ලොව මිල අධිකතම විස්කෝතුව

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ ලොව මිල අධිකතම විස්කෝතුවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් 23000ක් පමණ වෙතැයි කිවහොත් ඔබ පුදුම වනු ඇති. එසේම මෙය වසර 108ක් පමණ පැරණි ක්රැකර් වර්ගයේ සාමාන්ය විස්කෝතුවක් බව කිවහොත් ඔබ තවත් පුදුම වනු ඇති. මෙය 1912 දී පමණ එංගලන්තයේ භාවිතා කළ විස්කෝතු වර්ගයකි. වසර 108 ක් පමණ පැරණි වුවද එය දැනටත් ග්රීසියේ ධානපතියෙකු සන්තකයේ ඉතා සුරක්ෂිතව ඇත.
මෙම විස්කෝතුව ලෝක ප්රකට ඛේදවාචකය වන ටයිටැනික් නැව හා සම්බන්ධ ඉතා වටිනා කෞතුක වස්තුවක් ලෙස හැඳින්වෙයි. මෙම Pilot වර්ගයේ ක්රැකර් විස්කෝතුව ටයිටැනික් නෞකාවේ කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක ජීවිතාරක්ෂක කබායක තිබී සොයා ගන්නා ලදී. එය නිෂ්පාදනය කරන ලද්දේ ලන්ඩනයේ ස්පිලර්ස් ඇන්ඩ් බේකර්ස් නම් එකල බල්ලන් සඳහා වන බිස්කට් නිපදවූ බේකරි සමාගමකි. යුධ සමයේදී මිනිසුන් වෙනුවෙන් ඔවුහු ඉතා සැහැල්ලු ලාභදායී බිස්කට් වර්ග සෑදීමද සිදුකරන ලදී.
ජේම්ස් ෆෙන්වික් සහ මාබල් ෆෙන්වික් නව යුවල ලංඩනයේ සිට වොෂින්ටන් බලා සිය මධුසමය ගතකිරීම සඳහා පිටත්වූයේ RMS Carpathia නෞකාවෙනි. වොෂින්ටන් බලා යන අතරතුර කාපේතියා නෞකාවට ඊට පෙරදින, එනම් 1912 අප්රේල් 15 දින අනතුරට පත්වූ ටයිටැනික් නෞකාවේ සිට දිවි ගලවා ගත් මගීන් බේරාගැනීම සඳහා අවස්ථාව ලැබුණි. එහි සිටි ෆෙන්වික් යුවල ටයිටැනික් නෞකාවෙන් බේරී පැමිණි අයෙකුගේ ජීවිතාරක්ෂක කබායේ තිබී මෙම විස්කෝතුව සොයාගත් අතර පසුව එය ඉතා සුරක්ෂිත ලෙස කොඩැක් ඡායාරූප ලියුම් කවරයක බහා තබා ගන්නා ලදී. එහි ඉදිරිපස Pilot Biscuit from Titanic Lifeboat April 1912 ලෙස ලියා තැබීමටද ඔහු අමතක නොකළේය.
මෙය 2015 වසරේ ලංඩනයේ හෙන්ඩ්රි ඕල්ඩ්රිජ් ඇන්ඩ් සන්ස් වෙන්දේසි සමාගම මෙම විස්කෝතුව වෙන්දේසි කළ අතර එය නම ප්රසිද්ධ නොකළ ග්රීක ධනකුවේරයකු විසින් ඩොලර් 23000ක් ගෙවා මිලට ගෙන තිබේ.
Kasun Nadeera
Not Registered Yet Website view

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!