” පුරුද්දක් ගොඩනගාගෙන එය ස්ථිර ජීවන රටාවක් බවට පත්කරගන්න ”
ඔයා කැමතියිද මොකක්මහරි හොද පුරුද්දක් ඇතිකරගෙන ජීවිතය වෙනස් කරගන්න ? එහෙනම් මේ 21/90 නීතිය ඔයාට අනුගමනය කරන්න කදිම නීතියක්.
මොකක්ද මේ 21/90 නීතිය කියන්නෙ ?

මේ නීතියට අනුව අපෙ ජීවිතයට යම්කිසි පුරුද්දක් ඇතිකරගන්න දවස් 21ක් ගතවෙනවා.ඒ පුරුද්ද නොකඩවා දවස් 90 විතර සිදුකරගෙන යාමෙන් එය ජීවන රටාවේ කොටසක් බවට පත්වෙනවා.
ඔන්න ඉතින් පාඩම් කරන්න බැහැ කම්මැලි කියලා හිතෙන අයට අනුගමනය කරන්න හොදම නීතියක් තමයි මේ…
(1) ඔයාගෙ අරමුණ පැහැදිලිව හදාගන්න.
ඔයාට හදාගන්න ඕන කරන්නෙ මොනවගෙ පුරුද්දක්ද කියලා තීරණය කරන්න.ඒක ඔයාගෙ අරමුණට ගැලපෙන්න ඕන.ඔයාගෙ අරමුණ ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න එක නම්, ඒ වෙනුවෙන් පුරුද්දක් සකස් කරගන්න.උදාහරණ විදියට :
” මම හැමදාම දවසකට පැය දෙකක් පාඩම් කරනවා, මම හැමදාම උදේ නැගිටලා පාඩම් කරනවා “ වගේ ඔයා කැමතිම පුරුද්දක්.
ඊට අමතරව ඔයාගෙ ප්‍රධාන අරමුණ පැහැදිලිව ලියලා පාඩම් කරන මේසය ලග තියාගන්න.නැත්තම් ෆෝන් එකෙ ,ලැප්ටොප් එකේ තිරයට දාගන්න. ඒක ඔයාට වැඩ පටන් ගන්න හොදම අභිප්‍රේරණයක්.
(2) සරල සැලැස්මක් හදාගන්න.

” සැලැස්මක් නැති අරමුණක්, දිශාවක් නැති නැවක් වගෙයි ”
ඒකට හේතුව වෙන්නෙ දිශාවක් නැතිව යන නැව ගොඩබිමකට වාසනාවකට වගෙ යන්නත් පුලුවන් නැත්තම් ගොඩක් දුරට විනාශ වෙන්නත් පුලුවන්. ඔයාගෙ අරමුණ එහෙම ලේසියෙන් විනාශ වෙන්න දෙන්නෙ කොහොමද ?
අරමුණට යන විදිය සැලසුම් කරන්න. මහා පරිමාණයෙන් හිතන්නෙ නැතිව ඔයාගෙ මට්ටම අනුව ඉතාමත් සරල හරිම ආස හිතෙන විදියට සැලසුමක් හදන්න.
මොනවද මේ සැලසුමට එකතු වෙන්න ඕන දේවල් ?
පාඩම් කරන්නෙ කොහොමද , මොනවද ඔයාට පහසුම , ඔයාට සංකීර්ණ මොනවද , පාඩම් කරන වෙලාවන්.. මේ වගෙ දේවල් තව එකතු කරගන්න.
(3) අවධානය සහ කැපවීම.

හොද අරමුණක් තියනවා. විශිෂ්ට සැලසුමක් තියනවා.දැන් වැඩ කරන්න අවධානය ලබාදෙන්න.අරමුණ වෙත යන්න අරමුණ කුඩා කොටස් වලට කඩාගෙන එක් දිනක් තුල කරන්න ඕන කටයුතු හොදින්ම කරන්න අවධානය දෙන්න.
දැන් ඔයාට ඔයාගෙ අරමුණ වෙනුවෙන් වැඩ කිරීම පුරුද්දක් බවට පත් කරගන්න නම් ඉස්සෙල්ලම නොකඩවා දවස් 21ක් කැපවීමෙන් වැඩ කරන්න ඕන.
(4) repeat කරන්න.

ඔයා දවස් 21ක් නොකඩවා කරගෙන ආව දේ දැන් පුරුද්දක් බවට පත් කරගෙන ඉවරයි.දැන් තව දවස් 90ක් අරගෙන කැපවීමෙන් එම ක්‍රියාව සිදුකරන්න.දවස් 90ක් පමණ නොකඩවා එක දිගට කරන දෙයක් ජීවන පුරුද්දක් බවට පත්වෙනවා. එතකොට මුලදි දැනුණ කම්මැලිකම දැනෙන්නෙ නැහැ.
තමන්ට අරමුණක් තියනවනම් ඒ වෙනුවෙන් හොදින්ම කැපවෙන්න. මොකද ඔයා වෙනුවෙන් වෙන කව්රුත්ම ඒ දේ කරලා දෙන්නෙ නැති නිසා. මතක තියාගන්න ‘ වපුරන තරමටයි අස්වැන්න ලැබෙන්නෙ ‘ කියලා.