මේක වෙන්නෙ අපි කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ. හැම අවුරුද්දෙම කැලනිය කැම්පස් එකේ තියෙන කලා උලෙලට මෙඩිකල් ෆැකල්ටි එකටත් ස්ටෝල් එකක් කරන්න ආරාධනවක් ලැබෙනවා. අපි ඉන්නෙ රාගම නිසා බොහොම කැමැත්තෙන් මේක බාර ගන්නව ( මොකද වෙනමම ඉන්න මෙඩිකල් ෆැකල්ටි එකේ අය්යාලට අනිත් ෆැකල්ටි වල නංගිලා ටිකක් බැල්ම දාන බව අපි අත්දැකීමෙන් දැනං හිටියා, අඩුම ගානේ අපි එහෙම හිතං හිටියා)
බොහොම උනන්දුවෙන් මේ ආරාදනාව බාරගත්තත් කලාව ගැන මෙලෝ දානයක් නොදන්න අපි වැටුනේ අලි අමාරුවක.
දැන් ඉතින් මොන මගුලක් දාලද අර ස්ටෝල් එක පුරවන්නෙ. යන්තං අපේ අය්යා කෙනෙක් බල්බ් එකක් ඇතුලෙ හදපු අය්ෆල් කුලුනකුය් ඒ වගේම වෙසක් කූඩුවකුය් ඉල්ල ගත්තා. කවුදෝ එකෙක් ඇදපු චිත්‍ර වගේකුත් තිබ්බා. දැන් ඉතිං ඉතුරු ඉඩ

අනේ මචෝ අපි දන්න කලාවක් නෑනෙ. අපි ඔන්නොහෙ මිනියකුය් තව ඔය හාට්, පෙනහලු, වකුගඩු වගේ ඔය මොනවා හරි බඩකඩුත්තු ටිකක් උස්සං ගිහින් ඕක පුරවමු. කවුදෝ එකෙක් මසුරං අදහසක් දැම්මා.
ඔන්න ඉතිං කලා උලෙලට යන දවසත් ආවා කියමුකො. ඩීන්ට කන්කෙදිරි ගාලා ෆැකල්ටි බස් එකත් ඉල්ලගත්තා. වැඩේ පත්තු උනේ බොඩි එක බස් එකේ ගෙනියන්න පය්ලට් අය්යගෙන් අවසර ගන්න ගියාම.
අනේ මේ… පිස්සු නං නටන්න එපා ඔය මල මිනී පටෝලා මම කොහොමද මේ බස් එක එලවන්නෙ… මූ යුද්ද ප්‍රකාශ කරා.
දැං ඉතින් මොන මගුලක් කරන්නද? හර්ස් හයර් කරන්න සල්ලිත් නෑ. මේක ගෙනිච්චෙ නැත්නං අපේ පටි රෝල් (කැලනියෙ නංගිලා ඉස්සරහ වීරයො වෙන්නෙ කොහොමෙය්).
හරි අය්යා , ඕක ගෙනියන්න අපි වාහනයක් හොයා ගන්නං ඒත් අපේ ලෑලි වගයක් තියෙනවා අවුලක් නැද්ද? අපේ එකෙක් අහද්දි අපි ෆුල් හොල්මං. ( මූ මොන මගුලක් කියනවද අපි කොහෙද ලෑලි පටවන්නෙ)
පොලිසියට අහු වුනොත් බේර ගන්නව නං අවුලක් නෑ ඌ කියාපි( යකෝ මූ පොලීසියට වඩා මල මිනියකට බයය්නෙ)
අන්තිමට අර ලෑලි ගැන කියවපු එකා අපට පැත්තකට කතා කරලා පැලෑන ගැහුවා. මුලින්ම මිනිය( මේක ඒ වෙද්දි සෑහෙන දුරකට කපල කොටලය් තිබුනෙ) එතුවා ගෝනි වල හතරැස් වෙනකම්ම. ඊට පස්සෙ මේක වටේ ලෑලි තියලා ලෑලි ගොඩක් විදිහට පෙනෙන්න හදලා පැටෙව්වා බස් එකට. කන පැලෙන්න ෆෝමලින් ගද ආවත් ඒක අපේ අනිත් කෑලිවල ගද කියලා පයිලට් අය්යව ශේප් කර ගත්තා.
ඔන්න දැන් කැලනියේ අපේ කැම්පස් එකට බොහොම උජාරුවෙන් ගිහිල්ල බඩු ටිකත් පටෝගෙන ස්ටෝල් එකට බඩගානව. (අන්න මෙඩිකල් ෆැකල්ටි එකේ අය්යලා කියලා සූකිරි බටිල්ලියො වගේ නන්ගිලගෙ කටහඩවල් එහෙමත් ඕක අස්සෙ ඇහෙනව)
දැන් අපි අපේ මිනී යාලුවත් දෙපැත්තෙන් දාපු ලනු කෑලි දිකකින් එල්ලගෙන යනව. යන පාර දෙපැත්තෙ මල් කඩන උං, පැනි හලන උං, සම්ප්‍රප්පලාප කියන උං ඔක්කොම අපි දිහා බලං ඉන්නව ඒලියන්ලා ටිකක් දිහාවෙ වගේ ( ඇය් යකෝ මුං පෙනහලු, බඩවැල්, හර්දය වස්තු වගේ නහුතයක් බඩකඩුත්තු කරේ තියං යද්දි මොකාද බලන්නෙ නැත්තෙ) ඔන්න බොලේ හිටි හැටියෙම අර ලෑලි පාර්සලේ උස්සගෙන ගිය ලනුව කැඩිල දෝං පතෝං කියල බිමට වැටිච්චි. වැටුන නැං මදෑ අපේ මල මිනී යාලුවගේ ඔලුවත් එලියට පැනපි.
හිතාගත්තෑකි නේද වට පිටාවෙ හිටපු නංගිලාගෙ ලතෝතියය් දිවිල්ලය්.
කොහොමින් කොහොම හරි මේව ඔක්කොම අපේ ස්ටෝල් එකට පටවලා ඒකෙ පල්ලෙහා තට්ටුවෙ කැන්ටිමෙන් බයිටක් හදාගෙන මල මිනී යාලුවය් අනිත් කෑලි බෑලිය් වටේ තියාගෙන අපි හීනියට සප්පායං වෙලා රෑ ඔතනම වැටිලා සැතපුනා ( ඔතන බොන්න තහනං කලාපයක් වගේ ඒවා ගැන අපි හාංකවිසියක් දැනං හිටියෙ නෑ වාසනාවකට)
ඔන්න පහුවදා අපි වැඩේ පටං ගත්තා. හත්වලාමය් කලා උලෙලේ තිබ්බ මෙලෝ කලාවක් නැති අපේ ස්ටෝල් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩ නෑ. මදැය් මේකට බල්ලෙක් වත් එන එකක් නැති නිසා අපි නිදහසේ පොඩි සෙවල පෙරන වැඩකට සෙට් වෙන්න බලං හිටියා. ඉස්පාසුවක් නැතුව වැඩ. මටය් තව දෙන්නෙකුටය් තමය් මල මිනී යාලුවගෙ කෑලි ගැන විස්තර කියන්න තිබුනෙ. ඔහොම ඉද්දි අපේ උං බිස්කට් , තේ එහෙම අල්ලද්දි අපි එතනම ඉදන් ඒව කකා බිබී වැඩේ කරාන යනවා. ගොඩක් උන්ගෙ මූනු අමුතු වෙලා කටවල් අප්පිරියාවෙන් වගේ ඇද වුනේ මොකද අපට තේරුනේ නෑනෙ. කිරි ටොය්යා නංගි පැටියෙක් ඕක අස්සෙ ඔක්කාරෙ කරන්නත් ගත්තා.
අඩේ අපි එච්චරටම ගදද නැත්නං මේකි පදුරු අස්සෙ ලැගල බඩ වෙලාද අපේ එකෙක් අහපි. ( අපි ෆෝමලින් ගද ගහන මිනියක් අත ගගා පෙරේතයෝ වගේ බිස්කට් කන එක අනිත් උන්ට අවුල් බව මගේ ඉස්කෝලෙ සගයෙක් වෙච්ච නිලූක කදුරුගමුව කියනකම්ම අපට තේරිලා තිබුනේ නෑනෙ).
කොහොම හරි වැඩේ නැගල ගියා. කීප දෙනෙක් දෙන්නෙක් කොහොම හරි කැලනියෙ කොල්ලන්ගෙ සූකිරි බටිල්ලියො ටිකකුත් ඩැහැගත්තා. අන්තිමේදි නිලූකයා PA systam එකෙන් කියලා තිබුනා අමුතු ලෝකෙකින් ගොඩබසින ලද ජීවීන් කොට්ටාශයක් දකින්නට අවශ්‍ය අය මෙඩිකල් ෆැකල්ටියෙ ස්ටෝල් එකට යන්න කියලත්.
අන්තිමේ ආපහු එද්දි වෙන වාහනයක් අරගෙන එන්න උනා. අතර මග බාර් එහෙමත් වන්දනා කරගෙන රෑ දොලහට ආපහු ඇවිල්ලා කලමනා ටිකත් බාගෙන වෙරි මතේම සැතපිලා පහුවදා සිහිය එද්දි තමය් දන්නෙ….
අම්මට සිරි මචං පෙනහලු දෙකකුය්, මිනී ඔලු දෙකකුය් , උකුල් ඇටේකුය් අරූගෙ වාහනේනෙ.
හිතාගන්න පුලුවන්නෙ මේ ගැන මෙලෝ හසරක් නොදන්න ඩ්‍රය්වර් උත්තමයට රෑ දොලහට මේ ටික හම්බ උනාම….
උපුටා ගැනීම: Wasantha B Herath