සයන්ස් එක ළඟ පූල් එක (ඉස්කෝලෙ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ ඉස්කෝලේ 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔන්න අධ්යාපනික ප්රදර්ශනයක් සැලසුම් කරන්න පටන් අරන් තිබ්බා. මේ වෙද්දි මම ඉදියේ 12 වසරේ. ඒ දවස් වල ඉදලම ඉස්කොලේ බාහිර වැඩ කරන්න පුදුම උණක් මට තිබ්බේ. කොහෙන් හරි හොයාගෙන කරනවා. පන්තියට එන්නෙ නෑ කියලා අපේ ගෙදරිනුත් ගෙනැල්ලා මට අවවාද කරලා තියෙනවා. පන්තිභාර මැඩම් කියන්නේ ඉස්කොලේ එනවා පන්තියට එන්නෙ නෑ කියලා. කොහොමහරි ඒ කාලෙ ඉදලා ඔය Announcing තව කතා කරන ඒවා එහෙම මට පුලුවන්. ඒක හින්දා ඉස්කොලේ මීඩියා එකේ එහෙම ඉදියා. 50 වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔන්න ඉතින් ඉස්කොලේ ගුවන්විදුලි සංගමය FM එකක් පටන් ගත්තා. ඕක ගුවන්විදුලි සංගමෙයි මීඩියා එකයි කියන්නෙ හරියට යූ.එන්.පී එකයි රනිලුයි වගේ. දෙන්නට දෙන්නව නැතුව බෑ. ගුවන්විදුලි සංගමය ඕක පටන් අරන් අවශ්ය තාක්ෂණික වැඩ කරද්දි අපි තමයි ඉතින් ඇතුලේ වැඩසටහන් ඔක්කොම කලේ.
ප්රදර්ශනය තියන්න ලෑස්ති කරලා තිබ්බෙ දවස් 3යි. ඒ වුනාට FM එක දවස් 14ක් තියන්න තමයි ලෑස්ති කරලා තිබ්බෙ. ප්රදර්ශනේ අන්තිම දවස තමයි FM එකෙත් අන්තිම දවස. ඉතින් ප්රදර්ශනේට දවස් 11 කට කලින් FM එක පටන් ගත්තා. කියන්න සන්තෝසයි මිත්රවරුනි මම දවස් 14 ම ඉස්කෝලේ ඉදියේ. රෑට කොහේ හරි මුල්ලක වැටිලා නිදාගන්නවා. ආයෙම උදේට යන්තම් දත් මැදලා අර කුණු ඇදුම පිටින්ම FM එකේ ඉන්නෙ. FM එකට කිලෝමීටර් 10 ක වපසරියක ඉන්න කෙනෙක්ට නිකන් අහන්න පුලුවන් කරකවලා අරන්. නැත්තන් Online ලෝකෙම ඉන්න කෙනෙක්ට අහන්න පුලුවන්. හොද හොද සිද්ධි වුනා. එක පාරක් ඇතුලෙදි මම නෙමෙයි හු%& කියලත් එකෙක් කෑගැහුවා. නිකන් නෙමෙයි ලෝකෙටම ඇහෙන්න😂
මොනා වුනත් අපිට මේක හෙන ලොකුයි. ලොකු Project එකක් නේ. රෑ 11 ට සේරම ඉවරයි. එතන ඉදලා පාන්දර වෙනකන් Nonstop සින්දු. පාන්දරට පිරිත් දාන්න ඔක්කොම ලෑස්ති කරලා හැමදාම රෑට යන්නෙ ඉස්කෝලේ පූල් එකට හොරෙන් පනින්න. අපේ සෙට් එක හැමදාම ඉදියේ 6ක් 7ක් වගේ. අපි ටික ඉතින් හොර පාරක් තියෙනවා ඕකෙන් පූල් එක තියෙන තැනට නැගලා ඇදුම් එතනම ගලවලා දාලා හිමීට බහිනවා සික්කට සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න. මට නම් ගොඩවත් පීනන්න බැරි හින්දා ඩීප් එකට යන්නෙ නැතුව කොනකට වෙලා වෙව්ල වෙව්ල මම ඉන්නවා. පීනන්න පුලුවන් උන් හිමීට සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න වටයක් දෙකක් පීනනවා. පැයක් දෙකක් ඉදලා පාන්දර වෙන්න ආයෙම වෙව්ල වෙව්ල එළියට එනවා. ඔහොම හැමදාම කිසිම නෝන්ඩියක් නැති වෙන්න වැඩේ කලා.
දැන් ඔහොම ඔහොම ප්රදර්ශනයට කලින් දවස උදාවුනා. මිත්රවරුනි ප්රදර්ශන කුටි හදන්න ඕනි හින්දා ඉන්න කොල්ලොයි බල්ලොයි ඔක්කොම ඉස්කෝලේ. දැන් රෑ වෙන්න රෑ වෙන්න හැම එකාගෙම ප්රාර්ථනය පූල් බහින එක. අපිත් ඉතින් ආවා. එද්දි එදා සෙනග වැඩියි කියලා මටම තේරුනා. ඒත් කොහොමහරි ඇගට වතුර ටිකක් දාගන්නත් ඕනි. එදා පන්ති වල කුටි හදන හින්දා ඔක්කොම පන්ති ගේට්ටු ඇරලා තිබ්බේ. පූල් එක තිබුණේ සයන්ස් එක ළග. මම ඉදපු පන්තිය තිබ්බෙ කොරිඩෝවක කොනේම. මම පන්තියට ගිහිල්ලා ඇදුම් ටික ගලවලා පන්තියෙන් තියලා ජොකා පිටින් කොරිඩෝව දිගේ ඇවිල්ලා පූල් එක ළගට ආවා.
හම්මේ බලන්න එපැයි රගේ. ඔලිම්පික් පිහිණුම් තටාකෙට ආවා වගේ හැගීමක් මට ආවේ. කොල්ලො ඩයිව් කරනවා. සමහරු රේස් පදිනවා. උඩ ඉදලා පනිනවා ජබොහ් ජබොහ් ගාලා සද්දේ උපරිමයි. දන්නවනේ ඉතින් ඒ අස්සෙ කොල්ලො පැනහන් හු%& ගිලෙන්නෙ නෑ ප%& ආයෙ එතන වචන 10ක් කිව්වොත් 9ක් කුණුහරුප අනිත් වචනේ අම්මා. මං කලින් කිව්වා නේ මට ඔය වතුරේ සෙල්ලම් දාන්න බෑ. මාත් අයිනකට පැනලා අරුන්ට ජෝක් දදා ඉදියා. විනාඩි 10ක් යන්නැති හෙනම සද්දයක් ඇහෙනවා. මොන කෙංගෙඩියක් පාත් වෙන්න යනවද කියලා බලනකොට ඉස්කොලේ කෙමෙස්ට්රි සර් කෙනෙකුයි සික්කොයි ඔක්කොම එනවා. යන්න තැනකුත් නෑ. කොල්ලො ඔක්කොම දැන් පූල් එකෙන් පැනලා සී සී කඩ දුවනවා. සමහරුන්ව ලිස්සලා ආයෙම පූල් එකටම වැටෙනවා. එතන ඉන්න තිබ්බේ. දුවන්නත් ඕනි ලිස්සන හින්දා දුවන්නත් බෑ. අර කකුල් ඇද කලා පස්ස දික් කරලා ඔලිම්පික් ඇවිදීමේ තරග වල උන් අමුතුම සෙයියාවකට යන්නෙ ඒ වගේ තමා ගියේ.
පූල් එකෙන් එහා වත්තේ තිබ්බෙ පන්සලක්. ඉස්කොලේ එක පැත්තක් කෙලවර වෙන්නෙ ඒ පන්සල් වත්තෙන්. එකා දෙන්නා පූල් එකෙන් අහු වෙද්දි මම එතන වැට තරණය කලා. පූල් එකේ මට්ටමටම උස වෙන්න තියෙනවා පන්සලේ ගොඩනැගිල්ලක ස්ලැබ් එකක්. ඔය තව හදන්න කම්බි කූරු දාලා එහෙම තියෙන්නේ. මාත් එක්ක වැට තරණය කරපු 5ක් 6ක් එතනට පැන්නා. පන්සලේ ලයිට් පත්තු වෙනවා. ඇයි හත්තවලාමේ පෙරහැරක පන්දම් පාලියක තියා පන්සලේ අපායෙවත් නැති තරම් උන් නේ වැලි කාගෙන ජොක්කු ගහගෙන පන්සල් වත්තට පනින්නේේ. ඒ අස්සෙ සික්කෙක්වත් පූල් එකට වැටුනා ලාවට දැක්කා. කොල්ලො 15ක් විතර අල්ලගත්තා. උන්ට බුදුසරණ පතාගෙනම පන්සලේ රතු මල් පදුරක් අස්සේ මම රිංගගෙන ඉදියා පැය 2ක් විතර.
සේරම තත්ත්වය යහපත් වුනාට පස්සෙ මඩ කාගෙන දණ ගාගෙන ආයෙම වැට තරණය කරලා පූල් එකෙන්ම ජරාව හෝදගෙන මම බැහැලා පන්තියට ගිහින් ඇදුමක් දාගෙන දන්නෑ වගේ ගියා. පස්සෙ තමා ඉතුරු නාට්ය ටික ආරංචි වුනේ. අහුවෙච්ච උන්ට ගුටි. අපිට කොහොමත් නැති ලෙඩ කරුම නේ පාත් වෙන්නෙ. බණ්ඩා කියලා එකෙක් ඉන්නවා ඌට නැති ලෙඩ කරුම අල්ට්රා ප්රෝ මැක්ස්! ඌ ඔක්කොම හොදට පැනලා ගිහින් අන්තිමට බලද්දි උගෙ රෙදි ටික දාලා ගිහින් තියෙන්නේ. රෙදි ටික අර සර් ගාවයි සික්කො ගාවයි. ගන්න යන්නත් ඕනි යන්නත් බෑ😂 අන්තිමට ගිහින් බලු බැනුම් අහලා අරන් තිබ්බේ.
අන්ති සිද්ධිය තමයි සික්කො එළවද්දි සෙට් එකක්. මට නම් මෙන්ශන් කරන්න පුලුවන් කරන්නෙ නෑ යාලුවො නිසා. උන් ටික සික්කො එක්ක දුවලා ජොක්කු පිටින් බොරැල්ලට 😂😂 අන්තිමට පැයක් විතර බොරැල්ලෙ ඉදලා තමයි ඇවිල්ලා තිබ්බෙ. ග්රීස් යක්කු කියලා එකෙක්ටවත් ගස් බැදලා ගහලා තිබ්බේ නෑ වෙලාවට. එහෙම වුනා කියලා අපි සැලුනේ නෑ. ඊළග දවසෙත් පූල් බැස්සා. හැමදාම රෑට ඉන්නවා නම් පූල් බහිනවාම තමා.
_ ශාමින්ද ජයරත්න_

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!