අනිවාරෙන් කියවන්න (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ජිවිතෙ බොහෝ දේවල් සිදුවන්නෙ අපි හිතන්නෙ පතන්නෙ නැති විදිහට කියලා තමයි අපි හැමෝටම හිතෙන්නෙ. නමුත් හිතලා මතලා, ක්රියාකරනවානම් ඒ බොහෝ දේවල් අපෙ සිතැඟි අනුව ඉටුකරගන්න පුළුවන් .
මගෙ ජිවිතෙදි හැමෝම බැහැ කියලා කියන දේවල් කරන්න මම හරිම ආසයි.එවා මම සලකන්නෙ අභියෝග හැටියටයි .ජිවිතෙ කියන්නේම පට්ට අභියෝගයක් .හැබැයි එ අභියෝග සතුටු සිතිං භාරගත්තාම අභියෝග වලට අපි අභියෝගයක් වෙනවා .
මම මේ දේවල් ලියන්න උත්සහා කරන්නෙ මම මහා ලොකු කෙනෙක් කියන්න නොවෙයි .මට උවමනා මම ලියන එක අකුරකින් හරි තව මනුෂ්යයෙක් ට සවියක් වෙන්නයි.
අපෙ රටේ ජිවත්වන බොහෝ මිනිස්සුන්ට තමන්ගෙ කියලා සීහිනයක් නැහැ . බහුතරයක් අනුන්ගෙ සිහීන තමන්ගෙ කරගන්නවා .එහේම උනාම තමන්ට තමන් නැති වෙනවා.එහේම වෙලා කාලයක් ගිහින් තමන්ට ඉටුකරගන්න බැරි වෙච්ච හීන අනුන් ලවා ඉටුකරගන්න බලනවා.
අපෙ රටේ අම්මලා තාත්තාලා පාවා තමන්ට ඉටුකරගන්න බැරිවුන සිහීන දරුවන් ලාවා ඉටුකරගන්න හදනවා.ඔහුන් දන්නේ නැහැ දරුවාගෙ හීනය කුමක්ද කියා. අපි බහුතරයක් අනේකාට ඇහුන්කන් දෙන්න කැමැති නැහැ .අපි කියන දේ අනේකා ඇසිය යුතුයි කියලා විතරක් විශ්වාස කරනවා.
මේ අතරින් මට ඉන්දුක කියන මමම වෙන්න අවශ්ය වුනා .කාලයක් මට කිසිම සිහිනයක් තිබුනෙ නැහැ සිහින හොරු අරන් තිබුනා වගෙ.
මාත් කාලයක් අනුන්ගේ හීන මගේ හීන බවට පත්කරගෙන ජිවත් වුනා.නමුත් දවසක් මට මං වෙනුවෙන්ම හිතන්න පුළුවන් වෙලා මට මාව හමුවෙනවා.මගෙ සිහීන වෙනස් වෙනවා. මට මගෙ සීහින පේන්න ගන්නවා.එ අනුව ගුරුවරයෙක් වෙන්න සිහින දකිනවා.ඒ සිහිනය පසුපස යනවා එය ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙනවා .
හොඳම ගුරුවරයෙක් වෙන්න හිතාගෙන පෂ්චාත් උපාධිය හදාරන්න කොළඹ විශ්වවිද්යාලයයේ ලියාපදිංචි වෙනවා..නමුත් සදාකාලික වකුගඩු රෝගියේකු බවට පත් වෙමින් එය කිරිමෙ අවස්ථාව මඟ හැරෙනවා.
ඉන්පසු එකම සුබ සිහිනය වකුගඩුවක් බද්ද කිරීම වනවා ප්රථම වකුගඩු බද්ද කිරීම කරනවා.අවසනාවකට මාස 6 පස්සෙ එම වකුගඩුව බඩෙ පුපුරා යනවා. එයින් පසුව ජිවිතෙ අන්තිම අඩියට වැටෙනවා. මරනයේ ද්වාරය ලඟටම ගිහින් නැවත ජිවත් වෙන්න වරම් ලබනවා.
හැමෝම මං ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉද්දි ,මම තනියම හීන දකිනවා. අලුමතින් නැගි සිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැවත ජිවිතෙ අභියෝග වලට මුහුණ දෙමින් තවත් වකුගඩු බද්දයකට හීන හීන දකිනවා.
නැවුම් සිහින දකිමින් දෙවැනි වරටත් වකුගඩු බද්ද කිරීමකට යනවා.එකත් අසාර්ථකයි ඉන්පසුව වෛද්ය නිර්දේශය ආයි කවදාවත් වකුගඩු බද්ද කරන්න බැරි බවයි.
බහෝ අය හිතනවා මම ජිවිතෙ අතහැරලා දායී ජිවිතෙන් පලායයි කියලා.නැහැ මම තීරණය කරනවා ජිවිතෙ ට මුහුණ දෙන්න.මම මටම අලුත් සිහීන මාවතක් හදාගන්නවා. අලුතින් හිතන්න ගන්නවා.
“ජිවත්වෙන මේ මොහෝත සතුටින් ගතකරන්න “
එය මගෙ උදාන වාක්යය බවට පත්වෙනවා ඉන්පසුව මගෙ ජිවිතෙ සතුට වෙනුවෙන් සිහීන දකින්න ගන්නවා .සතුටේ සිහින දකිද්දී මගෙ පළමු සිහිනය බවට පත්වෙන්නෙ. මට කරගන්න බැරිව නතර කල පෂ්චාත් උපාධි අධ්යාපන ඩිප්ලෝමාපාඨමාලාව (pgde ) සම්පුර්ණ කිරීම.
කොළඹ විශ්වවිද්යාලයයේ අනුමැතියෙන් මුල ඉඳලාම උපාධි පාඨමාලාව හදාරන්න ගන්නවා..එම පාඨමාලාව හදාරද්දි සමහර අය මගෙන් ඇහුවේ .ඕක ඔයාට කරගන්න පුළුවන්ද .ආයි අසනීප උනොත් අපරාදෙ ඔයාගෙ කාලය. අනික ඉගෙගත්තා කියලා ඔයා කොහොමද ඔය ලෙඩ එක්ක උඩට යන්නෙ.එයට මගෙ පිළිතුර වන්නෙ උඩයන්න නොවෙයි මේවා කරන්නෙ මගෙ සතුට වෙනුවෙන් එච්චරයි .
ටික දවසක් පාඨමාලාව කරගෙන යද්දි මගෙ හීනය තවත් පුළුල් වෙනවා. මැරෙන්න මොහෝතකට පෙර හෝ Phd එකක් කරන්න හීන දකිනවා අදටත් ඒ හීනය දකිමින් ඉන්නවා
මේ හීන දකිමින් පෂ්චාත් උපාධිය සම්පුර්ණ කරන්න හිටියත් .විභාගයට දවස් 12ට පමණ පෙර මා දැඩි ලෙස රෝගි වනවා.එත් කවදාත් අභියෝග හමුවෙ නොසැලුණු මා අතපය වෙවිලද්දි. වෛද්ය අධීක්ෂණය යටතේ, සේලයින් ලබාදෙන ගමන් විභාගය ලියලා එය විශිෂ්ඨ ලෙස සමත් වෙනවා.මෙ උපාධිය සමත්වීම නිසාම කවදාවත් හිතපු නැති විදුහල්පති විභාගය ලියලා එය සමත් වෙනවා .
ඊට පසුව ජිවිතෙ ට තවත් සිහින එනවා.
එ අනුව පසුගිය කාලයේ .කොළඹ විශ්විද්යාලයේ කළමනාකරණය පිළිබඳ අධ්යාපන පති (Med ) (Master of education ) තොරා ගැනීමේ විභාගයට මුහුණ දුන්නා. එම විභාගය කල විශාල පිරිසක් අතරින් Full time course එක සිදුකරන්න තොරාගෙන තියෙන්නේ 28යි තරඟකාරි විභාගයක් තුලින් එ 28 දෙනා අතරට මට,එන්න පුළුවන් වුනා.අද (2020/01/20), එකේ සුදුකම් බැලිමේ පරික්ෂණය තිබුනා .මාව මුලින්ම ගත්තා සියලු සුදුසුකම් සපුරා ඇති බැවින් මාව පාඨමාලාවට තෝරාගන්නා බව දැනුම් ලියාපදිංචිට අදාල ලිපි ලේඛන මට බාර දුන්නා.
ඊලග ගැටලුව පාඨමාලා ගාස්තුව වන රු.95000/ එකවර ගෙවන්නෙ කොහොමද එවාත් විසඳගන්න පුළුවන් කියලා සතුටින් නිවසට ආවා අද පඩි දවස .මගෙ වැටුපෙන් මට හිමිවිය යුතු රු.25000/ පමණ වැඩිපුර මුදලක් මෙවර වැටුපට එකතුවෙලා. ඉතිං මේ ගතකරන මොහෝත සතුටින් ඉන්නවා කියන්නේම විශ්වය අපිව තව තවත් සතුට ලබාදෙනවා කියන එකයි කියලා මට දැනේනවා .
මේ දවස්වල හුස්ම ගන්න බැරි තරමට වැඩ.
උදෙ 8 ඉඳලා හවස 5 වෙනකන් සතියට දවස් පහාක් දෙමළ පාඨමාලාවකට සහාභාගි වෙනවා දැනට දින යොදාගෙන තියෙන හැටියට දෙමළ පාඨමාලාව අවසන් වන්නෙ පෙබරවාරි 07 දා.
එ එක්කම පෙබරවාරි 13 වෙනිදාට විදුහල්පති කාර්යක්ෂතා කඩඉම් විභාය (EB) ලියන්න තියෙනවා .එ ප්රශ්න පත්ර ටිකක් අමාරුයි ආයතන සංග්රහය ගැන දැනුම හා මුදල් රෙගුලාසි පිළිබඳව දැනුම එහිදි සලකා බලන්වා විභාගය පවත්වන්නෙ විභාග දෙපාර්තමේන්තුවේන්.
EB එකට අදාලව නන්නන සර්ගෙ ඔන් ලයින් පංති තිබුනත්, එවාට සහාභාගි වෙන්න විදිහක් නැහැ. එම පංති සියල්ලම තියෙන්නේ මගෙ ඩයලසිස් ප්රතිකාර කරන දවස්වලමයි.
EB විභාගයට පාඩම් කරන්න තියෙන්නේ දවස් 5 ඒත් කොහොමහරි එ අභියෝගයත් ජයගන්නවා .
එ අතර සෙනසුරාදා රාත්රි 7 ඉඳලා 10 වෙනකන් තවත් පංතියකට සහාභාගි වෙනවා.
මේ දවස්වල පාසැල්වල පළමු වසරට සිසුන් ඇතුලත් කිරිමෙ පරික්ෂණ ඉඩ ලැබෙන හැටියට කොහොමහරි පාසලටත් යනවා අදත් මගෙ පරික්ෂණය ඉවර වෙලා කෙලින්ම ගියේ පාසලට.
.
දැන් කාටහරි ප්රශ්නයක් ඇතිවෙයි මෙච්චර දේවල් කරගන්නෙ කොහොමද ,වෙලාව කළමනාකරණය කරගන්නෙ කොහොමද කියලා ,. ඩයලසිස් තුනට දවසට පැය 6 බැගින් සතියට පැය 18 වෙනකරන්න ඕනේ දෙමළ පංතිය සඳහා පැය 10 බැගින් සතියට පැය 50යි ,අපි සතුටින් යමක් කරනාවම් වෙලාව හෝ මහාන්සිය හෝ අපිට ගැටලුවක් වෙන්න්නෙ නැහැ .කැප කීරීම් වලින් තොරව ජයග්රහණයක් ලබන්න බැහැ .
අපි දකින සීහින ඉටුකරගන්නනම් එ සිහීන වෙනුවෙන් අපි කැප කීරීම් කරන්න ඕනේ එ සිහින සමඟ ජිවත් වෙමින් එවා සෑබෑවන අයුරු මනසින් දකිමින් එ වෙනුවෙන් වැඩකරන්න ඕනේ.
මේච්චර මරාන්තික රෝගයක් තියාගෙනත්, කොයි වෙලාවෙ මරනය සිදුවෙයිද කියලා නොදැනත් එ සිහින වෙනුවෙන් වෙලාව හදාගෙන කැපකිරීම් කරමින් මගෙ හීනවලට යනනාම් නීරෝගීව සිටින ඔබට කොපමණ සිහින දකිමින් එවා ඉටුකරගත හැකිද.
අලුතින් හිතන්න අනුන්ගෙ හීන නොව තමන්ගෙ සිහීන දකින්න එ වෙනුවෙන් වැඩ කරන්න .එක සිහිනයක් දෙකක් බිඳ වැටෙයි නමුත් සතුටින් සිහින දකින්න
ජිවත්වෙන්න මේ මොහේතෙ සතුටින් ඉඳමින් සිහින දකින්න දිනක ඔබ දිනනවා සත්යයි .
මගෙ ජිවිතෙ අවසන් හුස්ම පොද වෙනකන් පාසලේ දරුවන් වෙනුවෙන් කළහැකි උපරිම දෙ කරන ගමන් මගෙ සිහිනය Phd එක කරා දවසක යනවා.
මෙය කියවන ඔබට නව සිහින දැකීමට හැකිවේවා .
    උපුටා ගැනීම:   .. මම ඉන්දුක……
                          2021/01/20
                          ජාතික රෝහලේ ඩයලසිස් හෙවත් රුධිර කාන්දුකරණ ප්රතිකාරය ලබන අතර තුර.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!