මොහොතකට වරදවා තේරුම් ගතිමි (නිසඳැස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මොහොතකට වරදවා තේරුම් ගතිමි
එලෙස වූයේ කෙලෙස පැන නගා ගත්තෙමි
මෙලෙස වන්නට ඇතැයි මම සිතා ගත්තෙමි
මගේ හද තුළම ගැඹුරට කිඳා බැස්සෙමි

දෙකම්මුල් පිළිස්සී පිළිස්සී යනු දැනිණි
උර කුහරයම හිස්ව බර වුණේ යැයි දැනිණි
ඇටකටුද විනිවිදා රිදුමක් ගලනු දැනිණි
මට ලොවම අමතකව ගිය ගිය බවක් දැනිණි

යළි නොසිතමී වුණේ කිමදැයි කියා
මගෙ සිතට දිවුරුවෙමි යළි යළි කියා
සැණින් එය අමතකව ගිලිහුණු නියා
යළිත් සිතුවිලි පෙළක පැටලී ගියා

සිදුවුයේ කිම සැණින් වැටහී ගියා
සැනසුම් සුසුම් මහද පාවී ගියා
එනමුත් ඇටකටු දවන රිදුමක් තියා
යන්නට තරම් එහැඟුමට හැකිවුවා

කෙදිනවත් නුදුටු මුව හෝ නොඇසු කට හඬක්
මනසක් පෙළා කරනු හැකිද මෙතරම් දෙයක්
කයම අවසඟව යන නොනිමි දිගු රිදවුමක්
විඳගෙනම නෙත් වසා සිතන්නෙමි මම හුඟක්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!