“25 වන විශ්වය“ යන සමාජයීය අත්හදා බැලීම ගැන ඔබ අසා තිබේද ?
එය විද්යා ඉතිහාසයේ බිහිසුණුම අත්හදා බැලීමක් යයි කියති. බිහිසුණු යයි කියන්නේ මීයන් ගේ හැසිරීම මිනිස් හැසිරීමට ඉතාමත් සමාන හෙයිණි. මීයන්ගේ ජනපදයක හැසිරීම තුළින් විද්යාඥයින් මානව සමාජයේ හැසිරීම පැහැදිළි කිරීමට ගත් උත්සාහයක් මෙසේ හැඳින්විණි. මේ අදහස පැමිණියේ මීයන් සිය ගණනක් ජීවත් වී ප්රජනනය කළ හැකි “පරමාදර්ශී ලෝකයක්” නිර්මාණය කළ ඇමරිකානු විද්යාඥ, “ජෝන් කැල්හෝන්” ට විය. ඔහු “කැල්හෝන්” සේ නම් කල “මීයන්ගේ පාරාදීසය” ඉදි කළේය,
විශේෂයෙන් සැලසුම් කල එහි, මීයන් සඳහා ආහාර හා ජලය බහුල සේ තබන ලදී. එමෙන්ම මීයන්ට ජීවත් වීමට විශාල ඉඩක් ද තිබින. ආරම්භයේදී ඔහු මීයන් ජෝඩු හතරක් තැබූ අතර කෙටි කාලයක් තුළ ඔවුන් ප්රජනනය ආරම්භ කළහ. ඉන් අනතුරුව මීයන්ගේ ජනගහනය වේගයෙන් වර්ධනය විය.
කෙසේ වෙතත්, දින 315 කට පසු ඒවායේ ප්රජනනය සැලකිය යුතු ලෙස අඩු වීමට පටන් ගත්තේය. මීයන් සංඛ්යාව 600 ට ළඟා වූ විට, ඔවුන් අතර නායකත්වය පෙන්වන තඩි මීයන් ඇති වූ අතර, සමහරෙක් ආක්රමණශීලී මෙන්ම ආත්මාර්ථකාමී වුනු බවක් පෙනින. හරියට දූෂිත දේශපාලනඥයන් මෙනි. ඔවුන් මීයන් කණ්ඩායමට පහර දීමට පටන් ගත් අතර, එමඟින් බොහෝ පිරිමි මීයන් මානසිකව බිඳ වැටුනහ. සමහරවිට මේ තඩි මීයන් හරියටම යම් මීයන් පිරිසක් තෝරා ඔවුන්ට පහරදී මරා දැමුහ.
අනෙම් මීයන් ඔහේ පැත්තකට වී සිටියා පමණි.
එහි ප්රතිඵලයක් වශයෙන් ගැහැණු සතුන් තමන්වම ආරක්ෂා කර නොගත් අතර තම පැටවුන් කෙරෙහි ආක්රමණශීලී විය. කාලය ගෙවී යත්ම, කාන්තා මීයන් වැඩි වැඩියෙන් ආක්රමණශීලී හැසිරීම්, හුදකලා වීමේ අංග, ආත්මාර්ථය සහ ප්රජනන මනෝභාවය නොමැතිකම පෙන්නුම් කළහ. ඔවුන්ට විද්යාඥ ජෝන් කැල්හෝන් දුන් නම, “හුදෙකලා ගැහැණු” යන්නය. හරියට ඉන්දියානු ටෙලි නාට්ය වලට ඇබ්බැහි වූ අය මෙනි. 

මී ජනගහනයේ අඩු උපත් අනුපාතයක් ඇති වූ අතර, කුඩා පැටවුන් තුළ මරණ අනුපාතය වැඩි විය. එවිට, වෙනත් වර්ගයේ හෙවත් නව පන්තියක පිරිමි මීයන් දක්නට ලැබුණි. ඔවුන්ට විද්යාඥ ජෝන් කැල්හොන් විසින් දුන් නාමය “ලස්සණ මීයන්” යන්නය. ඔවුන් ගැහැණුන් සමඟ සංසර්ගයේ යෙදීම හෝ ඔවුන්ගේ අවකාශය සඳහා “සටන් කිරීම” ප්රතික්ෂේප කළහ. ඔවුන් සැලකිලිමත් වූයේ ආහාර සහ නින්ද ගැන පමණි. හරියට අද මත් ද්රව්ය වලට ඇබ්බැහි වූ අය මෙනි.
එක් අවස්ථාවක “ලස්සන පිරිමි” සහ “හුදෙකලා ගැහැණු” ජනගහනයෙන් බහුතරයක් වූහ. කාලය ගෙවී යත්ම, බාල වයස්කරුවන්ගේ මරණ 100% ක් වූ අතර ප්රජනනය ශුන්ය විය. වඳවීමේ තර්ජනයට ලක්ව සිටින මීයන් අතර, සමලිංගිකත්වය නිරීක්ෂණය විය. ලොව සම ලිංගික බව වැඩි වී නැද්ද යන්න සෙවිය යුතු කරුණකි.
ආහාර ඕනෑ තරම් තිබුණද, ඒ සමඟම, මාංශ භක්ෂකත්වය වැඩි විය. ඔවුන් එකිනෙකා කා ගත්හ. සාමාන්ය මීයන් මාංශ භාක්ෂික නොවේ.
අත්හදා බැලීම ආරම්භ වී වසර දෙකකට පසු, ජනපදයේ අවසාන දරුවා උපත ලැබීය. 1973 වන විට ඔහු “25 වන විශ්වයේ” අවසාන මීයා මරා දැමීය. “ජෝන් කැල්හවුන්” එම අත්හදා බැලීම, තවත් 25 වතාවක් සිදු කළ අතර සෑම අවස්ථාවකම ප්රතිඵලය සමාන විය.
කැල්හවුන්ගේ විද්යාත්මක ආකෘතිය, සමාජ බිඳවැටීම අර්ථ නිරූපනය කිරීමේ ආදර්ශයක් ලෙස භාවිතා කර ඇති අතර ඔහුගේ පර්යේෂණ නාගරික සමාජ විද්යාව හැදෑරීමේ කේන්ද්රස්ථානයක් ලෙස භාවිතා කෙරේ.
කතාව ඉවරයි.
මේ ප්රශ්ණ අප, අපගෙන්ම ඇසීම වටී. ඔබ ලස්සන මීයෙක්ද ?
… නැතිනම් හුදෙකලා මීයෙක්ද ?
… නැතහොත් තඩි මීයෙක්ද ? 

අපත් ජීවත් වන්නේත් 25 වන විශ්වයේද ?
උපුටා ගැනීම: Lalith Karunaratna