මම කොල්ලෙක්..
මම පොඩි කාලෙම මගේ තාත්තා මාව දාලා යනවා. මට ඉතුරු වෙන්නේ මගේ අම්මයි නංගී විතරයි. මම අම්මයි නංගී එක්ක ජීවිතේ අඩියෙන් අඩිය ලස්සනට ගෙවන්න පුරුදු වෙනවා..
ඕ ලෙවල් අමාරුවෙන් කරගත්ත මම ඒ ලෙවල් වලටත් ක්ලාස් යනවා. ඒ කාලේ හොදක් නරකක් තෝරගන්න හරිම අමාරුයි. කොහොම වෙතත් විවිධාකාර තාඩන් පීඩන අමුතු යාලුවො, විසේකාර තාරුණ්‍යය ඔය හැම එකක්ම එක්ක මම ඒ ලෙවල් යාන්තම් ගොඩ දාගන්නවා. ඒක මට ජොබ් එකක් කරන්න පුලුවන් මට්ටමේ රිසල්ට් එකක් නෙමේ.
ඔයාලට හිතාගත්ත හැකිනේ…
මම එහෙම්ම ගෙදරට වෙලා ඔහේ ඉන්න ගමන් මට මතක් උනා එහා ගෙදර අයියා ඇන්සල් එකේනේ කියලා. පස්සේ උට කියලා මෑන් පවර් හරහා මම ඇන්සල් එකේ වැඩට යන්න පටන් ගත්තා. තාත්තා ත් නැති නිසා පවුලේ බර මට පැටවිලා තිබ්බේ. අම්මයි නංගී මම බලාගන්න ඕන. මට සල්ලි ඕන උනා.. මම ඒකට ගිහින් සල්ලි ටිකක් හම්බ කලා..
ටිකක් දවස් ඒකට වැඩට යනකොට මට හිතුනා මේක මොන ජොබ් එකක්ද මෙතනට කොටු වෙලා මේකෙන් මම අයින් වෙලා කොළඹට ගියානම් මොකක් හරි එකක් කරගන්න පුලුවන් කියලා..
මම ඇන්සල් එකෙන් අයින් වෙලා කොළඹ ජොබ් එකකට යන්න ගියා. මට හම්බුනේ සවුන්ඩ් එල්.ඊ.ඩී. බල්බ් වලින් වැඩ කෑලි දාන ශොප් එකක පෙට්ටි අදින්න. කෙටියෙන් ම කියුවොත් නාට්ටාම් වැඩක්.
අවුලක් නෑ. මට ඒක කරන්න හිතුනා. එතන තියන බඩු වලට බල්බ් වයර් ඒවා සෙට් කරන හැටි බලන් ඉන්න ආස හිතුනා. මම කරන්නේ ඒවායින් එකක් දෙකක් අරන් වැඩක් නැති වෙලාවට සෙට් කරලා බලන එක.
මම ඕක කරන අතරෙදි දවසක් බොස්ට අහු වුනා. බොස් ඇහුවා ඔය මොකද ඔය කරන්නේ. ඔය වැඩ වලට ආස ද? කියලා.
මම කියුවා “ඔව් මට පුලුවන් වෙයි සර්” කියලා.
එහෙනම් එනවකො කියලා පෙට්ටි ඇද ඇද හිටිය් මාව එල්.ඊ.ඩි.. බල්බ් පුවරු සෙට් කරන වැඩෙට දැම්මා. මම ඒක හොදට ඉගෙනගත්තා. ඔහොම ඕවා එක එක තැන් වල සෙට් කර කර ඉන්න අතරතුර ඒ කම්පැනි එකේ වෙබ් ඩිසනර් පුටුව වේකන්ට් උනා.
ඒ වෙද්දී මම වෙබ් ඩිසයිනින් තියා කම්පියුටර් එකක් වත් මට නෑ. මට ඔය වේකන්සිය තියනවා කියලා දැනගත්ත දවසේ ඉදන්ම ඒකට රිංගන්න මයි හිත තිබ්බේ. මම ගෙදර ඇවිත් අපේ නැන්දලගේ ගෙදර ගිහින් එහේ කම්පියුටර් එකෙන් යූ ටියුබ් වීඩියෝස් බැලුවා. වෙබ් ඩිසයිනින් , පොටොශොප් එවගෙන් බලල ඉගෙනගත්තා. මම ඉගෙනගන්න ගමන් අතන වේකන්සිය ෆිල් වෙයි කියලා බයේ බොස්ට කියුවා සර් මේවා කරන්න දැන් කෙනෙක් නෑනේ මම බලන්න ද කියලා.
සර් ඇහුවා “උබට පුලුවන් ද ? ” කියලා.
“බලන්නම් සර් ” කියලා මම වැඩේ අතට ගත්තා. මට ඒක ට සරිලන කැරකෙන පුටුවකුත් ටේබල් එකකුත් කම්පියුටර් එකකුත් හම්බුනා. පඩියත් වැඩි උනා. අව්ලක්ම නෑ.
වෙච්ච හැමදේම හොදට උනේ කියලා මම හිතගත්තා.
මම ටික දවසක් ඒ වැඩ කරගන ගියා. හැමෝටම මගේ වැඩ හිතට ඇල්ලුවා. ඔහොම යද්දී දවසක් මගෙ යාලුවෙක් හිටියා ධනුෂ්ක කියලා. ඌ ෆයිවර් එකේ ග්‍රැෆික් ඩිසයිනින් ජොබ් එකක් කර කර හිටියේ. ඌ ට එදා හදීසියේ කැම්පස් එකේ එක්සෑම් කියලා ඌ ඇහුවා
” මචං මට මේක පැය 24න් සබ්මිට් කරන්න ඕනේ. උබට අදට මට මේක කරලා දෙන්න පුලුවන් ද කියලා. ” හරි කියලා මම ඒක කලා.
ඒක නියමෙටම ආවා. ඒ ලෝගෝ ඩිසයින් එක ධනුෂ්ක ගේ අදුරන කෙනෙක් දැකලා කවුද කලේ අහල තිබ්බා. ඌ මම ගැන කියලා තිබුනා.
ඒ අහපු මනුස්සයා ලහිපිට, ලංකාදීප ප්‍රින්ට් කරන තැන මැනේජර් ( මට මතක විදියට)
එතනට කෙනෙක් හොයලා තිබුනා “read the peek” කියන ස්ලෝගන් එකට හොද ලෝගෝ එකක් කරන්න. පස්සේ ධනුෂ්ක මාව ඒක ට සෙට් කලා.
එතන මට තිබුනේ ඒ පත්තර වල ග්‍රැෆික් ඩිසයිනින් කරන ප්‍රොෆෙශනල් එක්කෙනෙක් එක්ක මටත් අර ස්ලෝගන් එකට ලෝගො එකක් ඩිසයින් කරන්න.
එයත් එකක් කලා මමත් එකක් කලා. මම වැඩිය නොහිතා චාම් විදියට ලෝගො එකක් ඩිසයින් කලා. ඒක ගතියට අවා. අර මනුස්සයා ත් එකක් ඩිසයින් කරලා. ඒකට දාන්න තියන වැඩකැලි ඔක්කොම ටික දාලා.
මැනේජරි දෙකම බලලා මගේ එක හරිම අර්තවත් , ස්ලෝගන් එකේ තේරුමම ඇවිත් තියනවා. ආයෙ ඒක අමුතුවෙන් කාටත් තේරුම් කරන්න ඕන නෑ කියලා. මගේ එක තෝරගත්තා.
එතන ඉදන් මම ඒ පත්තර කම්පැනි එකේ ඇසිස්ටන්ට් මාකටින් මැනේජර් උනා.
මට බයික් එකක් ලැබුනා. මම ඒ බයික් එකේ යන එන ගමන් එක එක කඩවල් වල නතර වෙවී එල්.ඊ.ඩී. බෝඩ් ගැන විස්තර කියලා. ඒවා ගහන්න ඕන නම් කියන්න එහෙම කියල තිබ්බ කඩවල් දෙක තුනකට.
ඕක ඔෆිස් එකට ආරංචි වෙලා මාව ජොබ් එකෙන් එලියට දැම්මා. උබ ඉන්නේ ජොබ් එකේ නෙමේ. වෙන ලොකෙක කියලා. එදා මගෙ අතේ බයික් එකත් නෑ. අතේ සල්ලි තිබ්බෙත් කඩවතට එන්න විතරයි . අවුලක් නෑ. හොදටම වැස්ස. කරන්න දෙයක් නෑ වැස්ස පායනකල් ඉදලා මම කඩවත ඉදන් ගෙදරට පයින් එන අතරමගදී බෑග් එකේ තිබ්බ පොතක් අරන් එතන ඉදන් දිගටම තිබ්බ කඩවල් වල නම්බර්ස් ලියගන්න පටන් ගත්තා..ලියාගන ගෙදර ඇවිත් එකින් එකට කොල් කරන්න ගත්තා.
මට හිතුනා. මට බැරි දෙයක් නැ. මට මේක කරන්න පුලුවන. මම කොමහරි කරනවා කියලා. කොමහරි මට පලවෙනි වැඩේ සෙට් උනා.
කඩයක ( නම මතක නැ) එන්ට්‍රන්ස් බෝඩ් එක එල්.ඊ.ඩී. වලින් ගහන්න. මම වැඩේ බාරගත්තා. අතේ ලොකුවට සල්ලියක් තිබ්බේ නෑ. අම්මගෙ මාලෙත් උකස් කරලා. ඒකෙන් හම්බුන ඇඩ්වාන්ස් එකත් දාලා.මම ඒකට බඩු අරන් ඒක නියමෙටම කලා.
ඒක හරි ගියා. මට 46,000ක් විතර ලාබයක් ආවා. මට හිතුනා එවලේ මෙච්චර දෙයක් මට පුලුවන් වෙලා ඉදලත් ඇයි මම මේ කාලේ නාස්ති කලේ කියලා.
පස්සේ මම ඒකෙන් ටික ටික ඉතුරු කරගන ගානට හැමදේම බැලන්ස් කරගන පොඩි තැනක් අරගන පොඩියට මගේම කිය්ලා බිස්නස් එකක් පටන් ගත්තා.
එදා සහ අද මම ගැන හැරිලා බැලුවොත් මම අද හොද තැනක ඉන්නවා. හෙට අනිද්දට කාර් එකකුත් ගන්නවා. මගේ සල්ලි කියලා මට බය නැතුව කියන්න පුලුවන්. මම මහන්සියෙන් හම්බකරපුවා…..
දැන් දවසට වැඩ දෙකක් තුනක් එනවා..
නිමි…
සත්‍ය සිදුවීමක්..
හොදම යාලුවෙක් ගෙ කතාවක්. කියන්න හිතුනා තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙයි කියලා හිතලා…
මට කතාව කියුව විදියටමයි කියුවේ. සමහර තැන් මට හරියට මතක නෑ.
අපිට කරන්න බැරි දෙයක් නෑ. හිත තමා වැදගත්…
උපුටා ගැනීම: Binuri Ferdinand