කඩදාසි සුප්. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මා අම්මා ඕ ඕ “
“ශා සුප් එකක්, යම්ම්ම්ම් රසායි හොදේ, තැන්කූ පැටියෝ”
ඊයේ හවස අපේ අවුරුදු දෙක හමාරෙ චූටි කොලූ මට සුප් එකක් හදන් ආපු වෙලේ තමයි ඔන්න ඔය සංවාදෙ උනේ.
එයාට කාර් , බයික් එක්ක වගේම බෝනික්කෝ , හට්ටි මුට්ටි එක්කත් සෙල්ලම් කරන්න දීලයි තියෙන්නේ. ගොඩක් දෙමව්පියෝ මෙහෙම තමයි කරන්නේ. ඒත් තාමත් ටික දෙනෙක් ඉන්නවා පුතාලට සෙල්ලම් කරන්න බෝනික්කෝ, හට්ටි මුට්ටි ඕන් නෑ කියලා හිතන.
ඊයේ එයා සෙල්ලමට මට සුප් එක හදලා ගෙනාවට, මං ඒකෙන් ලොකු දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි පොඩි කාලෙ ඉදලා කුස්සියේ වැඩත් අනිත් ගෙදර දොරේ වැඩත් එක හා සමානව උගන්නන්න ඕනි කියලා. එතකොට ඒ වගේ දේවල්වලට එයාට කවදාවත් තව කෙනෙක් මත්තේ යැපෙන්න ඕනි වෙන්නෙ නෑ. ඒ වගේම ඒ දේවල් වලින් කවදාහරි දවසක තව කෙනෙක්ට සහයක් වෙන්නත් පුළුවන්.
අද කාලෙනම් ගොඩක් පිරිමි අය ගෙදර හැම වැඩකටම කිසිම භේදයක් නැතිව සහය වෙනවා. ඒත් ඉතින් බොහොම සුළු පිරිසක් තාමත් හිතන් ඉන්නේ ගෙදර උයන පිහන වැඩ, ගෙවල් දොරවල් අස්පස් කරන වැඩ කාන්තාවන්ටම විතරක් අයිතියි කියලා. කාන්තා පිරිමි භේදයකින් තොරව පවුලේ ආර්ථිකයට උදව් කරනවානම්, ගෙදර අනිත් වැඩත් සහයෝගයෙන් කරන්නයි ඕනි.
මමනම් කියන්නේ පොඩි කාලෙ ඉදලා හැම දරුවෙක්ටම කියලා දෙන්න ඕනි ගෑණු – පිරිමි භේදයකින් තොරව එක හා සමානව දෙගොල්ලන්ටම කරන්න පුළුවන් වැඩත් තියෙනවා කියලා.
උපුටා ගැනීම: Buddhi Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!