කොරෝනා හින්දා ස්කෝල වැහුවා ටියුෂන් ක්ලාස් ඒවත් නෑ.ඉතින් එහෙම කොහොමද සිලබස් කවර් කරන්නේ එක්සෑම් කල් යයිද,ස්කෝල කවදා පටන් ගනියිද අඩුම තරමේ ක්ලාස් යන්නවත් තිබ්බනම් එක්සෑම් එක ගොඩ දා ගන්න තිබ්බා.පාසල් සිසුන් විදිහට පොදුවේ ඒ වගේ ප්‍රශ්න තිබුනට පාසල් සිසුන් කුළකයට මමත් අයිති උනත් මට නම් මටම අනන්‍ය උන ප්‍රශ්නයක් තිබුනා.ඒ තමා මගේ මැණික නේහා කවදා දකින ලැබෙයිද කියන එක.හා හා පුරා කියලා පටන් ගත්ත මගේ පාසල් ප්‍රේම කතාව පිටුවෙන් පිටුව ලියා ගෙන එද්දිනේ මේ කොරෝනා වසංගතයක් ඇවිත් අපේ ආදර කතාවට හිස් පිටු ගොඩාක් එකතු උනේ
මගේ මැණික බලා ගන්න හිතා ගෙන දවස් කීපයක්ම අයියගේ දඩු මොණරේ නැගලා පියැඹුවත්.කොහෙද, මේ මාමණ්ඩියා ගේ වටේටම පවුරු බැදලා තිබ්බේ කාක්කෙක්ටවත් ඊට උඩින් පියාඹන්න බැරි වෙන්නනේ.
මැණිකගෙ උපන් දිනෙත් හෙට හැම සැරේම තෑග්ගක් අරන් දුන්නට මේ සැරෙනම් බැරි වෙන සීන් එකක් තියෙන්නේ.මොකක් හරි නූල් සූත්තරයක් දාන්න හැදුවත් මේ කිරි මැටි මොලේට කිසිම අයිඩියා එකක් ආවේ නෑ.
පත්තු උනා
මටත් හිටියා අතිජාත මිත්‍රයෙක් සජිත් ඌ නම් මං වෙනුවෙන් අපායට උනත් යයි.ඌ ලගට ගිහින් මගේ අඬවැඩියාව කියන්න ගත්තා.හතර අතේ කල්පනා කරලා ඌ කියාපි.
“වැඩේ උනා කියලා හිතා ගනින්.හෙට වරෙන්කෝ තෑග්ගත් අරන්”
“මොකද්ද බං කරන්න යන්නේ”
“උබ වරෙන්කෝ මං වැඩේ බලා ගන්නම්”
මාත් ඉතින් ගොනා සහ තණකොල ගානට මුකුත් නොකියම ගෙදර ගියා.
මැණිකගේ උපන් දින දවස,
මූ මොනවා කරන්න යනවද මන්දා අව්ලක් නෑ මුකුත් නොකර ඉන්නවට වඩා උත්සයක් දරලා කෙල උනත් මොකද කියලා සජිත්ගේ ගෙදර ගියා.
“උබ ආවාද,මං විනාඩියෙන් එන්නම්”
“මොකද්ද දැන් කරන්න යන්නේ”
“කෙල්ලගේ ගෙදර යමු”
“තොට අමු කැවිලද යකෝ,කෙල්ලගේ තාත්තාට අහු උනොත් අපේ හතර හංදි පැකට් කරලා තැපෑලෙන් ගෙදර එවයි”
“ඉදකින් තෝ නම්,පණ බයේනේ.මෙහෙ වරෙන් යන්න මං බලා ගන්නම් මොනවා හරි උනොත්.”
එහෙම කියලා ඌ කඩදාසි කොල ටිකක් රෝල් කරගෙන බයික් එකේ මැණිකගේ ගෙදර ලගට ආවා.මාමණ්ඩියා ගේ ඉස්සරහා මොකද්දෝ වැඩක්,අරූ හෙන පොර වගේ පෙරමුණ අරන් ඉදිරියට යනවා මං මොකාද එකා වගේ ඌගේ පිටි පස්සෙන් යනවා.
“පුතාලා කව්ද”
“අංකල්,මේ අපේ ඇමතිතුමා,මේ පාර පාර්ලිමේන්තුවට තරඟ කරනවා.පොඩි සහයෝගයක් දෙන්න අංකල්.”
අප්පටසිරි දැන්නේ මීටර් උනේ.මූ අතේ තිබ්බ කොළ ටික මාමණ්ඩියට දීලා ජන්ද කැන්වසි ආව පාට් එකක් රඟ දක්වනවා.
“හරි හරි පුතා,පුතාලා නොකිව්වත් අපි මෙතුමට තමා සහයෝගය දෙන්නේ.අපි දෙන්නා ගජ යාලුවෝ.පොඩි කාලේ ඉදම්ම දන්න මනුස්සයානේ”
“ආ එහෙමද අංකල්.අංකල්,අපිට වතුර ටිකක් බොන්න පුළුවන් ද.”
“අපේ ඇමතිතුමාගේ ගෝලයෝනේ නිකන් යන්න දෙන්න පුළුවන් ද,එන්න පුතා ගෙට,අද අපේ දෝණිගේ උපන් දිනේ කේක් කෑල්ලක් කාලාම යන්න”
“දෝණී මේ ලමයි දෙන්නට ඔය කපපු කේක් එකෙන් ගේන්න”
අංකල් එහෙම කියලා නවත්තලා දාලා ආව වැඩේ කරන්න එළියට ගියා.
අංකල්ගේ දෝණී එනවා කේක් අරගෙන හම්මෝ ඒ සුදු මූණ දැක්කත් හිත පිරෙනවා.කෙල්ල කේක් ටික පැත්තකින් තියලා මං ලගට දුවගෙන ආවා.කෙල්ලටත් අදහා ගන්න බැරි වෙන්න ඇති මොනවද මේ වෙන්නේ කියලා.
“ඔය මූණේ තියෙන හිනාව හැමදාම තියෙන්න තියා ගන්න.මගෙ මැණික ඔයාට සුභම සුභ උපන් දිනයක් ගොඩාක් ආදරෙයි සුදූ”
“අනේ අයියා,මාත් ආදරෙයි”
නේහාට කතා කර ගන්නත් බෑ,සතුට වැඩිකමට ඇස් වල කදුළු පිරිලා.ඒ ඇස් දාලා යන්න හිත දුන්නේම නෑ.ඒත් ඉතින් මාමණ්ඩියා ආවොත් ලෝක නඩුවක් වෙනවා ශුවර් වැඩි වේලා ගන්නේ නැතුව පරිස්සමට තියා ගෙන හිටිය තෑග්ගත් දීලා නළලට හාදුවකුත් දීලා තමා අපි ගෙදරින් ආවේ.
සැ:යු-: පුද්ගල නාමයන් හැදින්වීම සදහා පමණක් යොදා ඇති අතර මනංකල්පිත නාමයන්ය.
උපුටා ගැනීම: Koshila Erandi