අපි එතකොට ඒලෙවල්ස් කරනවා.. GIT කියලා
විශයක් තිබ්බා දැනුත් තියෙනවද දන්නෙ නැහ්.. ඔය කාලේ BMICH එකේ එක්ශිබිශන් එකක් තිබ්බ ඉතින් ඒකේ කරන්න පොඩි පොඩි වැඩ තියෙන නිසා අපේ බැජ් එකෙන් කීප දෙනෙක් මිස් එක්ක එහෙට යන්න දාගත්තා.. ප්රිෆෙට්ස්ලට බ්ල්රේසර්ස් දාගෙන එහෙම හැන්ඩියට එන්න කිව්වා.. ප්රිෆෙක්ට්ස්ලා උනු අය දන්නවා ඇතිලේ බ්ලේසර් එක දාගත්තම නිකන් එන ෆීලීන් එක.. අන්න හරි ඈහ්.. ඉතින් අපි වැඩේට වැඩි හරියක් කැමති උනේ ඔන්න ඔය ෆීලීන් එක විදගන්න තියෙන ආසාවට.. මොකද අවුරැද්දටම ඔය බ්ලේසර් එක ඇගේ දාගන්න හම්බෙන්නේ අතේ ඇගිලි ගානට..
ඔන්න දැන් අපි ගමන දාගත්තු දවසේ ගිහින් එතනත් වැඩ කරා.. පුදුම කට්ටක් කන්න තිබ්බේ බ්ලේසර්ස් දාගෙන ගිනි දවාලේ දාඩිය දමාගෙන ආයේ හිතින් බැන බැන ආවේ මෝඩකම කිය කිය ඉතින් කරන්න තිබ්බ ඔක්කොම වැඩ කරා..
හවස පහ වගේ වෙද්දි මිස් ඇවිත් කිව්වා එහෙනම් ඔය ළමයි යන්න ආයේ හෙටත් එන්න කියලා.. මිස්ගේ කටින් ඔය වචනේ පිටවෙනකන් ඇස් කන් අයා බලා හිටියේ අපි.. ඉතින් අපි තුන්දෙනා බෑග්ස් එහෙමත් අරගෙන බ්ලේසස් ගලවගෙන අතට දාගෙන bmich එකේ ගේට් එකෙන් එලියට ආවා..
ඇත්තටම මන් කොළඹ පාරවල් දන්නේ නැහ්… අදටත් මට ගූගල් මැප් එකේ පිහිට තමා.. ඔතන හිටිය එකෙක් යන්තමට පාරවල් දන්නවා.. එ කිව්වේ 120 බස් එක ගන්න දන්නවා.. ඌ දාගෙන හිටියේ පන් මල්ලක් වගේ කට ඇරපු බෑග් එකක්.. ශිප් එකක්වත් මුකිත් නැහ් බඩබොක්කත් පේනවා බෑග් එකේ..
අපි දැන් පාරේ දිගේ ඇවිදගෙන යනවා රටේනැති ඔපේ කියව කියව.. එකපාරටම අර පන්මල්ල ඇදිලා යනවා එක්කම පන්මල්ලේ අයිතිකාරයා අනේ මගේ පර්ස්සෙක අයියෝ හොරෙක්ක්ක් හොරේක්ක්ක් කියලා මරවිලාප දෙන්න පටන්ගත්තා.. තත්පරයක් ගියේ නැහ් ඌ දුවනවා දැන් හොරාගේ පස්සේ.. අපි දෙන්නට වැඩේ මීටර් වෙන්න තත්පර බාගයක් විතර පමා උනා.. මීටර් උනු ගමන් අපි දෙන්නත් ඌගෙ පස්සේ දුවනවා..


හොරැ දෙන්නා කොල්ලෝ දෙන්නෙක් උන් අපිට ඉස්සරහින් දුවනවා පන්මල්ලේ අයිතිකාරයා ඊට පස්සේ හොරෙක් හොරෙක් අල්ලපියෝ ගගා දුවනවා මායි අනිකයි දුවනවා උගේ නම කිය කිය නැවතියාන්න්න් කිය කිය.. මොකද ඇත්තටම ඉස්කෝලේ දුවලා කප් ගහපි එකෙක් පන්මල්ලේ අයිතිකාරයා අපි දෙන්නට පාන් කියාගන්න බැහ්.. පොඩ්ඩක් හිතන්න කොළඹ bmich එකට යන පාරේ පිස්සෝ වගේ යුනිෆෝම්ස් ඇදගෙන බෑග්ස් එල්ලගෙන බ්ලේසර්ස් අතේ එල්ලගෙන යටිගිරියෙන් කෑගගහා දුවන කෙල්ලෝ තුන්දෙනෙක් ගැන 

එහෙන් හැරෙනවා මෙහෙන් හැරෙනවා හැරි හැරි දුවනවා.. විනාඩි පහලවක් විතර අපි දිව්වා.. ඔය අතරේ තව කොල්ලො දෙන්නෙක් අපේ පස්සෙන් දුවගෙන එනවා ඇයි ඇයි නංගි මොකද ප්රශ්නේ දැන් උන්ට උත්තර දෙන්නවත් අපි දෙන්නට නවතින්න බැහ් මොකද පන්මල්ලෙ අයිතියකාරයා මීටර් 100ක ලීඩ් එකක් තියලා තිබ්බේ එතකොටත්.. අපි දුවන ගමන්
හනේ අයියේ හනේ අපේ හනේ අර දුවන හම්මෝහ්හ් යාලුවගේ මට බැහ් පර්ස් එක හොරෙක් ගත්තා අයියේහ්හ්.. හතිදාගෙන ඒ ටික විතරයි දුවන ගමන් කියන්න පූලුවන් උනේ.. අනේ ඉතින් ඒ අයියලා දෙන්නා එක ඇහුවා විතරයි ආහ් නංගි ඔයාල එහෙනම් ඇවිදගෙන එන්න අපි බලන්නම් කියලා අපිව පහුකරගෙන දුවගෙන ගියා.. ඒ වෙද්දි අපි දෙන්නා නිකන් එක තැන දුවන සීන්නෙකේ හිටියේ..
ආයෙම විනාඩි පහකින් වගේ අපි බස්පාරකට වැටුනා අපේ පන්මල්ලේ අයිතිකාරයා පාරේ බිම වාඩිවෙලා ම්නිහා මැරැණු ගැණි වගේ ඉන්නවා ඌගේ වටේ මිනිස්සු වටවෙලා ඉන්නවා.. හොරැ දෙන්නා එතනින් ටුක් එකක් අරගෙන ගිහිල්ලා.. උන්ව මිස්වෙලා අර උදව්වට ආව අයියල දෙන්නා උන්ගේ පස්සෙන් ටුක් එකක් අරගෙන ගිහුන්..
ලැජ්ජාව පැත්තකින් තියලා අපි දෙන්නත් එතනම බිම වාඩිවුනා මොකද හිටන් ඉන්නවත් පණක් තිබ්බේ නැහ් කකුල් ගිටාර් ගහනවා..
දැන් මිනිස්සු වටවෙලා අපිට දෙන්න සල්ලි එකතුකරනවා එක ජන්ජාලයයි වතුර ගේනවා.. පස්සේ ටිකකින් අපි ඒ හැමදෙටම තැන්කිව් එපා කියලා එයලගෙන්ම 120 ගන්න පාරත් අහගෙන ආයේම ආපස්සට එනවා..
කතාකරන්න පුලුවන් උනු වෙලාවෙම පන් මල්ලේ අයිතිකාරයාගෙන් මන් ඇහුවේ
මචන් පර්ස් එකේ කීයක් තිබුනද?
ආහ් මචන්?? (හීනෙන් නැගිටලා වගේ)
ක්ලාස් ෆීස් තිබ්බද ඔක්කොම කීයක් තිබ්බද?
දන්නෙ නැහ් බන්..
අපි කලෙක්ශන් එකක් දාල ඒ ටික හොයාගමු බන් උඹ හිතන්නෙපා අයිඩි එකත් හදවගන්න පුලුවන්නේ..
ආහ් බන් (ආයේ ඇස් දෙක ලොකු කරගෙන)
ඇයි යකොව් උබේ පර්ස් එක නේද ඌ අරන් දිව්වේ??
පර්ස් එක (ඇස් දෙක ලොකුකරගෙන)
ඔව් උබේ පර්ස් එකනේ අරෑ අරන් දිව්වේ??
නැහ් බන් මගේ ඩයිරි එක 

මොන &/):&://@$;@/@/ 









ඒක මට පර්ස් එකට වඩා වටිනවා බන් 

මීටර් ගානක් හතිදාගෙන දුවලා තියෙන්නේ ඩයිරියක් වෙනුවෙන් කියලා දැනුන සතුට මට අකුරැ කරගන්න අදටත් හරි අමාරැයී..
ඉන් පහුවදා ඉස්කෝලේ ගියා රැසිවිම ඉවරවුනු ගමන් සීනියර් එකෙක් ආවා නම් තුන කිව්වා ප්රිෆෙක්ට්ස් මීටින් කිව්වා අපි තුන්දෙනාට රතු එළි කැරකැවුනා..
සිනියර් ප්රිෆෙජ්ට්ස් ලායි ජුනියස්ලයි මිටිමේ ඉන්න අතරේ අපි තුන්දෙනාව ඉස්සරහට අරගෙන hp ඇහුවේ
ලැජ්ජා නැද්ද නංගිලා තමුන්ලට බ්ලේසස් අතෙ දාගෙන යුනිෆෝම්ස් ඇදගෙන කොළබ පාරවල් වල කොල්ලෝ පස්සේ දුවන්න.. ශික් ලැජ්ජයී..
හික් ගෑවුණා 



################