2019 අ.පො.ස. උසස් පෙල විභාගයේ කඩඉම් ලකුණු මීට දින කීපයකට පෙර නිකුත් විය. විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වූ හේතුවෙන් කඩඉම් ලකුණු නිකුත් වූයේ Z අගයන් 2ක් පාදක කර ගනිමිනි. මෙහිදී මහනුවර, කොලඹ, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල විෂයන් තුනට A සාමාර්ථ ලබාගත් එනම් AAA ලබාගත් සිසුන් පවා වෛද්‍ය පීඨ වරම් නොලැබීම නිසා බලවත් අසාධාරණයක්ට ලක් වී සිටී. AAA ලබාගත් සිසුන් මෙන්ම එම සිසුන්ගේ Z අගයට වඩා ඉහල Z අගයක් ලබාගත් ඉහල ප්‍රතිඵල හිමි සිසුන්ට පවා වෛද්‍ය පීඨ වරම් අහිමි වී යාම ඉතාමත් කණගාටු දායක කරුණකි.
මේ ඛේදනීය තත්වය පිලිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බොහෝ වාරයක් දැනුවත් කලද Z ලකුණු සංසන්දනය කරමින් එය පැහැර හැරීමට වෙර දරන බව පෙනී ගොස් ඇත.
ජනාධිපතිතුමන්ගේ ඉතා විශිෂ්ට සංකල්පයකට අනුව වෛද්‍ය පීඨ ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව ඉහල දැමුවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙවර කඩඉම් ලකුණු නිකුත් කර ඇති ආකරයට AAA සහ ඊට වැඩි z අගයන් සහිත විශිෂ්ට ප්‍රතිපල ලබාගත් සිසුන්ට නව හා පැරණි විෂය නිර්දේශ දෙකෙන්ම වෛද්‍ය පීඨ වරම් අහිමි වී ඇත.
මෙවර කඩඉම් ලකුණු නිකුත් කිරීමේදී බොහෝ අක්‍රමිකතා සිදුවී ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇත. දැනට දිවයින පුරාම පැරණි නිර්දේශයේ AAA හා ඊට ඉහල z අගයන් ලබාගෙන ඉහල ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් අහිමි වී සිටින සිසුන් ප්‍රමාණයට වෛද්‍ය පීඨ ප්‍රවේශය ලබා දීම කලහැකි දෙයකි.
මන්ද යත්, 2006 වසරේදී එනම් ශ්‍රී ලංකාව කුරිරු යුද්ධයේ උච්චතම අවස්ථාවන්ට මුහුණ දීමෙන් පැවතිය දී මෙවැනි අර්බුදකාරී තත්වයකට පිලියම් ලෙස රජරට වෛද්‍ය පීඨය විවෘත කර ඇත්තේ පෙර සූදානමක්ද නොමැතිවය. තවද 2011 වසරේ මෙලෙස ද්විත්ව නිර්දේශ ගැටලුවට මුහුණ දුන් සිසුන් පිරිසකටද රජයේ මැදිහත් වීමෙන් වෛද්‍ය පීඨ ප්‍රවේශ පත්‍ර සංඛාව වැඩි කර ඇත.
පෙර ද අර්බුදකාරී තත්වයන්ට මුහුණ දුන් සිසුන් වෙනුවෙන් සාධාරණය කටයුතු කල අයුරින් මෙවරද AAA හා ඊට ඉහල z අගයන් ලබාගෙන ඉහල ප්‍රතිඵල හිමි වෛද්‍ය පීඨ වරම් අහිමි වී සිටින සිසුන් හට වෛද්‍ය පීඨ ප්‍රවේශය සදහා ඉඩ ප්‍රස්තාව ලබා දී ඔවුන් හට සාධාරණයක් ඉටු කර දෙතැයි අසාධාරණට පත් සිසුන් අපේක්ෂා කර සිටියි.