මේක මගේ යාලුවෙකුට වුන වැඩක් . ඔයාලට දරුවෝ ඉන්නවා නං ,විශේශයෙන් ගෑනු දරුවෝ එයාලට කියා දෙන්න තමන්ගේ චරිතය සහ හැදියාව කොයි තරම් වැදගත්ද කියලා .තීරණ ගත යුත්තේ හදවතට වඩා මොලයට ඉඩ දීලා කියලා .එහෙම නොවුනොත් අමාරුවේ වැටෙන්නේ එයා විතරක් නෙවෙයි .වටේ අයත් එක්කම
මේක වුනේ මං ෆස්ට් ශයි ඒ ලෙවල් කරන දවස් වල .මමයි මගේ හොඳම යාලුවයි ක්ලාස් යන්නේ එන්නේ එකට .විශයන් තුනටම ක්ලාස් තිබුනේ මගේ පාසලට යාබද නගරයේ .ගමේ ඉඳන් පැය එකහමාරක විතර දුරක් තියෙනවා නගරෙට යන්න.ඒ නිසා මාව ගෙදරින් යැව්වේ යාලුවා එක්ක විතරමයි . ක්ලාස් පටං අරං ටික දවසක් යනකොට අපේ ගෙවල් වලට ටිකක් එහායින් ඉන්න තවත් ලමයෙක් අපිත් එක්ක යන්න එන්න ගත්තා .දැං එයයි මායි මගේ යාලුවයි තුන් දෙනාම තමා ක්ලාස් යන්නේ
අලුත් යාලුවා ටිකක් අමුතු චරිතයක් .අපි දෙන්නා කෑම ගැන , අලුත් ටීවී සීරීස් ගැන , අලුත් ඇඳුම් ගැන ,වගේ වල් පල් කතා කරනකොට එයා කියෙව්වෙම කොල්ලෝ ගැන .අපි දෙන්නම ඒ සම්බන්දව ඉන්ටරෙස්ට් නෑ .
මේ අලුත් යාලුවා සුදුයි .කොන්ඩෙ බොකුටුයි .බෝල ගෙඩියක් වගේ මිටී චුට්ටක් මහතයි . එයා අවිවාදයෙන්ම ලස්සනයි .ඒත් අර කිව්ව පරහා තමයි තිබුනේ .ඒත් ඉතිං ගමේ එකීනේ කියලා අපි දෙන්නත් එයා එක්ක ඉඳියා .ඒ කෙල්ල ටිකක් පොශ් ලුක් එකකින් තමා ඉඳියේ .විවිධාකාර ඇඳුම් ආයිත්තම් ,බෑග් ,කොන්ඩකටු සෙරෙප්පු , එක එක දවසට එක එක ඒවා .අපිට ඉතින් එහෙම ගන්න ඕන වුනෙත් නෑ ඕන වුනත් එහෙම ගන්න වත්කමකුත් නෑ .එකෙම්ම අපි ගොඩේ . ඔහොම ටිකක් දවස් යනකොට දවසක් මගේ හොඳම යාලුවට ක්ලාස් එන්න බැරි වුනා මොකද්ද හේතුවකට .එදා ඉතිං මං ක්ලාස් ගියේ අර අලුත් යාලුවා එක්ක .
දැං ක්ලාස් ගිහිං ඉන්න ගමන් මෙයා මාත් එක්ක කතා කරන්න ගත්තා සර් එනකං.ඒ වෙනකොට එයා එක ලව් එකක් නවත්තලා තිබුනේ .හේතුව නං අපිට කිව්වෙත් නෑ අපි ඇහුවෙත් නෑ . .( අපිට ඒ වෙනකොට ෆෝන් තහනම් භාන්ඩයක් වන අතර එයාට ස්මාර්ට් වර්ගයේ ගඩොලක් තිබූ බව කරුණාවෙන් සලකන්න )
– මචං මට කොල්ලෙක් මැසේජ් කරනවා බං .
= කවුද ? උඹ දන්න එකෙක්ද ?
– නෑ බං ගිය සතියේ ක්ලාස් ඇරිලා ගෙදර ගිය ගමන්ම මට කෝල් එකක් ආවා කාවද අහගෙන .ව්රෝන්ග් නම්බර් එකක්.ඒ කතා කරපු කොල්ලා දැං මාත් එක්ක මැසේජ් කරනවා .
ඕක කිව්ව ගමන්ම මං එයාට කිව්වා මෝඩ වැඩ නොකර නම්බර් එක බ්ලොක් කරලා දාන්න කියලා .එහෙම කිව්වම ඒකි කිව්වේ බලමුකෝ .තව ටිකක් වටේ යවලා අයිං කරනවා කියලා .දෙයක් තේරුම් කරන්න යන එකෙන් අපතේ යන්නේ අපේ කාලය කියලා අත්දැකීමෙං දන්න නිසා මං ඒ වෙලාවේ සර් දීපු ටියුට් එකක් කියවන්න ගත්තා කට වහගෙන .
කොහොම හරි මේකී ක්ලාස් එක යන අතරතුරෙත් ෆෝන් එක ඔබනවා .ඒ ලෙවල් ක්ලාස් වල තත්වය අමුතුවෙං කියන්න ඕන නෑනේ .ලමයි තුන් හාරසීයක් එකට පැක් වෙලා තමා වාඩි වෙලා ඉන්නේ .ලමයි එක එක්කෙනා ගැන තියා ඉස්සරහම පේලියේ ඉන්න ලමයි පස් හය දෙනා ගැනවත් හොයන්න සර්ට වෙලාවක් ඇත්තෙත් නෑ ඕනත් නෑ .ඒ නිසා මැද හරියේ පේලියක හිටපු අපි දෙන්නා ගැන සර්ට කොහොමත් ගානක් නෑ . ඒ නිසාම සර්ට වැඩේ මීටර් වුනෙත් නෑ .ඒකිත් ඒකිගේ වැඩේ දිගටම කරගෙන ගියා .
ක්ලාස් ඉවර වෙන්නේ හවස පහට .ඒත් එදා සර්ට වැඩකට යන්න කියලා සර් තුනට ක්ලාස් ඉවර කරා .
– මචං .අද වේලාසනින් ක්ලාස් ඇරුනු එකේ විනාඩි පහක් විතර ස්ටෑන්ඩ් එකේ ඉමුද .
= ඇයි ඒ ?
– අරයා එනවා කිව්වා බං .
= කවුද ?
– අර මං කිව්වේ මං එක්ක මැසේජ් කරා කියලා .එයා .
ඇත්තමයි මට ඉන්න තැනත් අමතක වුනා .කවදාවත් දැකලා නැති අඳුරගෙන සතියක් වෙන කොල්ලෙක්ව කොහොමද එහෙම මීට් වෙන්නේ . මට කරන්න දෙයක් නැති නිසා මං හිටියා .
විනාඩි පහක් විතර ඉන්නකොට ඒ කොල්ලා ආවා ස්ටෑන්ඩ් එකට .වයස විසි අටක තිහක විතර මූණ පුරා රැවුල වවාගෙන දැං වැටෙයි දැං වැටෙයි වගේ කලිසමක් ඇඳලා ඉන්න කොල්ලෙක් .මං වගේ නං මැසේජ් කරනවා තියා මූණ වත් බලන්නේ නැති රස්තියාදු කාරයෙක් .ලඟට එනකොටම තේරුනා මොනවම හරි මත්ද්රව්යක් පාවිච්චි කරනවා ඇති කියලා .මොකද ඇස් දෙක රතු පාටයි .අමුතුම සැර ගඳකුත් ආවා .උං දෙන්නා ඕන මගුලක් කරගත්ත දෙං කියලා මං පැත්තකට ගියා .
මොන මොනවදෝ කතා කර කර ටිකක් වෙලා එතන ඉඳලා අර කෙල්ල මං ඉන්න තැනට ඇවිත් ඇහුවා පැය දෙකක්ම තියෙන එකේ බීච් එක පැත්තට යමුද කියලා .අර කොල්ලත් එක්කම .මං ගත් කටටම කිව්වා මට බෑ මං ගෙදර යනවා කියලා .ඒ කියලා ඇවිත් බස් එකට නැග්ගා .බස් එක යනකම්ම අර කෙල්ල මාත් එක්ක පොරේ යමු කියලා .බස් එක අද්දනවත් එක්කම එයා බැහැලා ගියා අර කොල්ලත් එක්ක
මුල් සතියෙං පස්සේ අර ලමයා ගෙදරින් ක්ලාස් එන්න හැමදාම අපි එන බස් එකේ ආවත් ක්ලාස් ආවේ ඉඳලා හිටලා .කොහේ යනවද කොහේ ඉන්නවද කියන්න අපිවත් දැනන් හිටියේ නෑ .ඒ ලමයගේ ගෙදර දැනුවත් කරන්න හැදුවත් ඒක කරන්න බැරි වුනේ අපි ගෙදර තියෙන තැනවත් ගෙදර ෆෝන් නම්බර් එකක්වත් අපි දන්නේ නැති නිසා .
මට මේ කතාව කියන්න හේතුව මගේ වැඩකට ටවුන් එකට ගිය වෙලාවේ ඒ ලමයව මුණ ගැහුනු නිසා .වයස අවුරුදු හයක විතර ඉස්කෝලේ යන චූටි දූ පැටියෙක් එයාගේ අතේ එල්ලිලා හිටියා .අඳුරන නිසා කතා කරපු වෙලාවේ එයා කිව්ව දේ අහලා තමයි මේ කතාව ලියන්න හිතුනේ .එදා මට බීච් යන්න කතා කරපු දවසේ එයාලා ඇත්තටම බීච් එකට තමයි ගිහින් තිබුනේ .
ඒත් ඊට පස්සෙ සතියේ එයා ක්ලාස් කට් කරලා ගිහින් තියෙන්නේ රූම් එකකට .එදා ඒ කොල්ලා අතින් ඒ ලමයා ගෑනියෙක් වෙලා . කසාද බඳිනවා කියලා පොරොන්දු වෙලා තමයි මෙයාව එක්කං ගිහිං තියෙන්නේ .සතියකට දවස් තුනක් විතර මේ දෙන්නා හම්බවෙලා තියෙනවා .ඒකත් රූම් එකක.ඔය විදියට සති කීපයක් යනකොට මෙයාට දූ ලැබෙන්න ඇවිල්ලා .ඒ ගැන ඒ කොල්ලට කිව්වට පස්සේ මේ කොල්ලගේ ෆෝන් එක ඕෆ් කරලා .ඊට පස්සේ හම්බවෙන්න ඇවිල්ලත් නෑ .මේ බව ගෙදරිනුත් දැනගෙන .ඊට පස්සේ ඒ කොල්ලගේ ගෙවල් තියෙන දිහාවට ගිහිං බැලුවම එහෙම නමක් තියෙන කෙනෙක්වත් එහෙම හැඩහුරුව තියෙන කෙනෙක්වත් ඒ පලාතේ ඉඳලා නෑ .යන්තම් අවුරුදු 17 වෙද්දී තාත්තෙක් නැති චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වෙලා දැං ජීවිත කාලෙම විඳවනවා .
මට කියන්න ඕන වුනේ මේක කියවන කාටම හරි දූලා ඉන්නවා නං එයාලට කියලා දෙන්න හදවතට නෙවෙයි මොලයට ඉඩදීලා තීරණ ගන්න කියලා .පරිස්සම් කරන්න එයාව ඇස් මානේ තියාගෙන .පන්ති යද්දී , ඉස්කෝලේ යද්දී ඕනම තැනකදී එයාලට දැනෙන්න අරින්න අම්මලා තාත්තලා හැමතිස්සෙම එයාගේ වටේ ඉන්නවා කියලා .ඒක අනාගතේදී අහන්න ලැබෙන කඳුලු කතාවකට තිත තැබීමක් වෙයි .
(මේක මගේ අත්දැකීමක් නෙවෙයි .මගේ ක්ලාස් එකේ ලමයෙක් මාත් එක්ක කියපු කතාවක් .මට ලිවීම හුරු උත්තම පුරුශ දෘෂ්ටි කෝනයෙන් නිසා තමයි ඒ විදියට ලිව්වේ .කතාවේ වැරදි අඩුපාඩු තියෙනවා නං සමාවෙන්න . )
උපුටා ගැනීම: Chathuu Pothuwila