ඉංග්‍රීසි (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඒක ඉස්කෝලෙ කාලෙ කොච්චර ඇඟට වැදිලද තිබ්බෙ කිව්වොත් හැමපාරම මට විබාගෙට ලකුණු තිහක් වත් තිබ්බා. ඒ තරම් මන් ඉංග්රීසි වලට ආසයි. ඉංග්රීසි සාහිත්ය සමිතියෙ මොකකටවත් ඉදිරිපත් නොවන අයට ගුරුවරු පුදුම දෝස්මුරයක් දාන්නෙ. ඒ නිසා යෝජනා හා සාකාච්චා වලදි, එහෙම නැත්තන් සමිති වාර්තාව සත්ය බව කිව්වම ඒක ස්තීර කරන්න එහෙම මන් හරි දක්ශයි.
“අයි වුඩ් ලයික් ටු සෙකන්ඩ් ඉට්.”
ඉංගිරිස් පුලුවන් කියන්න තවත් අටුවාටීකා අවශ්යද. මේකම මදෑ.
ඔන්නොහොම ඒ ලෙවල් විබාගෙ ආව. අවුරුදු දහතුනක් ඉගෙනගත්තට පස්සෙ ඒ ඉංගිරිසි පේපර් එකට ලියන එක මහ කජ්ජක්ද. පැයක් යන්න කලින් මූලික කොටස් සේරම ඉවරයි. ඉරි ගැහුවා යා කරා. ප්රශ්නෙට තියන වචන ටිකම චේදෙන් හොයාගෙන ප්රශ්නවලට ඒ අදාල පාර්ට් එක කොපි පේස්ට් කරා..
අන්තිමට ඉතුරු රචනා ප්රශ්නෙ. බැලුව ප්රශ්නෙ දිහා. මාතෘකා දෙක තුනක් තියෙන්න ඇති.
අප්පටසිරි. බැලු බැල්මට පට්ට මාත්රෘකාවක් තියනව. ලංකාවේ විවිද, එහෙමත් නැත්තන් බහු භාශාවන් තිබීමේ වැදගත්කම.
යකඩෝ. මේකට ලියන්න බැරිද පිටු ගානක්. කොහොමත් මට ඒ කාලෙ ඉන්ගිරිසියෙන් කියන්න ඕන දේ තනි වාක්යක් නම් ඒක චේදයක් විතර ලියන්න ඕන ඔය සමබන්දකාරක, නිපාත අනම් මනම් දන්නැති නිසා. වචන පහ හයේ වාක්යෙ වචන විස්සක් විතර යනව කියවන එකාට තේරෙන්න ලියන්න. කොහොමහරි මන් වැඩේට බැස්ස.
ලංකාවේ ප්රදාන ලෙසම භාශා තුනක් පවතී. සිංහල, දෙමල, ඉංග්රීසි ඒවාය.ඉන් සිංහල යනු ලංකාවේ ප්රදානම භාශාව වන අතර තවත් භාශා තිබීම රටේ සුහදත්වයට ඉතාම වටිනා දෙයකි
ඉංග්රීසි බාශාව ජාත්යන්තර භාශාවකි. අපේ රටේ ඉංග්රීසී බාශාව තිබීම අපිට ජාත්යන්තරය හා සම්බන්ද වීමට මහගු පිටිවහලකි.
සිංහලෙන් ඔහොම ලිව්වට මන් ඔච්චර බරපතල වචන නම් ලියන්න නැතුන් ඇති. ඒත් ලියන එක ලිව්ව දොඹෙන් යන්න්න.
ටක් ටක් ටක්. මන් මේසෙට තට්ටු කරා.
“මිස් කොළයක්.” මන් ඒක ඉල්ලුවෙ හරි ආඩම්බරෙන්.
මගෙ අතිජාත මිත්තරයො මන් දිහා බැලුවෙ නිකන් යකෙක් දැක්ක වගේ.
හෑ.. මූ??
උන්ට එහෙම හිතෙන්න ඇති. එකපිට එක කොළ ඉල්ලගෙන මන් රචනාව සිංහලෙන් හිත හිතා අමාරුවෙන් හරි ඉංගිරිසියට පරිවර්ර්තනය කරා. වෙනදට නැති සැහැල්ලුවකින් මන් පේපර් එක බාර දුන්න. අනිත් උන්ට මාතෘකාව තේරුනාවද්ද දන්නෑ. මෙච්චර ලේසි එකක් මාතෘකාව තේරුනේ නැත්තන් කොහොම ලියන්නද.
මන් හරි සැහැල්ලුවෙන් අපෙ උන්ට, ඒ කියන්නෙ මීටර් ටිකට සෙට්වෙලා උන් කියන ඒව අහගෙන පාරෙ ආව. කොහොමත් මන් පේපර් එකක් ලියල ඒ ගැන කතා කරන්නෑ. හැබැයි අනෙක් උන් කියන ඒව අහගෙන යනව. උන් සමහරු අඬනව,සමහරුන්ට කණා හරි ගිහින් උඩ පනිනව.මන් ඕව උපේක්ශාවෙන් බල බල එන එක තමයි කරන්නෙ.
“මචන් රචනාව ලිව්වද?” එකෙක් ඇහුව.
“ලිව්ව බන්. මේ පාර රචනාව ලේසි නෑනෙ”
“ඔව් බන්. මාත් හැබැයි ලිව්ව පිටු එකහමාරක්.”
හිහ්.මන් ලිව්ව පිටු දෙකහමාරක්. මන් හිතෙන් හිනා උනා. අනික මේක කොච්චර ලේසිද මුන් අමාරුයි කියන්නෙ මුන්ට පිස්සු.
“මොනාද බන් උඹල ලිව්වෙ?” එකෙක් ඇහුව.
(වසර පහලවකට උඩ සිද්දියක් නිසා මෙතනින් පහල කොටස මතක මාත්රයක් ඔස්සේ ලියවූවක් බැවින් අඩුපාඩු ඇති බව සලකන්න)
“මන්නන් ලිව්ව බන් ඕඩියෝ වීඩියෝ ඉමේජස් ඔන්න ඔය වගේ අනම් මනම් ලිව්ව”
“වෙබ් පේජ් ගැන සීඩී ගැන ප්රසන්ටේශන් ගැනත් ලිව්ව බන් මන්නම්”
“අඩේ ටීවී රේඩියෝ ගැන ලිව්වම වැරදිද බන්. නෑනෙ?”
මොනාද යකෝ මුන් මේ කියවන්නෙ. මුන්ට අමු කැවිලද එහෙම නැත්තන් මුන් වෙන මාතෘකාවක් ලියලද.
“මොකක්ද බන් මාතෘකාව උඹල ලිව්ව.?” මන් හිමීට ඇහුවා.
“ඉම්පෝර්ට්න්ස් ඔෆ් මල්ටිමීඩියා ඉන් ශ්රී ලංකා”
“හරි බන් එල.”
“එතකොට මල්ටි කියන්නෙ බහු. මීඩියා කියන්නෙ මාද්ය. ඒ කියන්නෙ සිංහල මාද්ය, දෙමල මාද්ය , ඉංග්රීසි මාද්ය.” මන් මටම කියාගත්ත
“එතකොට යකෝ ඉම්පෝර්ටන්ස් ඔෆ් මල්ටිමීඩියා කියන්නෙ භාශා කීපයක් තිබීමේ වැඩගත්කම නෙමේද.?”
මට මන් අත කඩාගෙන ලියපු පිටු ටික මගේ ඉස්සරහ උඩ පැන පැන විරිත්තන හැටි පේන්න පටන්ගත්තා”
උපුටා ගැනීම: Ishara Wanasuriya

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!