“ඇයි තාත්තේ මේ විභාගය කරන්න ඕන…..?”
” මේක පුතේ .. දුප්පත් ඉස්කෝලවල දුප්පත් ගම්වල දක්ෂ ළමයින්ට.. ලොකු ඉස්කෝලෙට එන්න.. ඉගෙන ගන්න රජයෙන් ශිෂ්‍යත්ව මුදලක් ගන්න…”
“ඉතිං ඇයි අපි ලියන්නේ…?”
” මේකේ අභියෝගතා පරීක්ෂණයක්…ඒ කියන්නේ… අභියෝගයක් ජය ගන්න හැටි කියල දෙනවා..මේකෙන්….”
” මේ විභාගේ නැත්තං හොදයි. ඉස්කෝලෙදි වැඩ දෙනවා වැඩියි.”
“පුතේ.. ඔයාගේ තාත්තා අම්මා….රස්සාවෙදි සමාජයේදී… ඔයගොල්ල ලෙඩ වුනාම…කිරි අම්මලා සීයලා ලෙඩ වුනාම..වෙන වෙන දේවල් නිසා….අපිට.. එන ප්‍රශ්න.. යටින් ඉරක් ගහල…. හරි උත්තරය රවුම් කරල.හරි… ගැලපෙන දේ යා කරල.හරි….උත්තර හොයන්න බෑ….
….ඒවා ශිෂ්‍යත්ව පේපර් එකේ ප්‍රශ්න වලට වඩා ගොඩක් ගොඩක් ලොකු යි… සමහර ප්‍රශ්න වලට උත්තර පේනමානෙක නෑ… පොතක පතක නෑ…. අපිට වඩා ලොකු අයත් සමහර ඒවට උත්තර දන්නේ නෑ…”
“තාත්තලට ගොඩක් ලොකු ප්‍රශ්න එනවාද”
“හ්ම්… මම හිතන්නේ පොතේ කොලයක් උඩ.. අකුර, වචන, ප්‍රශ්න දීහා බලල ඔයාට පුරුදු කරන්නේ… ඒ වගේ අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන්ද කියල…..පුතේ … උදේට කහට උගුර බීලා…. හැතැම්ම…පහ හය..පයිං ඉස්කෝලෙට එන තමයි ඉන්නවා….අපේ රටේ.. සමහර විට එයාලා ඊට කලින් දවසේ…රෑටත් මොකුත් කාලා නෑ… දවසෙම බඩගින්නේ ඉදලා…. හවසට එක පාං ගෙඩියක් හතට කඩං කාල ජීවත් වෙන පුවුල් දරුවෝ ඉන්නවා… පුතේ දුප්පත් කම නිසාම….ගෙදර ප්‍රශ්න නිසාම… සමහර ළමයි… ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්….බඩගින්නේ වැවට දුවල… කරවටක් වතුරේ බැහැල…. නෙලුම් මල් කඩල… පන්සල් ගාව විකුනල….ගෙදරට කන්න දෙයක් අරං එනවා….එවා…තමයි ගොඩක් අමාරු….ජීවිත අභියෝග….”
මම දරුවන්ට කුඩා කල සිටම….(.වසර දෙක තුන..) මතකයෙන් හා පොත්වලින් කතාන්තර ඉතා රසවත්ව කියල දුන්න….සමහර කතා මගේ ජීවන අත්දැකීම් වලින් රසවත්ව වෙලල කියා දුන්නා….දරුවන් දෙමාපියන්ගෙ උකුලේ ඉදන් රසවත් කතා අහන්න ආසයි…මගේ වැඩ පිලිවෙලට….මගේ බිරිඳත්… ඉතා හොඳ සහයෝගයක් දුන්නා….. මේ නිසා දරුවන් අපේ කතා ඇහුවේ පුදුම ආශාවකින්… ඒ කිව්වේ ඒ තත්වය.. බොහෝ කැපවීමෙන් ලබා ගන්න ඕන දෙයක්… ඉතා ඉවසීමෙන් කලබලයක් නැතිව… දරුවන්ට මගේ… කුඩා කාලේ කියල දුන්නේ සුරංගනා කතා වගේ.ජාතක කතා … ඒ විතරක් නොවෙයි….කුඩා කතා පොත් ඔවුන්ට රසකර කර කර කියා දුන්නා…ඒ නිසාම පසු කලෙක…. අම්මයි තාත්තයි…රසවත් කතා කියන්නන් බව ඇදහුවා…..ඔවුන්ද…. විශාල ලෙස පොත් පත් කියවන්න පුරුදු වුනා…. පොත් පත් කියවීමෙන් දරුවෙකුගේ භාෂා ඤාණය දියුනු වෙනවා…”භාෂා ඤාණය” කියන්නේ දරුවාගේ “දෙවන මොලය”….. උපතින් ලැබුණු මොළයට “විශිෂ්ඨ භාෂා ඤාණයක්” එකතු වුනාම දරුවාට බොහෝ දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා….බුද්ධිය දෙගුණ..තෙගුණ..වෙනවා…
අපේ දරුවන් 181, 159, 185, ලෙස ශිෂ්‍යත්වයට ලකුණු ගත්තේ කිසිම දිනක කිසිම අතිරේක පන්තියකට එක දවසක් වත් සාභාගී…නොවීය.
කිසිම සම්මන්ත්‍රණය කට නොයාය.
දරුවන්ට කුඩා කල සිටම…ගස්, වැල්, කොල, පොතු, ගෙඩි, මල්, ඇට, කරල්, ගල්, වැලි, පස්, වතුර, අව්ව..වැස්ස, සුළග, සතුන්, කුරුල්ලන්, ගැන කෙටියෙන් රසවත්ව කතාවක් විදිහට….දැනුම ලබා දුන්නා…..
“තාත්තේ වංගෙඩිය පරන දෙයක්….ඇයි දැන් බ්ලෙන්ඩරය තියෙනවානේ..???..”
“පුතේ ඕනම දේක ඉතිහාසය, පරන දේ හරිම රසවත්… බලන්න තාත්තගේ අම්මගේ පුංචි කාලේ කතා පරන වුනාට රසවත් නේද….?…
ඔයා දන්නවද….හාල් කොටන්නයි, ඉන්න හිටින්න යි පාන තියන්නයි දොර අටවන්නයි…”.යන වංගෙඩිය ගැන රසවත් කතාව දරුවාට කියා දුන් විට…දරුවාට…දැනෙනුයේ තම පියා අපූරු….අයෙකු බවයි…. අපි දරුවන්ට පෙනෙන්න පොත් කියෙව්වා…දැනුත් කියවනවා. දෙමාපියන් ආශාවෙන් යමක් කරන විට දරුවන් කුතුහලයෙන්….ඒ දෙසෙට ඇදෙනවා….. දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයටම ඉලක්ක නොකර… පූර්ණ ජීවන අත් දැකීම් ප්‍රායෝගිකව….ලබා දීමට…පොළවේ පයගසා සීටීමට…ඔවුන් සමග බොහෝ එලවළු පලතුරු පලා වර්ග වැව්වා….මේ අපි අදටත් අවුරුදු දහයක් තිස්සේ… වවනවා….නිසාම .ඔවුන් මෝටර් රථයෙන් පාසල් ඇරලවීමට හැකියාව තිබියදීත්….පයිං යෑමට සැලැස්වූවා… පොතක් පැන්සලක් ඉවර වෙන තෙක්…. එය පරිස්සම් කිරීමට කියා දුන්නා…..සල්ලි එන්නේ බැංකුවට දාන කාඩ් එකෙන් කිව්වාම…. රෝහලේ….වාට්ටු වේ පසෙක රදවා….. කපා කොටා ගත් ලෙඩූන්, ලේ පෙරාගත් ලෙඩුන්, බීමතින් අනතුරු කරගත් ලෙඩුන් සමග එහෙට මෙහෙට දුවමින්…මැසිමක් වගේ අප ක්‍රියාත්මක වන බව අපේ දරුවන්ට…දකින්නට සැලැසූවා… ආත්තම්මා නෑවීම… ආත්තම්මා ලෙඩ වු විට අදාල උවැටැන් කිරීමට….තිදෙනාම යෙදෙව්වා… කොස් ඇටයක් අතට අරන් දරුවාට රසවත් කතාවක් සේ කොස් ගැන ගස් ගැන වගාව ගැන කොස් මාමා ගැන… පලතුරු ගැන බඩගින්න ගැන…කොස් ඇටවලින් අපි කුඩා කල..හදා කෑ රසවත් කෑම ගැන කියල දෙනවා…ඊට පස්සේ …ඔවුන් බලා සිටියදීම… කොස් ඇටවලින් විවිධ කෑම ගෙදරම හදනවා….
අපි ශිෂ්යත්වටය සූදානම් වුයේ හතර වසරේ සිට…. ගොඩක් දේ ගෙදර එදිනෙදා සිදුවීම්… පාදක කරගෙන… මුලින්ම මම හෝ බිරිඳ…ප්‍රශ්න පත්‍රය කියවනවා….ඊට පස්සේ…අපි….ඊට අදාල දේ සිතේ තියාගෙන.. දවස් දෙකක් තුනක් ඒ ප්‍රශ්න පත්‍රයේ ඇති දේ ගැනදරුවාට නොදැනෙන්න…. උපරිමව…එදිනෙදා….සිදුවීම් සම්බන්ධ කෙටි රසවත් සාකච්චාවලට…. දරුවන් සාභාගි කර ගන්නවා…..පුතේ මේ බලන්න වතුර වීදුරු කෝටු කෑල්ලක් දැම්මම… ඒක කැඩිලා වගේ පේනවා…..අපි බලමු ලුණු කැට ඉක්මනට දිය වෙන්නේ උනු වතුරෙද ඇල් වතුරෙද කියලා….ඉතිං… සැබෑ…ලෝකේ…දකින ඕනම දෙයක්… එදිනෙදා…දකින ඕනම දෙයක් දරුවාගේ දැනුම බැංකුව පුරවන්න…මම එයාලා ගොඩක් පුංචි කාලේ ඉඳලම මගේ විනෝදාංශය විදිහට කලා…. ශිෂ්‍යත්වය..පාස් කරන්න තණ්හාවෙන් නොවෙයි….අපි අවට පරිසරය ආශ්රයෙන් දරුවාගේ දැනුම් බැංකුව…පිරවිය යුතු නිසා… සියුම්…. අවබෝධය එදිනෙදා ජීවිතයට වටිනා නිසා…
අපි ප්‍රශ්න පත්තර කරන්න දුන්නා සතියට එකක්…. අම්මා තාත්තා… ගෙදර ඉන්න වෙලාවට ප්‍රශ්න පත්‍රයට ලකනු 90- 95ක් ගන්න අතර දෙමාපියන්…රැකියාවට ගිය විට කරන ප්‍රශ්න පත්‍රයට ලකුණු 65-70 වීම සුලබ දෙයක්…. උවමනාව නැති විට….ලකුණු…අඩුවන බවත්….සෑම විටම…ළමයින්ට… දෙමාපියන් අසල සිටිය නොහැකි බවත්…. දෙමාපියන් දෙදෙනාම..නැති ළමයින්ද….සිටින බවත් මම දරුවන්ට කියා දුන්නා….. අම්මා තාත්තා වගේ නැති විට තමන් තමන් ගැන වඩාත් සිතිය යුතු බව, සෙවිය යුතු බව ඒ අනූසාරයෙන් කියා දුන්නා…. සෑම විටම දරුවන් වෙනුවෙන් අපි පොත් පත්පත් කියෙවිවා.. ඒ වෙනුවෙන් පාන්දර හතරට නැගිටිනවා….රාත්‍රී….12 වෙන කම් අවදිව සිටියා… දරුවන්ට සුව සේ නිදා ගන්න දුන්නා….
අපි දැනුම… එකතු කරමින් දරුවන්ට යහපත් ගුරුවරු වුනා….අපි ප්‍රශ්න පත්‍ර සාකච්ජා කළා…නොසැලකිල්ල නිසා අඩුවන ලකුණු එයාලට දැනෙන්න සැලැස්සුවා…. ප්‍රශ්න පත්‍ර වල ලකුනු ප්‍රගතිය… ප්රශ්තාරයක ලකුණු කර එයාලාගේ ප්‍රගතිය….එයාලට ම නිතර නිතර පේන්න බිත්තියේ එල්ලුවා…..වැඩි ලකුණු ගත් විට…ඔවුන් කැමතිම පොතක් තෑගි කලා…..
ප්‍රශ්න පත්‍රයේ හරි උත්තරයට වඩා අපි කතා කලේ වැරදි උත්තර ගැන….ඇයි…ඒවා වැරදි…?
දරුවා හරි දේ හරියන හේඉතුව…. වගේම…වැරදි දේ වරදින…හේතුවත් මම දරුවන්ට හොයන්න පරුදු කලා….
ඒ තුනේ පන්තියට විතරක් ඉගෙන ගත් මගේ අම්මා…. මට කියා දුන් දෙයක්……
අපි දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික විය යතුයි…
දරුවන් වෙනුවෙන්…..කැප විය යුතුයි…. කියවිය යුතුයි….. ශිෂ්‍යත්ව පංතිවලට රෑ එලි වෙනකං යවා….පීඩනය දෙනවා වෙනුවට….ගෙදර ටෙලිවිෂනය හා ස්මාර්ට් ෆෝනය පසෙකට දමා…
තමන්ගේම ලේ මස් නහර වලින්…සැදුනු…දරුවා වෙනුවෙන්..කැපවීමක් කිරීමට අපිට හැකි විය යුතුයි……
මෙහි ඇත්තේ මා කල කී…දේවල් වලින් බිදක් වන අතර….ඔබටද.. මටත් වඩා.. දරුවන් වෙනුවෙන්…කැපවිය හැකියි….ඊට අවශ්‍ය එකම…දේ උවමනායි……
වෛද්‍ය රංජිත් අබේවර්ධන
මූලාශ්‍රය: Ranjani Indi