මාලිකා මට කතා කලේ දවල් එකට විතර, නෑ කමට එයා මගෙ සහෝදරියක්. ඒ වෙනකොට එයාගෙ පළවෙනි බබා ලැබිල මාස හතරක් වගේ, එයා හිටියෙ අම්බලන්ගොඩ,එයාගෙ මහත්තය රැකියාව කලේ වාද්දූවෙ. සාමාන්‍යයෙන් මම ජංගමයා අතේම තියාගෙන ඉන්නෙ නෑ, ඒ නිසා එයා තුන්වතාවක් ගත්ත කෝල් එක මට ඇහුනෙ නෑ, අවසානෙදි මාලිකා ගෙදර අංකය අරගෙන තිබුනා,
එයා මට කතාකරන්නෙ,,කොන්ඩෙට දාන පාටක් ගැන කියන්න,අලුතෙන් ගත්ත සාරියක් ගැන කියන්න,,ලගදි ගියපු කොක්ටේල් පාටි එකක් ගැන වගේ දේවල් කියන්න තමයි, ඉතින් මම එයා එක්ක කතාව පටන් ගත්තෙම විහිළුවකින්. ඒත් මාලිකාගෙ ස්වරයෙ තිබුනෙ වෙනදට වඩා හුගාක් ලොකු වෙනසක්.
”අනේ තාරා,,මට බෑ,,මේක මට කරන්න අමාරුයි මට පිස්සු වගේ,.”
එයා අඩමිනුයි කතාකලේ, මට බයක් වගෙම පුදුමයක් හිතුන.මාලිකා මට වඩා ගොඩක් වැඩිමහල්,ඒත් මම එයාට අක්ක කිව්වෙ කලාතුරකින්,
”මොකද වෙලා තියෙන්නෙ,,,ඇයි ඔයා අඩන්නෙ,,අයියා කෝ,,බබා නිදිද,”
මම ප්‍රශ්ණ වැලක් ඇහුවා
”එයා නෑ,,මම ඔයාට ගත්තෙ පණිවිඩයක් කියන්න, රනුදි නිදි,,මම එයාව ඇදෙන් තිබ්බා,,මම මෙහෙම්ම ගිහින් මුහුදට පනිනවා,,ඔයා අයියට කියන්න,,”
මාලිකා එහෙම කිව්වම මට හොදටම දාඩිය දැම්මා. එක්කො එයා අයිය එක්ක තරහ වෙලා නැත්තම් දරුවගෙ වැඩ එක්ක හෙම්බත් වෙලා,,එහෙමත් නැතිනම් නෑනා කෙනෙක් එක්ක කතාවක් ගිහින්..ඔය සේරම හිතන අතරේ මම එයා එක්ක කතාකරන ගමන් ජංගමය අරගෙන මාලිකාගෙ මහත්තයාට කෝල් කලා එයා ආන්ස්වර් කලේ නෑ, ඊලගට මාලිකාගෙ ගෙදරට ගෙවල් දෙකකට මෙහා ඉන්න සමන්තා ට කෝල් කලා එයා කෝල් එක ගත්තෙ දෙවෙනි පාර රින්ග් කලාම, අනිත් පැත්තෙන් මාලිකා හෝල්ඩ් කරගෙන සමන්තට කිව්ව ඉක්මනට මාලිකා ගෙ ගෙදරට දුවන්න කියල. ඔන්න එයා එහෙම කලා, මම මාලිකාට අඩන්න දීල අහගෙන හිටියා, එයාගෙ ගෙදර ඉදන් මූදට මීටර සීයක්වත් නෑ,
මාලිකාට දැන් දරුවො දෙන්නයි,එයා සතුටින් ඉන්නව, හැබැයි එයා මා එක්ක කතාකරන්නෙ නෑ දැන්, එයා එදා එහෙම කලේ ඇයි කියල මම කවදාවත් ඇහුවෙත් නෑ, ඒත් මට එයාගෙ කෝල් එක මිස් උනේ නෑ කියන සතුට මට තියනව.
අපි හැමෝටම තම තමන්ගෙ වේදනාවන්,පීඩාවන් තියනවා. සමහර වෙලාවට අපිට අතේ තියන ෆෝන් එකවත් ආන්ස්වර් කරන්න බැරිවෙන වෙලාවල් තියනව, ඒක පුද්ගලිකව සාදාරණ උනත්,,එහා පැත්තෙන් කතාකරන මනුස්ස හඩ…අපෙන් ඉල්ලන්නෙ ජීවිතේ වෙන්න බැරිද?
මදාරගෙ ගෙවල් තිබුනෙ කලුතර නාගොඩ ප්‍රදාන පාර අයිනෙ, දවසක් යතුරුපැදි කරුවන් දෙන්නෙක් එයාලගෙ මිදුලට අත් බෝම්බ දෙකක් විසිකරල ගිහින් තිබුන, (පොලිසියෙන් පලා යන දෙන්නෙක් ) ගෙදර ඉදල තිබුනෙ මදාරගෙ නැන්දම්මයි පුතයි විතරයි,ඒවා පත්තුවෙලා පුපුරලා භයානක හානි වෙලා තිබුනෙ නැතත්,,බය වෙලා මදාරගෙ නැන්දා හදිසි හර්දයාභාදයක් එක්ක රෝහල් ගත කරල තිබුන, මට එදා මදාරගෙ කෝල් එක මිස් උනා, ඉතින් මට එයාගෙ නැන්දගෙ හත්දවසෙ පිංකමට සහභාගි වෙන්න උනා පසුතැවෙන මනසකින්.
”මට කතාකරන්න ඕනෙ,”
මෙහෙම කෙටි පණිවිඩ මම ටයිප් කරල තියනව අනන්ත වතාවක්, එහෙම පණිවිඩ ඇවිල්ලත් තියනව මට වගෙම අපි හැමෝටම,එතකොට අපි මොනවද කරන්න ඕන,?
”මම බිසි,,,පස්සෙ ගන්නම්
මොනවද කියන්න තියෙන්නෙ?
හදිස්සිද? ”
අපිට ඔහොම උත්තර ලැබෙයි, නැතිනම් අපි ඔහොම දෙයක් ලියල යවයි, ඒක අන්තිම නරකයි කියල මට හිතෙනවා.
මේ ජීවිතේ අපිට සමහර දේවල් වලට වැඩිපුර අවස්ථා දෙන්නෙ නෑ, බොහෝවිට දෙකක් දෙයි,වැඩිම තුනක්. ඒත් එකම එක අවස්ථාවක් විතරක් ලැබෙන්නත් පුලුවන්, ඒ එකම අවස්ථාව,,දුරකථන කම්බියක් දිගේ එන්න පුළුවන් නේද?
තව ටිකකින් කතාකරන්න හිතාගෙන ,,වෙලාවට ඔහේ යන්න ඇරල ඉන්නකොටත්,,සමහර වටිනාම අවස්ථා අපිට මගඇරෙන්න පුලුවන්, අපි සමහර වෙලාවට ”ආන්ස්වර්” කරන්න බලන් ඉන්නව,අනිත් පාර්ශවයත් ඒ විදියටම බලන් ඉන්නව වෙන්න පුලුවන්.
මේනු ලංකාවෙන් ගියෙ දුමින්ද නිසා හිතේ තුවාල ගොඩක් හදාගෙන, එයාට හොඳ රස්සාවක් තිබුනා,ලංකාව දාල යන්න තිබුන එකම හේතුව එයාගෙ පෙම්වතා ,ඉතින් මේනු රස්සාවත් දාලා අම්මවත් දාලා ඩෙන්මාර්ක් වල ඉන්න එයාගෙ පුංචි ලගට ගියා, මේනු එයාපෝර්ට් එකේ ඉදන් කෝල් කරනකොට මම හිටියෙ වෙඩින් එකක බුෆේ කිව් එකේ, ෆෝන් එක තිබුනෙ අම්මගෙ අත්බෑග් එකේ, ඒ නිසා මට මේනුට ”ගුඩ් බායි” කියන්න බැරි උනා, එයා අවුරුදු තුනකින් අම්මවත් එයා ලගට ගෙන්න ගත්තා, ගිහින් දෙවෙනි දවසේ රෑ,,එයා මට කෙටි පණිවිඩයක් එව්වා,
”හිත හැදුනොත් ආය එන්නම්,,ෆුඩ් කෝට් යමන්,”
එයා එහෙ සතුටින් කෙසේ වෙතත් හොදින් හිටියා,දුමින්දට කෝල් සීයක් දවසට ගත්තත් එයා ආන්ස්වර් කලේ නැ කියල මේනු මට ටෙක්ස්ට් කලා,සමහර කෝල්ස් හිතක් පපුවක් නැතිව කට් කරපු බවත් සෑඩ් සිම්බල්ස් එක්ක ලියල එව්ව, අවසානෙදි
”හිත හැදුනා තාරා,,ඒත් සදාකාලෙට බිදුනා,,” කියල ලියල එව්ව. එයා ඒක එව්වම මගෙත් හිත බිදිලා ගියා,
සමහර දුරකථන ඇමතුම් එනකොට, ඒක නොගෙන ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටපු දවස් තිබුනා, එහෙම අවස්ථා අපි හැමෝටම තියනවා. ඒ කෝල් එක එපා නිසා නෙවෙයි, ඒ කෝල් එක ඕනවටත් වඩා ඕන උනාමත් අපි ආන්ස්වර් නොකර ඉන්නවා.ඒක පිස්සුවක් තමා ඒත් ඒක එහෙමයි.
”අනේ තියන්න එපා,,මම කියන දේ අහන්නකෝ”
එහෙම කියන්න කාටවත් ඉඩ තියන්න නරකයි, අපි ඊලග ඇමතුම ගන්නකොට එයා ජීවිතේ අත ඇරල තිබුනොත්.අපි සදාකාලෙට විදවනවා, විදින්න මිසක් විදවන්න ඇයි හේතු?
සමහර ඇමතුම්,,,එකපාරටම අපේ ජීවිතේ වෙනස් කරන්න ඉඩ තියනව,සමහර කෙටි පණිවිඩ ජීවිතේ අපිට ආපහු දෙන්න උත්සහ කරනව,තවත් සමහර ඒවා,,,අපිට සදාකාලෙටම ජීවිතේ එපා කරවනවා,
මේ මොනදේ උනත්,,කොතන කොයි වෙලේ නැතිවෙයිද නොදන්න හුස්ම ටික තියෙද්දි,,තව කෙනෙක් නොරිද්දා ඉන්න එක හොදයි කියල මට හිතෙනවා,
ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නෙ,,ඔබ වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් ට ආදරෙයි කියන අවස්ථාවයි, එකම එක කෝල් එකක් ගන්න අවස්ථාවයි කියන අවස්ථා දෙක විතරයි කියල ඔබට හිතුනොත්,
දෙපාරක් නොහිතා ඒ කෝල් එක සුදුසුම කෙනාට ගන්න,
අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියන එකට වඩා ලැබුන ජීවිතේ කොච්චරක් ජීවත් වෙනවද කියන එක නේද වටින්නෙ,
ඉතිං,,,ඔය කෝල් එකට ආන්ස්වර් කරන්න,
තාරා,
උපුටා ගැනීම: Tharangani Dilrukshi Jayasena