සංවේදී අය කියවීමෙන් වළකින්න…
මං කුඩු බිස්නස් කරන කෙනෙක්. ලංකාවෙ එක ඒරියා එකක ම තියන්නෙ මං ගේන කුඩු.
පහුගිය දවසක රට ඉන්න මගේ යාළුවෙක් ට හදිස්සියකට කුඩු කිලෝ 4ක් ඕනි වෙලා තිබ්බා… උට ඕනි කීවට මේ හදිස්සියේ flight එකක දාලා කොහොමද අහුවෙන්නෙ නැතිව යවන්නෙ කියන එක මගේ හිතට මාර විදියට ම වද දුන්නා…
බෑග් එකක හංගලා යවනවාද . සපත්තු අඩියක හංගලා යවනවාද කියලා මං හිතාගන්න බැරිව හිටියෙ.
යවාගන්න බැරි වුණොත් උගෙන් මට එන වාසි ඔක්කොම නැති වෙනවා…
ඔය අස්සෙ තමයි පත්තරේ අමුතු ඇඩ් එකක් දැක්කෙ.
සමාජෙට මුහුණ දෙන්න බැරිව ඉන්න බබාල හම්බවෙන්න ඉන්න අම්මලා ට පිහිට වෙන කෙනෙක් ඉන්නවලු. එයා ඒ අම්මලාව බබා හම්බවෙනකන් ම කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා බලාගන්නවා ලු. බබා ලැබුණා ට පස්සෙ ඒ බබා හදාගන්න වෙන කාට හරි දෙන්න සෙට් කරලා දෙනවලු. අනේ ගබ්සා කරන්නෙ නැතිව මේ මනුස්සයා කරන්නෙ කොයිතරම් සමාජ සේවයක් ද කියලා මට එක පාරට ම හිතුණත් එක මොහොතකින් ම මට තේරුණේ අරූගෙ කුඩු ටික මේ බබා හරහා යවන්න පුළුවන් ය කියන කාරණේ…
මං ගත්තා මේ කියන කෙනා ට කෝල් එකක්. එයාව දන්න මාවත් දන්න ටිකක් ලොකු කෙනෙක් හරහා…
එක් ලක්ෂ විසිපන්දාහයි. බබා ගැන පරිවාසෙ ලියන්න, උසාවියෙ ඇප වෙන්න මුකුත් ඕනි නැතිලු. කොයි තරම් දෙයක් ද…
මං බබාව ගෙනාව ගෙදර. වයස දවස් 10ක් වගේ ඇති. පව් කියල හිතුණත් මේ රස්සාවෙදි පව් පින් කියල දෙයක් නෑ… මං බබාව මත් වෙන්න පිරිටන් පොවලා බබා නිදා ගත්තට පස්සෙ කොට්ටයක් මූනට තියලා තද කරලා බබා මරලා දැම්මා… ඕනි නම් විනාඩි පහක් යන්න ඇති. බබා දඟලන එක නැති ම වෙලා ගියා. ඊට පස්සෙ පිහියකින් බබාගෙ පපුව බඩ සේරම කපලා ඇතුලෙ තියන ටික අයින් කරලා දැම්මා… ලේ ටික බැහැලා යන්න ටික වෙලාවක් ඔහේ තිබ්බට පස්සෙ ඒකත් නැති වෙලා ගියා…
පස්සෙ කුඩු කිලෝ හතර කිසිම අමාරුවක් නැතුවම බබාගෙ ඇඟට තියලා මහලා දැම්මා… බබාට අලුත් ඇඳුමක් අන්දලා කුණු ගඳ යන්න සැර සෙන්ට් එකක් ගැහුවා.
දැන් සේරම හරි. ඔය වැඩ ටික ඔහොම වෙන අතරෙ මං වෙන එකෙක් ව අරයා ඉන්න රටට යවන්න වීසා සේරම ලෑස්ති කරලා තිබ්බෙ. එයා පහුවදා ම මේ බබාවත් අරගෙන රට ගිහින් කුඩු ටික deliver කරලා තිබුණා… කොහෙදිවත් මුකුත් ම ප්රශ්නයක් වෙලා තිබුණේ නෑ…
ඔය අතරෙ තමයි මං දැක්කේ අර මං බබා ගත්තු තැන ට පොලිසියෙන් පැනලා කියලා… මෙහෙම විකුණන බබාල ගොඩ දෙනෙක් ට වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති කට්ටිය facebook එකේ මේ baby farm එකේ අයිතිකාරයා ගැන කවි ගී ලියලා තියෙනවා දැකලා මට හිනත් ගියා…
අනේ කාට විකුණුවත් ඒ බබාලා ගබ්සා කරන්නේ නැතුව බේරගත්තු එක ම ලොකු දෙයක් නෙ කිය කිය…
ඒ වගේ මිනිස්සු ඉන්නකම් මේ ගේම් එක ගහන්න මාර ලේසියි.
-ප්රබන්ධයකි.
උපුටා ගැනීම: Jayasankha Nawod Kumarasinghe