“ලංකාවත් දැන් පප්ප ගම වගේ!” SL Muslim Memes අලුත් සහජීවනේ පටන් ගන්න අමුතුම තැන

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“Raging Tiger” චිත්‍රපටයට විරුද්ධව මේ දවස් වල ලංකාවේ facebook පරිශීලකයන් ලොකු විරෝධතාවයක් දක්වනනේ.  එතනදී ඒ චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටුවට comment කරලා, report කරලා විරුද්ධත්වය පළ කරලා තිබුණා. දහස් ගණනක් comments අතර නිතරම  කියැවිලා තිබුණා  “ලංකාවත් දැන් පප්ප ගම වගේ” කියලා. කිව්ව වගේම මොහොමඩ් ලා ෆාතිමා ලා සෙව්වන්දිලා හැමෝම හරි හරියට එතනදී අදහස් දක්වලා තිබුණා. ඒ සහජීවනයේ ප්‍රතිඵලයක් විදිහට, මේ වෙනකොට ඒ පෝස්ටුව facebook එකෙන් ඉවත් වෙලා. ජාති ජාති තනියම නැගිටින්න උත්සහ කරන, ඇනකොටාගත්ත අතීතය වෙනස් කරන්න අපි තාමත් පරක්කු නැහැ කියන එක නම් හොඳටම පැහැදිලියි.

 

 

 

 

 

 

 

 

 

 

කොහෙන්ද මේ අලුත් සහජීවනේ පටන් ගත්තේ?

බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් වුණේ ලංකාවේ meme pages හරහායි. ඒ අතරින් හමුවුණු එක සුවිශේෂී meme page එකක් විදිහට “SL Muslim Memes” හැඳින්වූවට වරදක් නැහැ. බැලූ බැල්මට ජාතිවාදී නමක් වගේ පෙනුනත්, “SL Muslim Memes” පිටුවේ තිබෙන සංස්කෘතිය, සාමාන්‍යයෙන් සමාජයේ දකින්න ලැබෙන තත්වයට වඩා හාත්පසින් වෙනස්. Posts, ඒවාට ලැබිලා තියෙන සිය ගණනක්, සිංහල මුස්ලිම් දමිල ජාතීන් සියලු දෙනා පළ කරන අදහස්, comments අතර තිබෙන උපහාස, අපහාස, තර්ජන මේ සියල්ලටම admin පෙරලා ප්‍රතිචාර දක්වන්නෙ හරිම සැහැල්ලුවෙන්.
Not Registered Yet Website view

කවුද නානා කියන්නෙ? අපි හිතුවා නානා ගැන නානාගෙන්ම අහන්න. අපි කිව්වම හොඳට හිතල උත්තර දෙන්න කියලා, නානා කිව්වා “හිතන්න දෙයක් නෑ ඇත්ත කියන්නන්” කියලා. සෑහෙන කාර්‍යබහුල නිසා ඉඩ ලැබුණු වෙලාවට උත්තර දීලා, කොහොමහරි දවස් එකයි භාගෙකින් interview එක සම්පූර්ණ කරගත්තා! මේ නානා ගැන අපිට තිබ්බ ප්‍රශ්න වලට හරිම නිහතමානී විදිහට නානා දුන්න උත්තර..

1.නානා ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

නානා ගැන හුඟක් දේවල් කියන්න පුළුවන්, හැබැයි නානා කියන නම පාවිච්චි කරන්නේ SL Muslim Memes ඉන්න අය විතරයි. මගේ ඇත්ත නම රෆීක්, හැබැයි යහළුවෝ හුඟක් වෙලාවට අඳුරන්නේ මොටේ කිව්වොත් තමයි. ලංකාවේ ඒ නම කාටත් නැති නිසා මාත් ඒ නමින්ම පෙනී ඉන්නවා.

2.ඇයි මෙහෙම page එකක් පටන් ගන්න හිතුනෙ, පටන් ගද්දි තිබුණෙත් මේ නමම ද?

ඇත්තටම මම ෆේස්බුක් එකට අලුත් කෙනෙක් නෙමෙයි, මගේ මුල්ම පේජ් එක පටන් ගත්තේ 2010 අවුරුද්දේ. දැනට ලක්ෂයකට වඩා ලයික්ස් තියෙන පේජස් දෙකක් ඇතුලුව තවත් පේජස් හය හතක් කරගෙන යනවා. ඉතින් මුස්ලිම් කෙනෙකු හැටියට හිතුවා ලංකාවේ ඉන්න මුස්ලිම් අයට පේජ් එකක් හදන්න ඕනේ කියලා. මේක පටන් ගත්තේ 2017 අවුරුද්දේ. එතකොට කවුරුත් දන්නේ නැහැ වැඩිය පේජ් එක ගැන. අප්රේල් ප්රහාරයට කලින් පේජ් එකේ දැම්මේ ඉංග්රීසියෙන් පෝස්ට් විතරයි, හැබැයි ප්රහාරය එල්ලවුනු දවසේ හිතුවා සැබෑ ශ්රී ලාංකීය මුස්ලිම්වරු කියන්නේ කව්ද කියලා පෙන්නන්න ඕන කියලා, ඒකයි සිංහලෙන් පෝස්ට් දාන්න පටන් ගත්තේ. පේජ් එක පටන් ගත්තෙත් මේ නමින්ම තමයි, ඉදිරියටත් වෙනස් කරන්න අදහසක් නැහැ

3.මෙහෙම එකක් පටන් ගත්තොත් අවුලක් වෙයි කියල හිතුනෙ නැද්ද?

පටන්ගද්දි නම් කොහෙත්ම හිතුවේ නැහැ ප්රශ්ණයක් වෙයි කියලා. ෆන් එකට පටන් ගත්තේ

4.තර්ජන ඇවිල්ල නැද්ද?

තර්ජන? අම්මෝ.. දෙපැත්තෙන්ම ආවා. සමහර මුස්ලිම් අයගෙන් ආගමට අගෞරවයක් වෙනවා කියලා බැනුම් ඇහුවා සහ තාමත් අහනවා. මුස්ලිම් කෙනෙක් තර්ජනය කරා සෞදියේ රජතුමාට පැමිණිලි කරනවා කියලා. අනිත් පැත්තෙනුත් එහෙමයි,සමහර සිංහල අය කියනවා මම මේ රට අල්ලන්න ප්ලෑන් කරනවා කියලා. ‘නානා තමයි හඳුනාගත නොහැකි සතා’ ලු.

5.දේශපාලනේ අදාල ද?
ඉස්සර නම් දේශපාලනය ගැන පොඩි විශ්වාසයක් තිබුනා, බොරු කියන්න ඕන නැහැ ප්රධාන පක්ශ දෙකටම චන්දේ දුන්නා, හැබැයි පාස්කු ප්රහාරයෙන් පස්සේ දේශපාලනය තිත්ත මාතෘකාවක් උනා. දැන්නම් අප්පිරියයි
6.ආගම් ඇදහීම ගැන නානා ගෙ අදහස මොකක්ද?

ආගමක් ඇදහීම කියන්නේ මිනිස් මූලික අයිතිවාසිකමක්. ඒ ඇදහීම වෙනස්කිරීමට හෝ පිලිපැදීමට අයිති තියෙන්නේ ඒ පුද්ගලයාට විතරයි. ඉතින් ආගමක් බලෙන් ප්රචාරනය කරනවා කියන්නේ බොරු වැඩක් සහ කරන්න බැරි දෙයක්. අනික ආසියාතික රටවල හුඟක් වෙලාවට වෙන්නේ තමුන්ගේ මව්පියන්ගේ ආගම ළමුන් හරියි කියලා හිතලා පිලිපදින එක, අනිත් ආගම් ගැන හොයනවා අඩුයි. ආගම කියන්නේ හරියට දැනගෙන පිලිපදින්න අවශ්ය දෙයක් ඒත් තමුන්ගේ ආගම විතරක් හරියි කියලා හිතන අයගෙයි ළිඳේ ඉන්න මැඩියගෙයි ලොකු වෙනසක් නැහැ. මම හුඟක් දුරට දැකපු අනිත් දේ තමයි, තවත් ආගමක වැරදි අඩුපාඩු හොයන්නේ තමුන්ගේ අගම ගැන හරි දැනුමක් නැති අය. හැමෝම තමුන්ගේ ආගම හරියට පිලිපදිනවානම් අනෙකාට කිසි කරදරයක් වෙන්නේ නැහැ කියන එකයි මගේ අදහස

7.පාස්කු ඉරුදින ප්රහාරය ගැන මොනවහරි කියන්න තියෙනවද? අදහස මොකක්ද?
පාස්කු ප්රහාරය කියන්නේ මුස්ලිම් අපි ලැජ්ජාවිය යුතු මාතෘකාවක්. ඉස්ලාම් ආගම වැරදියට අර්ථකථනය කරගෙන අගම විකෘති කරගත්තු ආගම්වාදීන් පිරිසක් කරපු ප්රහාරයක් තමයි පාස්කු ප්රහාරය. ශ්රී ලාංකීය ජීවිත හුඟක් හානි උනාට සමාජයක් හැටියට වැඩිපුරම පීඩා වින්දේ මුස්ලිම් ජනතාව. 2010 ඉඳන් ත්රස්තවාදී පිළිබඳව තොරතුරු රජයට සහ ආරක්ෂක අංශයට ලබාදීලා, ප්රහාරයට කලින් විටින් විට සහරාන්ගේ කණ්ඩායමෙන් පිහි ඇනුම් වෙඩි ප්රහාරවලට ලක්වෙලා, ප්රහාරයෙන් පස්සෙත් සහරාන්ට විරුද්ධව හඬ අවදි කරලා අන්තිමට ‘ත්රස්තවාදියා’ කියන ලේබල් එක වැදුනේ මුලු මුස්ලිම් සමාජයටම. සතියකට විතර පස්සේ ඇතිවෙච්ච කෝලාහල වලිනුත් බැට කෑවේ ගෙවල්වල හිටපු අහිංසක මිනිස්සු. එකට කාලා බීලා එකට හිටපු යහළුවෙක්ගෙන් ත්රස්තවාදියා කියලා අහගන්නවා කියන්නේ? හිතලා බලන්න. ප්රහාරයෙන් පස්සේ මං පෞද්ගලිකවම දන්න අයගෙන් සමාව ඉල්ලුවා, අපේ සමාජයෙන් මේ වගේ කෙනෙක් බිහිවීම ගැන. හැබැයි සමාජය අපිව බලන කෝණය වෙනස් කරන්න අමාරු උනා. මේ පේජ් එක නිසා ඒක ටිකක් වෙනස් උනා. බොහෝදුරට සිංහල ගම්වල ජීවත් වෙන අය මුස්ලිම් කෙනෙක් ආශ්රය කරලම නැහැ, මුස්ලිම් ගමක ඉන්න මුස්ලිම් කෙනාත් එහෙමයි. මේ පරතරය තමයි මේ ප්රහාරයට මුල් උනේ. සමහරු තාම අපිට ත්රස්තවාදියෝ කියනවා, හැබැයි මගේ ජීවිතේ මම කරගෙන ආපු: වෙසක් දවසට වෙසක් කූඩුවක් හදන එක මම නවත්තන්නේ නැහැ, වෙසක් පොහොයට දන්සැල් සංවිධානය කරන එක නවත්තන්නේ නැහැ,සිංහල අවුරුදු උත්සව සංවිධානය කරන එක නවත්තන්නේ නැහැ, නත්තලට නත්තල් ගහක් සරසන එක නවත්තන්නේ නැහැ, ලංකාවේ ගහන ක්රිකට් මැච් එකක් තිබුනොත් ග්රවුන්ඩ් එකට ගිහින් බලන එක නවත්තන්නේ නැහැ, කොටින්ම ලංකාව වෙනුවෙන් ඉදිරිපත්වෙන්න පුළුවන් ඕනෑම අවස්ථාවක ශ්රී ලාංකීය මුස්ලිම් කෙනෙකු හැටියට රට වෙනුවෙන් ඉදිරිපත් වෙන එක නවත්තන්නේ නැහැ. හැබැයි තාමත් මේ ප්රහාරයට මුස්ලිම් හැමෝම සම්බන්ධයි කියලා හිතන අයට කියන්න තියෙන්නේ “සමාවෙන්න” කියලා තමයි.

 

8.සාමාන්යයෙන් නානා ගෙන් වැඩිපුරම අහන ප්රශ්නෙ මොකක්ද?

සීරියස් ප්රශ්ණ හැටියට ඉන්බොක්ස් එන්නේ “අඩෝ උඹ ඇත්තටම මුස්ලිම්ද?” “නානා ඔයාට තරහ යන්නෙම නැද්ද?” වගේ ප්රශ්ණ තමයි. හැබැයි කමෙන්ට් සෙක්ශන් එකේ ජනප්රියම ප්රශ්ණය “මුස්ලිම් කෙල්ලෙක් සෙට් කරලා දෙනවද?” කියන ප්රශ්ණේ

9.Page එක ගැන ප්රතිචාර කොහොමද?

පාස්කු ප්රහාරය කාලේ නම් හොඳ ප්රතිචාර ලැබුනේ නැහැ, හැබැයි දැන් නම් 99%ක්ම යහපත් ප්රතිචාර

10.මෙතෙක් ලැබිලා තියෙන හොඳම ප්රතිචාරය මොකක්ද?

එකක් කියලා නැහැ, සමහරු මේ පේජ් එක නිසා ඉස්ලාම් ආගම ගැන අධ්යනය කරනවා ඒ වගේම මුස්ලිම් අය ගැන තිබුනු වැරදි ආකල්ප නැති උනා වගේ ප්රතිචාර නම් හොඳ ප්රතිචාර හැටියට ගන්න පුළුවන්.

11.Memes වලට සමහර අය දාන comments වලට හිත රිදෙන්නෙ නැද්ද?

ඕනම කමෙන්ට් එකක් සතුටින් කියවනවා. හිත රිද්දගන්න අවශ්ය නැහැ නේ? ඒ අයගේ මානසිකත්වය අපිට වෙනස් කරන්න බැහැ, හැබැයි අපි එතැනදි ප්රතිචාර දක්වන විදිහෙන් ඒ අයව වෙනස් කරන්න පුළුවන්. ඒක පේජ් එකේ කමෙන්ට් කියවන ඕනම කෙනෙකුට පේනවා.

12.Page එක සම්බන්ධයෙන් වැඩිපුරම සතුටු උණ දවසක් හෝ විශේෂ සිද්ධියක් තියෙනවද?

ලයික්ස් 50000 ලැබුනු වෙලාවේ සතුටු උනා, විශේෂ සිද්ධියක් කියලා ලොකුවට වෙලා නැහැ.

13.තව කොච්චර කල් මේක කරගෙන යන්න හිතාගෙන ඉන්නවද?

දිගටම කරගෙන යනවා, නවත්තන්න අදහසක් නැහැ

14.ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන්, කියන්න තියෙන්නෙ මොනවද?
ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. එයාලවත් ශ්රී ලාංකිකයෝ හැටියට පිලිගන්න. හැමෝම වැරදිකාරයෝ නෙමෙයි, අපි එකතු උනොත් අපිට පොදු සතුරට එරෙහිවෙන්න පුළුවන්
15.ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් සහෝදර සහෝදරියන් “ට” පොදුවේ කියන්න තියෙන්නෙ මොනවද?
ලංකාවේ ජීවත්වෙන මුස්ලිම් සහෝදර සහෝදරියන්ට කියන්න තියෙන්නේ සිංහල සමාජයත් එක්ක තියෙන දුරස්බව අඩු කරගන්න. රටේ නීතියට අවනත වෙන්න. සමාජයේ අනිත් අයත් එක්ක සමගිව ජීවත් වෙන්න උත්සහ කරන්න. එක දෙයක් මතක තියාගන්න; මුස්ලිම් අපි එක්කෙනෙක් කරන සුළු දෙයක් ඇති මුළු මුස්ලිම් සමාජය දිහාම සමාජය බලන ආකාරය වෙනස් කරන්න

16.මේ page එක හරහා කවදා හරි ලඟා වෙන්න බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද?

එක අරමුණයි; කවදාහරි මැරෙන්න කලින් මේ ලස්සන රටේ මිනිස්සු එකිනෙකාට ආදරය කරගෙන සමගියෙන් ජාති ආගම්බේද අමතකකරලා සතුටින් ජීවත් වෙනවා දකින එකයි ඒ සමගියට දශමයකින් හරි මේ පේජ් එකෙන් රුකුලක් වෙන එක තමයි අරමුණ

Not Registered Yet Website view

SL Muslim Memes FB page

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!