ඉස්කෝලේ කාලේදි මමයි මගෙ යාලුවයි කරපු වැඩක්
එතකොට අපි දෙන්නා 7හරි 8හරි.අපේ ක්ලාස් එක තිබුනේ පාර පැත්තට වෙන බිල්ඩින් එකේ.අපි දෙන්නා හිටියෙත් අයිනේ ජනේලයක් ගාව.දවසක් අපි ප්රැක්ටිස් ඉවර වෙලා අපේ ඉස්කෝලේ ඉස්සරහ තියෙන බොක්ස් එකෙන් කෝල් එකක් ගන්න ගියා.රුපියල් 5 දැම්මේ.ඒත් ඒක හිර උනා.කෝල් එක ගන්න ලැබුනෙත් නෑ සල්ලි ආවෙත් නෑ.ඒ කාලේ රුපියල් 5ක් කියන්නෙ අපිට 50ක් වගේ. දෙන්නටම මල ඉතිං.කොහොම හරි බැන බැන මිනිස්සුත් එවෙලේ වැඩිය නැති නිසා ගැහුවා ෆෝන් බොක්ස් එකට දෙක තුනක්ම.මෙන්න රුපියල් 5 වැටුනා.ඒ එක්කම දවස තිස්සෙ හිර වෙලා තිබුන සල්ලි ටික ඔක්කම වැටුනා.
මිනිස්සු ලගින් යද්දි කෝල් එකක් ගන්නවා වගේ ඉදලා,ගියාම පුලුවන් තරම් තඩිබාලා සල්ලි ටික අරන් එතනම තිබුනා එම්ප්යාර් එකට ගිහිං කන්න ආස කෑම අරන් කෑවා.බඩ උස්සගන්නත් බෑ.ගත්ත ඒවත් වැඩිත් එක්ක.ඒ තරම් පෙරේතකම.හතර මහ නිධානය පහල උනා වගේනේ අපිට ඉතිං ඒක නෙවේ හොදම දේ
අපි ඊලග දවසේ ඉස්කෝලේ ගියාම අපි දෙන්නගෙ සිහිය ෆෝන් බොක්ස් එක.අපේ ක්ලාස් එක ඉස්සරහම පාර එහා පැත්තේ ඔය බොක්ස් එක තියෙන්නෙ.උදේ ඉදන් ඕක දිහා බලාන් හිටියේ.මිනිස්සු එනවා සල්ලි දානවා යනවා.ඇයි ඉතිං ඔක්කම හිර වෙනවා.අපි දෙන්නගෙ සතුට කියලා වැඩක් නෑ.අපි කරන්නෙ ඉස්කෝලේ ඇරුනම හවස් වෙලා ප්රැක්ටිස් ඉදලා ගිහිං ඕකට පුලුවන් තරම් තඩිබාලා බාලා සල්ලි අරන් ගිහිං හොදට කන එක.උපරිම දවස් 3ක් 4ක් ඕක කරන්න ඇති.
දවසක් ක්ලාස් එකේ ඉදන් බලාන් ඉද්දිම ආවා බයික් එකකින් කොල්ලෙක් කලු ජැකට් එකක් එහෙම දාලා.ගියා ෆෝන් බොක්ස් එක ලගට.මොකක්ද බෑග් එකක් අරන් මොනවද කරනවා.උගන්වන අස්සෙ අපිට ඕකම බලන්න බෑනේ.ටිකකින් මනුස්සයා මිසින්.අනේ ඉතිං අහිංසක අපි එදත් හවස ගියා.ගිහිං ගහනවා ගහනවා එක සතයක් ආවේ නෑ.බැලින්නම් අර යකා ඇවිත් තියෙන්නෙ ෆෝන් බොක්ස් එක හදන්න.එ යකාටත් හොදටම බැන බැන අපි ගියා යන්න ඉතිං.අපරාදේ හොදට කන්න තිබුන චාන්ස් එක.
-ශානි ගුණරත්න