දැනට අවුරුදු 125 පමණ පෙර මුළුමනින් ම විනාශව ගිය ඓතිහාසික පැරැණි බෝගම්බර වැව ගැන කෙටි සටහනක් මෙහි එයි. පැරැණි බෝගම්බර වැව ජනප්‍රවාද අනුව ඇරඹුයේ පළමු විමලධර්මසූරිය රජුය. (ක්‍රි. ව. 1592 – 1604) ඒ බව පැරැණි මූලාශ්‍රවල නැත.

ඓතිහාසිකව බැලූ විට මේ වැව කළේ දෙවැනි රාජසිංහ (ක්‍රි. ව. 1636 – 1687) බව පෙනෙයි. සෙංකඩගල මුල්කල ලියවුණු මන්දාරම්පුර පුවත ඉතිහාස කාව්‍යය දෙවැනි රාජසිංහ රජු වැව් 32 ක් කළ බව කියයි. පැරැණි බෝගම්බර වැව මේ රජු කළ වැව් තිස් දෙකෙන් එකක් විය යුතුයි. අද මහනුවර බස් නැවතුම්පළ, ඔරලෝසු කණුව, පොදු වෙළෙඳපොළ, බෝගම්බර ක්‍රීඩාපිටිය, මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ප්‍රධාන තැපැල් කාර්යාලය, දුම්රිය ස්‌ථානය, මහනුවර පොලිස් ගොඩනැඟිල්ල, ගණදෙවි කෝවිල පුරා පැතිර ගිය විශාල බිමක එදා පැරැණි බෝගම්බර වැව විය.දුනුමඬලා ඔය හරස් කර බැඳ තිබූ මේ වැවට දුනුමඬලා ඔයේ ජලය දුනුමඬලා කන්ද, හන්තාන කන්ද, බහිරව කන්ද, උඩවත්ත කැලේ හා අම්පිටිය දෙසින් ගලා ආ ජලය ද ලැබුණි. (දැනට ඇති බෝගම්බර වැව 1810 – 1812 අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කරවූවකි. (දැනට මහනුවර නගරයේ ජල බැස්‌ම මේ පැරැණි වැව වූ දෙසටයි. වර්ෂාව වේලාවක මහනුවර දුම්රියපළේ පැය භාගයක් සිටියොත් අඩි දෙකකට වඩා උසට වතුර එකතු වෙයි. මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුව යාව නව ගොඩනැඟිලි සැදීමේදී අඩි පහක් පමණ යට සෑරීමේදී පුවක් ගසක් තරම වතුර ගොබ නොනවත්වා මතු විය. ගණදෙවි කෝවිල පිටුපස ද මෙවැනි විශාල අල්පත් මතුවෙයි. මේ සියල්ල පැරැණි වැවේ උල්පත්ය.

එදා පැරැණි වැවේ එක් මායිමක් වූයේ කැප්පෙටිපොල විශ්‍රාම සාdලව අසලය. කැප්පෙටිපොළ හිස ගසා දැමූවේ එහිය. කැප්පෙටිපොල නිලමේ හිස ගසා දැමූ තැන අද කැප්පෙටිපොල බෝධිය හා කැප්පෙටිපොල විශ්‍රාම ශාලාව ඇත. කැප්පෙටිපොළ පැරැණි බෝධිය අද ඇත්තේ ඉන් මතු වූ ශාඛාවකි. දැන් ගණදෙවි කෝවිල (සෙල්ව විනායගර් කෝවිල) පිටුපස පැරැණි වැවේ කෙළවර තවත් ස්‌වභාවික පැරැණි නාන තොටුපල හා පොකුණක් විය. අද ගණදෙවි කෝවිලේ පුද ලබන ගණදෙවි රුව ඒ පොකුණේ යට වී තිබුණු එකකි. ගණදෙවි කෝවිල ගාව වෙම්බ්ලි සිනමා හල අසළ පැරැනි වැව පාර (ඕල්ඩ් ලේක් රෝඩ්) යන නාම පුවරුව ඇත. ඒ අනුව පැරැණි වැවේ එක් කෙළවරක් මේ විය. පැරැණි වැව් කෙළවර අල්ලා තිබූ ඔප දැමූ ගල් ලෑලි පැරැණි වැව පාරේÊනිවසක පියගැට ලෙස අල්ලා තිබෙනු අවුරුදු 15 පමණ පෙර දුටුවා මට මතකය.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්