනා කරන්නේ “සුපිනා” ගේ චරිතය රඟ දක්වන ‘ජෙමිනි කාන්තා‘ විසිනුයි. කඩවුනු පොරොන්දුව (1947) චිත්රපටයේ “ජොසි බබා” චරිතය රඟපාමින් ශ්රී ලංකා සිනමාවේ ප්රථම විකට නිළිය බවට පත් වූ ඇගේ උපන් නම යොහාන් ජෙට්සි ෂෙරිෆ්ඩීන් ලෙස සඳහන් වෙනවා. ක්ෂේත්රයේ වසර 8 ක පමණ කාළයක් තුළ චිත්රපට 7 කට රංගන දායකත්වය ලබා දුන් ඇය, 1992 ජූනි 21 වැනිදා මෙලොව හැර යනවා.
“මට මතකයි” වැඩසටහනට සහභාගී වු ඇගේ සජීව සාකච්ඡාව මෙතැනින් නරඹන්න.
මූලාශ්ර:
https://peoplepill.com/
https://en.wikipedia.org/
https://www.youtube.com/