සති දෙකකින් රහන්ගෙ වෙඩින් එක උනේ සෙව්මිගෙ පව්ලේ අයගෙ සතුට එක්ක. මන් දන්නවා මගේ පව්ලේ අය කවදාවත් සෙව්මි එක්ක සතුටින් ඉන්නේ නැ කියලා. ඒත් ඒක රහන්ගෙ සතුට නම් මන් මුකුත් කියන්නෙ නෑ. මන් ගොඩක්ම පරිස්සමින් මගේ තත්වය හන්ගාගෙන හිටියේ ඉක්මනට ආපහු යනකම්. අම්මා තාත්තා එක්ක මන් අලුත් ප්රමොශන් එක හින්දා යුක්රේන් යන නිසා මේ දෙවල් පස්සෙ හිමින් විසදන්න හිතුවා.
ඒත් මන් මුනෙන් නොපෙන්නුවාට හිතින් ජිවත් උනේ ලෝදිය ගගක් උඩ. යුසෙන්ගෙ මිරිගු ආදරය මාව ඒ ආදරය මරලා කලකිරවලා තිබ්බේ. හිතේ තිබ්බ පුන්චිම බලාපොරොත්තුව එයා මට එකම එක කෝල් එකක් හරි ගනිවි කියන බලාපොරොත්තුව අද වෙනකොට මැකිලා ගිහිල්ලා ඉවරයි. ඒ අවුරුදු දෙක ඇත්තටම කුලුද් කිව්වා වගේම මායාව. මිරිගුවක්. ඇත්ත ඒක. අරාබි හිත් දන්නේ නැ ආදරය. ඒක ආශාවක් විතරයි. මන් විතරක් නෙමෙ ඒ හැම කෙල්ලක්ම ඒ මිරිගුවට රැවටිලා ඉවරයි.
මගේ බඩට දැන් මාස තුනක්. මාස තුනකට වඩා ලොකු වෙනසක් මට දැනෙනවා. ඒත් ඒ වෙනසක් නොතෙරෙන්න මගේ අම්මා අන්ද නැ. ඒත් අම්මා මගෙන් මුකුත් ඇහුවේ නැ අද වෙනකම්. මේ පව මන් නිහඩවම ගෙවනවා.
කාලයත් එක්ක මන් අම්මායි තාත්තායි එක්ක යුක්රේන් ආවේ ජිවිතේ ගොඩක් දේවල් කාලයට බාර කරලා. මන් මට අයිති ගොඩක් දෙවල් අයියාට බාර දුන්නේ මල්ලි ගැන වේදනාවෙන්. ඒත් මන් කවුරුත් නෙමෙ මන් සයුලි. මන් තිරනයක් ගත්තොත් ඒකෙ වෙනසක් නැ. යුසෙන්ගෙ වෙන්විමත් එක්ක මට වේදනාව අලුත් දෙයක් විතරයි. ඒත් කාලය මට ගොඩක් දෙවල් කියලා දුන්නා. ගොඩක් දෙවල් නැති උනා වගේම ජිවිතය ඒ එක්කම ජිවත් වෙන්න ඉගැන්නුවා. මට අමතක නැ යුසෙන් මට බොරු කලාත් ඒ ආදරය. අමතක කරන්න බැරි තරම්. ඒත් අද මන් ජිවත් වෙනවා යුසෙන්ට මන් කල ආදරයේ නාමෙන් යුසෙන්ගෙන් මන් ලද ඒ කුසුම එක්ක.
වසර තුනකට පසු…
එමිරේට්, අබුඩාබි.
සයුලි… මගේ මැනික…
ටර්මිනල් එකේ ඈත ඉදන් දුවගෙන එන ස්වාතිව මන් දකින්නේ හරියටම අවුරුදු පහකින්. ස්වාතිගෙ බෝල බඩ මට ඇත්තටම ලොකු සතුටක්. අද ස්වාති අම්මා කෙනෙක්. රාහුල් ඒ එක්කම ආවේ මන් ආදරෙන් මේ රටේ මගේ කියලා හිටපු ඒ ආදරනිය ස්වාති එක්ක.
කොහොම ස්වාති… රාහුල් අයියෙ…
මගේ සයු… අනේ ඇත්තටම ඔයා ආවා… මට මීට වඩා දෙයක් එපා කෙල්ලෙ…
ඇත්තමයි නන්ගි… ඔයා එනවා කිව්ව වෙලෙ ඉදන් අපි බලාගෙනමයි හිටියේ…
මගේ සයුලි…
ස්වාති ඇඩුම් එක්ක මාව බදාගෙන ඉම්බේ උතුරන සතුටින්. මටත් මේ සතුට දරන්න බැරි තරම්. ජිවිතයෙ කොච්චර දෙවල් නම් උනාද. ඒත් එක වෙන්වීමක් වෙනුවෙන් මට ඊට වඩා බැදිම් අහිමි කර ගන්න ඕන නැ. ඒ බැඳීම් වෙනුවෙන් මන් අද ජීවත් වෙනවා.
ස්වාතිගෙ ඇස් මගෙන් පස්සේ වෙන දෙයක් හොයනවා කියන එක මට නොතෙරුනා නෙමෙ. මන් ඇහැක් ගහලා හිනා වුනේ ස්වාති හොයන දේ පෙන්නලා.
ස්වාති… අර ඉන්නේ…
මන් පෙන්නුවේ අපි ලගට එන අපේ අම්මාවයි තාත්තාවයි. අම්මා එක්ක හිටියේ වෙන කවුරුවත් නෙමෙ. මගෙ පන. මගෙ ලොකෙම උන අද මට හැමදේටම ජිවත් වෙන්න අරුතක් උන මගෙ වස්තුව.
මේ ඉන්නෙ… මගේ කේක් ගෙඩි දෙක… සේජ්, සජේ…
මන් අම්මාගෙ අත් දෙකෙ එල්ලිලා ඉන්න මගෙ රන් කද, දුව සජේ පුතා සේජ්. රෝසම රෝස බොනික්කො දෙන්නෙක් වගේ ඉන්න මගේ නිව්න් පැටව් දෙන්නා කිසි වෙනසක් නැ යුසෙන්ගෙම ප්රතිරූපය. ඒ කොල පාට ඇස් කැරලි කොන්ඩේ රෝස තොල්. කිසිම වෙනසක් නැ. කොච්චර වේදනාබර උනත් ඒ හුරතල් මුහුනු දෙක මට ඒ අතිතය මතක් කලාත් මේ මගෙ දුවයි පුතයි. ඒ අතිතය මේ වර්තමානයට අදාල නැ. ආයෙත් අපේ ජිවිතයට ඒ අය අදාලම නැ.
අවුරුදු තුනකට පස්සෙ මන් ආයෙත් මේ එමිරේටයට පය ගැහුවේ. ජිවිතයේ ගොඩක් දෙවල් මේ නගරය මට කියලා දුන්නා. ඒත් තවත් ඒ ගැන වද වෙන්න මට කාලයක් නැ. මම අද මගෙ අරමුන ඉදිරියේ. එමිරේට් බ්ලෙස් සමූහ සමාගමේ අබුඩාබි ශාඛාවේ හෙඩ් මැනේජර්. එදාටත් වඩා අද මම වෙනස්. පියවර ගනනාවක් එක්ක තත්වය එක්ක ඉස්සරහායි. ඒකයි මගේ ජිවිතයේ සාර්ථකත්වයේ හෘද සාක්ශිය.
ඒත් මට ආයෙත් වැරදුනාද. මේ අබුඩාබි නගරය.
ස්වාතිලා ඉන්න අපාර්ට්මන්ට කම්ප්ලෙක්ස් එකේම මන් අපාර්ට්මන්ට එකක් අපේ කම්පැනියට කියලා කලින්ම රෙඩි කලේ මේ දගකාර පැටව් දෙන්නා එක්ක මුකුත් කරන්න බැරි හින්දා. හැම පහසු කමක් එක්කම මගෙ ශක්තිය වුන අම්මායි තාත්තායි වෙනුවෙනුත් මේ අලුත් ගෙදර අලුත් ජිවිතයක් පටන් ගන්නයි මගේ බලාපොරොත්තුව. ආයෙත් ඒ වේදනාබර හෙවනැලි මගේ ජිවිතේට වැටෙන්නෙ නැතුව. මේ දේශයට අදිපති අල්ලා දෙවියන්ගෙන් මන් ඉල්ලන්නෙ එච්චරයි.
එකම නගරය ඒත් වෙනස් පරිසරයක්. එකම සමාගම ඒත් වෙනස් කාර්ය මන්ඩලයක්. එකම සයුලි ඒත් වෙනස් සයුලි කෙනෙක්. මේ මම නිසා. අද මන් අබුඩාබි බ්රාන්ච් හෙඩ් මැනේජර්. පලවෙනි විදේශීය නිලදාරිනිය. ඒත් හැමොම මාව පිලි ගත්තේ ඉහලින් සතුටින්. තවත් සතුටු දෙයක්. අනිතා ආයෙත් මගේ සෙකට්රි. අවුරුදු ගානක් ගෙවිලාත්.
මැඩම්… මේ දෙකට තියෙන මීටින් එකේ ඩොකියුමන්ට්ස්…
තැනක්ස් අනිතා… මන් ඒක ක්ලින්ම බලන්නම්… ඊට කලින් මේ ප්රන්ටේශන් ඕඩර් එක මට ලිස්ට් කරලා දෙන්නකො… මන් ඔක්කොම හයිලයිට් කලා…
ඕකේ මැඩම්… මැඩම්ට බොන්න මොනවාත් ගේන්නද…
ඒක නම් හොදයි… අනිවාර්යයෙන් ඔයා ටී ටයිම් නේ… ඔයාට මතකයි…
නැතුව මැඩම්… මැඩම් ආසම ග්රීන් ටී මිල්ක් එක ගේන්න…
අනිතා… ලව් යූ ඩියර්…
මන් කිව්වේ අනිතාගේ හිනාවෙන් රතු වෙන මූන දිහා බලලා. අනිතාට තාමත් මතකයි මන් ආස දේවල්. කාලය හුගක් අයව වෙනස් කරනවා වගේම හුගක් අයව ඒ විදිහටම ඒ බැදීම් එක්ක වෙනස් කරලා. මන් ඉගෙන ගත්ත තව පාඩමක්.
මාස දෙකක් ගියේ පුදුම වේගයෙන්. මන් මේ අබුඩාබියට ඇවිල්ලා මාස දෙකක්. මගේම තත්වයක සාර්තකව අලුත් ජිවිතයේ. පසුතැවීමක් නැ තවත්. මේ මගේ නිදහස් ලෝකේ මගේ පව්ලේ අය එක්ක. ඒත් එයා ඉන්න එකම අහස යට වුන එක ඒ එක්කම වේදනාවක් වුනත් මන් දැන් පුරුදුයි. විදවන්නෙ නැ. විදිනවා ඒ මතකය එක්ක. එච්චරයි.
දවසේ වැඩ ඉවර කරලා මන් ගෙදර ආවේ ටිකක් කලින්. ගෙදර යුද්ද ප්රකාශ කරම ටයිම් බෝම්බ දෙකක් ඉන්න හින්දා හිත හරිම කලබලයි. දූයි පුතුයි කොච්චර අම්මාටයි තාත්තාටයි හුරු වුනත් ගෙදර අද ඉන්නෙ අම්මායි පාට් ටයිම් එකට ආව අලුත් ලේඩියි හින්දා මට ටිකක් අව්ල්. තාත්තා මෙහෙ එම්බෙසි ඒකේ අකව්න්ට් ජොබ් එකක් ලැබුන හින්දා තාත්තා ගෙදර ඉන්නෙ නැ. ඒත් සජේගෙයි සේජ්ගෙ හුරතල් මූන දකින එක තරම් කිසි දෙයක් මට තව නැ. ඒ ඇස් මට කොච්චර යුසෙන්ව මතක් කලාත් දැන් වේදනාවක් නැ. මගේ මැනික් කැට දෙක හින්දා.
හයිපර්මාකට් එකෙන් මන් දග දෙකට කන්න මොනවා හරි අරගෙන අම්මාත් ගේන්න කියපු ලිස්ට් එකත් අරගෙන ආවේ දූ පුතුයි මතක් කරන ගමන්. ගෙවෙන එක මොහොතක් ගානේ ඒ මගේ පන වෙද්දි මන් තව මොනවාද හිතන්න ඕන. මන් මන් එක්කම හිනා වෙන ගමන් කාර් එකට නැගලා බෙල්ට් දා ගත්තා. එතකොටමයි මගේ ෆෝන් එක රීන්ග වුනේ. මන් දන්නවා අනිවාර්යයෙන් අම්මා කොල් කරන්නේ. ආච්චිගෙ නඩු කෝටියක් වෙද්දි සීයාගෙන් ආදරේ වැඩී. ඒ ගැන හිතන ගමන් මන් කෝල් එක ගත්තා.
අම්මා… කියන්න…
” දෝනියෝ… ඉක්මනට එන්න දූ… “
අම්මාගෙ වෙව්ලන කටහඩ ඇත්තමයි මාව තිගැස්සුවා. වෙන මොනවාටවත් නෙමෙ. අම්මා එහෙම බයෙන් කතා කරන්නෙ කියන්න කලින්ම මොකද්ද කියලා මට තෙරුනා.
අම්මා… සුදූ දූ මොකද්ද ඒ පාර කලේ…
” අනේ බලන්න දෝනි… මේ කෙල්ල තුත්ති දෝන් මලා කියලා වතුර බෝතලෙන් කොල්ලාට දමලා අතැරියානේ… අනේ කොල්ලාගෙ අත නිල් ගැහුනා… මන් මේ සාගරි එක්ක හොස්පිට්ල් එකට ආවා… අනේ ඇත්තමයි මේ කෙල්ල නම්… උබේම ෆොටො කොපිය… “
අඩන ගමන් හූල්ලන ගමන් අම්මා නඩුව කිව්වේ මට හිනාත් එක්ක දුකත් එක්ක. අනේ මගේ කෙල්ල කොල්ලාට දීලා නිල් වෙන්නම කිව්වාම. ඇත්ත මගේම කොපිය මගෙ කෙල්ල. මන් ඉක්මනට කාර් එක හරොගෙන කලිෆා හොස්පිට්ල් එකට ගියා. කොච්චර රන්ඩු කෙක්කක් වුනත් සුදු දූ සුදු පුතුට ආදරෙයි. මගේ හුස්මත් අරන් එයාගේ ලේ එක්ක මේ ලොකේට ආව මගේ රත්තරන් පැටව් දෙන්නා.
හවස හින්දා ටිකක් බිසි වුන හොස්පිට්ල් එකේ පුතුව තියාන් හිටපු පේශන්ට් රූම් එකට මන් යද්දි තාත්තාත් ඇවිල්ලා. කෙල්ල තාත්තාගෙ අතේ ඉදන් කොල්ලා දිහා හොරෙන් බලනවා. ඉතින් අක්කා වුන සුදු දූටත් මල්ලි ගැන දුකයිනේ. මල්ලිට නිල් වෙන්න දීලා මගේ හොර කෙල්ල.
සුදු මැනික… නෝටියා ඔයා නම්…
මන් සජේව අතට ගත්තේ සජේ බොරුවට අඩන්න ඒ සුදු මූන හදා ගනිද්දි. ඉතින් මේ කෝලන් හොර ගල් කියලා මන් නොදන්නවායැ.
බලන්න දෝනි… මේ කෙල්ල නම් අනේ මන්දා… ඔයායි මල්ලි පොඩි කාලේ වගෙමයි… කොල්ලාව බෙර ගන්න මන් පුදුම දුකක් වින්දේ ඒ කාලේ… දැන් මට ආයේ හොද පන යයි…
හම්මෝ සුදු මැනික.. ආච්චා කියන්නෙ ඇත්තද… පව් මල්ලි… බලන්න… රෝස වෙලා…
දෝනි ඔය ඉතින් කෙල්ලව අව්ස්සනවා… ඒකම කියද්දි සුදු මැනිකට තරහා යනවානේ…
තාත්තා… ඉතින් මුන් දෙන්නාගෙ වැඩ එක්ක හිනාත් යනවා… මොනා කරන්නද… මටම හම්බ වුනානේ…
සුදු දෝනිගේ ඒ බෝල කොල පාට ඇස් වල කදුලු පිරිලා දුබුරු පාට කැරලි කොන්ඩේ අස්සෙන් රතුම රතු වුන මූන සත්තයි මට දුක හිතුනා කෙල්ලට විහිලු කලාට. මගේ පැටියානේ. පස්සේ මන් බැලුවේ අම්මාගෙ තුරුලට වෙලාම ඉන්න මගේ චූටි පැටියා සුදු පුතු. පව් අනේ කොල්ලාගෙ වම් අතේ වැලමීට ගාව රතුම රතු වෙලා. එච්චර ලොකු දෙයක් නොව්නත් බයයි. අපේ අම්මා ඒකයි එවලෙම හොස්පිට්ල් ආවේ. සජේ සේජ්ට හොස්පිට්ල් යන්නම වැඩේ දීපු පලවෙනි පාර මේක නෙමෙ. අනේ මෙහෙමත් නිව්න්නු.
අම්මා යන් එහෙනම්… තාත්තා ඔයා සුදු දූව අරන් යන්න… මේ පෙන්නෙ නැද්ද හූල්ලන හැටි කොල්ලා… දෙන්නාව ලග තියන්න බැ දැන්…
හරි දෝනි… මන් කෙල්ලව එක්කම් එන්නම්… පස්සේ දෙන්නා යාලු වෙද්දි අපි කැලේ…
තාත්තාත් දූව ඉබින ගමන් කිව්වෙ ඉතින් ඇත්ත. ඩොක්ටර් ඇවිල්ලා සේජ්ව චෙක් කලාට පස්සේ මන් අම්මලා එක්ක පුතාවත් වඩාගෙන ආවේ බිල් එක ගෙවන්න. හොස්පිට්ල් එකේ මේන් රිසෙප්ශන් එකෙන් මන් පුතුවත් වඩාගෙන බිල් එක ගෙව්වේ ඒ බෝල කම්මුල් ඉබින ගමන්. පව් මගෙ කොල්ලා. ඒත් මේ ලස්සන හුරතල් බෝලේ දිහා හැමොම බලනවා. මටනේ ආඩම්බර. ඒත් කවුරුත් දන්නෙ නැ හිත ඇතුලෙන් රිදෙනවා කියලා. ඕනම කෙනෙක් මේ දෙන්නා දිහා බලලා මගේ දිහා බලන්නෙ හිනා වෙලා උනත් එයාලා හිතනවා ඇති දෙන්නාම මන් වගේ නෙමෙ එයාලාගෙ තාත්තා වගේ කියලා. එහෙම කියන එක වුනත් මන් කොච්චර ආස වුනත් එතන තියෙන වේදනාව ඉවසන්න බැ. මමයි දන්නෙ.
අනේ සුදු දෝනි…
තාත්තාගෙ සද්දෙ එක්ක මන් ඉක්මනට බැලුවේ මේ කෙල්ල එක විනාඩියක් ඉන්නෙ නැති හින්දා ටිකක් කේන්තියෙන්. සජේ තාත්තාගෙ අතින් දගලලා දගලලා බැස්සේ කොහාට හරි දුවන්න. පොඩි කමට නෙමෙ මෙ කෙල්ල.
සුදු… දුවන්නෙ නැ… සියාට ඌයා කරන්න එපා…
මේ කෙල්ල නම්… සුදු මැනික…
අම්මාත් කතා කරද්දි මන් ඔක්කොම දලා සජේවත් ඉනේ ගහගෙන හැරුනේ කෙල්ලව අල්ලන්න අම්මාටයි තාත්තාටයි බැරි හින්දා.
දෝනා… යනො… මාලි ආකි එක්ක තරායි…
සජේ හයියෙන් කියාගෙන් දුවලා ගියේ එලියට යන විදුරු දොර දිහාට. ඒත් කොල්ලාත් අතේ එල්ලිලා ඉද්දි තාත්තා ඉක්මනට මට කලින් කෙල්ල පස්සෙන් ගියා. කොච්චර දග වුනත් බයක් නැ තාත්තා ලග හින්දා. මන් ආයෙත් හැරුනේ මේ වැඩ ඉවර කරලා ඉක්මනට ගෙදර යන්න. මේ දග දෙකක් මට දෙන නඩු.
ඒත් මන් හැමදේම ලේසිවාට හිතුවා. මන් හීනෙන්වත් මේ දෙවල් මෙහෙම වෙයි කියලා හිතුවේ නැ. ඇයි මන් මෝඩ. එදා වගේම අදත්. දෛවයත් ඒ මෝඩ කම් වලින උපරිම ප්රයොජන අරන් මටම මෙහෙම කරද්දි කවද්ද මට සැනසීමක්. මන් දෙවියන්ගෙන් අද ඉල්ලනවා. වදින්නම් මගේ දරුවො මගෙන් වෙන් කරන්න එපා. අම්මා කෙනෙක්ගෙ ආදරය ලෝදිය කන්දක් කරන්න එපා. මගෙ පුතු මගේ දූ මගෙ ලෝකෙම. එයාගෙන් පස්සෙ මට අද ජිවිතේ එකම බලාපොරොත්තුව.
ඒත් ජිවිතය හරිම නපුරුයි. මගේ දුව දුවලා ගිහින් නැවතුනේ දගකාර කමට හැරිලා හිනාවෙන ගමන්. ඒත් ඉස්සරහා ඉදන් ආපු කාගෙ හරි ඇගේ වැදිලා දෝනිව බිම ඉන්දුනා.
ආකි දෝන්…
දූ අත් දෙකෙන්ම ඔලුව අල්ලා ගත්තේ ඒ හුරතල් මූන ඇල කරලා කව්ද ඒ හැප්පුනේ කියලා. ඒත් මගේ පන මොනවාද දන්නෙ. කිසිම දෙයක් දන්නෙ නැ.
මගේ ඇස්, මගෙ හිත, මගේ තොල්, මේ මාවම ගල් ගැහුනා. එක තත්පරයක් මට ජිවිතේ වේදනාව ඒ නපුරු මතකයන් අස්සෙන් මැවි මැවි පෙනුනේ මගේ දරුවන්ගෙ හිනාව එක්ක. ඒ මට මෙච්චර ගින්නක් දීපු ඒ මගේ ජිවිතයම කැප කරපු එයා. මගේ එකම ආදරය යුසෙන්. මගෙ ඇස් ඉස්සරහා. ඇයි එහෙම වුනේ.
මේ හැගීම් විස්තර කරන්න බැ. මට මාවම දැනෙන්නෙ නැ. එදා වගේම ඒ රූපයේ වෙනසක් නැති කඩවසම් සුන්දර පෙනුම එක්ක ඒ තේජාන්විත එමිරේට් පොලිස් යුනිෆොම් එක ඇදලා මගේ යුසෙන් බලාන් හිටියේ එයාගෙ කකුලේ හැප්පිලා ඉන්දුන සජේ දිහා. යුසෙන්ගෙම ලේ තියෙන, ඒ රූපයම තියෙන හන්ගන්න බැරි ඒ කොල පාට ඇස් තියෙන එයාගෙම දූ දිහා. යුසෙන්ගෙ මූනේ ලස්සන හිනාව මගේ පපුවම ගිනි තිබ්බා. ඒත් අද.
මන් ඉක්මනට ආපහු හැරුනේ තාත්තා සජේව අතට ගත්තු හින්දා. මට දකින්න ඕන නැ තවත්. එයා දකින්නත් ඕන නැ. දෙවියනේ මට ආයේත් ඒ වේදනාව.
මන් පුදුම විදිහට සන්සුන් වෙන්න උත්සහා කලා. ඒ ඉන්නෙ මගේ අතීතය. යුසෙන්ට ආයෙත් මගෙ ජිවිතයට එන්න බැ. එයාට එන්න අයිතියක් නැ. මන් එදා හිටපු සයුලිටත් වඩා ගොඩාක් වෙනස්.
යුසෙන් එදා තිරනයක් ගත්තා. හරිම නිහඩවම. කිසිම පැහැදිලි කිරිමක් නැතුවම. අද මේ මන්. මන් හැන්ගෙන්නෙත් නැ.
සොරි මිස්ටර්… දුව දැක්කෙ නැ…
ඒකට කමක් නැ… පොඩි ලමයිනේ… බබා හරි ලස්සනයි…
මට හොදට ඇහුනා ඒ කටහඩ. දුකයි වේදනායි කම්පනයක් වගේ. එත් අපි නාදුනන අය දැන්. මන් ඉක්මනට පුතුව තුරුලු කරගෙන අම්මා දිහාට හැරුනේ යුසෙන්ට පේන්නෙ නැති වෙන්න. ඒත් යුසේන්ව දන්න අම්මා වුනත් තාම එයාව දැක්කෙ නැ. දකින්න ඕනත් නැ. ඒත් මේ වේදනාව. එයාගෙ දරුවො බිහි කරපු මන්. මන් මැරිලා ඉපදුනේ නැ.
අම්මා ඔයා තාත්තා එක්ක එන්න… මන් සාගරිවත් බස්සලා පුතු එක්ක එන්නම්…
මන් කිව්වේ තාත්තා එනවා ඇස් කොනින් දැකපු හින්දා. චායාව වගේ යුසෙන්ගෙ රුව මැකිලා යද්දි මට ආයේ ආයෙත් හැරිලා බලන්න ඕන නැ. මේ අපි දෙන්නාගෙ වෙන්වීම. එච්චරයි.
ඒත් එහෙමයි මන් හිතුවේ.
අම්මායි තාත්තායි මට ඉස්සර වෙලා යද්දි මන් සාගරිත් එක්ක ඉක්මනට එන්න එක්සිට් ඩෝර් එක ලගට යන්න හැදුවා. ඒත් එයා.
එස්කියුස්මි… මේ බබාගෙ ඩෝල්…
ඒ කටහඩ මගේ මානෙම ඇහෙද්දි සත්තයි මට මගේ ජිවිතේම මේ හැමදේම තවත් මොනවාද කියලා හිතුනා. ඒත් නවතින්න බැ. ඒ මූන දකින්න බැ. සොරි සුදු මැනික. ඔයාගේ ඩෝල් ඔයාගෙ තාත්තා ගාවම තිබුනදෙන්.
මන් යුසෙන්ගෙ වචන ගනනකටවත් ගන්නෙ නැතුව පුදුම ඉවසීමෙන් ඉක්මනට යන්න හැදුවේ තාත්තලා වෙන කල්පනාවෙන් මාව පහු කරගෙන යද්දි.
අකී ඩෝල්… මමා… ආකි ඩෝල්…
අනෙ මගෙ පුතු සජේගෙ ඩෝල්ව දැකලා හයියෙන් කැ ගැහුවා. මගේ පුතු ඇයි.
එස්කියුස්මි… මේ ඩෝල්… බබා අඩනවනේ…
යුසෙන් ඉක්මනට ලගටම වගේ එන ගමන් කියද්දි මගේ හිත ගැහෙන විදිහ දන්නෙ මන් විතරයි. ඒත්.
යුසෙන්… එන්න යන්…
ඒ කටහඩ. මාව එතනම ගල් කලා. මන් යුසෙන් වෙනුවෙන් ලෝකයක් මවද්දි ඒ තැන ගත්තේ කුලූද්. එයා අද ඒ ආදරේ අයිතිකාරි. එහෙනම් කොහොමත් මන් තවත් ඒ ලොකෙ නැ. මොකටද තව.
මන් මුකුත් හිතුවේ නැ. පුන්චි බෝනික්කා හැමදේම තීරනය කරලා ඉවරයි. මන් පුතුව ඉනේ තියාගෙන හැරුනා. හැමදේම දෙවියන්ට නෙමෙ මටයි බාර. මන් ඉස්සර සයුලි නෙමෙ.
තැනක්ස් මිස්ටර්…
මන් ආඩම්බර හිනාවෙන් ඒ මුහුන දිහා බලලා බෝනික්කාව ගත්තා.
හිතන්න පුලුවන් ඒ මුහුන. කියන්න පුලුවන්ද වචන කරලා ඒ හැගීම්. මට බැ. මන්වත් දන්නෙ නැ දැන ගන්න ඕන නැ.
මගේ ඉස්සරහා යුසෙන් මගෙ දිහාම බලාන් හිටියා. ඒ කොලපාට ඇස් වල මොනවාද තියෙන්නෙ. අදටත් මන් දන්නෙ නැ. ඒත් ඒ මගේ පන සම ආදරේ වැලලිලා ගිය.
ඊලගට යුසෙන්ගෙ ඇස් පුතු ලග නතර වෙද්දි මන් බැලුවේ කුලූද් දිහා. එතනදි විතරක් මට කුරිරු සතුටක් දැනුනා. මන් නපුරු වෙන්න ඇති. ඒත් එදා මගේ යුසෙන්ව උදුර ගත්ත ඒ කෙල්ල මගේ දිහා බලාන් හිටියේ බය වෙලා. මට ඒක හොදටම තෙරෙනවා.
තව මොනවාද ඉතුරු. හැමදේම අතිතය වෙලා ඉවරයි.
එස්කියුස්මි…
මන් හැරුනේ එදා වගේම හැමදේම අමතක කරලා. මන් පුතුත් එක්ක අම්මලා ලගට ගිහින් බෝනික්කව දූට දුන්නා අනිවාර්යයෙන් යුසෙන් බලාන් ඇති.
ඇත්ත දන්නවා නම් මේ දරුවො එයාගෙ කියලා යුසෙන්ට අමුතුවෙන් කියන්න ඕන නැ. ඒත් එයා ප්රමාද වැඩි. අපි ආයෙත් එකතු වෙන්නෙ නැ. දරුවො එයාලාගෙ තාත්තාව දන්නෙත් නැ. යුසෙන්ට අයිතියකුත් නැ. හැමදේම වෙනස් වෙලා ඉවරයි. යුසෙන් කුලුද් තොර ගත්තා වගේම දරුවො එක්ක අසරන වුන මමත් තෝරා ගැනීමක් කලා.
දෝනි… ජොවෙන් පුතා ඩුබායි ඉදන් එන ගමන් මට කෝල් කලා… පව් එයාත් බය වෙලා… ඔයාට බැන්නාත් එක්ක… එයාත් ආව ගමන්නේ…
තාත්තා කිව්වේ මට තරවටු කරන්න වගේ. ඔව් ඒ මගේ තීරනය. මගේ සජේගෙයි සේජ්ගෙයි ලෝකේ වීරයා. එයාලාගේ පුන්චි කටින් තාත්තා කියන කෙනා. සජේලියා හිරුශාන්යා කෙම්බෙල් සේජ්ලින් සඳුශාන්ය කෙම්බෙල් යන නම් දුන්න මගේ හොදම යාලුවා. ජොවෙන් කෙම්බෙල්.
…….
මතුවට.