🌼 #වෘකායන_වන්දනා 🌼
දෙලොවක දනව්වක් සරා මා ඔබ වෙනුවෙන් ලද වන්දනා…
🌼
හීන යායක නිමක් නැති මොහොතක්. ගත වෙන කාලයක් නොදැනෙන තරම්. වලා අදුර අරක් ගත් අහස යට හරිත දනව්ව ගැලවුමක් නොව සිර මැදිරියක් විතරයි. උදා ආලොකයක් නොහදුනන හරිත යායම අදුරේ ගිලි ගියේ තව එක් දවසක අවසානක ඇරබුමක් තියලා. තෙරක් නොපෙනන මීදුම් ගලා යන හරිත වර්න වනාන්තරය, අහසේ සැගවෙන කදුකර යාය, හිරු නොදුටු අදුරු අහස. මේ ලෝකයෙන් සැග වුන තවත් ලෝකයක්ද. කවදා දෙනෙත් මානයේ අතරමන් වූ මේ දනව්ව කුමක්ද.
‘ වෘකායනා දනව්ව… ‘
යනුදි අදුරු අහසට අත දිගු කලේ ඇස් අගින් ගලන කදුලු බිදුවට ගලා යන්නට ඉඩ දිලා. සීතල තන නිල්ලෙ වැතිරුන ගතට සුවයක් දැනුනද හඩා වැටෙන හදවතට එක සැනසුම් සුවයක් ලැබුනේ නැ. මේ සුසුම හඩ වාතලයට හමා ගියේ කී වෙනි වතාවදග යන්න යනුදිට මතක නැ. ඒත් මතක ඇති දවසේ ඉදන් අදට දින දහස් ගානක්. ඒත් ඒ වලාවන් හමා යන අහස යට මේ දනව්වට නෙවෙයි. අද එක් අමරනීය දවසක්.
වෘකායනාවේ සිරගත වුන හුදකලා කදුලු හෝරාවක්. ඒත් එකම එක පිට වන්නට දොරටුවක් මිට අහිමියි. එයයි මේ වෘකායන දනව්වේ වන්දනාව.
යනුදි උත්තමාවිය…
සිහින් කටහඩ දිහාට අනුදි ඇස් වලින් විතරක් බැලුවේ කදුලු අතරින් සිනාවක් නැතිව. යනුදිගේ කලු පාට ඇස් කවදාවත් ආදරනීය ලෙස බැලුවේ නැ. යනුදිගේ වේදනාබර කොපයෙන් පිරුනු ඇස් ඉදිරියේ අහින්සක තරුනිය හිස නවා දෝතින්ම පොලවට තබා ගත්තේ බියෙන්. ඒත් යනුදි බලාන් හිටියේ ඒ තරුනියගේ දිගු වරලස අතරින් එස උන ඒ අපූරු වෘක දෙසවන් වෙත. පුලුන් වගේ ලස්සන ඒ දෙසවන් පාත් වී තිබුනේ පුන්චි බලු පැටවෙකු බියෙන් ගැහෙන පරිද්දෙන්. ඒහා සමානව ඒ තරුනිය පිටුපසින් එලෙසම වෘක දෙසවන් සහිත තරුනයින් දෙදෙනාද බිම දන සහ හිස තබාගෙන හිටියේ බයෙන්.
නමුනේ…
යනුදි හිමින් තන නිල්ල අතරින් ඉදගෙන මිමිනුවේ තරුනිය යන්තම් හිස ඔසවා බලද්දි. අදුරු වන වනාන්තරයේ ඒ තරුකැට ආලොකමත් වෙන වෙනත් ලොවකට සමාන නොව වෙන යාමයකට සමවන් වෘකායනාවේ ඒ රමනීය ආලොකය අතරින් දිලෙන යනුදිගෙ දිය ඇල්ලක් වන් කාල වර්න වරලස, කාල වර්න බෝල ඇස්, රෝස තොල් සහ කම්මුල්, ඒ සුන්දරත්වය සම නොවෙන තරම්.
යනුදි උත්තමාවිය… රෑ උනානේ… අපි යමු නේද… එතුමා කොයි වෙලේ හරි අවදි වෙන්න පුලුවන්…
නමුනේ… මට බල කරන්න එපා… එයා අවදි උනත් නැතත් මට අදාල නැ…
අනේ උත්තමාවිය… දැන් මීදුම් එන වෙලාව… මේ සීතල වෙලාවට කැලේ ඉන්න එක හොද නැනේ… අනික අපි හතර දෙනා විතරයි… යයුදි මෙනවිය, ආදිකා මෙනවිය බලාන් ඇති… අනේ උත්තමාවිය…
නමුනේගෙ වදන් අඩන්න ඔන්න මෙන්න වගේ. ඒත් මේ දේවල් යනුදිට දැන් පුරුදුයි. යනුදි එදා ඉදන් අද වනතුරු වෙනසක් නැ. ඒ ජිවිතයම වෙනස් උන දවසේ ඉදන්.
සීතල සුලගේ රග දෙන දිගු කබාය මිරිකා ගත් යනුදි ඇස් මානයේ හරිත කදුපාමුල රූස්ස ගස් අතරේ නිහඩවම නැගි සිටින ඒ හරිත වර්න මන්දිර භූමිය දිහා බලලා සුසුමක් පිට කලා. මේ මන්දිරය දැන් එකම නිවහනද. යනුදිගේ ප්රශ්නය එයයි.
මුලු යායම සිහින් සුලගේ දෝන්කාර දෙන ඒ උඩු බිරුම සඳ නැති අහසට අරුමයක් නෙමෙයි. යනුදි ඒ ගැන අවදානයක් නැතුව පාවහන් රහිත දෙපා ගල් පඩි මත තබා මන්දිරයේ දොරටුවෙන් ඇතුලු උනේ නමුනේ සහ අනිත් දෙන්නාත් බිම බලාගෙන එද්දි.
ඒත් මේ හුදකලාවේ තනි උන මන්දිරයේ පහන් නොව් එකම එක පහන යනුදි අසලට දුවගෙන ආවේ එකම එක සැනසුම් සිනාවෙන්.
අක්කි… අක්කි…
යයු… ඇයි මේ…
යනුදි ආදරෙන් පිරි මැද්දෙ දස වස් වියැති නැගනිය සුරතල් යයුදිගෙ කොපුල් අල්ලාගෙන.
අහන්නකො… බෙලාත් මාව දඩයමේ එක්කන් ගියා… මම බෙලාත්ට වඩා වේගවත්ලු… ඒක නියමයි නේද…
යයුදි සුරතල් සිනාවෙන් කිව්වෙ යනුදිගෙ මුහුනේ කම්මුල් ලස්සනට වල ගැහිලා ඒ හිනාව එක්ක. ඒත් ඒ කෙල්ලගෙ දුක හන්ගාගෙන. කෙල්ල ඔලුව උස්සලා බැලුවේ ඒ වේදනාවෙන්ම බලාන් ඉන්න යනුදිගෙ වැඩිමහල් සොයුරු යවිද් දිහා. යවිද් යනුදි දිහා නොබලා බිම බලා ගත්තා. යවිද්ගෙ දුක්බර බැල්ම එදා වගෙම අදත් නොවෙනස් උනා. ඒත් යවිද් සැනසුම් හමුවේ ඉවසුවේ යනුදියි යයුදියි නිසායි.
අයියා… ඔයා උතුරු මාලිගයේ… කෝයෙන් හොදින් ඉන්නවාද…
යනු… මට ඔයාව බලන්නවත් එන්න බැරිද…
පුලුවන් ඉතින්… ඒත් කොයෙන්ගෙ තත්වය එක්ක… මේ කාලේ ඔයා එයා එක්කම ඉන්න ඕනනේ…
හ්ම්ම්… කමක් නැ… මට නන්ගිලා දෙන්නාව බලන්න හිතුනා…
යවිද් කිව්වෙ යනුදිගෙ හිස අතගාන ගමන්. යයුදි හයියෙන් හිනා වෙලා යවිද්ගෙ අතේ එල්ලුනේ සතුටින්. මේ සොයුරු සෙනෙහස දිහා ආරක්ෂකයින් සේවිකාවන් බලාන් හිටියේ දුක්බර සතුටකින්.
හරිත මන්දිරයේ සුන්දර කදුයාය පේන මානයේ කැටයම් සහිත මේසය වටා ඉද ගත් යවිද් යයුදිව උකුලට ගත්තේ පුන්චි නැගනියගේ සුරතල් සිනා හිත පුරවද්දි. රජවන් සලුපිලියෙ සැරසුන වෘකසන් සේවක සේවිකාවන් රසකැවිලි සහ නොයෙන් ආහාර වලින් පැමිනියේ ඒ අතරේ. ඔව්න් එක්කම සුන්දර හකුයේ ලාලිත්ය හිනාවෙන් රන් පැලදු දෙසවන් ගසමින් ආවේ යවිද් ගැන අවදානෙන්.
අලන්කාර රාජදානියක රජයන කුමරියක් වන් දිගු ලෝගු සලුපිලි සැරසුන හකුයේගෙ සුන්දරත්වය සම නොව්නත් යවිද් අදටත් ඒ රුවට වසග නොවිය. යනුදි කේන්තියෙන් අහක බලා ගත්තේ මේ වෙලාවටවත් නිදහසක් නැති නිසා.
යනුදි උත්තමාවිය… යවිද් මහත්මයා ඇවිත් වගේ…
ඔව්… එයාට එන්න අවසර අවශ්ය නැනේ…
අනේ… එහෙම නෙමෙයි… යවිද් මහත්මයා දකින්න ලැබුන එක කොච්චර දෙයක්ද… යයුදි මෙනවියටත් සතුටුයි… මොනවා කරන්නද… කෝයෙන් අවස්තාවක් නොදෙන තරම්…
හකුයේගෙ සමච්චල් කතාව වටහා ගන්න යනුදිට අපහසු නැ. තමන් සහ තම සොයුරන්ගෙ ආගමනය හෙලා දකින හකුයේගෙ ක්රියාවන් අද ඊයෙක නොවෙයි. ඒත් යනුදි ඉවසනවා අදටත්. යනුදි අත මිටි මොලවාගෙන එකවරම බැලුවේ හකුයේ යවිද් ලගින් ඉද ගනිද්දි.
හකුයෙ… තමුන්ට වැඩක් නැතිවද මෙතනට ආවේ… මගේ අයියා එක්ක ගෙවන වෙලාවට බාදාවක් වෙන එකට නම් මන් කැමතිම නැ… මේ රෑ යාමයේ මාව කේන්ති කරන්න එපා…
යනුදි සන්සුන් හඩින් කිව්වෙ හකුයෙ නපුරු හිනාවෙන්ම බලාන් ඉද්දි. ඒත් යනුදිගෙ අනට යටත් වන අයෙක් නෙමෙයි හකුයෙ.
එහෙම කොහොමද යනුදි උත්තමාවිය… යවිද් මහත්මයා බොහො කාලෙකින් උතුරු මාලිගයට ආවේ… දකුනු දිග සිමාව බාරව දකුනු මාලිගයේ රැදුනේ හකුයෙ නිසා… ඔහු එක්ක කතා කරන්න මමත් කැමතියි…
එහෙමද… ඒත් පස්සෙ හකුයෙ… තමුන් සේවක මන්ඩලයේ කාර්යන් ගොඩ ගැසි තිබියදි මෙතන ඉන්න කාලය තියෙනවාද… නැත්නම් මේ සියල්ලම මමම හොයලා කරන්නද… මේ ගැන උතුමානන් දැන ගතහොත් කොහොමද…
යනුදි හිනාවෙන් කිවේ හකුයෙ කේන්තියෙන් බලාන් ඉද්දි. ඇය කිසිත් නොකියාම යන්න ගියේ යවිද් බලාන් ඉද්දි. යවිද් හුස්මක් අරන් යනුදි දිහා බැලුවේ ආදරෙන්.
යනු… මගේ රත්තරන්… ඔයා මේ ජිවිතයට දැන් හුරු වෙලා…
හුරු වෙන්න උනා අයියේ… දැන් මේ අපේ ගෙදර හින්දා… අපිට ආයෙත් ඒ කාලෙට යන්න බැරි හින්දා…
යනුදි උනු තේ බදුන පිරි මදිමින් කිව්වා. මේ දෙන්නා දිහාම යයුදි බලාන් හිටියේ කුතුහලයෙන්. ඒත් යයුදිට ඔව්න් දෙන්නා මෙන් නොවෙයි.
අක්කි අයියා… අම්මි තාත්ති ගැනද හිතන්නෙ… අනේ… එයාලා හොදින්නෙ… මන් ඊයෙත් එයාලව දැක්කා… චූටි මල්ලියා එක්ක…
යයුදි හිනා වෙලා කිව්වේ සතුටින්. යයුදි විතරක් මේ ඇත්තටම මුහුන දුන්නෙ හරිම ලේසියෙන්. යවිද් නන්ගිව තුරුලු කර ගත්තේ ඇස් වල කදුලු පුරවගෙන.
එයාලා අමතක කරමු යයු… අම්මි තාත්ති සතුටින් ඉන්නෙ… එයාලට මල්ලි ලැබුන හින්දා… අපි නැති පාලුව අමතක වෙවි… ඒත් අපිට අපි ඉන්නවානේ… කාලය නැවතුනත්… මේ අමරනීය ලෝකේ අපි තුන්දෙනා…
යවිද්ගෙ වේදනාව නිමක් නැ. ඒත් එකිනෙකා වෙනුවෙන් මේ දනව්වෙ ජිවත් වෙනවා. ඒකයි බලාපොරොත්තුව. යනුදි සුසුමක් පිට කලේ සිනාවෙන්.
කවුරු නම් විශ්වාස කරාවිද… අපේම මනුෂ්ය ලෝකේන් එහා මේ දනව්වේ අපි හිර වෙවී කියලා… ඒත් මන් තාමත් හොයනවා… ඒ දේවදාර අබිමන් රුක… අපේ ලෝක දෙක යා වෙන පාර… ඒ හමුවුනත්… අපිට හැරෙන්න බෑ… වෘක මිනිසුන්ගෙ ලෝකය… වෘකායනාව… එන්රා දනව්ව… අපිට අපේ ලෝකෙට යන්න බැරි තරම් මේ ලොකේ බැදිම් වලින් බැදිලා… මම වෘකායනා එන්රාවේ රාජිනිය… මගෙ අයියා ඒ කුමරිය කොයෙන්ගෙ දරුවන්ගෙ පියා… මගෙර් නන්ගි… මේ දනව්වෙම ජිවිතය වෙලා…
යනුදි හිමින් නැගිටලා අලන්කාර වැට ලගින් හිට ගත්තා. ඒ අපුරු ආලොක රැයේ වෘකායන දනව්ව හරිත නීල රක්ත නොයෙක් වර්නයන්ගෙන් ආලොක වූයේ වෙනත් දවස් වල රෑ යාමයන් ලෙස නොවිය. යනුදි සුසුමක් පිට කලා.
එතුමා අද අවදි වෙවී… දීර්ග නින්දෙන්… අයියාට එතුමා හම්බ වෙන්න පුලුවන් වෙවි…
යනු… අහනවාද… වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා…
මන් කියන්න… මන් ඇතුලට යන්නම් එහෙනම්… මන් කැමති නැ කොමාන්ති අබිමන් සිමාවට එනවාට…
හරි නන්ගි…
යවිද් කිව්වෙ හිමින්. යනුදි යයුදිගෙ හිස අතගාලා ආපසු පිට වෙන්න යද්දි අසිරිමත් වෘක තරුනයින් දෙදෙනෙකු උද්යෝගයෙන් ආවේ යවිද්ගෙ මුහුනට සතුටක් එක් කරලා.
යවිද්… ඔයා ඇවිත්…
කුඔන්… සතාර්… අද මාලිගයේද… පුදුමයි මේ දෙන්නා…
නැතුව ඉතින්… අද මන්දිරයේ හැමොම එකතු වෙන වෙලාව… කොයෙන් ඇරුනම…
කොයෙන්ගෙ තත්වය දන්නවානේ…
බය වෙන්න දෙයක් නැ… යවිද් ඉන්න නිසා…
මිතුරන්ගෙ කතාව මැද යනුදි සැහැල්ලු සිතින් පියවර තිබ්බේ නොනිමි මන්දිරයේ අභ්යාන්තරයට. කිරිගරුඬ පියගැට පෙල බැස සුන්දර මල් වැල් ගස් පිරුනු පාලම පසු කර ඒ අහසට වන් පලමු අබිමන් රුක පාමුල දොරටුව ලගට ආ යනුදි ඇයට ආචාර කර පිටව යන සෙවිකාවන් සහ ආරක්ෂකයින් දිහා බලලා දොරටුවෙන් ඇතුලු උනා.
ඒත් ඒ දොරටුවෙන් එහා තවත් ලෝකයක්. වෘකායන එන්රාවේ ජීවය, ආලොකය, ශක්තිය සහ ප්රබලත්වය සුව නින්දේ පසු වූ සුන්දර යහන් කුටිය. යනුදිගෙ මුවට සිනාවක් නැගුනේ දුකින්.
මගේ අධිරජ…
යනුදි සෙමින් මුමුනා සිනිදු සලු ලොගුව බිම දමා ඒ අදුරු යහන ලග දන ගසා යහනට බර උනා. සුව පහසු විසල් යහනේ උනුසුම් කොට්ට පෙරොනා අතරේ සිනිදු අලන්කාර හිම සුදු කෙස් විහිදාගෙන රත් පැහැ අග අදුන් ගැල්වූ දිගු දෙනෙත් පිය වුන සුදු රෝස කම්මුල් අතරින් යන්තම් පෙනෙන රෝස තොල් හිමි ඒ සුන්දර හිත ගත වශී කරවන ලස්සන හිමි වෘක අධිරාජ්යයා හරි සුව නින්ද පසු උනා. යනුදි ඒ අසලින්ම වැතිරිලා ඒ මුහුන ලගම මුහුන තියා ගත්තේ ඒ සුන්දරත්වය විඳිමින්.
කොග්යොකු… දැන් නැගිටිමු… මගේ කුමරු නිදා ගත්තා ඇති නේද… මට පාලුයි රත්තරන්… පූර්න සඳ රෑ නමයක්ම ඔයා නිදා ගත්තා…
යනුදි හිමින් ඒ හිස මත වූ සුදු පුලුන් වැනි සිනිදි වෘක දෙසවන් සිප ගනිමින් මිමිනුවා. එදා මෙන් අදටත් හිත හෙල්ලුම් දෙන්නෙ මේ ආදරනිය රුව වෙනුවෙන් විතරයි. ඔහු එදා දුන් පොරොන්දු අදටත් යනුදි ජිවිතයෙන්ම රැක ගත්තේ මේ බැදීම නිසා. ජීවත් වෙන්න අරමුනු එකක් නොව දෙකක්. ඒ එක අරමුනක් ඇති ඔහු වෙනුවෙන්.
කොග්යොකු… මගෙ උතුමානෙනි…
යනුදි ඒ පුලුන් කන් පෙති අතරින් තොල් තියලා ඒ කම්මුල් දිගෙ ගෙන යමින් ඒ සිනුදු නාසය ලග නතර උනේ කොග්යොකුගෙ මුහුනේ ඇදුනු සිහින් සිනාවෙන්.
වන්දනා… නපුරි…
රෝස මුවින් හුරතල් විදිහට ඇහෙන ඔහුගේ ලාමක කටහඩ යනුදිට ආසයි.
මගේ කොග්යොකු… පාලුයි…
යනුදි දුක්බර හඩින් කිව්වෙ හිමින් විවර වෙන කොග්යොකුගෙ ඒ නිල් පැහැ දෙනෙත් දිහා බලලා. කොග්යොකු හිනාවෙන් ඇස් පිය ගසා යටි තොල සපාගෙන යනුදි දිහාට හැරුනේ පුන්චි දරුවෙක් උනුසුමට තුරුලු වෙන්නක් සේ. ඒ උනුසුම ඔහුටම විතරක් අයිති වග දන්නා යනුදි දෝතින්ම ඔහුව තුරුලට ගත්තේ ආදරෙන්.
වන්දනා… මගෙ රාජිනිය…
හ්ම්ම්… මන් ඔයාගේ රාජිනිය තමයි… සදාකාලයටම…
හ්ම්ම්… මන් දන්නවා… මගේ රාජිනිය හැමදාමත් මාත් එක්ක…
කොග්යොකු දෙනෙත් උස්සලා ඒ තොල් වලින් නැසෙන ගානට මිමිනුවා. ඒත් යනුදිට සිත සිර කර ගන්න බැ. ඒ ආදරනිය සොදුරු අධිරාජ්යයා වුවද.
කොග්යොකු… වැඩ පස්සෙ… මාත් එක්ක ඉන්න…
හරි නරකයි…
ඔව් මන් නරකයි… ඔයා හින්දා…
යනුදි කෙදිරියක් සේ මුමුනා කොග්යොකු බලාන් ඉද්දි නොඉවසිලිමත් තොල් වලින් කොග්යොකුගෙ රොස තොල් සිප ගත්තේ කොග්යොකුට රිදෙන්නමයි. ඒත් ඒ ස්පර්ශය කොග්යොකුත් පැතුවා. දීර්ග නින්දෙන් පවා. ගත වෙන තත්පර විනාඩි ගානේ හෝරා ගෙව්නේ අහිමි කාලය වෙනුවෙන් ඔව්න්ගෙ ලෝකෙට මොහොතක් දෙමින්.
වන්දනා…
හ්ම්ම්…
කාලය හරි පුදුමයි නේද…
ඇයි එහෙම කියන්නෙ…
මතකද… හරියටම… පූර්න සඳ විසි හයකට එහා අතීතයේ… ඒ හමුවීම…
අදටත් මතකයි… ලෝක දෙකක් යා වෙන අපේ හමුවීම…
වන්දනා… ඔයා මට වෛර කරනවාද… මන් ඔයාව… මගේ දනව්වේ සිර කර ගත්තාට… මගේ රාජිනිය කර ගත්තාට…
කවදාවත් නැ කොග්යොකු… මේ මගේ නිවහන… සදාකාලිකවම… මගේ පව්ලේ අය එක්ක… ඔයා එක්ක… මේ වෘකායන එන්රා රාජධානියම… මගේ ලෝකය…
ඔයාය ගොඩාක් ස්තුතියි වන්දනා… මගේ ආදරනීය රාජිනිය… ඔයාට ගොඩාක් ආදරෙයි…
මමත් කොග්යොකු උතුමානෙනි… මට ජීවත් වෙන්නම මේ ආදරය ඇති… අපි ලෝක දෙකක වුවත්… වර්ගයා වෙනස් වුවත්… මේ මොහොතම ඇති…
හ්ම්ම්… වන්දනා…
කොග්යොකු…
ඒ අත් වැල් පැටලු සෙනෙහස ඉතිරුවේ අතීතය ගැන නොව අනාගතයේ බලාපොරොත්තු වෙනුවෙන්. අමතක නොව මතකයක් කරන් හිතේ සගවාගෙන අනාගතයට මොහොතක්. හරිත වර්න වෘකායන දනව්වේ ස්නේහය වෙනුවෙන්. යනුදිගෙ ප්රාර්ථනාව. කොග්යොකු වෙනුවෙන්.
ආරම්භ වෙන සුන්දර දවස්, කාලය ගෙවෙන ආදරනියන්, සෞභාග්යය උතුරන රාජකීයක්. මොහොතක් පවසන්න ඒ අබිමන් රුක් දෙව් මැව් දොරටුව කුමක් වෙනුවෙන්ද. එය හිත් අහසෙම සගවා ගත්තේ අමතක නොවන්න.
වෘකායන වන්දානාවේ සුන්දර චාරිකාවට මොහොතක්….
🌼
මොහොතකට ඉඩ දෙමින්…