ගොඩක් ලස්සන කෙල්ලො – ටිකක් ලස්සන කෙල්ලො (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම මහ කොලඹ ආර්ථික කොමිසමේ තොරතුරු තාක්ෂන අංශයේ කලමනාකරුවෙක් හැටියට සේවය කරන සමයේ ඇති වූ සිද්ධියක් අද කියන්නට යන්නේ.
අප අංශයේ Data Entry Operators තිහක් පමන සිටියා, ඔවුන් සියලු දෙනාම තරුණ ගැහැනු අය විය. මම අලුත් ආනයන අපනයන නිරීක්ෂණය කරන සිස්ටම් එකක් නිර්මානය කර අතර, එයට කටුනායක සහ බියගම තිබුනු හැම ආයතනකම දත්ත එයට කැවීමට අවශ්ය වී තිබුනි.
Data Entry Operatorsලා හිටියෙ මගෙ ඔෆීස් එකට එහා කාමරයක, ඉතින් මට එයාලගෙ සේවය අවශ්ය වෙලාවට ඒ කාමරයට ගිහිල්ලා, දෙතුන් දෙනෙකුගෙ නම කියලා මගේ ඔෆීස් එකට එන්න කියලා වැඩ ටික පවරනවා.
ඉතින් වැඩේ හොඳට යනවා, මම ඉතින් සමාජවාදියා නිසා කිව්වා මට සර් කියන්න එපා නම කියලා කතා කරන්න කියලා. එයාලත් මට කේක් කෑල්ලක් එහෙම තේ බොන වෙලාවට දෙනවා, ඔය සහජීවනයෙන් වැඩ.
එක දවසක් මම අධ්යක්ෂ හමුවෙන්න ගිය වෙලාවක මිනිහා මට කියනවා, මට විරුද්දව පැමිනිල්ලක් තියෙනවා කියලා. මම සාමාන්යයෙන් අහුවෙන්න වැරදි කරන මිනිහෙක් නෙවෙයි, ඒ මදිවට අනික් උන් වගේ අයිස් නොගහ අලුත් දෙයකුත් ආයතනයට හඳුන්වා දුන් කෙනෙක්. ඉතින් ටිකක් කලබල වෙලා ඇහුවා
‘මොකක්ද මිස්ටර් ඒකනායක ප්රශ්නෙ?’
‘නැහැ, ලොකු දෙයක් නෙවෙයි. වැඩිය ලස්සන නැති කෙල්ලො ටිකක් ඇවිල්ලා කොම්ප්ලේන් කරා ඔයා වැඩ දෙන්නෙ ලස්සන කෙල්ලොන්ට විතරයි කියලා. අනේ අයිසෙ ඔය කැත කෙල්ලන්ටත් කතා කරලා වැඩ දෙන්න, වැඩේ ඉවරනේ’
කියලා මිනිහ හිනා වෙලා කිව්වා.
ඉතින් එදා ඉඳලා මම ගිහිල්ලා වැඩිය ඇහැට කනට නොපෙනෙන ගැහැනු ලමයි දිහා ඇඟිල්ල දික් කරලා
‘ඔයා එන්න මෙයා එන්න’
කියලා කතා කලා.
මම හිතුවෙ දැන් ඉතින් වැඩේ ශේප් කියලා. දැන් මට කේක් ලැබෙන්නෙත් නැහැ, එන කෙල්ලො මහේ දිහා බලන්නෙ උන් මැනේජර්ලා වගේ. කමක් නැහැ වැඩේ කෙරෙනවනේ කියලා හිත හදා ගත්තා.
සති දෙකකට පස්සෙ ප්රොග්රෙස් රිපෝට් එක අරගෙන් අධ්යක්ෂ හමු වෙන්න ගියාම, මිනිහා ආයේ කියනවා
‘අයිසෙ තව කොම්ප්ලේන් එකක් ආවනේ’
‘ඒ පාර මොකද?’
‘නැහැ ලස්සන කියල හිතාගෙන ඉන්න කැත කෙල්ලන්ට මල පැනලා, ඔයා දැන් තෝර තෝර ගන්නෙ කැත අයලු, ඉතින් ඔයා එයාලවත් කැත ගොඩට දාලා ලු’
මාර කෙලියයි, මුන් එක්ක මොනව කරලවත් දිනන්න බැහැ නේ. ඉතින් ඊලඟ දවසෙ මම ඇස් දෙක ලේන්සුවකින් බැඳ ගෙන ගිහිල්ලා ඇඟිල්ල දික් කරලා තුන් දෙනෙක් තෝර ගත්තා. උන්ට හිනා ගිහිල්ලා වැඩේ ශේප් කර ගත්තා.
හැබැයි ඊට පස්සෙ උන්ටම කිව්වා රොස්ටර් එකක් හදලා මට තුන් දෙනෙක් එවන්න කියලා දවස ගානේ, අර වැඩ ටික කරවගන්න. අර වැඩ කිව්වෙ data enter කරන එක. එතන ඉන්න කාලෙ තමයි ඕස්ට්රේලියා එන්න උනේ. ඉතින් ගුටි නොකා කොහොම හරි මෙහේ ආවා.
බලන්න ඉතින්, අප යටි සිතේ ලස්සනට තිබෙන කැමැත්ත අපිට නොදැනීම වැඩ කරන අයුරු.
උපුටා ගැනීම: Devapriya Siriwardena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!