

මේ කාලය වෙද්දී අපේ සංස්කෘතිය සැකසිලා තිබුණේ පන්සල, ගොවිකම, වැව ආදිය පදනම් කරගෙන, එම කාලයේ රජවරු පවා මුල්තැන දුන්නේ ගොවිකමට. පසුව කාලයක් එක්ක එන්න එන්නම අපි මේක අතහරිනවා. 1940 පමණ ඇතිවූ හරිත විප්ලවයත් සමඟ අපේ පාරම්පරික දේවල් වෙනුවට අපිට හඳුන්වලා දෙන්නේ නවීන දේ. මෙතනදි ගුණාත්මක ආහාර සුරක්ෂිතතාවයට යාමට වඩා අවධානය යොමුවෙලා තිබෙන්නේ ප්‍රමාණාත්මක ආහාර සුරක්ෂිතතාවයකට යන්නයි. ආහාරවල පෝෂණය පිළිබඳව අදහසක් තියාගෙන නෙමෙයි මේ අය මේ දේවල් කරලා තියෙන්නේ. 1950 වෙද්දි ඇමෙරිකාවේ පවා මන්දපෝෂණයෙන් පෙළෙන්නන් 73%ක් පමණ හඳුනාගෙන තියෙනවා.
අපේ රටේත් 1980 වගේ කාලවකවානුවේ ඉඳලා අපි පුරුදුවෙලා තිබෙනවා නවීන හාල්වලට. නවීන හාල්වලට පුරුදුවෙනවාත් එක්කම අපිට තිබෙන ලෙඩ රෝගත් ඒ විදිහටම එනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික තරබාරුව, පිළිකා, වකුගඩු වැනි බෝ නොවන රෝගවලට අපේ රටේ ජනතාව පහසුවෙන්ම ගොදුරු වෙනවා. මෙහි උච්චතම අවස්ථාව ලෙසට මීට වසර 7-8කට ඉහත හටගත් කාලීන වකුගඩු රෝගය හඳුනාගත හැකිවෙනවා. මෙම කාලීන වකුගඩු රෝගය හටගැනීමත් සමඟ මේ සඳහා හේතු හොයන අතර වාරයේදී තමයි ආසනික් ගැටලුව මතුවන්නේ. නවීන සහල් වගා කිරීමේදී අධිකව පොහොර යෙදීම නිසා එම සහල් පරිභෝජනය කිරීමේදී එම සහල්වල අන්තර්ගත රසායනික ද්‍රව්‍යයන්ද ශරීරගත වෙනවා. පාරම්පරික සහල් වගා කිරීමේදී කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන නිසා ඒවාට මෙම ගැටලුව මතුවන්නේ නෑ. මේ හේතු නිසා තමයි නැවතත් පාරම්පරික සහල් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ.

මහා පරාක්‍රමබාහු රජ කාලයේ කෝටි 06ක් වූ ලාංකීය ජනතාවට බත සපයා සහල් අපනයනය කළ බවද ඉතිහාසයේ සඳහන්. එකල ලක්දිව සහලෙන් ස්වයංපෝෂිත වූ අතර මේසා සහල් අස්වැන්නක් ලැබූයේ වත්මන් කෘෂි රසායනික භාවිතයෙන් තොරවය. එකල මුතුන් මිත්තන් වසර සියයකට වැඩි කාලයක් නිරෝගීව ජීවත්වූයේ මෙම සහල්වල පැවැති ගුණ නිසාමය. මෙම දේශීය සහල් වර්ග සර්ප විෂ, මාන්දම් කරණ, කාමලාව වැනි විෂ රෝගාබාධ සඳහාද ප්‍රතිකාරයන් ලෙස යොදා ගැනුණි. රතු හීනටි, වෙද හීනටි, රත් සුවඳැල්, මා වී, කළු හීනටි, සුදු හීනටි, ගොඩ හීනටි, හැටදා වී, කුරුළු තුඩ, මඩතවාළු, පච්ච පෙරුමාල් (සියපත් ඇල) කහවනු, ඇල්වී, අත්දැල්, කහමාල වී, මසුරං, හොඬරවාරු, පොක්කාලි, ගෝනබරු වී, බටහෙලැල්, සුදු කුරු වී, කිරිමුරුංග වී, හේරත් බණ්ඩා වී, රංතැඹිලි හැල්, රත්කරහාල්, රත්තාර වී, සුදු මඩසල්, කළු හෙල ඇල් වී ආදිය දේශීය සහල් ප්‍රභේද කීපයකි. නවීන විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව මෙම සහල් පරිභෝජනයෙන් බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කළ හැකි බව සොයාගෙන ඇත.

පාරම්පරික සහල් ප්‍රෝටීන්, යකඩ, ප්‍රතිඔක්සිකාරක යන ශරීරයට හිතකර සංඝටක වලින් අනූනය. මෙම සහල්වල මේදය හා පිෂ්ඨය වැනි සිරුරට අහිතකර සංඝටක ඇත්තේ වැඩි දියුණුකළ සහල්වලට වඩා අඩු ප්‍රතිශතයකිනි. මෙහි ප්‍රතිඔක්සිකාරක ලෙස සඳහන් වන සංඝටක පිළිකා සෛල මර්දනයෙහි ලා උපයෝගී වේ. මේ හරහා ශරීරයේ නිපදවෙන අනවශ්‍ය සෛල ශරීරයෙන් බැහැර කෙරේ. දේශීය පාරම්පරික සහල්වල වැඩිදියුණු කළ සහල්වලට වඩා ප්‍රතිඔක්සිකාරක හත් ගුණයකින් පමණ වැඩිය. මේවාට සුවිශේෂ පිළිකා මර්දනය කිරීමේ හැකියාවන් හිමිවන්නේ ඒ අනුවයි. ප්‍රතිඔක්සිකාරක මෙන්ම ඇල්ෆා ඇමයිලේස් එන්සයිමය අවහිර කිරීමේ හැකියාවෙන්ද පාරම්පරික සහල් සුපෝෂිත බව පර්යේෂණ වාර්තාවලින් හෙළිවී ඇත.

ඇමයිලේස් එන්සයිම අවහිර කිරීම හරහා පිෂ්ඨය ජීර්ණය වීම වළකී. එමගින් ග්ලූකෝස් සෑදීම අඩුවන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම වළකී. එමඟින් දියවැඩියාව පාලනය වේ. එමෙන්ම ප්‍රෝටීන් ග්ලයිකෝජන් හෙවත් සීනි සමඟ සම්බන්ධ වීම අඩාල කරන්නටද මෙම සහල්වලට හැකියාව ඇත. ප්‍රෝටීන් සීනි සමඟ සම්බන්ධ වී සාදන අනු හේතුකොටගෙන ප්‍රෝටීන්වලින් ශරීරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දායකත්වය නොලැබී යයි. රුධිරයේ සීනි අධික පුද්ගලයන්ගේ තත්ත්වය දැකගත හැකියි. ගොඩ හීනටි සහල්වලට ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියා කිරීමේ හැකියාව ආසන්න වශයෙන් සියයට 90ක් පමණ වන අතර මසුරන් හා දික් වී වල සියයට 9කට වඩා වැඩිය. මේ අනුව මසුරන්, ගොඩ හීනටි, සුදු හීනටි හා දික්වී යන සහල් වර්ග දියවැඩියාව මර්දනයටත් එයින් ඇතිවන සංකූලතා මර්දනයටත් යොදාගත හැකිය.

පිළිකාවලින් මියයන පිරිමින් අතර බහුලවම දැකිය හැකි වන්නේ පෙනහළු පිළිකාය. පාරම්පරික සහල්වලට පිළිකා මැඩලීමේ හැකියාව ඇති අතර සුදු හීනටි, දික් වී, මසුරන්, ගොඩ හීනටි වැනි සහල් වර්ග බත් හෝ කැඳ ලෙස දිනපතා භාවිත කිරීමෙන් පිළිකා, දියවැඩියා වැනි රෝග මැඩලීමේ හැකියාව ඇත.

මෙම සහල් වර්ගය බත පිසෙන විට ආවේණික සුවඳක් වහනය කරන්නා වූ ඇල් වී වර්ගයකි. අති පූජනීය වූ බුද්ධ භෝගයක් වූ මෙම සහල් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ පාරමී ශක්තියට සම්බන්ධ වෙමින් පහළ වූ පාරම්පරික ජනයා වෙත සමන් දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් ලෙස සඳහන් වේ. සමන් දෙවියන් තමන්ගේ පාරමී පුරා ගැනීම පිණිස බුදුන් පිදීමට සුදුසු ආකාරයට තැනුණු මෙම ඇල් වී වර්ගය කුසල් සහිත මනුෂ්‍යයාගේ ආහාරයට උපයෝගී වේවා යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන දායාද කළ සහල් වර්ගයකි. සිරුරේ හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. සිරුරේ ඇති ඇඩ්රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය වන, සෙලියුලෝස්වල සංයුතියට බොහෝදුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලේස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්ඩ්‍රේට් වර්ගවලින් සමන්විතය. එනම් ග්ලූකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුංඇට වැනි ධාන්‍ය වර්ග සමඟ කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකස්කර ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගීතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ථ ආකාරයට පවත්වා ගැනීමට උපකාරී වන බැවින් හෘද ස්පන්දන වේගය අධික නොවනු ඇත. කයෙහි ඇතිවන්නා වූ අධිරුධිර පීඩනයට හේතුකාරක වළක්වනු ඇත.

වැඩිමහල් වී වර්ගවලට අයිති මෙම වී වර්ගය ඉතිහාසයේ ගොවියන් විසින් මහ කන්නයට සුදුසු පස සකස් කිරීමක් කර අස්වැන්න ලබාගන්නා ලදී. මඩතවාළු කාබෝහයිඩ්ඩ්රේට්වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ගුණයෙන් ඉහළ අතර කාය ශක්තිය වර්ධනය, දියවැඩියාව පාලනය, ආහාර මාර්ගයට හිතකර බැක්ටීරියා ලබාදීම, වා, පිත්, සෙම් රෝග සඳහා ප්‍රතිකාර ලෙස, ශරීරයෙන් විෂ ඉවත් කිරීමට, රුධිර සංසරණ පද්ධතිය පිරිසුදු කිරීමට, ස්වේද ග්‍රන්ථිවල ශ්‍රාවය උත්තේජනය කිරීම ආදියට වැදගත්ය.

බුදුරජාණන් වහන්සේගේ පාරමී බලයට බිහිවූ වී වර්ගයක් වන අතර වෘක්කාණුවල ප්‍රතිශෝෂණය හා ඇටමිදුලුවල රතු සෛල නිපදවීම වැඩි කරයි.

දිනපතා ආහාරයට ගැනීමට සුදුසු පෝෂණ ගුණයෙන් අනූන සහල් වර්ගයකි. කායික ශක්තිය වැඩි කරයි. ගර්භණී හා කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුය. මධුමේහය පාලනයට හා විෂ නැසීමටද උපකාරී වේ. මෙම සහලේ කැඳ සර්ප විෂ රෝගීන්ට ඖෂධයකි.

ප්‍රෝටීන හා තන්තු බහුලය. මෙම සහල් මධුමේහය ක්ෂය රෝගය, මළබද්ධය, අර්ශස් හා හෘදවාහිනී රෝගවලටද තරබාරුකම් පාලනයටද උපකාරී වේ.

ප්‍රෝටීන හා මේදය බහුල ප්‍රියජනක රසයකින් යුක්ත සහල් වර්ගයකි. පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වැඩිකරන අතර බෙලහීන බව මගහරවයි.

අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකි. දියවැඩියාවට ඉතා ගුණදායක වන අතර අක්මාවේ රෝග නැසීමේලා ඉතා විශිෂ්ටය. ආහාර මාර්ගයේ හෝමෝන පාලනය කර ඒ හරහා ආමාශයට එන්සයිම ශ්‍රාවය වීම උත්තේජනය කරයි. අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝගවලට හිතකරය. ශරීරයට ශක්තිය ගෙනදේ. වකුගඩු රෝගවලට ඉතා ගුණදායකය. වකුගඩු හා පිත්තාශයේ ගල් දිය කිරීමට උපකාරී වේ. සෙම තත්ත්වය පාලනය කරයි. රුධිර කැටි ගැසීම හා හෘද රෝගවලට ඉතාම යෝග්‍යය.

අප සාමාන්‍යයෙන් භාවිත කරන සහල්වලින් සාදාගන්නා ලද ලුණු කැඳවලින් උණ බැසීමක් සිදු නොවන අතර දේශීය සහල් යොදා සාදන ලුණු කැඳවලට උණ බැස්සවීමේ මහඟු බලයක් ඇත. ලුණු කැඳ සෑදීම සඳහාද නියමිත ක්‍රමවේදයක් ඇති අතර මේ සඳහා දේශීය සහල් ලෙස කළු හීනටි, මඩතවාළු වැනි දේශීය සහල් භාවිත කළ යුතුය. මෙහිදී එකතු කරගන්නා ද්‍රව්‍යයන්ද වෙනස්වන අතර මෙම සාදාගැනීම සඳහා දේශීය සහල් වර්ගයක්, රතු ලූනු ගෙඩි හයක්, සුදු ලූනු බික් දහයක් හා ගම්මිරිස් ඇට 6ක් අවශ්‍ය වේ. මෙහිදී සුදු ලූනු තලා කැඳවලට එකතු කරගත යුතු අතර එසේ එකතු කරගත යුත්තේ පොතුද සමඟය. එය කැඳ සෑදීමේදී මතක තබාගත යුතු වැදගත්ම කාරණයයි. රතු ලූනු තලා එකතු කරනු ලැබේ. ලුණු දමන්නේ අවසානයටය. ලුණු වැඩිපුර දමා වතුර කෝප්ප 5ක් දැමීමෙන් කැඳ සකසා ගත හැකිය. මේ ආකාරයට කැඳ සාදා පානය කළහොත් උණ බැසීම අනිවාර්යයෙන්ම සිදුවේ. මෙය ඩෙංගු ඇතුළු ඕනෑම උණ රෝගයකට සුදුසුය.

අක්මා රෝගීන්ට කැඳ වඩාත් සුදුසු ආහාරයක් වන අතර ඒ සඳහා දේශීය සහලක් වශයෙන් හීනටි සහල් වඩා යෝග්‍යය. අක්මා රෝග ඇතුළු තවත් රෝග කිහිපයකටම මෙම හීනටි සහලට කෝන් කොළ හා මුංඇට යෙදීමෙන් කැඳ පිළියෙළ කරගත හැකිය. හීන්බෝවිටියා, හීනටි සහල් හා කිතුල් පැණි යොදා ගනිමින්ද කැඳ පිළියෙළ කරගත හැකිය. එසේම දියවැඩියා රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශය වන්නේ කුරුළු තුඩ, මඩතවාලු වැනි සහල් වර්ගයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම බත් ලෙස ආහාරයට ගත යුතු අතර බත්වල ගුණය නියමාකාරයෙන් රැඳෙන්නට නම් බත් සමඟ ආහාරයට ගන්නා එළවළු වර්ගද පෝෂණීය ඒවා විය යුතුය.

කළු හීනටි සහලේ බත්
ඇඹරැල්ලා ව්‍යාංජනයක්
මුකුණුවැන්න හෝ ගොටුකොළ මැල්ලුමක්
පතෝල හෝ වැටකොළු ව්‍යංජනයක්
රාජාල, කුකුලල, ගෝනල වැනි දේශීය අල වර්ගයක්
අර්තාපල් අගුණයි




උපුටා ගැනීම: Suwa arana