අපිට ඉකෝන් උගන්නපු මැඩම් හැමදාම කලේ කොහෙන් හරි පොතක් හොයාගෙන ඇවිත් ඒ නෝට් එක අපිට කියපු එක. ඇත්තමයි මට නං ඒ උගන්නවපු මෙලෝ මලදානයක් තේරුනේ නෑ.
හුඟක් වෙලාවට මම කලේ එයා උගන්වන වෙ ලාවට කලේ නිදාගන්න එක. ඇත්තටම එයා මොනා උගන්වනවද කියලා එයාවත් දැනගෙන හිටියද මන්දා.
නෝට් එක කියව කියව ඉන්න ගමන් හදිසි යකට මැඩම් පන්තියෙන් එලියට ගියෙ අර පොත ගුරු මේසෙ උඩ තියලා. මුළු කොලේජ් එකේම උන්න මහ එපාම කරපු නසරානි අණ්ඩපාලයො ටික උන්නෙ උපේ පන්තියෙ. උන් ඉකෝන් මැඩම්ගෙ නෝට් බුක් එක හැංගුවා.
පන්තිභාර ගුරුතුමා කියන විඳිහට නං උන් ඉගන ගන්න එක ඇරෙන්න අනිත් හැම වැඩේ ම කලා. කැඩෙට් බාලදක්ෂ රතු කුරුෂ සමාජ පරිසර කඳවුරු මත් ද්‍රව්‍ය නිවාරණ සංගීත නැටුම් නාට්‍ය අභිරූපණ එකී මෙකී නොකි හැමදේම කලා.
කොච්චර නසරානි අණ්ඩපාලයො උනත් කො ලේජ් එකේ හැමදේටම අපේ ක්ලාස් එකේ උ න්ව ඕනි වුනේ මොන වැඩේ පැවරුවත් ඒකෙ ඇදක් නැති වෙන්න කරන බව දන්න නිසා.
දැන් මැඩම් ආපහු ඇවිත් බලද්දි නෝට් පොත නෑ. මිස්ට දෙලෝ රත්වෙ න්න ඇති. ඒත් කො ල්ලො මීක් නෑ. දෙතුන් පාරක් ඇහුවා. එකෙ ක්වත් සිද්ධ වුන දෙයක් කිව්වෙ නෑ.
මගෙනුත් ඇහුවා. ඒත් මට පන්තියෙ උන්න පා වා දෙන්න බෑ. මමත් කිව්වෙ දන්නෙ නෑ කි යලා. ප්‍රශ්නෙ හුඟක් දුර දිග ගියා. මැඩම් ඒක ප්‍රින්සිපල් සර් ලඟට අරන් ගියා.
මුළු විනය පාලක මණ්ඩලේම එකතු වෙලා පොත හංගපු කෙනාව හොයන්න ට්‍රයි කලත් එකෙක්වත් කට ඇරියෙ නෑ. අන්තිමට කො ල්ලො සේරගෙම කුණුත් කඩාගෙන වැටුනෙ මගෙ කට පිටට.
මේකෙ ඉන්න කොල්ලො හොඳයිනෙ බලං යන කොට මේ කෙල්ල ගෙන්නෙ කටින් වචනයක් ගන්න බැරි… බැරිම තැන ගුරුවරු එහෙමත් කිව්වා. ඒත් මම වචනයක්වත් කිව්වෙ නෑ.
අන්තිමට කරන්නම දෙයක් නැති නැත මුළු පන්තියටම දඩුවම් නියම කරනවා ඇරෙන්න එයාලට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.
පන්තිය ඉස්සරහ බොරළු පොළවෙ දනගහ ගෙන ඉන්න කිව්වා පාසල ඇරෙනකම්ම. ගිනි දවල් රත් වෙච්චි බොරළු කැට උඩ දණ ගහගෙන ඉන්න එක හරි සුන්දර අත්දැකීමක්.
උඩින් ගින්දර වගේ අව්ව. බොරළු කැට රත්වෙ ලා පිච්චෙන්න. කොල්ලන්ට වඩා තදට මේ දඩුවම බලපෑවෙ මට. මොකද සුදු ගවුමෙන් ආවරණය නොවුනු මගෙ නිරුවත් දණහිස් කෙලින්ම බොරු පොලව හා ගැටුන නිසා.
කොල්ලො හැමෝම කිව්වෙ මට දණ ගහන්න එපා කියලා. ඒත් මහ ඇට්ටර හිතුවක්කාර මුරණ්ඩු කෙල්ලකේ වුන මම උන්ටත් කලින් දණ ගැහුවා.
පාසල ඇරිලා අපිට එතනින් නැඟිටලා යන්න කිව්වට ඇත්තටම මට නැඟිට ගන්න පුළුවන් වුනේ නෑ. බොරළු කැට වලට දනිස් කැපිලා ගලපු ලේ පොලවටම ඇලිලා. පුංචි පුංචි බොර ළු කැට දනිස් වලට ඇලිලා.
හිතුවට වඩා තුවාල බරපතල වුන නිසාම මට දවස් ගානක්ම කොලේජ් යන්න බැරිවුනා. ඇත්තටම ගෙදරට වෙලා නිකංම්ම උඩ බලං ඉන්න එක මහ කම්මැලි වැඩක්. නෑ පාඩම් කරනවා වගේ නරක වැඩ කරනවද අපි.
ඇයි වදේ අපි හොඳ හැදිච්ච ළමයිනෙ.
ඒත් ඉතිං මගෙ දුකට සැපට හිටපු කොල්ලො
ටික අර දවස්ගානෙම නෝට් එකක්වත් මග අරින්නෙ නැතුව මට ලියලා දුන්නා. මං ලියනවටත් වඩා හොඳට.
ඉතිං මං වගේ තනියම කොල්ලො විතරක් හිටපු පන්තියක ඉගන ගත්ත තව කවුරු හරි ඉන්නවා නං කියන්න .
උපුටා ගැනීම: Priyanga Gunathilaka