ලොව ත්‍රාසජනකම පිහිනුම් තටාක අත්දැකීම !!

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තුර්කි ජාතික ගෘහනිර්මාණ ශිල්පියෙකු විසින් නෝර්වේ රාජ්යයේ අඩි 1,982 ක ප්රපාතයක් මත ගුරුත්වාකර්ශනයට විරුද්ධ ආකාරයෙන් හෝටලයක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබෙනවා.
නෝර්වේ රාජ්යයේ දකුණට වන්නට පිහිටි, දැනටමත් ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගෙන ඇති ප්රෙයිකෙස්ටෝලන් නම් ප්රපාතය ඇතුළට වන්නට මෙම අපූරු හෝටලය ඉදිකිරීමට නියමිතයි. හයිරි අටාක් ස්ටුඩියෝ නම් ගෘහනිර්මාණ සමාගම විසින් මෙහි සැළසුම්කරකරණය සිදු කරනවා.  තවමත් සැළස්ම අනුමත වී නොමැති මෙම යෝජිත හෝටලය ඉදිකළ පසුව එහි සිට ඉතාමත් පහසුවෙන් යාබද  කළපු නිම්නය නැරඹීමට හැකියාවක් ලැබෙනු ඇති.
ප්රපාතය තුළට ඔබ්බවා ඇති ආකාරයෙන් ඉදිකරන මෙම හෝටලය අමුත්තන් සඳහා වෙන්වූ මහල් තුනකින් සමන්විත වන අතර, එම මහල් තුනට ඉහළින් ඇත්තේ ප්රපාතයයි. මේ සෑම තට්ටුවක් සඳහාම ප්රපාතයෙන් එළියට නෙරා එන ආකාරයෙන් සඳලුතලයන් නිර්මාණය කරන්නටත් සැළසුම්කරුවන් තීරණය කර තිබෙනවා.
මෙම හෝටලයේ ඇති විශේෂත්වය වන්නේ එහි තිබෙන වීදුරු පතුළක් සහිත පිහිණුම් තටාකයයි. එය ප්රපාතයෙන් එළියට බෑවුම දෙසට නෙරා එන ලෙස නිර්මාණය කරන්නට ඔවුන් තීරණය කර තිබෙනවා. පිහිණුම් තටාකයේ පිහිනන පිහිණුම්කරුවන්ට තමන්ට පහළින් ඇති ප්රපාතය ඉතාමත් දර්ශනීය ආකාරයෙන් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා.
සැලසුම් කළ ආකාරයටම නිර්මාණය කර අවසන් කරන්නට හැකි වුණහොත් ලොව ත්‍රාසජනකම පිහිනුම් තටාක අත්දැකීම මෙය බවට පත් වනවාට නම් කිසිදු සැකයක් නැහැ.
(ඬේලිමේල් ඇසුරෙනි)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!