වරක් ගණකාධිකාරිවරයෙකු රාත්රී දුම් රියක සුඛෝපභෝගී පංතියේ දුම්රිය මැදිරියකට ගොඩ උනා.
ඔහුගේ ගමනාරම්භය අනුරාධපුරය වූ අතර ගමනාන්තය වූයේ කොලඹයි.
තවද ඔහු ගමන් කලේ තනිවමයි.
මද වේලාවකට පසුව ඉතාමත් සුරූපී කාන්තාවක් ඔහු සිටි දුම් රිය මැදිරියටම ගොඩවී ඔහුගේ ඉදිරිපස නිදන ඇදේ ඉදගත්තා.
“ඕ.එම්.ජී…..”
ගණකාධිකාරිවරයා තමාටම තමාගේ සතුට ප්රකාශ කරගත්තා.
තරුන කාන්තාව ඔහු දෙස බලා සිනාසුනා.
මෙය ගණකාධිකාරිවරයා ව තවත් සතුටින් මුසපත්කරවන සිදුවීමක් උනා.
පසුව ඇය ඇගේ අසුනින් නැගීසිට ඔහුගේ නිදන ඇද වෙත ගොස් වාඩිඋනා.
මෙවිට නම් ගණකාධිකාරිවරයා සතුටින් ඉපිලෙන්නට උනා.
ඉන්පසු ඇය ඔහුගේ කනට ලංවී
“ඔබගේ සියලුම මුදල්,ජංගම දුරකතනය,බැංකු කාඩ්පත් සමග නොම්මර සහ සියලුම වටිනාකියන දේ මට බාරදෙන්න.”
තවද,
” නැතිනම් මා කෑගසනවා ඔබ මා සමග වැරදි ආකාරයෙන් හැසිරී මා දූශනය කරන්නට උත්සහ කරන බව පවසා”
ඇය පැවසූවා.
අහෝ………..
ඔහු හිස්වුනු මුහුණින් සහ අපේක්ශා විරහිත දෑසින් ඇය දෙස බැලුවා.
ඉන්පසුව කොලයක් සහ ඔහුගේ සාක්කු පෑන අතට ගෙන යමක් සටහන් කලා.
“මගේ කන් ඇසෙන්නේ නැහැ. කතාකරන්නත් බැහැ.ඔබට පැවසීමට අවශ්ය දේ මෙහි සටහන් කරන්න”
ඉන්පසුව කාන්තාව ඇය කලින් කී සියලුම දෑ ඒ ආකාරයෙන්ම කොලයේ ලියා මදහසින් ඔහුගේ අතට දුන්නා.
ගණකාධිකාරිවරයා එය කියවා කොලය 4ට නවා පසුපස සාක්කුවේ දමාගත්තා.
ඉන්පසු ඔහු නැගීසිට පැහැදිලි තීරණාත්මක හඩකින් මෙසේ පැවසුවා.
“ඔබට හැකිතරම් ශබ්දනගා කෑ ගසන්න දැන්.කියන්න මා ඔබව දූශනය කිරීමට උත්සහ කරන බව.”
…………………………………………………………………….
මෙම කතාවේ හරය නම්
“ලේකනගත කිරීම නැතිනම් සටහන් තබාගැනීම අන් සියලුම දේටවඩා වැදගත්” යන්නයි.
උපුටා ගැනීම: Sumith Edirisinghe