අපේ ශරීරය හැදිලා තියෙන්නේ මොකක් හරි වැරැද්දක් තිබ්බොත් ඒක හඳුනාගන්න පුලුවන් වෙන විදියටයි. ඒත් අපගෙන් ගොඩක් අය අපේ ශරීරයෙන් අපට දෙන සංඥා ගනන් ගන්නෙ නැති කම නිසා පස්සෙ කාලෙකදි පිළිකා වගේ දරුණු රෝගවලට මුහුණ දෙනවා.
අපි මෙහි පෙන්වා තිබෙන රෝග ලක්ෂණ ඔයාට හෝ ඔයාගෙ ළඟම කෙනෙක්ට තියනවා දැක්කොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.
1. ගැටිති

මේවා පියයුරු පිළිකාවල ලක්ෂණයක් ලෙස සලකනවා.
•පියයුරුවල හෝ කිහිලිවල තද ගැටිති ඇතිවීම
•ආහාර හෝ මේක් අප් විෂ වීමක් නිසා නැතිව වෙනත් හේතුවක් නිසා ඇතිවුණු කැසීම
•උපන්ලපයක් වර්ධනය වීම හෝ හැඩය වෙනස් වීම
වගේ වෙනත් රෝග ලක්ෂණ දකින්න පුලුවන්.
2. නොනවතින කැස්ස

දිගටම පවතින කැස්ස බොහෝ විට පෙනහළු පිළිකාවල ලක්ෂණයක්. ඒත් එක්කම ඇතිවන තවත් රෝග ලක්ෂණ වන්නේ,
•කෑම රුචිය අඩු වීම
•එක පාරටම ශරීරයේ බර අඩු වීම
•පසු කාලීනව පෙනහළු පිළිකා නිසා කහින විට ලේ යාම හා හුස්ම හිරවීම
3. සම කැසීම

ගොඩක් වෙලාවට සමේ ඇතිවෙන කැසීම් පිළිකාවල රෝග ලක්ෂණයක් වුණේ නැතත් සායනිකව මේ අතර සම්බන්ධයක් තියනවා කියලා හොයාගෙන තියනවා.
•ගර්භාශයේ නියෝප්ලාසම් මගින් ලිංගික අවයවවල කැසීම ඇති කරයි.
•මොළයේ පිළිකා ඇති විට නාස් පුඩුවල කැසීමක් ඇතිවේ.
4. බඩවැල් ආශ්‍රිත වෙනස්වීම් ඇතිවීම

බඩවැල් ආශ්‍රිත රෝගවල රෝග ලක්ෂණ,
•මළපහ සමග ලේ පිටවීම
•ශ්ලේෂ්මල හෝ පියුරිලන්ට් ස්‍රාවයන්
5. මුත්‍රා ආශ්‍රිත

•මුත්‍රා සමග ලේ පිටවීම
•අධි රුධිර පීඩනය
•වකුගඩුවල වේදනාව
6. එකවර ශරීරයේ බර අඩුවීම

බඩෙහි පිළිකාවක් තියෙන විට එකවරම ඔයාගේ ශරීර බරෙහි ලොකු අඩුවීමක් වෙන්න පුලුවන්. එම රෝගයේ තවත් ලක්ෂණ නම්,
•මස්වර්ග අප්පිරියා වීම
•බඩ පුරවා දැමීම
•රක්තහීනතාවය
•බඩවැල් තුළින් ආහාර ගමන් කිරීමේ අපහසුව
7. උගුරේ වේදනාව ඇතිවීම

කාලයක් තිස්සේ තියන උගුරේ වේදනාව ස්වරාලයේ පිළිකාවල ලක්ෂණයක් වෙන්න පුලුවන්. එහි වෙනත් රෝග ලක්ෂණ වන්නේ,
•හුස්ම ගැනීමේ හා කෑම ගිලීමේ අපහසුවක් දැනීම
•නියෝප්ලාස්මයේ වර්ධනය නිසා උගුරේ ගැටිති තියෙනවා වගේ දැනීම
•කථා කිරීම අපහසු වීම, කටහඬ ගොරෝසු වීම හා කටහඬ නැති වීම
•හුස්ම ගැනීම අමාරු වීම
•කැස්ස සමග ලේ පිටවීම
ඔයාට හෝ ඔයාගේ ළඟම කෙනෙකුට මේ රෝග ලක්ෂණ කාලයක ඉඳන් තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.
උපුටා ගැනීම: Adobae