ශ්රී ලංකා නාවික හමුදා ආරක්ෂක ක්රමවේදයේ ප්රමුඛතම සමුද්රීය ප්රහාරක බලගණය වන අතර විටෙක එය නාවික හමුදාවේ කාර්යශුර අශ්වයා (WORK HORSE) ලෙසද අර්ථගැන්වේ.
(Detect-Intercept-Destroy) අනාවරනය-අන්තර්ග්රහහණය-විනාශ කිරීම යන සම්භාව්ය නාවික ක්රියාන්විත ක්රමවේදය මනාව තම රණකාමිත්වයට මුසු කරන “4 වන වේග ප්රහාරක බලගණය (4TH FAF)” යනු ශ්රී ලංකා නාවික හමුදාවේ ප්රමුඛතම සමුද්රීය ප්රහාරක බලගණයයි. මෙම බලගණයේහි මෙහෙවර වන්නේ සමුද්රීය ත්රස්‌තවාදය, මුහුදු කොල්ලකෑම් සහ ජාවාරම්වලට එරෙහිව ආරක්ෂාව තර කිරීම සහ සතුරු ප්රහාරාත්මක ක්රියාමාර්ගයන්ට එරෙහිව සමුද්රීය සංග්රාම දියත් කිරීම සඳහා දැඩි ලෙස සන්නද්ධ හා වේගවත් ප්රහාරක මුර සංචාර යාත්රා (Fast Attack Crafts-FACs) රාජකාරියේ යෙදවිමයි. මෙම බලගණය රටේ පවතුණු යුද සමයෙහි, බොහෝ දුරට වෙරළ තීරයේ මුහුදු කොටි ක්රියාකාරීත්යවයට එරෙහිව සහ මුහුදු කොටි මරාගෙන මැරෙන යාත්රා ප්රහාර වලින් නාවික හා සිවිල් නැව් ආරක්ෂා කිරීමට යොදා ගන්නා ලදී.
ශ්රී ලංකාව දූපත් රටකි. රටේ පළමු ආරක්ෂක වළල්ල වීමේ වගකීම හා ගෞරවය නාවික හමුදාවට පවරා ඇත. දශක හයකට වැඩි කාලයක් තිස්සේ ශ්රී ලංකා නාවික හමුදාව මෙම වගකීම නිසි ලෙස ඉටු කර ඇත්තේ නිර්භීතව හා දැඩි අධිෂ්ඨඅනයෙනි. 1988 සැප්තැම්බර් 14 වන දින ත්රිකුණාමලයේ නැගෙනහිර නාවික විධානය යටතේ “4 වන වේග ප්රහාරක බලගණය (4TH FAF)” පිහිටුවන ලදී. වර්තමානය මෙන් එතිහාසිකවද තිකුණාමලය යනු අපේ නාවික හමුදාවේ හදවත යන බව පැවැසුවහොත් එය දැනට සේවය කරන හා විශ්රාම ගිය සියලුම නිලධාරීන් සහ නාවිකයින් එකඟ වනු නොඅනුමානය.
ඉතිහාසය,
ඉන්දියාවේ සිට පෝ(ල්)ක් සමුද්ර සන්ධියේ සිදු කෙරුණු එල්ටීටීඊ අවි ප්රවාහනය මැඩපැවැත්වීම සඳහා 1980 දශකයේ මුල් භාගයේ දී ඩෝරා පන්තියේ වේගවත් මුර සංචාරක යාත්රා සමගින් 4 වන වේග ප්රහාරක බලගණය පිහිටුවන ලදී. ශ්රී ලංකා සිවිල් යුද්ධය උත්සන්න වීමත් සමඟ මුහුදු කොටින් විසින් මැෂින් තුවක්කු වලින් සන්නද්ධ කුඩා ෆයිබර්ග්ලාස් යාත්රා භාවිතා කිරමින් නාවික හමුදා මුර සංචාරයේ යෙදෙන යාත්රා වලට විවිධ තර්ජනයන් එල්ල කරන්නට විය. මෙම යාත්රා වලට එරෙහිව සටන් කිරීම සඳහා 4 වන වේග ප්රහාරක බලගණය මූලික ප්රහාරක ඒකකය ලෙස සේවයේ යොදවන ලදී. මුහුදු කොටි විසින් නෞකා වලට එරෙහිව මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරක යාත්රා භාවිතා කිරීමට පටන් ගත් විට, මෙම ඒකකය නාවික ආරක්ෂක මෙහෙයුම් සඳහා වඩාත් සංවිධානාත්මකව යොදවන ලදී. මුහුදු කොටි ත්රස්ථවාදීන්ගේ “වෘක සමුහ දඩයම් උපක්රම” ආකාරයේ ප්රහාරයන් මැඩපැවැත්වීම සඳහාත්, මරා ගෙන මැරෙන කුඩා යාත්රා ප්රහාර වලට එරෙහිව එකිනෙකා ආරක්ෂා කර ගැනීමටත්, මෙම FAC යාත්රා යුගල වශයෙන් මුර සංචාරයෙහි යෙදවිය.
අප කවුරුත් දන්නා පරිදි ශ්රී ලංකාව දශක තුනක් තිස්සේ දීර්ඝ ගැටුමකට මුහුණ දුන් අතර පසුව සාමය ක්රමයෙන් සුරක්ෂිත විය. එහිදී භූමිය, ගුවන සහ මහා සයුරේ සටන් කළ බොහෝ පරිච්ඡේදයන් ඇත. එවකට බොහෝ ගොඩබිම් ප්රවාහන මාධ්යන් අනතුරුදායක වූ පසු බිමක, නාවික හමුදාව වාණිජ වෙළඳාම සහ නෞක ගමනාගමනය සම්බන්ධයෙන් අප රටේ අනන්ය ආර්ථික කලාපය (EEZ) මුලිකවම ආරක්ෂා කිරිමට කැප වූයේ අනෙකුත් ප්රධාන කාර්යභාරයක් ලෙස සාගර සැපයුම් මාර්ග සුරක්ෂිතව තබා ගනිමින් උතුරේ සිවිල් වැසියන් සහ ගොඩබිම මෙහෙයුම් හමුදා බලඇණි සදහා අවැසි සැපයුම් සහ සෙබළුන් ප්රවාහනය සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් සිදු කරමින් වේ. නාවික හමුදාවේ ක්රියාකාරීත්වය එල්ටීටීඊයේ මුහුදු ක්රියාකාරකම් වලට දැඩි බාධාවක් විය. මෙම තර්ජනවලට මුහුණ දීම සහ මුහුදේ අණ හා පාලනය නැවත ලබා ගැනීම සඳහා නාවික හමුදාව විසින් අනුගමනය කරන ලද විප්ලවීය වෙනස්කම් බොහොමයකි.
රාජකීය ලංකා නාවික හමුදාවේ මුල් අවදියේ තිබුණේ යාත්රා කිහිපයක් පමණි. කාලයත් සමඟ අපේ නාවික හමුදාව වැඩි දියුණු කරන ලද ප්රබල වෙඩි බලයක් සහිත නව යාත්රා අත්පත් කර ගත්තේය. කෙසේ වෙතත්, “සමුහ ” උපක්රමය භාවිතා කරමින් කුඩා සතුරු යාත්රා විසින් එල්ල කරන ලද ප්රහාරයන් එක් අවස්ථාවක දී නාවික හමුදාවට දැඩි අභියෝගයක් විය. මුහුදේ සැපයුම් මාර්ග නව තර්ජනයකට මුහුණ දී තිබුණි. නාවික හමුදාවට මුහුදේ දී ඔවුන්ගේ විශිෂ්ටත්වය පවත්වා ගැනීම සඳහා අනුවර්තනය වීමට හා ඉදිරියට යාමට සිදු විය.
ප්රබල වෙඩි බලයක් සහිත වේගවත් යාත්රා වල අවශ්යතාවය නාවික හමුදාවට තදින් දැනෙන්නට වූ අතර 1985 දී පළමු වරට එවැනි වේග ප්රහාරක යාත්රාවක් (FAC-Fast Attack Craft) ඊශ්රායලයෙන් ගෙන එන ලදී. එය නාවික බලඇණියේ පළමු වේග ප්රහාරක යාත්රාව වන අතර මුළු දියිනම හදුනන සුප්රසිද්ධ අන්වර්ථ නාමය වන “ඩෝරා-Dvora” යන නාමය මෙම යාත්රා හදින්වීම සදහා බහුලව භාවිත වන ලදී. ඩෝරා යනු හීබෘ භාෂාවෙන් “මී මැස්සා” යන්න හඳුන්වන යෙදුමකි. එකල මෙම FACs වේගය සහ සංචරණතාව විදහා දැක්වීමේ හොඳම යාත්රා වූ බැවින් පසුව තවත් FAC කිහිපයක් එකතු කිරිමෙන් බලගැන්වූ ඩෝරා බලඝණය මුහුදේදී ත්රස්ථවාදීන්ට එරෙහිව තම නිර්භීතව ප්රතිප්රහාරයක් දියත් කිරිමට අවතීර්ණ වුයේ ශ්රී ලංකා නාවික හමුදා සංග්රාමික ඉතිහාසය වෙනස් කරමිනි. පසුව, මෙම යාත්රා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය ශ්රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්රහාරක බලඝනය (4th Fast Attack Flotilla) බවට පත් විය.
ලොව අනෙකුත් නාවික හමුදාවන්හි මුර සංචාරයේ යෙදෙන යාත්රා මෙන් මුල් වේග ප්රහාරක යාත්රාවන්හි මැෂින් තුවක්කු කිහිපයකින් සන්නද්ධ විය. කෙසේ වෙතත් යුද්ධයේ වර්ධනයත් සමග මුහුදු කොටි යාත්රාවන්හි අවි ආයුධ බලය වැඩිවීම හේතුවෙන් ගුවන් යානා නාශක මැෂින් තුවක්කු වල සිට රොකට් දියත් කරන්නන් දක්වා වූ පරාසයක් දක්වා මෙම FAC යාත්රා වල ආයුධ සැකැස්ම සැලකිය යුතු ලෙස වැඩි දියුණු විය. වර්තමානයේ සියළුම FACs වල ටයිපූන් (Typhoon) අවි පාලන පද්ධති වලින් බලගැන්වූ මි.මී 25-30 වර්ගයේ බර අවි සවි කරන ලදී. මෙමඟින් FACs හට ඕනෑම කාලගුණය තත්වයක් තුළ වැඩි දුරක සිට සහ අධි වේග සංචරණ හැකියාවක් පවත්වා ගනිමින් සතුරු යාත්රා සොයා ඉලක්ක කිරීමට හැකි වේ. නවීන FACs වල විශේෂයෙන් කොළඹ පන්තියේ III FACs, අවි පාලන පද්ධතියක් ලෙස එලොප් MSIS නිරීක්ෂණ ආධාරක කැමරා උපකරණ සහ ටයිෆූන් GFCS වලින් සමන්විත වේ. මෙම යාත්රා සතුව විවිධ වර්ගයේ කැමරා සහ රේඩාර් පද්ධති භාවිතා කරයි.
FAC classes,
Super Dvora Mk III
Super Dvora – Mk II
Shaldag class
Colombo class (Locally built)
Dvora – Mk I
Simonneau class
Chevron class
Trinity Marine class
Killer class
ඩෝරා ප්රහාරක බලඝනයේ මුලස්ථානය ත්රිකුණාමලය වරාය ආශ්රීතව ක්රියාත්මක වන අතර මෙම බලඝනයේ පරාර්ථකාමිත්වය හා ධෛර්යය පිළිබඳ නාවික හමුදා ඉතිහාසය මැනවින් සාක්ෂි දරයි. එයින් එක ප්රමුක සංග්රාමයක් ලෙස, එවකට ලුතිනන් ජූඩ් විජේතුංග නිලධාරියාගේ බිහිසුණු මුහුදු සංග්රාමය හැදින්විය හැක. 1996 මාර්තු 30 වන දින P-458 දරණ වේග ප්රහාරක යාත්රාවේ අණ භාර නිලධාරි ලෙස නාවික ප්රවාහන යාත්රා පෙළක් සදහා ආරක්ෂාව සපයීම සදහා ඔවුන්ගේ මුහුදු සංචාරය සිදු කරන අතර තුර පී -458 යාත්රාව සතුරු යාත්රා වල දැඩි ප්රහාරයකට මුහුණ දිමට සිදු විය. එහිදී දරුණු සතුරු වෙඩි ප්රහාර එල්ල වූ අතර එවකට ලුතිනන් ජූඩ් විජේතුංග නිලධාරිතුමාගේ P-458 දරණ වේග ප්රහාරක යාත්රාව ක්රමයෙන් හුදකලා වූ අතර හුදකලා වූ එම යාත්රාවේ සිටි නිර්භීත නාවිකයන් සතුරන්ගේ මරාගෙන මැරෙන බෝට්ටුව වලට එරෙහිව සටන් වැදුණි. නමුත් අවාසනාවට මෙන් සතුරු මරාගෙන මැරෙන යත්රාව නාවික ප්රවාහන යාත්රා පෙළ ඉලක්ක කරගනු ඇති බව වටහා ගත් අණ භාර නිලධාරිවරයාට ක්ෂණික තම අනෙකුත් යාත්රාවන් වල සටනේ යෙදෙන නාවිකයන් වෙනුවෙන් නිර්භීත තීරණයක් ගන්නා ලදී. ඒ වන විටත් මරාගෙන මැරෙන යාත්රාව නාවික ප්රවාහන යාත්රා සමුහය දෙසට අධික වේගයකින් ගමන් කිරීම ආරම්භ කර තිබුණි. තම ජීවිතය නොසලකා හරිමින් නාවික හමුදා නිලධාරිවරයා සතුරාගේ යාත්රා බාධා කිරීම සඳහා වේග ප්රහාරක යාත්රාව මෙහෙයවීය. ක්ෂණයකින් මරාගෙන මැරෙන යත්රාව පෙරළී පුපුරා ගිය අතර පී -458 යාත්රාව නිර්භීත නාවුක රණ විරුවන් සමග පුපුරා විනාශ විය. නාවික ප්රවාහන යාත්රා සමුහය ආරක්ෂිතව තම ගමනාන්තයට ළඟා විය. මරණින් පසු පරම වීර විභුශණ පදක්කම (PWV) පිරිනැමූ පළමු නාවික හමුදා නිලධාරියා බවට ලුතිනන් කොමාන්ඩර් (මියගිය) ජූඩ් විජේතුංග පත්විය. ඔහු ලුතිනන් කමාන්ඩර් තනතුරට උසස් කරන ලද අතර ඔහුගේ ආදර්ශමත් ක්රියාමාර්ගය සදා නොමියෙනු ඇත.
මෙම බලඝනයේ තවත් තරුණ නිලධාරියෙක් 2006 මැයි 11 වන දින සිය දිවි පුද කළේය. එනම් P-418 දරණ නාවික හමුදා වේග ප්රහාරක යාත්රාව ලුතිනන් කමාන්ඩර් ලලිත් එදිරිසිංගේ අණ යටතේ සිය නාවික කාර්ය මණ්ඩලය සමග ඊසානදිග මුහුදේ මුර සංචාරයේ යෙදී සිටියහ. සොල්දාදුවන් 710 දෙනෙකු රැගත් පර්ල් කෘස් නම් මගී ප්රවාහන නෞකාව මෙම මාර්ගයේ ඉතා ඉක්මනින් යාත්රා කරන බව සතුර දැන සිටියහ. මෙය කන්කසන්තුරය සිට ත්රිකුණාමලය දක්වා මුහුදු ගමනකි. වේග ප්රහාරක යාත්රා දෙකක් සහ එක් වේග මුර සංචාරක යාත්රාවක් (Fast Gun Boat) මගින් පර්ල් කෘස් නම් මගී ප්රවාහන නෞකාව ආරක්ෂිතව රැගෙන යාමට පිටත් විය. මද වේලාවකට පසු P-418 කාර්ය මණ්ඩලය හට එම ප්රදේශයේ සතුරු යාත්රා කිහිපයක් නිරීක්ශණය වූ බැවින් ඉදිරියේදී සිදුවිය හැකි අන්තරාය පිළිබඳව උපායශීලී විශ්ලේෂණයක් කිරීමට ලුතිනන් කමාන්ඩර් එදිරිසිංහට සිදු විය. මෙම තීරණාත්මක මොහොතේදී, P-497 (දෙවන FAC) යාත්රාවේ එන්ජින් දෝෂයක් ඇති විය. නාවිකයන්ට අභියෝගයකට මුහුණ දීමට සිදු විය. අසමමිතික යුද්ධයේ අවිනිශ්චිත ස්වභාවය මෙයයි. ලුතිනන් කමාන්ඩර් එදිරිසිංහට ක්ෂණික තීරණයක් ගැනීමට සිදු විය. ඔහු සතුරු යාත්රා පොකුරක් සමඟ මුහුදු සංග්රාමයට අවතිර්ණ විය. විශාල මරාගෙන මැරෙන යාත්රාවක් ඒ වන විටත් පර්ල් කෘස් නම් මගී ප්රවාහන නෞකාව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය. පර්ල් කෘස් නම් මගී ප්රවාහන නෞකාව වෙත වේගයෙන් ප්රවේශ වන මරාගෙන මැරෙන යාත්රාව ආවරණය කරමින් P-418 (නිශ්චිතවම මරණයට අත වනන ක්රියාවකට) යාත්රාව සංග්රාමිකව වේග ප්රහාරක ස්ථානගත වීමක් ලබා ගැනීම සදහා සතුරු යාත්රාව හඹා ගියෝය. මිනිත්තු කිහිපයක් ඇතුළත මරාගෙන මැරෙන යාත්රාව පෙරළී යද්දී මුහුද දෙදරුම් කමින් දැඩි පීරීමක් ඇති විය. එනම් Dvora P-418 හි කාර්ය මණ්ඩලය ජීවිත 710 ක් බේරාගෙන තිබුනේ ශ්රී ලංකා නාවික හමුදාවේ රණකාමිත්වය මහා සයුර මත මනාව පසක් කරමිනි. එනම් එදින නාවික හමුදා වීරයන් 19 දෙනෙකු සිය ජිවිත පූජා කළහ. මෙම බලඝනය මෙවැනි ආකාරයේ නාවික විරයන්ගෙන් සන්නාම ගැන්වූ සුවිශේෂි කණ්ඩායමකි. මෙවැනි මුහුදු සංග්රාම විශාල ප්රමාණයක අද්දැකිම් සහිත මෙම බලඝණයේ වීරක්රියා රාශියකි. එම සියලු විස්තරයන් මෙහි දැක්වීම අපහසු බැවින් එම තොරතුරු ඉදිරි ලිපි මගින් ගෙන ඒමට බලොරොත්තු වෙමු.
වර්තමානයේදී නාවික හමුදාව වේග ප්රහාරක යාත්රාවන්හි නවීන සංස්කරණයක් වන සුපර් ඩෝරා පන්තිය ලෙස හැඳින්වෙන නව වේග ප්රහාරක යාත්රා සේවයට යොදා ගත් අතර මෙම නව යාත්රා මීටර් 25-30 ක් පමණ දිගින්වද ටොන් 60-70 ක විස්ථාපනයක්ද සහිතව නිපදවා ඇත. මූලික අවිය ලෙස මිලිමීටර් 30 බුෂ්මාස්ටර් බර අවි සවි කර ඇති මෙම යාත්රා සතුරු යාත්රා හඹා ගොස් පහරදීම් සඳහා විශේෂයෙන් නිපදවා ඇති අතර සුපර් ඩෝරා පන්තිය හි 17 දෙනෙකුගෙන් යුත් නාවික කාර්ය මණ්ඩලයක් මගින් මෙහෙයුම් සිදු කරයි. මෙම යාත්රා පැයට නාවික සැතපුම් 50 ක් දක්වා සංග්රාමික වේගයකින් යාත්රණය කල හැකි අතර එය සැබවින්ම මහා සයුරේ පාවෙන යුධ ටැන්කියකි. වේග ප්රහාරක යාත්රා වල සේවය කිරීම සඳහා විශේෂ පුහුණුවකින් යුත් නිලධාරීන් සහ නාවිකයන් යොවදනු ලැබේ. මෙම කාර්ය මණ්ඩලය කණ්ඩායම් ක්රියාකාරිත්වයේ වටිනාකම දන්නා සමීප පවුලකි. වේග ප්රහාරක යාත්රා වල මුහුදු සංචරණ කාලය පැය 48 ක් වන නමුත් අවශ්ය නම් ඔවුන්ට පැය 72 ක කාලයක් දක්වා දීර්ඝ රාජකාරි සදහා මුහුදේ රැඳී සිටිය හැකිය.
දශක තුනකට පෙර එනම් මෙම සුවිශේෂී බලඝනය ආරම්භ කළ දින සිට, ශ්රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්රහාරක බලඝනය හි නිලධාරීන් සහ නාවිකයන් මුහුදේ භයානක ගැටුම්වලට සම්බන්ධ වී ඇත. ලොව වර්තමාන නාවික සංග්රාමික සම්ප්රදායේ නව සංකල්පයක් හඳුන්වා දුන් කීර්තිමත් බලගණයක් බව පසක් කරමින් 2019 වර්ශයේදී 4 වන වේග ප්රහාරක බලඝනය වෙත ජනාධිපතිගේ වර්ණ පිරිනමන ලදි. අද ඔවුන් සිය නාවික මුර සංචාර දිගටම ක්රියාත්මක කරන අතර ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්ය විට මුහුදේ සිටින අනෙකුත් වෙළද නෞකවන්ට, ධිවර යාත්රා වලට සහාය වේ.






උපුටා ගැනීම: Danuma Potha / දැනුම පොත