අම්බපාලි සහ විශාකා (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පොඩි කතාවක් කියන්නද ?
අහල තියෙනව නේද අම්බපාලිගෙ කතාව ?
අහල නැති අය වෙනුවෙනුයි, දැන් මතක නැති අය වෙනුවෙනුයි පොඩි බ්රීෆ් එකක් දෙන්නං.
අම්බපාලි කියන්නෙ බුදුන්ගෙ කාලෙ ඉඳපු ගණිකාවක්. නිකං ගණිකාවක් නෙවෙයි සුපිරි ගණිකාවක්. අම්බපාලි හිටියෙ ලිච්චවී රජ දරුවන්ගෙ රාජ්යයෙ. අර සමගිව රැස් වී සමගිව සාකච්චා කර සමගිව විසිර ගියා කියල කියන්නෙ. ඒ සෙට් එක. අම්බපාලි කියන්නෙ සාමාන්ය මිනිස්සුන්ට ටච් කරන්න පුළුවන් ලෙවල් එකේ ගණිකාවක් නෙවෙයි. සරල භාෂාවෙන් කියනවා නං රජවරු සිටුවරු විතරක් ගහපු ලෙවල් එකේ එකක්. ඔය ලංකාවෙත් ඉන්නෙ මැති ඇමතිවරු සහ ලොකු ලොකු බිස්නස් කාරයින්ට විතරක් ඇක්සස් තියෙන ඒව. ඔය ප්රසිද්ධ නිලියො එහෙමත් ඉන්නෙ. අන්න ඒ වගේ.
අම්බපාලිට ඒ නම වැටෙන්නෙ, මෙයාගෙ වැඩ කිඩ දැකල පැහැදිලා, ලිච්චවී රජ දරුවන් විසින් මෙයාට නගරයේ තිබ්බ ඉතා විශාල ලස්සන අඹ උයනක් ලියල දුන්න නිසා කියල කියනව. ඒ අඹ උයනෙ පාලිකාව වෙච්ච නිසා අම්බපාලි උනා. තව කතාවක් තියෙනව මෙයා ඉපදුනේ මේ අඹ උයනෙ කියල. අඹ උයනෙ පහල උන නිසා අම්බපාලි කියල කියනව.
රජවරු සිටුවරු ගැහුවත් කොහොම හරි මෙයා දැන් ගණිකාවනෙ. අනික ප්රසිද්ධ ගණිකාවක්නෙ. ගණිකාවක් කිවුවම විසි එක් වෙනි සියවස වෙලත් අදටත් ලංකාවෙ සමාජයෙ තියෙන තත්වෙ පොඩ්ඩක් හිතා ගන්නකො. ඉතින් අර ඉන්දියාවෙ වගේ සමාජයක ඕක දහ විසි ගුණයකින් වැඩි වෙලා තියෙන්න ඇති කියල අපිට හිතන්න පුළුවන්. අදටත් ඉන්දියාවෙ පැටිකිරිය අපි දන්නවනෙ.
අම්බපාලිට ළමයෙක් ඉන්නව. මේ ළමය ඔරිජිනලි බිම්බිසාර රජතුමාගෙ. බිම්බිසාර රජතුමා කියන්නෙ ලිජ්ජවී රජ කෙනෙක් නෙවෙයි. පිට ඩයල් එකක්. අම්බපාලිගෙ කවරේජ් එක කොහොමද කියල හිතාගන්න. දැන් කොහොම හරි මේ ළමයගෙ නම තමයි විමල කොණ්ඩන්ජ. මෙයා තරුණ කාලෙ තමයි බුදුන් පහල වෙලා බණ කියන්න ගන්නෙ. බුදුන්ගෙ බණ අහල විමල කොණ්ඩන්ජ රහත් වෙනව.
තමන්ගෙ දරුව රහත් වෙච්ච නිසා ඒ කන්ටැක්ට් එකෙන් අම්බපාලි බුදුන්ව අඳුර ගන්නව.
කොහොම හරි අන්තිමට බුදුන්ගෙන් බණ අහනව.
තමන්ගෙ තිබ්බ අර අඹ උයන්, මාලිගා අනං මනං ඔක්කොම අත ඇරල දානව. (කතාවෙ කියන විදිහට පූජා කරනව)
සෘධි බළ ඇති රහත් තෙරණියක් බවට පත් වෙනව.
නිකං නෙවෙයි සෘධි බල ඇති හොඳේ !
අම්බපාලි රහත් තෙරණිය තමයි අර ථේරී ගාථා කිවුව කියල කියන්නෙ තමන්ගෙ ලස්සන කය වැහැරුණ හැටි විස්තර කරල.
හරි ඕකේ එයාගෙ කතාව ඉවරයි.
දැන් තියෙනව තව කතාවක්. විශාකා මහා සිටු දියණියගේ කතා වස්තුව !
හරි ඒක ගැනත් ඉක්මනට කියන්නන්.
විශාකා කියන්නෙ ධනංජය සිටු තුමාගෙ දුව. විශාකා කියන්නෙ සිටු දුවක්නෙ. හිතාගන්න අපේ රටේ ඉන්නෙ ලොකූ සල්ලි කාරයින්ගෙ පවුල්වල දූල. අපි නම වත් දන්නෙ නැති වාහන ඩ්රයිව් කරන් යන්නෙ. චීස් වගේ හම තියෙන්නෙ. අන්න ඒ ලෙවල් එකේ කෙල්ලෙක්.
විශාකා සෝවාන් වෙන්නෙ කෙලින්ම අවුරුදු හතේදි. කෙලින්ම බුදුන්ගෙන් බණ අහල.
දැන් විශාකගෙ එතනින් එහා ජීවිතේ ගත්තොත් අධික සැප මැද්දෙ හැදුන වැඩුන ජීවිතයක් තියෙන්නෙ. අර මහා මේල පළඳනාව පළඳපු කාන්තාවන් කිහිප දෙනාගෙන් එක්කෙනෙක් කියනව මෙයා. මේ ආභරණය දරන්න ගෑනියෙකුට ඇත්තු පස් දෙනෙක්ගෙ ශක්තිය තියෙන්න ඕන කියල තමයි ඉස්ටෝරියෙ තියෙන්නෙ. පස්සෙ කාලෙක මේ මහා මේල පළඳනාව විකුනල ඒ සල්ලි වලින් බුදුන්ට විහාරයක් කරවල පූජා කරන්න කියල හිතාගෙන මේක විකුනන්න ගියාම මේක සල්ලි වලට ගන්න තරම් සල්ලි තියෙන මිනිහෙක් මුළු නුවරම හිටියෙ නෑය කියල කියනව. ඒ නිසා ඒක විකුනන්න උනේ නෑලු.
විශාකට තමයි මිගාර මාතා කියන්නෙ. මිගාර කියන්නෙ විශාකගෙ මාමණ්ඩි. මාමණ්ඩි නිගණ්ඨ ලයින් එකේ ගිය ඩයල් එකක්. මාමව ඒ ට්රැක් එකෙන් බෞද්ධ ට්රැක් එකට ගත්ත නිසා මෙයා මාමණ්ඩිගෙ අම්ම වගේ උනා කියල තමයි කියන්නෙ.
විශාක ගැන තමයි අර වැස්සෙ අනිත් කෙල්ලො දුවද්දි, දුවන එක කෙල්ලෙක්ට ගැලපෙන්නෙ නැතෙයි කියල මෙයා විතරක් තෙමීගෙනම ඇවිදන් ආව කියල කියන්නෙ. එච්චරට චරිතෙ. හරිටමට අර උඩ කිවුව අම්බපාලිගෙ අනිත් පැත්ත.
දැන් විශාකත් ඔහොම ජීවත් වෙලා බුදුන්ට කෝටි ප්රකෝටි ගණන් වල දේවල් පුජා කරල, අර කියන විදිහට උපරිම චරිතයක් ඇතුව ජීවත් වෙලා අවසානෙදි අභාවප්රාප්ත වෙනව !
මොකද්ද ??
අභාවප්රාප්ත වෙනව ? පිරිණිවන් පානව නෙවෙයිද ??
නෑ මචං නෑ. විශාකා අවුරුදු හතෙන් සෝවාන් උනාට විශාකට පුළුවන් වෙන්නෙ නෑ රහත් වෙන්න. විශාක මැරෙනකොටත් සෝවාන්ම තමයි. අච්චර චරිතවත් ගෑනි. අච්චර පින්කම් කරපු ගෑනි. අවුරුදු හතේ ඉඳන්ම බුදුන්ගෙ ඇසුරෙ ඉඳපු ගෑනි. හැමදාම බුදුන් ප්රමුක මහා සංගරත්නයට දන් දුන්න ගෑනි. මැරෙන්නෙත් අවුරුදු හතේ ඉඳපු විදිහටමයි.
අර උඩ කිවුව අම්බපාලි ඉන්නෙ. අර ලෝක බඩුව. ගෑනිට බණ දෙකයි කිවුවෙ ගෑනි කෙලින්ම රහත්. නිකං නෙවෙයි සෘධි බල සහිත රහත් තෙරණියක් විදිහට පිරිණිවන් පාන්නෙ.
දැන් මම ප්රශ්නයක් අහන්නද ?
අපේ රටේ කෙල්ලන්ට අවවාද දෙන්න උදාහරණෙට ගන්නෙ අම්බපාලිවද ?
අම්බපාලියක් වෙන්න කියලද කියන්නෙ විශාකාවක් වෙන්න කියලද ?
ඒක පැත්තකට දාපං. රටේ තියෙන ලොකුම, ප්රධානම බෞද්ධ කාන්තා පාසලට නම දාල තියෙන්නෙ අම්බපාලි මහා විද්යාලය කියලද ?
නැත්තන් විශාකා කියලද ?
මෙහෙ සෙට් එකට අර ගෑනි අරම ලෙවල් එකක ඉඳල රහත් වෙච්ච එක නෙවෙයි සීන්නෙක විශාකා වැස්සෙ දිවුවෙ නැති එක. මොකද විශාක පොෂ් නෙ.
ඔබමය අප විද්යා , ඔබමය අප සත්යා කියල පොඩි කාලෙ ඉඳන් සීරුවෙන් හිටගන්න පුරුදු කරන සිස්ටම් එක කොච්චර විකෘතිද කියල තාම තේරෙන්නෙ නැද්ද ?
උපුටා ගැනීම: Kalana Shalitha

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!