හෙදියකට පෙම් කල රෝගියෙකුගෙ ආදරය (කෙටි කතාව)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉපදුනොත් අපි ජීවත් වෙන්නම ඕනි එහෙම නේද… ඒ වගේම ජීවත් වෙනවා කියන්නෙත් ඉතින් ගොඩාක් ප්රශ්න කරදර අභියෝග මැද ඉස්සරහට යන එකනේ කොහොම කොහොම හරි ඔහොම ඉපදිලා ජීවිතේ ගෙවන් යද්දි නොසිතූ ලෙස නොසිතූ මොහොතක මාව රිය අනතුරකට පත් වෙනවා..
පෙර කල බවක් නිසා දෝ මෙහෙම අනතුරක් වුනා ද කියලත් මට එවෙලෙම හිතුනා ඒ තරම් මට නැගිට ගන්න බැරුව හිටියෙ කර කියා ගන්න දෙයක් නැතුව ගෙදර අය මාව රජයේ රෝහල්කට ඇතුලත් කලා
මාව පරීක්ෂා කල වෛද්යවරු කීවෙ නම් එච්චර බය වෙන්න දෙයක් නෑ හැබැයි මාස කීපයක් විතර මෙහෙ නැවතිලා බෙහෙත් කරලා හොද කර ගන්න පුළුවන් වෙයි කියලා
කොහොම කොහොම හරි ඉතින් අන්තිමට මට ඉස්පිරිතාලෙ තනියම මාස කීපයක් ඉන්නම වුනා
කෙමෙන් කෙමෙන් කාලය ගෙවිලා යද්දි මං නැවතිලා හිටපු වාට්ටුවට ලස්සන නර්ස් නෝනා කෙනෙක් ආවා මං හිටපු වාට්ටුවේ ලෙඩ්ඩුත් අඩු නිසා ඒ නර්ස් නෝනට ලොකු වැඩක් කරන්න තිබ්බෙත් නෑ හැබැයි ඉතින් ඒ වාට්ටුවේ හිටපු ලෙඩ්ඩුන්ගෙන් සාත්තු සප්පායන් වැඩියෙන්ම කරන්න ඕනි වුනු ලෙඩා වුනෙත් මම ම තමයි
ඒක හින්දා ඒ නර්ස් නෝනා වැඩිපුරම එන්නත් ඕනි මගෙ ලගමට තමයි ඔන්න එදා තමයි දවස ඒ කියන්නෙ අර ලස්සන නර්ස් නෝනා මුලින්ම මාව බලන්න එන මට සාත්තු සප්පායන් කරන මුල්ම දවස කොහොම කොහොම හරි ඈතින් මට පේනවා සුදට සුදේ ඇද ගත්ත ලස්සනම ලස්සන නර්ස් නෝනා කෙනෙක් එනවා බලද්දි වාට්ටුවට ආපු අර පොඩි ලස්සන නර්ස් නෝනනේ මේ එන්නෙ කියලා මට හිතෙද්දි මගෙ පපුව ගැහෙන්න පටන් ගත්තා
වේදනාවෙන් හිටපු මට මගෙ තිබ්බ අසනීපත් අමතක වුනා ඒ තරමට ඒ නර්ස් නෝනා හරිම ලස්සනයි කතාව කනට මී පැණි වක්කරනවා වගේ මගෙ ඇස් ඒ නෝනා ලගමයි මට කතා කර ගන්නවත් වචන එන්නෙ නෑ අනේ ඒ තරමට මං නර්ස් නෝනා ඉස්සරහා අතරමං වෙලා වගේ කියලා මටම දැනෙනවා
“මට කියන්න බලන්න මේ මහත්තයාගෙ නමයි මේ මොකක් කර ගෙන අනතුරට පත් වෙලා තියෙන්නෙ කියලා ” නර්ස් නෝනා මගෙන් එහෙම විස්තර අහද්දි මගෙ පපුව ඇතුලෙ නිකන් කවුරු හරි දගලනවා වගේ දැනෙනවා
මං නර්ස් නෝනාගෙ කනට විතරක් වගේ ඇහෙන්න මං ගැන මගෙ අනතුර ගැන විස්තරේ කීවා
ඒක අහපු නර්ස් නෝනා ඔලුවෙත් අත ගහ ගත්තා අනේ පව් නේද ඔයා අපි ඉක්මනට අසනීපෙ හොද කර ගමු නේද කියලා මට කියද්දි මං මගෙ හිතෙන්ම හිතුවා අනේ මේ නර්ස් නෝනා හැමදාම මං ලග ඉන්නවා නම් මගෙ හැම අසනීපයක්ම ඉක්මනට හොද වෙයි නේද කියලා
එහෙම හිතපු මං හෙමින් සැරේ නර්ස් නෝනගෙන් මිසී මිසීගෙ නම මොකක්ද කියලා ඇහුවා ඒකට මිසී මට අමුතු හිනාවක් දාලා මං මලීෂා කියලා එතනින් යන්න ගියා
මගෙ නම මලින්ද එයා මලීෂා අපි දෙන්නගෙම නම “ම” යන්නෙන් පටන් ගන්නෙ අනේ අපි දෙන්න හොදට ගැලපෙනවා ඇති නේද කියලා මං මගෙ හිතින් හිතා ගත්තා
ඒයාට කොල්ලෙක් නැතුව ඇති නේද අනේ එහෙම නම් ඉන්න එපා මං ඒයාට කැමතියි අනේ දෙවියනේ ඒ නර්ස් නෝනට නම් කොල්ලෙක් ඉන්න එපා කියලා මං දෙයියන්ගෙන් දහස් වාරයක් ඉල්ලුවා
මට දැන් ඒ නර්ස් නෝනා දකිනකන් ඉවසිල්ලක් නෑ මටවත් දැන් අමතකයි මං ලෙඩෙක් කියලත් ඒ තරමට ඒ නර්ස් නෝනට මගෙ හිත ගිහින්
කොහෙන් කොහොම හරි නර්ස් නෝනා ආයෙ දවසක බෙහෙත් හේත් සාත්තු සප්පායන් කරන්න මගෙ ලගට ආවා මට දැන් නිකන් මොකක්දෝ වගේ
මං කීවා මිසී මට නැගින්න අමාරුයි මගෙ ඔළුවත් රිදෙනවා මිසිට පුළුවන් ද මට කෑම කවලා ඔළුව අත ගාලා දෙන්න
මෙන්න මිසී ගත් කටටම කීවා අයියෝ ළමයා මං කැමැත්තෙන් කෑම කවලා ඔළුව අත ගාලා දෙන්නම් කිවා මට හිතා ගන්න බෑ මිසී මට කැමති ද නැත්නම් කැමති වගේ රගපානව ද කියලා
කොහොම හරි ඉතින් ඒක අහපු මට පට්ටම සතුටුයි
පොඩි මිසීගෙ චූටි ලස්සන අත් වලින් මගෙ බඩට බත් කටවල් යද්දි මට මිසී ගැන පුදුම ආදරයක් ඇති වුනා ඒ සිනිදු අත් වලින් මගෙ ඔළුව අත ගාද්දි මට පුදුම සැනසීමක් ලැබුනෙ
මං ජීවිතේට හොයන්නෙත් අන්න ඒ වගේ ලග ඉදන් මාව බලා ගන්න පුළුවන් ආදරයක්
මිසී මං ලග ඉද්දි මට දැනෙන්නෙම මං පතමු මං හොයපු ආදරේ මට ලැබුනා වගේ කියලයි
ඒත් ඒ ආදරේ මං කොහොමද කියන්නෙ කොහොමද ඒ ආදරේ මං දැනෙන්න දෙන්නෙ කියලා මට හිතා ගන්න බෑ
මේ හැමදේම මං හිතේ තියා ගෙන මගෙ මිසීට මගෙ හිතේ තියෙන ආදරේ දැනෙන විදියට කතා කරා මං මට නැගිටින්නත් අමාරුයි කියලා මිසීගෙ සිනිදු අතින් ආදරෙන් බත් ටිකක් හැමදාම කවා ගන්නවා ඒ තරමට මට ඒ ආදරේ ගොඩාක් වටිනවා
මිසීටත් මං හිතන පතන දේවල් යන්තමට තේරිලා ඇති නේද කියලත් මට හිතෙනවා මොක ද ඒ තරමට මිසිත් මං දිහා බල බල මට කිට්ටු වෙනවා වගේ දැනෙනවා
කොහොම හරි මගෙ පෙර පිනට ද මන්දා මිසී විතරක් තනි වෙච්චි දවසක් ආවා මං නොසිතූ වෙලාවක මිසී මං ලගට ඇවිත් කියනවා මට ටිකක් පාළුයි මලින්ද ඒකයි චුට්ටක් කතා කර ඉන්න ආවෙයි කියලා මාත් එක්ක බර කතාවකට වැටුනා
පෙර ආත්මෙක මුණ ගැසුණු ආදරවන්තයෝ වගේ අපි දෙන්නා ආදරෙන් කතා කර කර ඉන්නවා
දැන් ඉතින් අපි දෙන්නගෙ ආගිය තොරතුරු පවුලේ විස්තර කොහෙද ඉන්නෙ මොක ද කරන්නෙ මේ හැමදේම ගැන අපි කතා බහ කරා
ඒත් මගෙ හිතේ මිසීගෙන් අහන්න හිතෙන නිතරම කකියන දෙයක් තියෙනවා ඒත් මං ඒක මිසීගෙන් අහන්නෙ කොහොමද මං ගැන මොනවා හිතයි ද මට බනී ද මේ වගේ ප්රශ්න ගොඩාක් මගෙ ඔළුවට එනවා
ඒත් මට ඒ ආදරේ ඕනි මං හැමදේම අමතක කරලා අහනවා මට බැන්නත් කමක් නෑ කියලා හිතලා හිතට ධෛර්යය අරන් මිසීට මෙහෙම කීවා
මිසී මට මිසීගෙන් අහන්න දෙයක් තියෙනවා මිසී මට බනින්න එපා මං ගැන වැරදියටත් හිතන්න එපා කියලා “මිසී මිසීට බදින්න කවුරු හරි කෙනෙක් ඉන්නව ද කියලා” ඇහුවා
මිසී එක පාරටම මං දිහා රවලා බලනවා වගේ බලලා මොනව ද ළමයෝ මගෙන් මේ අහන්නෙ ඔයාට පිස්සු ද කියලා
මිසී මට එහෙම කීවාම මගෙ මූණ නිකන් සුදුමැලි වෙලා ගියා වගේ මං අවුල් වෙලා ඉන්නෙ කියලා මිසීට කොහොම හරි තේරුනා
පස්සෙ මිසීම කියනවා අයියෝ ළමයෝ මොකෝ මේ මූණ එල්ල ගෙන ඉන්නෙ මං නිකන් විහිලුවටනෙ කීවෙ කියලා මට එහෙම කවුරුත් නෑ ළමයෝ ඒත් ඉතින් ගෙදරින් නම් මට කෙනෙක් හොයනවා
ඒක අහපු මට සතුට වැඩිකමට ඇදෙන් නැගිට්ටත් එක්ක
හෝ හෝ ළමයෝ මේ මොකෝ මේ කරන්නෙ කියලා මිසී මගෙන් අහද්දි මට කට උත්තර නැති වුනා මං කීවා මිසී දැන් මගෙ අසනීප හොදයි මට ඉක්මනට ගෙදර යන්න පුළුවන් වෙයි නේද කියලා
මිසී කියනවා මලින්දට දැන් නම් හිතේ තිබ්බ අසනීපෙ නම් හොදයි වගේ කියලයි මට නම් තේරෙන්නෙ
මාත් ගත් කටටම කීවා ඔව් ඔව් මිසී මගෙ හිතේ තිබ්බ අසනීපෙ දැන් හොදටම හොදයි ඒ වගේම මගෙ ගතේ තිබ්බ අසනීපත් දැන් හොදයි මිසී
මිසී මං තව දෙයක් අහන්නම් මිසී මං එක්ක තරහ වෙන්න එපා
හරි හරි ළමයා අහන්නකෝ බලන්න
මං මිසීගෙන් ඇහුවා මිසීට බැයි ද ගෙදරින් බදින්න හොයන කෙනා මාව කර ගන්න
මිසී ඒක අහලා ලැජ්ජාවෙන් වගේ අපි බලමුකෝ මලින්ද කීවා
මං ආයෙත් ගත් කටටම කීවා මිසී මං මිසීට ගොඩාක් ආදරෙයි මං මිසීව ගොඩාක් වටිනවා මාව මිසීගෙ කර ගන්නවා නේද කියලා
මිසී ඒකට හිනා වෙලා මලින්ද මුලින් අසනීප ඉක්මනට හොද කර ගන්නකෝ මං මලින්ද යන දවසට ඒකට හොද උත්තරයක් දෙන්නම්කෝ කියලා බලාපොරොත්තුවක් තියලා එතනින් යන්න ගියා
මං ඒ බලාපොරොත්තුව මත ජීවත් වෙවී හිටියා ඉක්මනට අසනීප හොද කර ගත්තා දැන් මට ගෙදර යන්න පුළුවන් ඒත් මගෙ හිතේ පිළිතුරක් නැති ප්රශ්නයක් තාමත් තියෙනවා
මගෙ මිසී මට කැමති ද නැද්ද කෝ උත්තරේ කියලා මං දෙගෙඩියාවකින් හිටියෙ
කොහොම කොහොම හරි මං ගෙදර යන දවස උදා වුනා පොඩි මිසීත් වෙන දට වඩා කලින් වාට්ටුවට ඇවිත් මං මිසීට කතා කරලා කීවා මිසී මං අද ගෙදර යනවා මට ආදරෙයි නේද කියලා
මිසී මට කියනවා ළමයෝ මං ඔයාට ආදරෙයි හැබැයි මාව හොදට බලා ගන්න ඕනි කියලා මගෙ මූණ ඉබලා පරෙස්සමින් ගෙදර යන්න ගිහින කෝල් කරන්න කියලා මිසීගෙ නම්බර් එක දීලා ආදරෙයි කියලා එතනින් යන්න ගියා
ගෙදර අය එක්ක එදා මං සතුටින් ගෙදර ගිහින් ගිය ගමන් ම මිසීට කෝල් එකක් අරන් කීවා මිසී මං ගෙදර අවා මං අපේ ගෙදර අයටත් අපි ගැන කීවා ඒයාලත් ගොඩාක් සතුටු වුනා
හැමදාමත් මං ඔයාව පරෙස්සමින් බලා ගන්නවා කියලා මිසීට පොරොන්දු වුනා
අන්න ඒ වගේ පෙර කල පවකට අනතුරක් වුනත් ඒකම අද මට පිනක් වුනා ඒ අනතුර මගෙ ජීවිතේ වෙනස් කරා මට මගෙ ආදරේ මුණ ගැස්සුවා
අන්න ඒ වගේ අපි නොසිතන මොහොතක අපේ උරුමක්කාරයා අපිට මුණ ගැසෙයි
එතකන් හැමදේම ඉවසන්න
තමන්ගෙ උරුමක්කාරයා ලැබුනු දවසට ජීවිතේ විදින්න ඒ ආදරේ පරෙස්සම් කර ගන්න ආදරේට ආදරේ කරන්න ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න
-කවිශ්ක මධුෂාන්

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!