වයින් එකතු කිරීම ලෝකයේ වඩාත්ම මිල අධික විනෝදාංශයක් බව ඔබ දැන සිටියාද? ඇත්තෙන්ම වයින් එකතු කරන්නන් මේ විදිහට වඩ වඩාත් පැරණි වයින් බෝතල් එක්හාසු කරන්නේ තමන්ගේ නිවසේ තිබෙන උෂ්ණත්වය පාළනය කළ වයින් ගබඩාවේ රාක්ක වල උජාරුවෙන් අතුරන්නට මිස පානය කරන්නට නම් නොවෙයි.
වයින් වල මිල වැඩි වෙන්නේ ඒවා නිපදවා තිබෙන වර්ෂයත් එක්කයි. කාලයත් සමඟ රසය වඩාත් තීව්‍ර වන බව වයින් ලෝලීන් විශ්වාස කරනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ දැනට සොයාගෙන තිබෙන, ලොව පැරණිතම වයින් බෝතලය හා සම්බන්ධ ඉතිහාස කතාව සහ එය වටා අපූරුතම කරුණු කිහිපයක් ගැනයි.
හමුවීම
දැනට හඳුනාගෙන තිබෙන පැරණිතම වයින් බෝතලය ලෙස සැලකෙන්නේ, ජර්මනියේ ස්පයර් නගරයෙන් හමු වූ අවුරුදු 1,700 කට වඩා පැරණි ස්පයර් (Speyer) වයින් බෝතලයයි. 1867 වර්ෂයේදී, ප්‍රදේශයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් රෝමාණු ජාතික යුවලකගේ සොහොන් කොතක, කැනීම් කටයුත්තක ආරම්භ කළා. එහිදී කාන්තාවකගේ සිරුර පසෙක තිබී වයින් හෝ වෙනත් ද්‍රාවණයක් අඩංගු වෙන්නට ඇතැයි සැක කෙරෙන බහාළුම් 6 කුත්, පුරුෂයාගේ සිරුරට පසෙක තිබී එවැනිම බහාලුම් 10 කුත් හමු වුණා.
ඉතිහාසයේදී, ග්‍රීකයින්ගේ වයින් පානය කිරීමෙන් ප්‍රීතියට පත් වුණු රෝමානු පාළකයින් රාජ්‍යය තුළ වයින් නිපදවීම දිරිමත් කිරීමත් සමඟ රෝමානුවන්ගේ සංස්කෘතියට වයින් රසය කාන්දු වෙන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස මරණයෙන් පසු මීළඟ ආත්මයටත් වයින් බෝතලයක් දෙකක් රැගෙන යන්නට අවශ්‍ය බව රෝමානුවන් කල්පනා කලා. භූමදානයේදී සිරුරට පසෙකින් වයින් බෝතල් කිහිපයක් තබන්නට තීරණය වුණේ ඒ අනුවයි.
පසුකාළීනව කෙරුණු කැනීම් කටයුතු වලදී එවැනි බහාලුම් සොහොන් කොත් තුළින් හමු වීම සුලභ දෙයක් උණත් ,වසර සිය ගණනක් පරැණි සොහොන් කොතක් තුළින් ඒ ආකාරයට හමු වුණු එක් බෝතලයක් තුළ නිරුපද්‍රිතව වයින් අන්තර්ගතව තිබුණේ ලොවම විශ්මයට පත් කරමිනුයි!
සංරක්ෂණය වී තිබුණු ආකාරය
ස්පියර් වයින් බෝතලය ක්‍රි.ව. 325 දී නිෂ්පාදනය කරන ලද්දක් බව පර්යේෂණ වලදී නාවරණය වුණා. විද්‍යාඥයන්ගේ අදහස වුණේ, බෝතලය වසන ඇබය වටා ආලේප කරන ලද ඔලිව් තෙල් අන්තර්ගත ඉටි විශේෂය, මේ තරම් හොඳින් ඇතුළත අඩංගු වයින් සංරක්ෂණයවීමට හේතු වෙන්නට ඇති බවයි. ඔවුන්ට අනුව, අදාළ විශේෂ ඉටි වර්ගය රෙසිනය වටා ඝණ වී, බෝතලය තුළට වාතය කාන්දු වීම වළක්වා තිබෙනවා.
පැරණිතම වයින් බෝතලයේ අඩංගු වුණු වයින් වල රස කොහොමද?
පළමුවන ලෝක යුද්ධය පැවැති සමයේදී , බෝතලයේ අන්තර්ගතය ගැන පර්යේෂණ කරන්නට විද්‍යාඥයන් උත්සුක උණා. ලොව ඉපැරණිතම වයින් බෝතලයේ රස ගැන එය සොයා ගත් දින පටන්ම බොහෝ දෙනෙක් කුතුහළයෙන් පසු වූවත් පර්යේෂණයේ නියැලුණු විද්‍යාඥයන්, දිගින් දිගටම වයින් බෝතලය විවෘත කිරීම ප්‍රතිෂේප කළා. පානය කිරීමට හැකි මට්ටමක තිබුණත්, ද්‍රාවණගත ethanol වාෂ්ප වී ඇති නිසා තව දුරටත් එහි මධ්‍යසාර රසයක් තිබෙන්නට ඉඩක් නැති බවත් ඔවුන් ප්‍රකාශ කළා. බාහිරින් පෙනෙන කැටි ගැසුනු වළාවක් මෙන් ඇත්තේ පුරාතනයන් වයින් වලට එකතු කළ ඖෂධ බව විද්‍යාඥයන් තව දුරටත් පැහැදිලි කළා.
වයින් එපා!?
කළින් සඳහන් කළා වගේම බෝතලයේ අඩංගු වයින් වල වර්ථමාන තත්වය ත්, පැරණි වයින් ප්‍රවාදයේ සඳහන් අකාරයට කාළයත් සමඟ වඩ වඩා රසවත් වෙනවා ද යන්න ගැන ගන්නත් බොහෝ දෙනෙකුට උවමණා වෙලා තිබුණත් මේ ඉපැරැණි වයින් පානය කර බලන්නට නම් කිසිවෙක් ඉදිරිපත් උණේ නැහැ. මූලික පරීක්ෂණයන් සිදු කළ පර්යේෂකයන්, ඒ වයින් පානය කළ හැකි බව පැවසුවත්, ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස වුණේ, වසර දහස් ගණනක් පොළෝ කුහරයක සැඟවී තිබුණු වයින් බෝතලයක් පානය කිරීම වස පානයකට දෙවැනි නොවනු ඇති බවයි. හැරත් බෝතලය විවෘත කරන්නට තැත් කිරීම මත්, බෝතලය බිඳී යාමට හේතු වෙන්නට ඉඩ තිබන බව ස්පියර් වයින් බෝතලය දැනට තැන්පත් කර තිබෙන කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරුන් විශ්වාස කරනවා.
මූලාශ්‍ර: