2017 දී ඩ්‍රෝන කැමරාවලට හසුවුණු පුදුමාකාර ඡායාරූප 20 ක් (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

තවදුරටත් සාමාන්‍ය කැමරාවන් මගින් ඡායාරූප ලබාගැනීම තමන්ට ප්‍රමාණවත් නොවන බව සමහරු හිතනවා. ඒ නිසා දැන් එයාලා අසාමාන්‍ය අවස්ථා රූපගත කරන්න පුලුවන් ඩ්‍රෝන යානා භාවිතයෙන් ඡායාරූපකරණයට යොමුවෙනවා.

2017 වසරේදී ඩ්‍රෝන් කැමරාවලින් ලබාගත් වඩාත් ආකර්ෂණීයම ඡායාරූප පෙළක් තමයි අද අපි ඔයාට අරගෙන ආවෙ. ඡායාරූපකරණය ගැන උනන්දුවක් දක්වන ඔයාට මේවා ගොඩාක් වැදගත් වෙයි කියලා අපි හිතනවා.

01.
“බල්ගේරියාව සහ ඉතාලිය අතර තරගය මේ දැන් ඉවරයි. ඇදහිය නොහැකි ගිනිකෙළි වලින් මුළු ක්‍රීඩාංගණයම ආලෝකමත් වුණා. හැමෝම ක්‍රීඩාංගනය සින්දු කියමින් නැටුවා. මේක කිසිදාක අමතක නොවන සිදුවීමක්.” (සොෆියා, බල්ගේරියාව)
02.
පාරාදීසයකදී ගත් විශිෂ්ට ඡායාරූපයක්. මේ තමයි බ්‍රසීලයේ ෆිගියිරා මුහුදු වෙරළ. දකුණු පැත්තේ තියන හිරු, රන්වන් වැලි හා මේ සුන්දර පරිසරය තරම් සතුටු හිතෙන දෙයක් තවත් තියනවද?
03.
වියට්නාමයේ මෙකොං ඩෙල්ටාව – වතුරේ හැදෙන ලිලී මල් එකතු කරන කාන්තාවක්.
04.
ඉන්දුනීසියාවේ බාලි ජාතික උද්‍යානයට රාජාලියෙකු පියාසර කරන අවස්ථාවක්
05.
ඇමරිකා එක්සත් ජනපදය – හිරු බැස යන වනාන්තරය හරහා විහිදුණු දිගු මාර්ගයක්.
06.
“මේ මගේ ඩ්‍රෝන් යානයෙන් ගත් මුල්ම ඡායාරූප වලින් එකක්. ඡායාරූපකරණයට මගේ කැමැත්ත වැඩි වුණේ මින් පසුවයි. දැන් මම අලුත් විදියට අහඹු පින්තූර ගන්න උත්සාහ කරනවා.” (ලගූනා බීච්, කැලිෆෝනියාව)
07.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි – A380 ගුවන් යානය එහි මුල් ප්‍රමාණයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ජීවමාන මල් හා පැළ මිලියන 5 කට වඩා භාවිතා කරලා තියනවා.
08.
යුක්රේනයේ සුදු පාට දෙසැම්බරය
09.
පෝලන්තයේ විදුලි කුළුණක් මත කූඩුවක් හදාගත් කුරුළු පවුලක්
10.
“මීදුමෙන් ගොඩනැගිලිවල මුදුන් පමණක් පෙනෙන ඡායාරූප දැකපු දවසේ ඉඳන්, මගේ නගරයෙත් ඒ වගේ ඡායාරූපයක් ගන්න මට ඕන වුණා. මම බ්‍රසීලයේ පරානා නගරයේ සංකේතය වන මාරින්ග් ආසන දෙව්මැදුර අසල ප්‍රදේශයේ ඡායාරූප ගත්තා”
11.
ස්ලොවේනියාවේ දෙවියන්ගේ මවගේ නවාතැන
12.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි – ක්වොඩ් බයික්
13.
රුසියාවේ මොස්කව් – මර්කරි සිටි ටවර්හි වැඩ කරන කාර්මිකයන්
14.
“යාලුවනේ, අපේ පිටුපසින් තල්මසෙක් පීනනවා! මේ තරම් පුදුම හිතෙන පින්තූරයක් මම කවදාවත් අරගෙන නෑ!” (කැලිෆෝනියාව, ඇමරිකා එක්සත් ජනපදය)
15.
දකුණු අප්‍රිකාවේ උදේ හිරු එළිය තියන වෙලාවේ වතුර බොන එළදෙනුන්
16.
කොලොම්බියාවේ ටාටාකෝවා කාන්තාරය
17.
ප්‍රංශයේ දවේයර්-මොන්ටන් හි වර්ජින් මේරි ප්‍රතිමාව
18.
ආජෙන්ටිනාවේ මිෂනාරි – “Devil’s Throat” දිය ඇල්ලේ හිරු උදාව
19.
“උදේ පාන්දර, ටිකක් මීදුම සහිත සන්සුන් මුහුදක්. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වෙරළ තීරයේ, සීල් මත්ස්‍යයන්”
20.
“ආක්ටික් ප්‍රදේශයේ ගවේෂණයේ දී, අපට මීටර් කිහිපයක් ඈතින් පිහිනමින් සිටි හිම වලසෙක්. මේ තමයි ඉනුක්ටිටුට් හි නානුක් ලෙස හැඳින්වෙන මහා හිම වලසා. ආක්ටික්හි රජු ලෙස හැඳින්වෙනවා.” (කැනඩාව)

මේ අතරින් ඔයා වැඩිපුරම කැමති මොන පින්තූරවලටද? ඔයාගෙ අදහස් අපට කියන්න.!

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!