මේ සිදුවීම වුණේ ගිය අවුරුද්දේ මම උසස් පෙළ විභාගයට පාඩම් කරන දවස් වල .
මම පොඩි දවස් වල ඉදලම සත්තුන්ට ගොඩක් ආදරෙයි .මගෙ ලග සුරතල් සත්තු කිහිප දෙනෙක්ම හිටියා .මේ සිදුවීම වෙනකොට මගෙ ලග හිටියෙ සුරතල් පූසෙක් .එයාගෙ නම “
“ලියෝනා”.
ලියෝනා ටිකක් ආඩම්බරයි .ඒ වගේම හරිම හුරතල් .(පූසෝ ඉතින් කොහොමත් ආඩම්බරකාර සත්තු ජාතියක්නේ ..)
අපේ ගෙදර මම ඇරෙන්න සත්තුන්ට ගොඩක් ආදරේ කරන කෙනා තමයි අපේ තාත්තා .ඉතින් මම හරි තාත්තා හරි ගෙදර නැත්නම් ලියෝනත් ගෙදර නෑ .එයත් කොහේ හරි රවුමක් යනවා .එච්චරටම ලියෝනා අපි හැමෝටම ආදරෙයි .
මම මතක් කරන්න ආසම දේ තමයි මම පාඩම් කරනකොට ලියෝනා මගෙ ලගට වෙලා ඉන්න එක.මම පාඩම් කරන්කොට එයා ඉන්නේ මගේ පොත් උඩ ,නැත්නම් මගෙ ඔඩොක්කුවේ .මහ පාන්දර උනත් ,මහ රෑ උනත් ලියෝනා මගෙ ලග තනියට ඉන්නවා.(මුලින්ම මම කියනවා සත්තුන්ට දරුවන්ට වගේ ආදරේ කරන අයට කවදාකවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා කියලා )
ඉතින් එක දවසක් උදේ වරුවේ ගෙදර හිටියේ මමයි ,අපෙ චූටි අක්කයි විතරයි .මම ටීවි එකේ ගියපු පාඩමක් බලන අතරෙ හිටියේ .අක්කා කාමරයේ .ටික වෙලාවකින් අපේ තාත්තා එනව ඇහුනත්,මම පාඩමේ හිටිය නිසා ඒ ගැන වැඩි තැකීමක් කළේ නෑ .එක පාරටම ලියෝනා කෑ ගහන සද්දෙට මම මිදුලට දිව්වා ..ඒ සද්දෙටයි අක්කත් එලියට ආවේ.ලියෝනා පාර පැත්තට දුවනවත් මම දැක්කා .
දෙවියනේ !මට හිතා ගන්න බැරි වුණා වෙච්චි දේ ..අපේ කාර් එකටම ලියෝනා අහු වෙලා !
“අනේ තාත්තේ,ලියෝනා අහු වුණා !!”
මට කෑ ගැස්සුනා .තාත්තට හිතා ගන්න බැරිව වාහනෙන් එලියට පැන්නා ..එයා දුවගෙන ගිහින් ලියෝනව වඩා ගත්තේ අත පය වෙව්ලද්දී .මම දැක්කා ලියෝනාගෙ වම් කකුල තුවාල වෙලා තියන විත්තිය .
තාත්තගේ කෑ ගැහිල්ලට රෙදි කෑල්ලක ලියෝනව ඔතා ගත්තු අපි පුලුවන් තරම් ඉක්මනින් පශුවෛද්ය ඒකකයට ආවා .ආවා නෙවෙයි තාත්තා ඉගිලුනා කිව්වොත් හරි .මම ගෙදරට ඇදන් හිටපු ඇදුමෙන්ම පිස්සෙක් වගේ ගියේ.ලියෝනා වේදනාවට කෑ ගහනව ,එතැන පිරිසිදු කරන ගෑනු කෙනෙක් දීපු පෙට්ටියක ලියෝනව තියලා තාත්තා අල්ලන් හිටියේ අමාරුවෙන් .
පැය භාගයකට ව්තර පස්සෙ ඩොක්ටර් කීවේ,
” අද බෙහෙත් දාල යවන්නම් ,අනිද්දා ඇපොයිමන්ට් එකක් දාන් එන්න “. කියලා .
කරන්නම දෙයක් නැති තැන අපි ඒ විදියට කලා .
බෙහෙත් දාන අතරතුරේ තාත්තා ඇහුවේ ,
“ඩොක්ටර්,කකුල කපන්න වෙන්නෙ නෑ නේද?”
කියලයි .
මම තාත්තගේ මූණ දිහා බැලුව .මටත් වඩා එයා ගොඩක් දුකින් ඉන්නේ කියලා මට හිතුණා .තාත්තා ලියෝනට සැලකුවේ දරුවෙක්ට වගේ.එයාගේ අතින් මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරිව තාත්තා කල්පනා කලා .
කොහොම හරි කකුල නොකපා ඔපරේෂන් එක කරන්න පුළුවන් වුණා .මම දෙවියන්ට ස්තූති කලා ඇත්තටම ..ඒත් ලියෝනගේ ඇගේ ලේ අඩු නිසාත් ,කකුල ඇද වෙන්න පුලුවන් නිසාත් එයාව ගොඩක් පරිස්සම් කර ගන්න කිව්ව නිසා අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා .
සිරින්ජරයකින් කෑම දිය කරලා තමයි එයාට පෙව්වේ ,බෙහෙත් පවා දුන්නේ එහෙමයි .තාත්තයි,මමයි නොසෑහෙන්න දුක් වින්දා ලියෝනව සනීප කර ගන්න .
හැමදාම පශුවෛද්ය ඒකකයට ගියා.නිදි මරමින් ලියෝනා ලග හිටියා .මම උදේ හවස දෙවියන්ට කිව්වා ලියෝනව සනීප කරලා දෙන්න කියලා ..මොකද ලියෝනා මට විශේෂ කෙනෙක් .
“පූසෙක් හින්දා මෙච්චර නැහෙන්නෙ ඇයි?”
කියලා මිනිස්සු ඇහුවා .
කොහොමින් කොහොම හරි දවස් 8ක් ලියෝනා අමාරුවෙන් ජීවත් වුණා .ඒත් එක දවසක් රෑ ලියෝනා කෙදිරි ගාන නිසා තාත්තයි,මමයි ලියෝනා ලගින්ම හිටියා .ඒත් ..එයා අපි දිහා බලා ගෙනම එයාගෙ පුංචි හුරතල් බෝල ඇස් දෙක හැමදාටම පියා ගත්තා .
(ඩොක්ටර් කීවේ එයාගෙ ඇගේ ලේ මදිකම නිසා ලියෝනා නැති වුණා කියලා ..අනේ අපිට සමා වෙන්න පැටියෝ .)
ඉතින් මම කියන්න ඕන මගෙ තාත්තා කවදාකවත් නොසැලකිලිමත් කෙනෙක් නෙවෙයි .එයා තරම් සත්තුන්ට ආදරේ කරන කෙනෙක් තවත් නැතිව ඇති .ඉතින් එහෙම කෙනෙක් අතින් මෙහෙම දෙයක් වුණේ නරක වෙලාවට කියලයි මම හිතන්නේ .
අපේ ලියෝනා හොද තැනක දැනටමත් ඉපදිලා ඇති .
උපුටා ගැනීම: Malithi Abeyrathne