ඉබි භීෂණය.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගමක ජීවත් වෙන එක. හරිම අපූරුයි.කාටත් හිතෙන්නෙ එහෙමනේ.
ලස්සන වෙල්යාය,අැළ දොළ,ඵල බර ගෙවතු,හිත නිවන පන්සල් අාරණ්ය….,ඔය අාදී එකී නොකී සුන්දරත්වයන් විඳගන්න කව්ද අකමැති.
හැබැයි එ් ලස්සනට මුවා වෙලා තවත් පැත්තක් සමහර ගම් වල තියෙනවා. බාහිර ලෝකෙන් ගව් ගානක් අෑත හද්ද පිටිසර ගමක ජීවිතේ ….
හිතන තරම්ම සුන්දර නෑ.යන්න එන්න පාරක් නැති,පොදු ප්රවාහන සේවයක් නැති,විදුලිය නැති, නළ ලිඳක කිවුල් පානීය ජලයෙන් සැනසෙන දුෂ්කර ගම්මානයක ජීවිතේ අර මුලින් කිව්ව සුන්දරත්වය තිබුණත් එ්ක විඳගන්න අවස්ථාවක් නෑ.
යළට මහට නොවැරදී අලි ගම් වදින , අඩු නැතිව ඉඩෝරෙන් වැස්සෙන් බැට කන,අාණ්ඩුවේ ඩිස්පැන්සරියටත් හැතැප්ම ගානක් පයින් යන අහිංසක ජීවිත එ් ගම් වල අඩු නෑ. තමන් නොදැකපු සොඳුරු හෙටක් දරුවන්ට පෙන්වන්න දත කන අහිංසක මිනිස්සුන්ගෙන් පිරුනු දුෂ්කර ගම්මාන, එ් නිසා ලස්සනයි කියලා මට හිතෙන්නෙ නෑ.ළමා කාලයේ මං හිටිය, මගේ ගමත් එ් වගේ.එ්ත් මං ගමට අාදරෙයි.
ගමට අමුත්තෙක් අාවේ බොහෝම කලාතුරකින්. එ්ත් ඔය වෙළෙන්දෙක් තමයි.
අපි අාසම තොරොම්බල් බඩු අරන් එන මුස්තෆා මාමා එන දාට.මටයි නංගිටයි නොවැරදීම වළළු ජෝඩුව බැගින් ලැබෙනවා එදාට. මල්ලිට නලාවක්.
පොලීසියෙ මහත්තුරුන්ගෙ ජීප් එක තමයි අපි දැකපු සුඛෝපභෝගීම වාහනය.ඔන්න ඔහොමයි අපේ ගම එ් කාලෙ.
ඔය කොයි තරම් දුෂ්කර වුනත් එ් බව නොතකා එක කාලෙකදි ගම් වදින තවත් මහත්තුරු කණ්ඩායමක් හිටියා. අදටත් ඉන්නවානේ.
“ඡන්ද මාමලා” ….එහෙමයි අපි එ් අයව හැඳින්නුවේ.
එ් අය ගමට එනවාට අපි ,එ් කිව්වෙ ගමේ ළමා ලපටියෝ, කොහොමටවත් කැමති නෑ. බොහොම සාමයෙන් සහයෝගයෙන් හිටපු ගමේ අෑයො පාට අනුව බෙදෙන, කලින් වතාවෙ වාඩුව ගන්න මාන බලන, අපිට “එ් ගෙදරට යන්නෑ..” අාදී නීති පවා වැටෙන අමිහිරිම කාලයක උදාව තමයි මේ අයගෙ අාගමනය සටහන් කරන්නෙ.
රැස්වීමක් දෙකක් තියලා,ගම පුරාම පාට පාටින් පත්රිකා අලවලා ඉවර වෙද්දි ගම දෙක තුනට බෙදිලා ඉවරයි.ඊට පස්සෙ විවිධ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා.
අපේ ගෙදර උදවියත් ඔය කාලෙට බොහෝම බියෙන් සැකෙන් තමයි ජීවත් වුණේ.සමහර දාට රෑ ගම පුරා වාහන යනවා. බීමතින් කෑකෝ ගසමින් යන මේ පිරිස් වලට ගමේ කවුරුත් බයයි.අපිත් ඉතිං හවස් වෙද්දි කාලා , බීලා , ලාම්පු නිවලා, ඉක්මනටම නින්දට ගියත්,රෑ වෙනකල්ම නින්දක් නම් නෑ.
මේ කියන්න යන දවසත් එ් වගේ එකක්. වටින් ගොඩින් කළුවර වැටෙද්දිම එ් කෑකෝ ගැසීම් ,රතිඥ්ඥා දැමීම්, පටන් ගත්තා. එ්ත් තාත්තාට එදා රෑ පැල් රකින්න යන්නත් සිද්ධ වුණේ , හදිසියේම අලි රංචුවක් ගම්වැදුනු අාරංචිය නිසා.
“ඡන්දෙ බව උන් දන්නවයැ,නොගියොත් උදේ වෙද්දි වගාව ඉවර කරලා තියෙයි. ඔයා කාලා බීලා ළමයි එක්ක දොරවහගෙන නිදා ගන්න. රෙක්සි ඉන්නවානේ…”යි අම්මාට උපදෙස් දුන් තාත්තා, ගෙදරින් පිටත් වුණා.
මතකයිනේ, අපේ රෙක්සිව…?
අපට හිටපු ලොකුම අාරක්ෂකයා. පිටස්තර කිසිම කෙනෙකුට වත්තට එන්න දෙන්නෙ නෑ, හපනවා සමාවක් නැතුවම. වස නපුරා.ඉතිං අපට එ් රෑ එයා ලොකු හයියක් වුණා.
අම්මයි ,මමයි,නංගියි ,මල්ලියි,රෙක්සියි ඉක්මනට කෑම කාලා නිදා ගන්න සූදානම් වුණා. නංගියි මායි පිටිපස්සෙ කාමරේ,අම්මයි මල්ලියි ඉස්සරහා කාමරේ. රෙක්සි එළියෙ ඉස්තෝප්පුවේ.මොන සද්දයක් අැහුණත්,කව්රු කතා කළත් සාලෙට නොඑන ලෙස, අපි දෙන්නාට අම්මා උපදෙස් දුන්නා.
හෝරා කීපයක් ගියත් මට නම් නින්දක් නෑ.නංගි නම් පෙරවනය අැතුලෙ ගුලිවෙලා නිදි. එක පාරටම රතිඥ්ඥාා හඬක් අැහුණා.වේගයෙන් වාහනයක් ගිය අතරේ හූ හඬකුත් අැහුණා.මම භයින් භීරාන්ත වුණත් වාසනාවට නංගි නිදි.
පව්…රෙක්සි බය වෙන්නත් අැති.ඔහොම පැය කාලක් යන්නැති. මෙන්න බොලේ රෙක්සි බුරන්න පටන් ගත්තා.
ඉවරයක් නෑ බුරනවා,පැන පැන කාව හරි හපන්නම හදනවා.හැබැයි අනිත් පාර්ෂවය සද්ද කරන්නෙ නෑ.රෙක්සි වටේටම දුවනවා,ගොරවනවා,බුරාගෙන පනිනවා….දැන් මේ සිද්ධිය දිගින් දිගටම වෙනවා.මම පණ බයේ. නැගිටලා අම්මා ළඟට යන්නවත් පණ නෑ.
නංගි …..දෙය්යනේ හොඳට නිදි.
හිටිහැටියේම අපේ කාමරේ දොර “කිරීස්..” ගාලා අැරුනා.මාව දාඩියෙන් තෙත් වුණා.කළුවරේ කව්දෝ අැඳ ළඟටම අැවිත්,”පුතේ….” කිව්වා විතරයි ,
“ඊ ඊ ඊ….” කියාගෙන නංගි කතුරකුත් දික් කරගෙන අැඳෙන් පැන්නෙ නැතෑ.
“චූටි…මම අම්මා.කෑ ගහන්න එපා..”.
දෙය්යනේ අම්මා. යන්තම් මගෙ අැඟට ලේ ඉනුවා. නංගි මටත් නොකියාම අායුධ සන්නද්ධව තමයි අැඳට අැවිත් තියෙන්නෙ.
“ලොකූ…..අැහුනද සද්දෙ?” එ් අම්මා,රහසින්.
“ඔව්”…මම.
“දොර ළඟ කව්රු හරි ඉන්නවා. දැන් කීප වතාවක් දොර කඩන්න හැදුවා.ජනේලෙන් පේන්නෙත් නෑ…” අෑ දිගින් දිගටම රහසින් කියනවා.
එ් අතරේ රෙක්සි සතුරා සමඟ සටන , එන්න එන්නම දරුණු වෙනවා. තාත්තාත් ගෙදර නෑ.
නංගියි මල්ලියි බයේ වෙව්ලනවා.
ටිකක් වෙලා කල්පනා කරපු අම්මා
“යං …දොර අැරලා බලමු. නැත්නම් මේක ඉවරයක් නෑ ” කියලා ,පිටිපස්සෙ දොරේ අගුල තද කරලා,දොර පොල්ල අතට ගත්තා. මම කොස්ස ගත්තා. නංගිගේ අතේ කතුර. මල්ලි අම්මගෙ ගවුමෙ එල්ලිලා.
අපි කණ්ඩායම ම හෙමීට ඉස්සරහා දොර ළඟටම අාවා.අම්මා නංගිවයි මල්ලිවයි රෙදි මහන මැෂිම ළඟ හැංගුවා. අම්මයි මමයි ඉදිරියටම. රෙක්සි සටන දිගින් දිගටම.
” ලොකූ… මම දොර අරිද්දිම ඔයා ඔතනම ඉඳන් ටෝච් එක කෙළින්ම එ්කගෙ මූණටම අල්ලන්න. බලමුකෝ මොකාද කියලා…” අම්මා ධෙෙර්ය ගත්තා. මමත් කොන්ද කෙලින් කරගත්තා.
“ඕ….න්න අැරියා….”
මගෙ පපුව නතර වෙන්නම යනවා. එ්ත් වෙව්ලන දෑතින් බදලා ටෝච් එක අැල්ලුවා අැස් දෙක වහගෙනම.
සද්දයක් නෑ. අැස් වහගෙන නිසා අම්මව පේන්නෙත් නෑ.හුස්ම ගත්තෙත් නෑ මයෙ හිතේ.
“දෙයියනේ…..මේ බලන්න..” කියලා අම්මා කියද්දි තමයි මං ජීවතුන් අතර බව හැඟුනේ.
අැස් අැරලා බලද්දි..මෙන්න රෙක්සි ඉන්නවා හිනා වෙවී,යුධ ජයග්රහනයක් දන්වන සෙන්පතියෙක් වගේ. ටෝච් එළියෙන් මට පේනවා , පෝටිකෝවේ බිම , කටුවෙන් යන්තමට ඔළුව එළියට දාගත්ත ඉබි පැටියෙක්.
“අය්යෝ….රෙක්සි” මගෙ බය වාෂ්ප වෙලා,හිනාව නවත්ත ගන්න බැරුව ගියා. අම්මත් හිනා වෙනවා. එ් සද්දෙට නංගියි මල්ලියිත් හංගපු තැනින් දුවලා අැවිත් හිනාවෙන්න පටන් ගත්තා.
රෙක්සිගෙ බිරුම නතර වුණ බව දැකලා ඉබි පැටියා හෙමින් ගමන පටන් ගත්තා විතරයි,මෙන්න රෙක්සි අාපහු සටනට පිවිසුනා. ඉබි පැටියා අාපහු නතර වුණා. අපි හතර දෙනා දැන් පඩිය උඩ ඉඳගෙන බලන් ඉන්නවා.
රෙක්සි බුරනවා. ඉබ්බා නවතිනවා.රෙක්සි බිරුම නවත්වනවා, ඉබ්බා යනවා. අාපහු රෙක්සි බුරනවා,දුවනවා,ගොරවනවා.දොරේ හැප්පෙනවා. ටික වෙලාවකින් බලද්දි ඉබි පැටියා දුවලා දුවලා යනවා. රෙක්සිත් කුරුමාණම් අල්ල අල්ල බුරනවා.
“අද තමයි මම ඉබ්බෙක් දුවනවා දැක්කෙ…”
මල්ලි නිදිමතේම කිව්වා.
අම්මා ඉබි පැටියාව අරන් ගිහින් වැටෙන් එහා පැත්තෙන් තියලා අාවා. දැන් රෙක්සිගෙ බිරිල්ල ඉවරයි.එයාගෙ මායිමේ අනතුරක් නෑනෙ.
අපි හතර දෙනාම ඉස්සරහා කාමරේට ගියා, දොර වහලා දාලා.
“ලොක්කක්කේ….” එ් මල්ලි. නින්ද යාගෙන එද්දිමයි කතා කලේ.
“හීසනය කියන්නෙ මොකක්ද?”
“නෑ…නෑ….භීෂණය.එ් කියන්නේ මේ.. මේ…බය හිතෙන දෙයක් කියන එක” මම මතක් වෙච්ච විදිහට කිව්වා.
“හ්ම්…..එතකොට… මේක ‘ඉබි භීෂණය’ නේද?” නින්දෙන්ම වගේ මල්ලි කියනවා.
මටත් හිනා.”හ්ම්…”
“අක්කේ…” එ් නංගි.
“අැයි බයද?”මම අැහුවා.
” මොකෙක් හරි අාවොත් මල්ලිව නම් දෙන්න එපා. මාව දීලා ඔයදෙන්නා බේරෙන්න….” නින්දත් නොනින්දත් අතරෙ අෑ කියවනවා.
“නිදාගන්න දරුවනේ. මොකෙක්වත් එන්නෑ. රෙක්සි ඉන්නවනේ…” එ් අම්මා.
පහුවදා බඩ පැලෙන්න තරම් හිනා වෙවී කතාව තාත්තට කිව්වත්,මතක් වෙද්දි අදටත් අැස් වලට කඳුළු එනවා,නංගි කියපු දේ මතක් වෙලා.
“මාව දීලා ඔය දෙන්නා බේරෙන්න…”….අාත්මීය සහෝදරත්වය.
රෙක්සි මිය ගිහින් දැනට අවුරුදු එකොළහක්. එ්ත් එයා තාමත් අපේ හදවතේ ඉන්නවා.
අශේ..
උපුටා ගැනීම: Ashika Jayathilake

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!