100m රෙකෝඩ් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම මේ කියන්න හදන්නෙ මීට අවුරුදු බරගානකට කලින් පාසලේ 10 ශ්රේණියේදි ලබපු අත්දැකීමක්. අවුරුද්ද නොකියා ඉන්නම්.
ඒක කිවුවොත් මගෙ වයස හදාගෙන මේක කියවන ඇච්චො බැච්චො මට සීයේ, මාමේ කිය කියා කතා කරන්න ගණියි..
ඒ කාලෙ ඉස්කෝලෙදි සනත්, බුද්ධි, ශ්යාම, සන්දේ, මම අපි කට්ටිය එකටමයි හිටියේ. අපේ පන්තියෙ අපේ නිශ්චිත තැනට වඩා අපි ගැවසුනේ පිටිපස්සෙම පේලියේ.
කොළඹ අපේ පාසලේ නමින්ම වෙන් උන මාවතක් අයිනේ බිල්ඩිමක දෙවෙනි මහලේ තිබුණ අපේ පන්තියේ පිටිපස්සෙම පේළිය සෑහෙන ඉල්ලුමක් තියෙන පේලියක්.
එතන පැයක් හිටියොත් දනිස්සෙන් අඟල් දහයක් විතර උඩට කොටට කොටේ කලිසම් ඇඳගෙන යන කොළඹ නෝනලා කීප දෙනෙක්ම දකින්න ලැබෙනවා. ඒ කාලේ ඒ දසුන අද විනාඩි පහේ වීඩියෝ කෑලි දහයකට වඩා වටිනවා..
ඊටත් වඩා, මොබයිල්, ඉන්ටනෙට් ආදී පහසුකම් නැති ඒ කාලේ සෞඛ්යය විෂයට අදාල නොවූ නමුත් සෞඛ්යයට අදාල ප්රායෝගික ක්රියාකාරකම් සහිත දේශීය පුවත් පත් වගේම විදේශීය සඟරාත් පිටුපස පේලියේ පුස්තකාලය සතුව තිබුණා..
ඉතින් ඔය විදිහේ ඉගෙනීමටම කැපවූ පාසල් කාලය අතරතු⁣ර දවසක් අපේ පන්තියට උසස් පෙල පන්ති වල ඉන්න අයියලා දෙන්නෙක් ආවා.
“මල්ලිලා, ……. හවුස් එකේ අය නැගිටින්න”
බොලේ අපේ නිවාසෙ අයියලා. ගැම්මට නැගිට්ටා.
“මේ පාර ඉන්ටහවුස් බොක්සිං මීට් එකට ගහන්න කැමති කවුද..?”
මොන හු&%&
කවුද යකෝ මාව තල්ලු කරපු එකා..
“ආ මල්ලි එන්න එන්න..”
අයියා කෙනෙක් මගෙ අතින් අල්ලා ගත්තා කියහල්ලකෝ.
“මල්ලි නම මොකක්ද….
හරි, උපන්දිනේ….
රායිට්, මල්ලි හෙට උදේම එන්න වේට් එක බලන්න. මොන වෙට් ගෲප් එකටද වැටෙන්නෙ කියලා බලන්න ඕනි…
මල්ලි මීට කලින් බොක්සිං කරලා තියෙනවා නේද…
මේ දවස්ටිකේ ප්රැක්ටිස් කරපං හොඳේ…”
මොකක්ද උනේ කියලා තවමත් හීනයක් වගේ. අපේ උන් දැන් බිම බලාගෙන හිනාවෙනවා. ඒ අතරෙ අපේ මුදි ්ය සර් උගන්නන එක නවත්තලා බලාගෙන ඉන්නවා.. ඇයි අපේ උන්ගෙ හිනාව සර්ගෙ කටේ සද්දෙ ඉක්මවලා…
“මේ.. තමු⁣න්ලගෙ හිනාව නවත්ත ගන්නවද….?”
හිනාව නැවතුණේ නැතත් සර් ආයෙත් වැඩ පටන් ගත්තා..
එදා දවස ගෙවුනා කියමුකෝ..
පහුවදා උදේ ඉස්කෝලෙ පටන් අරගෙන පැයකට විතර පස්සෙ අර අයියලා දෙන්න ආවමයි මතක් උනේ යකෝ අද බර බලන්න එන්න කිවුවා නේද කියලා.
හරි.. ඔන්න ඉතින් බර කිරන්නත් ගියා. ඒකත් ලේසි කෙලියක් නෙමෙයි..
යට ඇඳුම විතරක් ඉතුරු වෙද්දි අනෙක් ඇඳුම් සියල්ල ගලවන්න ඕනි.
ලැජ්ජා බයට හැදුන අපිට එහෙම කරන්න පුළුවනිද තවත් අය ඉස්සරහා.
ගලවන්න කියනකොට ගලවලා ඉවරයි. අන්තිම එක ගලවන්න හදනකොට යන්තම් අයියා කෙනෙක් පැනල “ඔය ඇති යකෝ….” නොකියන්න තත්පරෙන් ඒකත් බිම..
අතරමැද දින ටික fast forward යවමුකෝ. විශේෂයක් නැති සතියක්. ඒත් ඒ හැමදාම අර අයියලා ඇවිත් “මල්ලි උඹ ප්රැක්ටිස් කරනවා නේද…..?”කියලානම් ඇහුවා.
අන්තිමට මීට් එක දවස ඇවිල්ලයි කියහන්කෝ. කලින් දවස් දෙකක් ඉස්කෝලෙ ආවෙ නැති මම කෙලින්ම මීට් එක දවසෙ ඉස්කෝලෙ ආවමයි දන්නෙ අදයි කෑම කියලා.
මොනවා කරන්නද…
පන්තියෙ අනෙක් උන් ඉස්සරහත් පොර ටෝක් දීගෙන හිටියේ මේ පාර මගෙ වේට් එකේ මෙඩ්ල් එක ගහනවාමයි කියලා..
අන්තිමට යන්තම් ෂෝටකුයි, දත් සහ අනාගතේ ප්රවේසම් කරන උපකරණයි අමාරුවෙන් හොයාගෙන මීට්එකටත් සෙට් උනා කියමුකෝ..
” මල්ලි.. උඹේ බෞත් එකට සෙට් වෙලා ඉන්නෙ after O/L එකෙක්. ඌ ගිය පාරත් ගැහුවා. මේ පාර උඹ ගහපන්..”
අම්මට හුඩු.. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්, ගියපාරත් මෙඩ්ල් ගත්තු එකෙක්…
දැන් කකුල් දෙක මැන්ඩලින් ගහනවා. අරෙහෙන් warmup කරන්නලු. මොන වොම්අප්ද.. සියොලඟ දහඩියෙන් නෑවී ඇත…
ඒඅස්සේ අපේ හවුස් එකේ නායකයාත් ඇවිත්. මිනිහා තමයි අපේ 100m රෙකෝඩ් එක තියපු පොර…
වෙලාව හරි. මගෙ බෞත් එකට කෝල් කෙරුවා. නැග්ගා.කියමුකො boxingring එකක් ඇතුලට ජීවිතේ පලවෙනි වතාවට.
දැන් අපේ හවුස් එකේ අයියලගෙ හිතේ මූ ගේම දෙයිම තමා කියලා.
එහෙමනේ ඉතින් මගෙ ඇක්ටින් පාර තිබුනේ..
හරි ලෑස්තියි. ටකේ වැදුණා..
මැද විනිසුරුගේ හඬ
“බොක්ස්…….”
මොන බොක්ස්ද යකෝ..
අරූ එනවා කුළු මීමෙක් වගේ…
( ඒමොහොතේ මගේ ඇඟට ආපු ජවය මතක් වෙද්දි අදටත් ඇඟට මාර ගටක් එනවා…)
ප්රේක්ෂකයින්ගේ ජය ඝෝෂා මැද…
කොයිතරම් වෙලාවක්ද මතක නෑ හිතවතුනි….
ආපහු හැරුණා….
දිවුවා….
එකම පාරයි පින්වතුනි ප්රතිවාදියා කෝ කියලා බැලුවේ..
උගේ දකුණු අතේ ග්ලවුස්එක නිල්පාටයි කියලා විතරයි දැක්කේ.
ඊට පස්සෙ පෙණුනේ අළුත් සෞරග්රහ මණ්ඩලයක ග්රහලෝක ටිකක් වටා යන උපග්රහයන් ටිකක් විතරයි..
ටික වෙලාවකින් අමාරුවෙන් ඔළුව ඉස්සුවා… වටපිට බලනකොට මම ඉන්නවා ප්රථමාධාර ඒකකයේ ඇඳක් උඩ.
මගේ ලගම අපේ නිවාස නායකතුමා..
“නියමයි මල්ලි….”
මෙන්න බොලේ මූ එක පාරින්ම කෙලඋන මට නියමයි කියලා තට්ටුවකුත් දැම්මා.
අමාරුවෙන් ඔළුව උස්සලා ඇහුවා
“ඇයි අයියේ නියමයි කිවු⁣වෙ…?”
….” නෑ මල්ලි, තව තත්පරයක් ගියානම් උඹ මගේ 100m රෙකොඩ් එක කඩනවා.. වෙල්ට්රයි……”
ඩෝං……
ප.ලි.
මේ බව එදා මගෙ ලඟම හිටිය පාසල් මිතුරන් පවා නොදන්න බව කරුණාවෙන් සලකන්න….
අර මම නම් කියාපු සමහර මිතුරන් අද ලංකාවෙ ඉතා ඉහලින් බුහුමන් ලබනා අය නිසා මෙය පිළිබඳව දැනුවත් වී ඔවුන්ද අභිමානයට පත්වීම වැලැක්වීම ඔබගේ යුතුකමකි..
උපුටා ගැනීම: Lakmal Wijayawickrama

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!