වර්ක් ප්‍රොම් හෝම් ප්‍රස්න (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපේ කොම්පැනිය කොරොනා පලවෙනි රැල්ලත් එක්කම වර්ක් ෆ්රොම් හෝම් පොලිසි එක දියත් කරලා හැමෝවම ගෙදර යැව්වා මාර්තු පලවෙනි සතියෙම.එදා ඉදලා තාම සහ ඉදිරියටත් මේ විදියටම තමා කියලා කම්පැනියෙන් අපිය දැනුවත් කිරීමක් කලා. දැන් ඕක වෙන දවස් වල මන් හිටියේ ගල්කිස්සේ.මුහුද ගාව පොඩි රූම් කෑල්ලට පට්ටම ආතල් එකෙ..හවසට බීච් එක පැත්තට ගිහින් මුහුදු හුලග විද විද පොඩිවට බියර් එකක් ඒමත් බිව්වා. වැඩි කල් ඉන්න ලැබුනේ නෑ අම්මා මැයි මාසේ වෙද්දිම කිව්වා මොකටද නිකරුනේ ගෙව ගෙව ඔහෙට වෙලා ඉන්නේ ගෙදර තනියම තියලා මෙන්න මේ ගෙදරට වෙලා ඉන්නවා වැඩටික කරන් කියලා. ඔන්න ඒ සිද්දිය නිසා මන් ආවා නුවරට. අපේ ගෙදර. ගෙදර ඉන්නේ මන් විතරයි.අම්මා ඉන්නේ එයාගේ අම්මා ගාවා මොකද ආච්චි හොදටම වයසයි ඒ නිසා එයාගාව තමා ඉන්නේ.
දැන් මන් නුවර ඇවිල්ලා වැඩ පටන් ගත්තම මුල් මාස දෙකතුනම ඕකේ. මොකද අතේ සල්ලිත් ඉතුරුයි.බයකුත් නෑ.අනික නිදහස්..පලවෙනි රැල්ල සෙට්ල් වෙලා දෙවනි රැල්ල පටන් ගත්තම තමා ඔක්කොම කලබැගෑනි පටන් ගත්තේ.
ඕය කියන කලබග්ගෑනි වලින් මන් මෙ දැන් කියන්න යන කතාවට අදාල වෙන්නේ ගමේ උන සිද්දියක්. ගමේ මිනිස්සු දන්නවා මන් කොලබ ඉන්නේ කොලබ වැඩ කරන්නේ කියලා. පලවෙනි රැල්ල දවස් වල අවුලක්ම උනේ නෑ මොකද කොලබ වහලා නේ තිබ්බේ. ඒනිසා ගමේ උන ‘දැන් ගෙදරද’ කියලා අහපුවාම දෙන උත්තරය ඒ මිනිස්සුන්ගේ ඔලුවට යනවා අවුක්ම නෑ.
ප්රශ්නේ එන්න පටන් ගත්තේ දෙවනි රැල්ලත් එක්කම සහ මේ වෙනකොටටත් මන් ගෙදර ඉන්න එක. ගමේ සෙට් එකටම තියෙන ලොකුම ප්රශ්නේ ඇයි මන් ගෙදර ඉන්නේ කියලා. ඕප දූප කියන්නේ ගම්වල ජීවනාලිය වගේ නේ. දැන් ඔය කතාව හතරවටේ ගිහින්.
‘ වික්රම අයියාගෙ පුතා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ දැන්’
ඔන්න ඕක තමා කතාව. මට නම් ගානක් නෑ ඉතින්. අම්මා සතියකට දෙකකට වතාවක් මාව බලන්න එනවා.තනියම ඉන්න නිසා. ආවාම අම්මට හම්බවෙන මිනිස්න්ගේ එකම ප්රශ්නය වෙලා තිබුනේ
‘පුතා දැන් ගෙදරලු නේ? දැන් මොනාද කරන්නේ’ කියලා.
ඉතින් ඔකට අම්මා කියලා
‘ දැන් එයා ඔන්ලයින් වැඩ කරන්නේ කියලා’
ඔන්න ඔය ඔන්ලයින් සීන් එක ලොකුවටම වටේ ගිහින් ගමේ දන්න දන්න අය අතරේ කතාවක් ගිහින් මන් ඔන්ලයින් පිරමිඩ් සීන් එකක් දැන් කරනවා ජොබ් එක නැති කරන් කියලා.
කඩේට ගියාම මිනිස්සු හරි අසරන විදියට මන් දිහා බලනවා. මගෙනුත් දැන් මොනාද කරන්නේ ඇහුවම මාත් කියන්නේ ‘ඔන්ලයින් වැඩ’ කියලා..වර්ක් ෆ්රොම් හෝම් කිව්වට තෙරුම් ගන්නේ නෑ.මොකද ඒම එක සැරයක් කියලා එකෙක් මට කිව්වා
‘ අර අහවලාගෙ පුතාත් කොලබනේ වැඩ.එයල නම් ආයෙ කොලබ ගිහින් වැඩ.අහවලා ඒමයි..අරයා ඒමයි..මෙයා ඒමයි’ගගා මට කියානවා කොලබ වැඩ කරන උන් ටික දැන් ආයේ එහෙට ගිහින් සාමන්ය පරිදි වැඩ කරනවා කියලා.
කෝම කෝම හරි මට ඔය පිරමිඩ් සීන් එකේ කතාව ආරන්චි උනා..ඒත් මන් ගනන් ගත්තේ නෑ.මොකද ඔවා හිත හිත ඉන්න වෙලාවක් නැති නිසා ඇත්තටම. අනික අමාරුම දෙය තමා ගමේ උන්ට ඔවා තේරුම් කර කර ඉන්න එක.. මන් කරන ජොබ් එක සහ, ඇයි මන් මෙහෙම ගෙදර ඉන්නේ, ගෙදර ඉදල කොමද වැඩ කරන්නේ කියල ඔක්කොම විස්තර කලාට ඕකෙන් 10%ක් වත් තේරුම් ගන්නේ නැහැ. ඊටවඩා ලේසි සරම උස්සන් ඉලුක්ගාලක දුවනවා.
කෝමහරි මන් ඔය කතා ඉග්නොර් කලා. උත්තර දෙන එක පවා මගහැරියා.
මේ ලගදි දවසක මන් කඩේට ගියා..තාම ගෙදර නේ. මට ගමේ පෙන්නන්න බැරි ඕපයෙක් ඉන්නවා. ඩයල් එකත් කඩේ ඉන්නවා දැන් මන් යනවකොට.
මන් යන්න යද්දි පොර දුවගෙන ඇවිත් අර කඩේ ඉන්න සෙනග ඉස්සරහ ඇහුවා මගෙන්
‘ පුතා දැන් ගෙදරලු නේ.මොකද කරන්නේ ගෙදර ඉදලා? ‘
‘ ඔන්ලයින් නේ අන්කල් වැඩ. ගෙදර ඉදලා තමා ඉතින් කරන්නේ. කොලබ තාම කොරොනා කේස් නිසා එහෙට යන්නේ නෑ’
‘ තාම? දැන් රටත් ඇරලා නේද පුතා? ඔය අර සමීර පුතාත් කොලබනේ වැඩ.එයාලත් ඒ දවස් වල ගෙදර හිටියේ.හැබයි. ඔක්තෝබර් වල වගේ ආයේ ගියා මයෙ හිතන්නේ වැඩට’
‘ ඔව් අන්කල් සමහර එවා පටන් ගත්තා..ඒ උනාට අපිට නෑ.ඊට වඩා මේක ලේසි. අනික නිදහස් නේ’
‘ ඔව් නේ..මට කිව්වා අර පහල ගෙදර අයියාත් පුතා ගෙදර ඉන්නේ කියලා ගොඩක් කල් ඉදලම.වෙනදා ඉතින් කොලබ මනේ..ගෙදර එන්නෙම නෑ නේ.ඒකයි මන් බැලුවේ මොකො
කියලා’
මට මේ කන්වර්සේශන් එකම එපා වෙලා නහුතෙට මල
පැන්නා.මලපැන්නට ඒම කාටවත් පේන්නේ නෑ.මන් හිත ඇතුලේ තමා ඔක්කොම. මන් හරිම සංවරව හිනාවෙලා අන්කල්ගෙන ඇහුවා.
‘ අංකල් දැන් මොනාද කරන්නේ? ‘
‘ මන් දැන් වැඩ කරන්නේ නෑ නේ.ගෙදරට වෙලා ඉන්නවා.වයසත් එක්ක බෑ නේ ඉතින් නේද’
‘ එතකොට අන්කල්, අර පහල ගෙදර අනිත් අංකල් මොනාද කරන්නේ? ‘
‘ එයත් පෙන්සන් නෙ දැන් ගෙදර තමා’
මන් කඩේ ඉන්න මිනිස්සු දිහා වටේ බැලුවා.උන් බඩු ගන්නවට වඩා මේ කතාවට ඔලුව දාන් ඉදලා තියෙන්නේ. ආයේ හරිම සංවර විදියට හින වෙනගමන් මන් අන්ක්ලට කිව්වා
‘ වැඩක් කරන්නේ නෑ නේ..ඒකතමා අංකල්ලට ඔච්චර වෙලාව තියෙන්නේ වටේ ඉන්න අය ගැන හොයන්න නේද..යංන්ම් අන්කල්’
මන් හැරිලා ආවා..ඒ මනුස්සය ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බලන් ඉදලා මොනාද කඩේ මිනිස්සුන්ට කියනවා ඇහුවා. මට මොකො ඉතින්.
පස්සෙ දවසක කඩේට ගියාම ඒ කඩේ අයියා කියනවා. ‘මල්ලිත් ඉදලා ඉදලා ඔලුව අතගාල ටොක්කක් ඇන්නා නේ ‘ කියලා.
අංකල් කාරයා පාරෙදි ආයෙ හම්බඋනා..මන් නම් ඉතින් කටපුරා හිනාඋනා.උපහාසයට නම් නෙවෙයි. ඒ උනාත් ඒ මනුස්සය මට ඔරවලා යන්න ගියා.
මේ වගේ ප්රශ්න ගොඩක් උනා ඔය කාලේ.දැන් ගමේ ඕන ඕපයක් වෙයන් කියලා මන් නම් කිසිම දෙයක් කියන්න යන්නේ නෑ..ඇහුවොත් මොකද කරන්නේ කියලා..ඔන්ලයින් ඒ වැඩ කියලා නිකන් ඉන්නවා. මොන විකාරයක්ද.
උපුටා ගැනීම: Kanishka SD

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!