අද අපේ රූම් එකේ ජූනියර් නංගි කෙනෙක්ගෙ බර්ත්ඩේ එකලු. මේ නංගිගෙ මොන්ටිසෝරි යන කාලෙ ඉදන් යාලුවා තමයි මතක් කරේ අපිටත් අද මේ නංගිගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් අපේ රූමො ටික ෆුල් ගෙමක් දීලා රෑ 12ට කපමු කියලා කේක් එකකුත් ගෙනල්ලා රෙදි අස්සෙ හන්ගලා තියලා තිබ්බා.. වටේ රූම් වලටත් නිවුස් එක දුන්නා රෑ 12 වෙද්දි සෙට් වෙන්න කියලා. අපි හැමෝම ඉන්නෙ හොස්ටල් එකේ. මෙ දවස් වල අපේ එවුන්ට එක්සෑම්. ඒ හින්දා ගේමක් නෑ සෙනගත් ඉන්නවා. හීනියට වගේ හදිස්සියට සතෙන් සතේ එකතු කරලා තෑගි ටිකකුත් ගත්තා.
වෙනදා ඇදවල් වලම වවුල්ලු වගේ ඉන්න අපිට දැන් රෑ දොළහ වෙනකන් කරගන්න දෙයක් නෑ. කොහොමත් සෙට් එක පිටින්ම පහුවදාට ඔලිම්පික් යන්න තිබ්බත් කයියකට සෙට් වෙනවාම තමයි. කොහොමින් කොහොමහරි අදාල පුදගලයව ( බර්ත් ඩේ ගර්ල් ) ඇදට යවලා නිදාගන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දැන් කට්ටිය ලයිට් ඔෆ් කරලා නිසොල්මනේ ඉන්නවා. එයා හිටියෙ උඩ ඇදක. අපි දැන් පාලු සුසානෙ අදුරු විලාපෙ වගේ කලුවරේ සංඣා එලි නිකුත් කරමින් ඉගි බිගි පපා සර්පයිස් එකට ලෑස්ති වෙනවා. කල දුටු කල වල ඉහගන්න කියනවා වගේ අරකි නිදි ඇහිල්ලෙ අපි දැන් පුළුවන් තරම් ඉහිනවා , වල!. ඒ කීවෙ කාමරේ එහෙම ලෑස්ති කරනවා. දැන් ටික ටික අනිත් රූම් වලිනුත් එකා දෙන්නා එනවා. 11. 40 වගේ වෙද්දි රෙදි අස්සෙ ඔබලා තිබ්බ කේක් එක එහෙමත් අරගෙන ඉටිපන්දමකුත් ගහන්න යනකොටම වැඩේ චක බ්ලාස්!! මෙන්න මේකි ඇහැරුනා…. දැන් ඉතින් මක් කොරන්නද අරකි ඇදෙන් බහින ටිකක අපි එක ඇදක දෙන්නා තුන්දෙනා ගානෙ ඇදවල් වලට ආයෙ රිංගගෙන් රෙදිත් ඔතාගෙන හිටියා. අරකි දැන් නිදිමතේ ඇදෙන් බැහැලා එනවා.
තව එකියක්ගෙ එලියට පැනපු සුදු කකුලක් දැකලා නැවතුනු බර්ත් ඩේ ගර්ල් අහපි,
ආ ඔයා මොකද මේ මහ රෑ.. කියලා කාඩ් එකත් කියලා ඔයා නේද හලෝ මේ කියලත් ආයෙ කොකටත් ඇහුවා.. ඇයි යකෝ මේ මහ රෑ මේ වෙන රූම් එකක එකියක් අපේ රූම් එකෙ ඇදේ ඉන්නකොට ෆුල් අන්දොස් නෙ.
ඒ ගමන අර සුදු නංගිට දෙන්න උත්තරත් නෑ.. ආ.. නෑ නෑ මේ මන් අර ඉන්ග්ලිස් අසයින්ට්මන්ට් එක ඉල්ලගන්න කියලා අවේ…
එහෙනම් මොකටද යකෝ රෙදිත් පොරවන් ඇදේ නිදන් ඉන්නෙ.. අහන්න වගෙ බලන් හිටියට තද නිවිමතේ වැනි වැනි හිටපු බර්ත්ඩේ ගර්ල් අහන්නැතුව නෙචර්ස් කෝලින් වැඩේට ගියා වොෂ් රූම්.
රෙදි අස්සෙ තැලිලා පොඩිවෙලා ඇඹරිලා හිටපු අපි සෙට් එක ආයෙ ස්වංක්‍රීයව ක්‍රියාත්මක උනා. ඒ වෙනකොට එකෙක් දෙන්නෙක් ඇදේ යකඩ වැට එහෙමත් කාල තිබ්බා හිනාව නවත්තගන්න බැරුව. කොහොමහරි ඔලු කකුල් වල පැටලුම් ඇරගෙන සෙනග සූ ගාන ප්‍රයිවට් බස් එකකින් බහිනවා වගේ ඇද්වල් වලින් බැහගෙන දොරත් වහලා කේක් එකට ඉටිපන්ද්මත් ගහගෙන දැන් බර්ත්ඩේ ගර්ල් එනකන් ඉන්නවා. පවු නිසා වතුර බාල්දි සංග්‍රයක් නොදී ඉන්නයි කතා උනේ. මොකද ඊටපස්සෙ කාමරේ හෝදන්න වෙනවා මුල ඉදන්.
ඔන්න දැන් සෙට් එක රෙඩී. ඉටිපන්දමත් ගහලා කේක් එකෙ.දොර ඇරිය ගමන් හැපි බර්ත්ඩෙ සොන්ග් එක කියන්නයි ප්ලැන් එක. දැන් ඇහෙනවා එහා පැත්තෙන් අඩි සද්දෙ. කෙල්ල එනවා. එකා….යි.. දෙකා…යි.. තුනා…..යි!!!
හැපි බර්ත්ඩේ ටු… යු…..//// අත්පුඩිත් ගහලා අපිට දැන් ෆුල් හැපි.. හැමෝම දැන් බලාගෙන ඉන්නෙ අරකි දැන් පුදුම වෙලා සතුටු වෙලා කදුලු ඇවිල්ලා…. හිතාගන්න බෑ කියලා ස්තූති කරලා එතන දෙකක් කරයි කියලා. ම්ම්ම්හ්ම්! මේකි නෙමෙයි වචනයක්වත් කියන්නෙ.. තබ්බීරි වෙලා බලන් ඉන්නවා. ඊටපස්සෙ මේකි අපෙන් අහනවා..
හ..ලෝ… මේ සැප්තැම්බර් ද ඔක්තෝම්බර් ද..කියලා..
හැහ්! කෙලියා… කාලා වරෙන්කො දැන් රටටම කියලා හෙට ලංකාදීපෙටත් දාලා තියෙන්නේ අපි නිවුස් එක.. ඇයි යකො අද නෙමෙයි ද බොගෙ හැපි බර්ත්ඩේ එක??
ඉතින් අවසානෙට පින්වතුනි ආපු අයටත් ස්තූති කරල සැප්තැම්බර් මොකො ඔක්තොම්බර් මොකො සෙරම බර්ර්ර්ර් නෙ කියලා බලෙන් කේක් කප්පවලා සභා තොමෝ සතුටින් විසිර ගියහ. ආයෙ ඉතින් ලග රූම්වල එවුන්ට උපන්දිනේකට නෙමෙයි මලගෙදරක්වත් කියන්න වෙන්නැ. නෝන්ඩියට අපි සෙට් එකට බිම ඉන්ද උනා යකූ.