සම්පූර්ණ කතාව කියවන්න..(ජීවිතය හදාගන්න අය සඳහා පමණි )
පෙරේදා දිනයේදී මම colombo යන්නට විය..දළදා ගමින් (අනුරාධපුර – colombo) bus රථයේ නැඟ colombo එන විට හවස 7 පමණ විය.පැය 4k පමණ එක දිගට bus රථයේ පැමිණි නිසා ඇඟට මහන්සි දැනිණි. Colombo corona වැඩි නිසා වතුර එකක්වත් නොබී මා බලාගෙන සිටියේ බොරැල්ල දක්වා යාම සඳහා bus රථයක් පැමිණෙන තුරුය.මා අසලම තවත් දෙතුන් දෙනෙක් ඒ අසලම සිටින්නට විය.ඒ මොහොතේ මගේ නෙත ගැටුණේ යම් පුද්ගලයෙක් අවට සිටින අයගෙන් යමක් ඉල්ලන බවය..ඔහුට සමහර පුද්ගලයන් සල්ලි දෙන බව දුටුවේය.එහෙත් ඒ පුද්ගලයන්ගෙ මුහුණු වලින් මා දුටුවේ එතරම් ප්‍රියජනක මුහුණුවරක් නොවේය.සල්ලි ඉල්ලා බල කිරීම මත සල්ලි දුන් වගක් පෙනෙන්නට විය.*****
*******
සමහර පුද්ගලයන් ගාවින් ඔහුට කීයක් හෝ දෙන තුරු ඔහු එතැනින් යන්නට නොවීය.මට විටක සිතුනේ මොහු කප්පම් කරුවෙක්ද යන වගයි.ඔහු දුරින් සිටි නිසා light එළියට ඔහුගේ මුහුණ හරියට මා දුටුවේ නැත.ටිකෙන් ටික ඔහු මා සිටි තැනට ළංවෙන බව දකින්න විය.එවිට ඔහුගේ මුහුණ හරියාකාර දුටිමි.මම අසලම සිටි අයගෙන් ඔහු කුමක් හෝ පවසා මුදල් ඉල්ලා සිටින බව මා දුටිමි.මට ඇත්තටම බයක් දැනුනි.ඔහු කප්පම් කරුවෙකු වෙන්න ඇති කියා මගේ සිතට තදින් දැනිණ.*********************
මා අසලම සිටි පුද්ගලය පවා සල්ලි දුන්නේ අකැමැත්තෙන් බව ඔහුගේ මුහුණින් පෙනෙන්නට විය.මා ළඟද හරි හැටි මුදලක් ළඟ නොවීය..එම නිසා මම ඔහුව මඟ අරින අදහසින් මඳක් දුරට ඈත් වෙන්නට විය.මා දුටුවේ ඔහු මා යන යන තැනක මගේ පසු පසින් පැමිණෙන වගය.ඒත් සමඟ මා අසලින් තවත් පුද්ගලයෙක් යන්නට විය.අර පුද්ගලය මෙම පුද්ගලයන්ගෙන්ද මුදල් ඉල්ලන බව මා දුටුවෙමි .මමත් මහත් ඕනෑකමකින් බලාගෙන සිටියේ ඔහු එම පුද්ගලයට දුන් මුදල කොච්චරද යන්නය.ඔහු දුන් මුදල රුපියල් 20k බව මම දුටිමි.ඔහුගෙන් මුදල් ගත් එම පුද්ගලය නැවත මා පසු පස්සෙන් එන්නට විය..ඒ මොහොතේ මා කොහේවත් යන්න නොවී බලාගෙන සිටියේ මීළඟට කුමක්ද සිදු වෙන්න යන්න බලාගෙනය..****************
ඔහු මා ළඟට ඇවිත් කියන්න වුණේ “අයියා මට කීයක් හරි දෙන්න හදිස්සියක්.මට ගෙදර යන්න ඕනි ,යන්න සල්ලි නෑ .මේ වගේ ඔක්කොම අයගෙන් සල්ලි ඉල්ලගන්නේ ඒක නිසා” යන දේය.මමත් ඔහුගේ මුහුණ මහත් උවමනාවෙන් බලන්න වුණේ ඔහුගේ මුහුණ විලාසය කොහොමද යන්නය..වැඩි වයසක් නොවීය .මගේ හිතේ හැටියට වයස 25 අඩුය.මා ඔහුගේ අතේ රුපියල් 20k තබන්න විය. සුළු මොහොතක් යනවිට ඔහු අතුරුදහන්ය..ඔහු කළේ වංචාව බව මටත් ඔහුගේ කතාවෙන් තේරුම් ගියේය..ඒත් සමඟ මා අසලට පැමිණි පුද්ගලයෙක් කියා සිටියේ ඔහු හැමදාම මේ වේලාවට bus hold වලට ගොසින් මුදල් එකතු කරන බවත්,ඒ මුදල් වලට කුඩු ගසන බවය.ඔහුට මුදල් නොදුන්නොත් ඔහු පස්සෙන් පැමිණෙන බවත්,කීයක් හෝ ඔහුට දී ඔහුව පිටත් කර හරින එක නුවණට හුරු බවය..මගේ සිතට දැනුණේ ලොකු කලකිරීමක්ය.මමත් ඔහුගේ මත් කුඩු ගැනීමට මුදල් දී දායක වුණා නේද යන්නය*************
සාරාංශය……
පොඩ්ඩක් හිතන්න එම පුද්ගලය ගැන.ඔහුත් අපි වගේම මිනිහෙක් .අම්ම තාත්තා කෙනෙක්ගේ දරුවෙක්..එහෙත් ඔහුගේ ජීවිතය හා අපේ ජීවිතය ගැන සසඳන්න..වයස අවරුදු 20,22 ජීවිතය විනාශ වෙලා මත්ද්‍රව්‍ය නිසා .ඒවාට ඇබ්බැහි වෙලා .ඒවා නැතුව බැරි වෙලා .ගන්න සල්ලි නෑ .පාරේ හිඟා කාලා සල්ලි එකතු කරලා මත්ද්‍රව්‍ය ගන්නවා.ඇඟට ආහාර නෑ.අනාගතයක් නෑ .අම්ම තාත්තා නෑ .ලස්සන හීනයක් නෑ ..ආගම දහම නෑ..කාටවත්ම හිතෙන්නේ නැද්ද ඒ ජීවිතය මොකක්ද කියලා..ලස්සන ජීවිතයක් ලැබිල අකාලයේ නැති වෙලා යනවා..ඒ ජීවිතය කාටවත්ම වැඩක් නෑ .අඩුම තමන්ට තමන් වැඩක් නැති වෙලා ..මටනම් පුදුම කලකිරීමක් ආවේ ජීවිතය ගැන.##########
මගේ එකම වුවමනාව මේ කතාවෙන් එක් කෙනෙක් හරි මත්ද්‍රව්‍ය ගන්න එක නතර කරලා ජීවිතය රටට වැදගත් වෙන මිනිසුන් විදියට ජීවත් වෙනවා දකින්න.
බුදු සරණයි …
..

සටහන..අසංක බාලසූරිය ..