හොස්ටල් සාස්පානේ කතාව (ඉස්කෝලේ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඔන්න ඉතින් මං ගියේ කොළඹ ප්රසිද්ධ පෙලේ පිරිමි පාසලකට.ගියා විතරක් නෙමෙයි 6 වසරේ ඉදලා 11 වෙනකන්ම ඉස්කොලේ හොස්ටල් තමා ඉදියේ.ඒ කාලෙ ඉතින් දවසට 3 4 පාරක් ලොවෙත් ගුටි කනවා.අපි ඒ කාලෙ කරපු දහපදුරා වැඩ වලට එහෙම නොකලත් බෑ කියලා දැන් තමා හිතෙන්නෙ.ඒ තරම් අමු කුප්ප වැඩ කලේ.අපේ හොස්ටල් එකේ ඉදියා ඔය හොස්ටල් එකේ ගණං මිනුං බලන්න.කොල්ලන්ව කාලසටහනට වැඩ කරවන්න තව ඉතින් ඔය කෑම බීම ඉදලා හැම දේම නාඩියට අධීක්ෂණය කරන්න ඩයල් එකක්.පොර අපේ වෝර්ඩ්න් සර් කියලා තමා කිව්වේ.නැති තැන කිව්වෙ වොඩා කියලා පොර හොදට ඇග පත තිබ්බ 6 4 ඩයල් එකක්.සුදුයි හරියටම බැරැක් ඔබාමා ගේ සුදු වර්ෂන් එක වගේ.මළ පැන්නම ඉතින් හනුමා ආවෙස උනා වගේ තමා නෙලනවා අහු වෙන ඕනි එකෙක්ට අහුවෙන එකකින්.
මේ කතාව යන්නෙ පොර වටේ.අපි එතකොට 10 වසරේ ඉදියේ.අපේ වොඩාගේ ගෙදර අයත් හොස්ටල් එකටම අල්ලලා හදපු උඩ තට්ටුවක තමා ඉදියේ.පොරයි පොරගේ ප්රියම්භිකාවයි දූලා දෙන්නයි.එක දුවෙක් නම් අපේ වයසේ අනිත් දූ නම් ඒ කාලෙ සෑහෙන පොඩියි.කොහොමහරි හොස්ටල් වල උයන හැටි දන්නවා නේ.දඩ සාස්පානක් තමයි බත් උයන්න තිබ්බේ.ඕක ඉතින් හෙන සයිස් හින්දම හැමදාම රෑට උයලා කරලා ඉවර වෙලා හෝදලා කුස්සිය ළග නමලා තියෙනවා.හැමදාම මේක මෙහෙම තියෙනකොට අපිට ඉතින් නිකම් ඉන්නම බෑ.දවසක් රෑ වැඩක් දෙන්න හිතා ගත්තා.
වැඩේට සෙට් වුනේ මායි තව මගේ වයසෙම කොල්ලෙකුයි බණ්ඩා කියලා ඌට කියන්නේ.ඌයි තව 11 වසරේ අයියලා දෙන්නෙකුයි සෙට් වුනා.රෑ 11 ට වගේ ඇති.ඔය වෙලාවට පොර නිදි.ඉදලා හිටලා තමා වටයක් දාන්න යන්න එන්නෙ.10 30 වෙද්දි ලයිට් ඕෆ් වෙන්න ඕනි හින්දා මහ රෑට පාඩම් කරන තැන ඉන්න ඉත්තෑවෝ ඇරෙන්න අනිත් ඔක්කොම නිදි.මොකද උදේ 5 ට ඇහැරෙන්න ඕනි නැත්තන් ගුටි තමා.අපි 4 දෙනා එක්ක ගිහින් අර ලොකු සාස්පාන උස්ස ගත්තා.පොරගෙ ගෙදර තිබ්බෙ උඩ තට්ටුවක නේ.ඔය තට්ටුවට නගින පඩිපෙල තිබ්බෙ එළියේ.කුස්සිය ළගින්ම උඩට යන්න තිබ්බෙ.අර තඩි සාස්පාන උස්සගෙන පඩිපෙල උඩටම අපි නැග්ගා.දැන් කොහොමහරි අපි පොරගෙ ගෙදර දොර ගාව.ඊට පස්සෙ බණ්ඩා ඉද්දි අපි 3 දෙනා හිමිට පඩිපෙළින් පහළට බැස්සා.දැන් ඉතින් ඉතුරු ටික තියෙන්නෙ අරූගෙ අතේ.අපි දුවන්න ලෑස්ති වෙලා ඉන්නෙ.සැරසේන් ඔක්කොම හම්බෙලා අරූ වෙඩිල්ල තියනකන් ඉන්නෙ.මූ පඩි 3ක් 4ක් බැහැලා ඒමම සාස්පානට පොඩි ටච් එකක් දීගෙන පල්ලෙහාට අඩියෙන් දෙකෙන් පැන්නා.අර තඩි සාස්පාන පඩිපෙල දිගේ ඩිං! ඩිං! ඩිං! ඩිං! ගාලා මහා සද්දෙන් පෙරළිලා දඩ බඩෝන් ගාලා බිමට පාත් වුනා.
ආයෙ මොනවද ඉතින් සේරම පුරුෂ ශක්තිය කකුල් දෙකේ.දිව්වා දිවිල්ලක් ආයෙ හොයන්න බැරි වෙන්නම.අර අයියලගෙ කාමරේ තිබ්බෙ උඩ.උන් උඩට දිව්වා.මාත් මගෙ ඇදට පැනලා නිදිවගේ ඉදියා.බණ්ඩත් එහා පැත්තෙ ඇදට පැන්නා වගේ දැක්කා.විනාඩියයි ගියේ අරූ ආවෙ නිකම් උතුරු කොරියාව අත්හදා බලපු අලුත්ම බැලස්ටික් මිසයිලයක් ධවල මන්දිරේ ලැට් එකට වැටුනා කියලා දැනගත්ත ඩොනල්ඩ් ට්රම්ප් වගේ.ඒ වෙද්දි රෑට පාඩම් කරලා ඉවර වෙලා දත් මැදලා එහෙම ඇවිල්ලා තිවංක කියලා කොල්ලෙක් නිදාගන්න ඇද හදනවා.ඌ මේ හාංකවිංසියක දෙයක් දන්නෙ නෑ.වොඩා ආවේ පොරගේ නිල් පාට සරමක් තියෙනවා.ඕකත් ඇට මට්ටමටම කැහැපට ගහගෙන.නිදිමතේ කලබලේට අහුවෙලා තිබ්බෙ පුටු කකුලක්.අර ඇද හද හද ඉදපු එකාට ගැහුවා ගැහිල්ලක්! පලස්තීනෙට ඊශ්රායලෙ රොකට් ප්රහාර ගහනවා වගේ.විනාඩියක් විතර එක දිගටම ඇදට දාගෙනම කෙලියා.
එහෙම්මම ගියා පාඩම් කරන උන් ඉන්න තැනට.අපිට සද්දේ ඇහෙනවා.මට ගහන්නෙ ඇයි සර්.මොන මගුලක්ද කියලා කොල්ලො දුවනවා.ඔය අස්සෙ බණ්ඩා නිදාගෙන තියෙන්නේ හදිස්සියට උගෙ ඇදේ නෙමෙයි.වෙන ඇදක.සිද්ධිය වෙන අතරේ මූ ගිහින් උගේ ඇදේ නිදි.වොඩා ආයෙම ආවා.පොරට මීටර් වුනා අරූ ඉන්නෙ වෙන ඇදක කියලා.ඌටත් ගැහුවා ගැහිල්ලක්😂 ඌ නිදි වගේ ඇයි…….. ම්ම්……. ඇයි…… ගානවා😂 කරන්න දෙයක් නැතුව.
කොහොමහරි ඔය සිද්ධියෙන් පස්සෙ ඇද මාරු කරපු නිසා අරූව සැක කලා.සතියක් විතර දකින දකින තැන අරූට ගහනවා.උදේට නැගිටින්න විනාඩියක් පරක්කු වුනත් ගුටි තමා😂
-ශාමින්ද ජයරත්න-

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!