මම උසස් පෙළ කරද්දි, ඒ කිව්වේ 90 දශකය මුලදි ලංකාවේ ජනප්රියම සිංහල ගුරැවරයා විදිහට කප් ගහලා හිටියේ උපුල් ශාන්ත සන්නස්ගල… ඔය කාලෙදිම තමයි මම සන්නස්ගලගේ වස්සාන සිහිනය එහෙම කියෙව්වේ…සිංහල විෂයක් විදිහට ඉගෙන ගත්තේ නැති නිසා මට සන්නස්ගල ගෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුනේ ඇහැ… ඒ නිසා මම සන්නස්ගල සර් කියන්ඩ ඕනේ නෑ… වැඩි දෙනෙක් කියන විදිහට සන්නා කියලම කියන්නම්..
මම සන්නගේ ඩයිහාර්ඩ් ෆෑන් කෙනෙක් නෙමෙයි… සන්නගේ දේශපාලනය ගැනත් මට වැඩක් නැහැ… ඒත් සන්නා වයසට යන විදිහ ගැන මම මාරම ආශාවෙන් බලන් ඉන්නේ… ඒ විදිහට ජීවිතේ සැඳෑ කාලේ විඳින්න හැමෝටම බෑ…
සන්නා එයාගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කෙරැවේ ගුරැවරයෙක් විදිහට… ඉතිං ලංකාව වගේ රටක ගුරැවරයා හිරවෙලා ඉන්න සාම්ප්රදායික රාමුව ඇතුලේ හිරවෙලා ඉන්න සන්නට සිද්ද වුණා… එතැනදි එයාට ටැටූ එකක් ගහන්න සහ කරාබුවක් දාන්න වගේ දේවල් මග හැරෙනවා… ඒත් මේ ජීවිතය දාලා යන්න කලින් එයා ඒ ජීවිතේ විඳිනවා…. ඒක මට නම් මාරම දෙයක්….
සන්නගේ පේජ් එකට ගිහින් කමෙන්ට් කියපුවම ඇත්තටම මිනිස්සු ගැන කළකිරෙනවා… පුදුමේ කියන්නේ සන්නට වැඩියෙන්ම බනින්නේ තරැණ වයසේ කොල්ලෝ….
හැබැයි ඒ අයගෙන් බහුතරයක් දෙනා ආගම, ජාතිය වගේම දේශපාලන පක්ෂය වගේ මෙලෝරහක් නැති දේවල් නිසා තමන්ගේ තරැණ ජීවිතයට බලෙන් සීමා දාගත්තු අය…
මම දන්න තරමින් සන්නා හොරකම් කරලා නෑ… කුඩු විකුණලා නෑ… සන්නා විකිනුවේ දෙකයි… එකක් දැනුම… අනික පොත්….
සන්නා මට වීරයෙක් නෙමෙයි, සන්නා කියන්නෙ මට රෝල් මොඩ්ල් එකක්…
සන්නා තරම් හොඳට වයසට යන්න තරම් ආර්ථික හයියක් මට නෑ… සන්නා වයසට යන විදිහ ගැන මගේ හිතේ සුන්දර ඉරිසියාවක් තියෙන්නෙත් ඒ නිසාමයි….
ඉතිං සන්නා දීඝායු වේවා කියලා කියන්නම්….. මොකද ඔයා මට පොරක්..